2013/09/27

සුර අසුර යුද්ධය



සුර අසුර යුද්ධය



හින්දු වේද ග්‍රන්ථ වලට අනුව සුර අසුර යනුවෙන් හැඳින්වෙන්නෙ දෙවිවරු සහ අමනුස්සයින් (යකුන්). එහෙත් අසුර* ගෝත්‍රිකයන්ට අනුව ඔවුන් අසුර යන නමින් හැඳින්වුණේ සුරා පානයෙන් (අ + සුර) තොර වූ බැවිනැයි ජනප්‍රවාදයේ එයි. සුරා පානය කල හින්දූන් සුරයන් ලෙසත්, ලක්දිව විසූ සුරා පානයෙන් තොර ජනයා අසුරයන් ලෙසත් හැඳින්විණි.

මොවුන් අතර සටන් ඇතිවීමට ප්‍රධානම හේතුව ලෙස ගත හැක්කේ බමුණු දහමට අනුව සිදුකරන බිලි පූජා වලට අසුරයන් විරෝධය පෑමයි. අපි කවුරුත් අසා ඇති පරිදි යාග හෝම වලට (උදා: අශ්වමේධ යාගය) සතුන් සිය දහස් ගණනින් බිලි දීම හින්දූන් අතින් සිදු කෙරේ. නිර්මාංශී අසුරයන් ඉන්දියාවේද සමහර ප්‍රාන්ත පාලනය කල අතර [රාවන, මහා සිව, කතරගම මහසෙන් (ස්කන්ධ කුමාර) වැනි රජවරු], ඔවුන්ගේ පාලන ප්‍රදේශ වල කෙරෙන මෙවන් බිලිපූජා වලට නිතර අකුල් හෙලන ලදී. එමෙන්ම ලක්දිව වැසියන් බුදු දහම වැලඳ ගන්නේ ගෞතම බුදු සමයෙන් නොව ..... කකුසඳ, කෝණාගම, කාශ්‍යප සහ ගෞතම යන සිව් මහා බුදු වරුන් ලංකාවට වැඩම කල බවට සාධක මේ වන විට ලැබී ඇති බැවින් සුර අසුර යුද්ධයේ ප්‍රධානම හේතුව බමුණු දහමට තර්ජනයක් වූ අසුරයන් විනාශ කිරිම බව අපට වටහා ගත හැක.

සුර අසුර යුද්ධය ගැන හින්දු දහමේ හෝ වේදයේ සටහන් වන්නේ එය සිදුවී කලකට පසුවයි. එමෙන්ම එය අතිශ්‍යොක්තියෙන් පිරී ඇති අතර පසු කලෙක සිදුවන මහා භාරතය, රාම රාවන සටන ආදියට බෙහෙවින් සමානකම් කියයි..... එමෙන්ම වර්තමානයේ අප හමුවට එන ඉතිහාස කරුණු හා සාධක සලකා බලන විට අසුරයන් සැබැවින්ම පරාජයට පත්වූයේ දැයි සැකයක්ද මතුවේ (අසුරයන් සතුවූ ප්‍රබල ආයුධ, සටන් ක්‍රම, තාක්ශණය හා ශිල්පීය ඥානය සලකා බැලීමෙන්). මේ අනුව, සුරාසුර යුද්ධය සැබැවින්ම සිදුවීද? එහි සැබෑ ජයග්‍රාහකයා කවුරුන්ද? යන්න අප විසින් නැවත සොයා බැලිය යුතු කාලය එළැඹ ඇත.

*අසුර - කලකට ඉහත අසුර යන නමින් හැදින්වුණු ජන කොට්ඨාසය පසුව යක්ශ, නාග, රාක්ෂ, අසුර යන ගෝත්‍ර වලට බෙදී ගොස් සිව් හෙළය හෙවත් සිංහලය නිර්මාණය වුණ බවත්...... නැවතත් රටට එල්ල වූ ආක්‍රමණ හේතුවෙන් මෙම ගෝත්‍ර 4ම කලින් කල එකට එකතු වූ බවත් සඳහන්ය.
කෝනාගම බුදුන්ගෙ කාලෙ ලංකාව පාලනය කලේ ප්‍රාදේශිය පාලකවරු

කතරගම - මහා සිව (බිරිඳ - උමා, පුතුන් - මහසෙන් සහ ගණිසුරු)
කළුතර - තාරක පද්ම (තරු)
සීගිරිය - සිහමුඛ, සිහනාග

මහසෙන් රජු තරුණ කාලයේදී ලක්දිව පාලනයට නතු දකුණු ඉන්දියාවේ පලාත් පාලනය කරමින් එහි වාසය කල බව සඳහන් වෙනවා (දකුණු ඉන්දියවේ ස්කන්ධ කුමාර, වේලන් යන නම් වලින් කතරගම දෙවියන් අදහීමෙන් මෙය තහවුරු වේ). පසු කලෙක තාරක සිය යුධ ශක්තියෙන් මුළු ලංකාවම අල්ලන්නට සූදානම්ව සීගිරිය, තම්මැන්නාව ආදී පලාත් යුද්ධ කර තම පාලනය යටතට ගන්නා ලදී. මෙහිදී ලක්දිවට නැවත පැමිණෙන මහසෙන් රජු සටන් කර තාරක සහ ඔහුගේ සොයුරන් පරාජයට පත් කරයි.

අසුර දෙකොට්ඨාසයක් අතරම මෙම සටන ඇතිවුණත් හින්දු ආගමට අනුව මහා සිව (ඊශ්වර), කතරගම මහසෙන් (ස්කන්ධ කුමාර), ගණිසුරු (ගණදෙවි) යන දෙවිවරු සුරයන් ලෙස හැඳින්වෙන බැවින් මෙය සුර අසුර යුද්ධය යැයි හැඳින්වෙන්නේ මෙම යුද්ධය වීමට ඉඩ කඩ ඇත.

උපුටා ගැනීමකි http://www.elakiri.com/forum/showthread.php?t=576628&page=2

සීගිරි රුවෙන් දිස්‌වන්නේ කවුරුන්දෝ


සීගිරි රුවෙන් දිස්‌වන්නේ කවුරුන්දෝ



නිල්ගල වලව්වේ සිසී කුමාරිහාමි මහත්මිය 1940 දී තල්කොටේ ගමට පැමිණි අවස්‌ථාවක එහි විසූ පුංචිරා නම් ගැමියෙක්‌ විසින් කී තේරවිලි කවි කිහිපයක්‌ ඇයගේ අත්පොතක සටහන් කර තිබුණි. එයින් කවි දෙකක්‌ The Cultural Heritage of Jing 
Rawana (21 වැනි පිටුවේ) ඇතුළත්ය.

ප්‍රශ්නය

සීගිරි ගලේ විල සැදුවේ කවුරුන්දෝ
සීගිරි ගලේ රූ ඇන්දේ කවුරුන්දෝ
සීගිරි රුවෙන් දිස්‌වන්නේ කවුරුන්දෝ
මෙතුන් පදේ විසඳන්නේ කවුරුන්දෝ

පිළිතුර

සීගිරි ගලේ රාවණ දෙවි විල සැදුවා
සීගිරි ගලේ විස්‌කම් සිත්තම් කෙරුවා
සීගිරි රුවෙන් මන්දෝදරී දිස්‌වෙනවා
මෙතුන් පදේ මම නිසි ලෙස විසඳනවා

මේ ජනකවි "රාවණ කතා" පුස්‌කොළ ග්‍රන්ථයේද සඳහන් වී ඇති බැව් කිව යුතුය.
www.Divaina.com

2012/02/15

මහින්දාගමනයට පෙර හෙළදිව බුදුදහම(මරා දමූ ඉතිහාසය)වංශ කථා මගින් ද සනාථ වන හා සෙල්ලිපි මගින් සනාථ වන බෞද්ධ ප්‍රජාව

මහින්දාගමනයට පෙර හෙළදිව බුදුදහම(මරා දමූ ඉතිහාසය)වංශ කථා මගින් ද සනාථ වන හා සෙල්ලිපි මගින් සනාථ වන බෞද්ධ ප්‍රජාව
  • බුද්ධ පරිනිර්වාණයෙන් පසු සැරියුත් මහ රහතන් වහන්සේගේ ශිෂ්‍යයකු වූ සරභූ තෙරණුවෝ බුදුරදුන්ගේ අකුධාතුව රැගෙන ලංකාවට වැඩම කළ බවත් උන් වහන්සේම එම ධාතුව මහියංගණ චෛත්‍යයේ තැන්පත් කළ බවත් මහාවංසයේ සඳහන් වේ.
  • මහාවංසයේ පළමු වන පරිච්ඡේදයේ 32 ගාථාවේ සඳහන් පරිදි “නොයෙක් කෙළ ගණන් සත්ත්වයන් සෝවාන් ඵලාදියෙන් ධර්මාවබෝධය වූයේය. සංඛ්‍යාපථාතීත සත්ත්වයෝ තිසරණ පන්සිල්හි පිහිටියෝය “ යනුවෙන් දැක්වේ.
  • බුදුරජුන් දෙවන වර වැඩියේ නාග ගෝත්‍රිකයින් අතර සිදුවීමට ගිය විශාල යුද්ධයක් නැවැත්වීමටය. මහා :1:63 ගාථාවට අනුව දෙවනි ලංකාගමනයේ ප්‍රතිඵලයක් ලෙස දිය වැසි වූද ගොඩවැසි වූද අසූ කෙළක් නාග ගෝත්‍රිකයෝ තුන්සරණයෙහි ද සීලයෙහි ද පිහිටා ඇත.උන්වහන්සේ තෙවන වර 500 භික්ෂූන්ද සමග වෙසක් පොහෝ දිනයක කැලණියට වැඩම කළහ. මණිඅක්ඛික නා රජු නාගදීපයේ දී එම ආරාධනාව කරන ලද බව වංශකථා සඳහන් කරයි. 500 ක් භික්ෂූන් සමග වැඩි පුවත මහාවංසයේ 01 පරි:73 ගාථාවෙන් ද සනාථ වේ. 84 ගාථාවේ මෙසේ ද සඳහන්වේ. “ලංකාවේ දේව නාග සමූහාදීන්ගේ වැඩ ද දක්වමින් මේ යහපත් දිවයිනට තුන්වරක් වැඩි සේක.ඒ කාරණ කොට ගෙන මේ ද්වීපය ධර්මය නමැති පහනෙන් බැබල්මි ඇත්තාවූ ....” 
                                               
  • තපස්සු භල්ලුක යන දෙදෙනා බුදුරජාණන් වහන්සේගෙන් ලබාගත් කේශධාතු නිධන්කර තිරියායේ චෛත්‍යයක් කළ බව ඓතිහාසික සාධක තුළින් අනාවරණය වේ.මෙම වෙළෙඳුන් දෙපොළ උතුරු ඉන්දියාවේ උක්කල රටෙන් ආ බවත් කේශධාතු නිදන් කිරීම සඳහා ඔවුන් තැන වු ස්ථූපය ඔවුන්ගේම ස්වදේශයෙහි වූ බවත් මහාවග්ගය, නිදාන කථාව හා ලලිත විස්තරය යන ග්‍රන්ථ තුළ අන්තර්ගතය.
  • ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා එම සෙල්ලිපිය පරිවර්තනය කොට ඇති අතර ශිලා ලේඛන සංග්‍රහයේ IV වෙළුවේ එය අන්තර්ගතය. එහි අවසානයේ මෙසේ දැක්වේ. “ ත්‍රපුස්සක සහ වල්ලික (යන) වෙළෙඳ ගණයක් විසින් පිහිටුවන ලද ගිරිකණ්ඩ චෛත්‍ය ....”(පි.87) ගිරිකණ්ඩි හා ගිරිගඬු යන නම් දෙකම එකක්ම බැව් පෙනේ. 
  • මහින්දාගමනයට පෙර ලක්දිව පැවති බෞද්ධ අවබෝධය පිළිබඳ කරන විමර්ශනයකදී භද්දකච්චායනා කුමරියගේ පැමිණීමද අතිශය වැදගත්වේ. ඇය දෙතිසක් ස්ත්‍රීන් සමග මෙහි පැමිණ ඇත. භද්දකච්චායනා කුමරිය බුදුරජුන්ගේ ඥාති සහෝදරයකු වූ පණ්ඩු නම් ශාක්‍ය වංශික රජුගේ දියණිය වූ බැව් ඓතිහාසික සාධක තුළින් ගම්‍ය වේ.ඇය බුදුරජුන්ගේ සමීප ඥාතිවරියක වූවා නම් ඇය බුදුදහම නොදැන සිටියා යැයි කිසිසේත් සිතිය නොහැක. එසේම මේ වන විටත් බුද්ධ පරිනිර්වාණය වී ගත වී ඇත්තේ සුළුකාල පරාසයකි.(මහාවංසයේ 8 පරි:23 - 24 ගාථා)
  • දිව්‍යාවදානය නමැති ඓතිහාසික සංස්කෘත මූලාශ්‍ර ග්‍රන්ථය තුළින්ද බුදුරජුන්ට සමකාලීනව ලංකාවේ බුදුදහම පිළිබඳව තිබූ අවබෝධය පිළිබඳව විමසීමට හැකිවෙයි. දිව්‍යාවදානයේ එන පූර්ණාවදානය - 2 න් කියවෙනුයේ රත්නද්වීපයේ (ලංකාවේ) චන්දන වනයේ සඳුන් දැව වලින් ගඳ කිළියක් කරවා බුදුන් පිදූ පූර්ණ තෙරුන් පිළිබඳවය.දිව්‍යාවදානයේ සඳහන් සංඝරක්ෂිතාවදානය (23.24) අධ්‍යයනය කිරීමෙන් බුදුරජුන් දවස රත්නද්වීපයේ නාග ළමයින්ට බුදුදහම ඉගැන්වූ සංඝරක්ෂිත හිමියන් පිළිබඳව හෙළිවේ. බුදුන් දවස විසූ සංඝරක්ෂිත හිමියන් මුහුදු ගමනක යෙදී සිටියදී ලක්දිව ආසන්නයේදි එම නැව නාග ගෝත්‍රිකයින්ගේ භාරයට ගන්නා ලදී. ඔවුන්ට අවශ්‍ය වනුයේ සංඝරක්ෂිත හිමියන්ය. එහි මෙසේ සඳහන් වේ.
  •  

              “රත්නද්වීපය ආසන්නයේදි ඔවුන්ගේ නැව නාග ගෝත්‍රිකයන් විසින් වට කරන ලදී. සංඝරක්ෂිත                  අපට දියව්, සංඝරක්ෂිත අපට දියව් යනුවෙන් කෑගසන්නට පටන් ගත්හ. (පි.270 ) ”

මෙම ඓතිහාසික සාධක පුළුල්ව විමසා බලන විට ලංකාවේ බෞද්ධ අධ්‍යාපන ක්‍රමවේදයේ ආරම්භයද බුදුරජුන්ට සමකාලීනවම සිදුව ඇති බැව් මනාව පැහැදිලිය.

හෙළ ගවේශන Hela Gaweshana
2011

යක්‍ෂ ගෝත්‍රිකයන් පිළිබඳ නව සුසමාදර්ශය

යක්‍ෂ ගෝත්‍රිකයන් පිළිබඳ නව සුසමාදර්ශය
මහාචාර්ය නලින් ද සිල්වා

ධාතුසේන රජතුමාට හා මහානාම හිමියන්ට වැරැදුණේ කොතැන ද යන්න පැහැදිලි කරගත යුතු ය. මෙහි දී නැවත නැවතත් මතක්‌ කරගත යුතු කරුණ නම් අප නව සුසමාදර්ශයක්‌ (ඡ්ර්dසටප) ඉදිරිපත් කරන බවත් එහි වැරැදි තිබිය හැකි බවත් හා ඒ ගැන තව තවත් අධ්‍යයනය කළ යුතු බවත් ය. එහෙත් භෞතික විද්‍යාවේ හෝ ඉතිහාසයේ හෝ වෙනත් විෂයයක හෝ වේවා නව සුසමාදර්ශ ඉදිරිපත් කරන්නේ තව තවත් ගවේෂණයට මඟපාදන්නක්‌ ලෙස ය. ඒ කිසි ම විටෙක වත් අවසාන වාක්‍යය යෑයි නො සිතිය යුතු ය.

අපි නැවතත් අපේ සුසමාදර්ශය මතක්‌ කර ගනිමු. වංශකතාවල සුසමාදර්ශය වී ඇත්තේ විජය රජු ගෙන් පසුව මෙරට යක්‍ෂ සංස්‌කෘතික හා ආධිපත්‍යය අභාවයට ගිය බව ය. වංශකතාවලට වෙනත් අරුතක්‌ දීමට උත්සාහ ගත් අය, එසේත් නැත හොත් වෙනත් සුසමාදර්ශයක්‌ ඉදිරිපත් කළ අය කියා සිටියේ පඬු අබා රජු දවස යක්‍ෂ ගෝත්‍රිකයන් අර්ධ වෛදිකයන් පරාජය කර යක්‍ෂ ආධිපත්‍යය නැවත පිහිටුවූ බව ය. එහෙත් ඔවුනට පිළිතුරු දිය නොහැකි කරුණ නම් එසේ යක්‍ෂ ආධිපත්‍යයක්‌ නැවත ඇති වී නම් ඒ පරාජය කර අර්ධ වෛදිකයන් බලයට පත් වූයේ කෙසේ ද යන්න ය.

අනෙක්‌ අර්ථකථනයක්‌ වූයේ (අප ද කලක්‌ අනුමත කළ පරිදි) පඬු අබා රජු දවස වැදි ගෝත්‍රය හැර අන් සියලු ගෝත්‍ර හා අර්ධ වෛදිකයන් එකතු වී සිංහල ජාතිය පිහිටුවූ බව ය. එහි දී යක්‍ෂ ගෝත්‍රිකයන් යම් පිරිසක්‌ සිංහල ජාතියට එකතු වීමට විරුද්ධ වී යෑයි අපි සිතුවෙමු. ඔවුන් කලින් කලට සිංහලයන් සමග එරිදිවාදිකම් ඇති කර ගත් නමුත් ඒ එතරම් බලවත් පිරිසක්‌ නො වී යෑයි අපි සිතුවෙමු. එහෙත් අපට ප්‍රශ්න නො වුණා නො වේ.

පසුගිය සියවස වන තුරු ම යක්‍ෂ අනන්‍යතාවක්‌ පවත්වාගෙන ගිය පිරිස්‌ රටේ සිටි බව අපි දැන සිටියෙමු. පඬු අබා දවස සිංහලයන්ට විරුද්ධව සිටි යක්‍ෂ ගෝත්‍රිකයන් සුළු පිරිසක්‌ අවුරුදු දෙ දහසකටත් වැඩි කාලයක්‌ තිස්‌සේ තම අනන්‍යතාව රැකගත්තේ කෙසේ ද යන්න අපට ප්‍රශ්නයක්‌ විය. ඒ අතර වංශකතාවල තනි සිද්ධි ලෙස කියෑවුණ ද රිටිගල ජයසේන හා වෙනත් යක්‍ෂ නායකයන් සම්බන්ධ ප්‍රවෘත්තිවලට එයට වැඩි වටිනාකමක්‌ ඇති බව අපට ක්‍රම ක්‍රමයෙන් වැටහිණි. එපමණක්‌ නො ව සිංහලයන් ගේ කටහඬ, ශබ්ද රටාව ආදිය උත්තර භාරතීයයන් ගෙන් වෙනස්‌ වන බව ද අපි දුටුවෙමු. එමෙන් ම සිංහල භාෂාවේ ඇති ඇතැම් වචනවලට, එහෙත් අප දන්නා බොහෝ විට යොදා ගන්නා වචනවලට පාළි සංස්‌කෘත නිරුක්‌ති නොමැති බව ද පැහැදිලි විය.
                                              
අපට සංගීතයක්‌ නැති බව බොහෝ පඬියන් කීව ද බෙර ආශ්‍රිතව ගොඩනැZඟුණු සංගීතයක්‌ අපට තිබුණු බව ද එහි සක්‌ පිඹීම, හොරණෑව ආදිය ද වැදගත් බවත් අපට දැනගන්නට ලැබිණි. විශේෂයෙන් ම අනුරාධපුරයේ ඇති කැටයම්වලින් මේ සංගීත භාණ්‌ඩ පිළිබිඹු වෙයි. සංගීතය පිළිබඳ මගේ දැනුම අල්ප බැවින් මේ කරුණු සම්බන්ධයෙන් කරන ගවේෂණයක්‌ වෙතොත් ඒ අගයමි.

ඒ සමඟ සිංහල භාෂාවේ ව්‍යාකරණය ඉතා කෘත්‍රිම වූවක්‌ බව පැහැදිලි ය. සිංහල භාෂාවේ විභක්‌ති නවයක්‌ ඇතැයි බොහෝ ව්‍යාකරණඥයන් පවසන නමුත් එය පාළි ව්‍යාකරණයට සිංහල භාෂාව කෙසේ නමුත් ඇතුළු කිරීමට ගත් උත්සාහයක්‌ සේ පෙනිණි. අනුරාධපුර යුගයෙන් පසු මෙරට පහළ වූ විශිෂ්ට ම බුද්ධිමතා ලෙස සැලකිය හැකි කුමාරතුංග මුනිදාස මහතා සිංහල භාෂාවේ විභක්‌ති සංඛ්‍යාව හයක්‌ පමණක්‌ යෑයි කියා බොහෝ කල් ය. එමෙන් ම සිංහල භාෂාවේ ක්‍රියා පද සම්බන්ධයෙන් ගත් කල පාළියෙහි මෙන් නො ව ඇත්තේ අතීත කාලයක්‌ හා අනතීත කාලයක්‌ පමණක්‌ බව ද කුමාරතුංග මහතා පවසා තිබිණි. "මම යමි" යනු වර්තමාන කාලය බවත්, "මම යන්නෙමි" යන්න අනාගත කාලය බවත් කියන්නේ ඉතා ම කෘත්‍රිමව බව බුද්ධිමත් පාසල් ශිෂ්‍යයකුට වුව ද වැටහෙයි. එහෙත් අපට එකල කාලත්‍රයක්‌ ගැන පාසලේ ඉගැන්වූයේ සිංහල භාෂාව ගැන ස්‌වාධීනව නො සිතීමේ ප්‍රතිඵලයක්‌ ලෙස ය. දැන් නම් සිසුන්ට අතීත හා අනතීත කාල ගැන පමණක්‌ ඉගැන්වෙයි. ඒ බුද්ධිමත් තීරණයක ප්‍රතිඵලයකි.

යක්‍ෂ ගෝත්‍රිකයන් හා නාග වැනි අනෙක්‌ ගෝත්‍රිකයන් කතා කෙළේ යෑයි අපවත් වී වදාළ බද්දේගම විමලවංස නාහිමිපාණන් වහන්සේ සඳහන් කර ඇති හෙළ බසට කුමක්‌ විණි ද? කුමාරතුංග මහතා පාළි භාෂාව මහාවිහාරික භික්‍ෂුන් වහන්සේ නිර්මාණය කෙළේ යෑයි පවසා ඇත. අප ඒ නො පිළිගත්ත ද බෙල්ල, කට, ඔළුව වැනි සිරුරේ අංග හඳුන්වන නාම පද යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ බව පැහැදිලි ය. ඒ සමග කමත් බස ද අපට යක්‍ෂ බසෙහි කොටසක්‌ ලෙස හඳුනාගත හැකි ය. අපට කෙළිනවා වැනි ක්‍රියා පදයක්‌ තිබිය දී ක්‍රීඩා කරනවා යනුවෙන් තවත් රූපයක්‌ සකස්‌ කරගෙන ඇත්තේ කරනවා යන්න එකතු කරමිනි. අද අපි ඉංගිරිසි ක්‍රියා පදවලින් ද එලෙස කරනවා ඇසුරෙන් ප්ලේ කරනවා, සෙන්ඩ් කරනවා (පරිගණක සන්නිවේදනයේ දී) වැනි රූප තනා ගන්නෙමු. කරනවා යන්න එකතු කිරීමට සිදු වන්නේ බොහෝ විට වෙනත් භාෂාවලින් ක්‍රියා පද ගන්නා විට දී යෑයි විශ්වාස කළ හැකි ය. එහි සංස්‌කෘතික ආධිපත්‍යවාදයක්‌ වෙයි.

අප කලින් සඳහන් කර ඇති පරිදි වංසකතාවලින් යක්‍ෂ ගෝත්‍රිකයන් ඉවත් කර ඇති බැවින් ඔවුන් හා සම්බන්ධ ඇතැම් සිද්ධි දෙමළ ජනවාර්ගිකයන්ට පවරා ඇති බව පෙනී යයි. විජිතපුර සටනට ගිය ගැමුණු කුමරුට මහවැලි ගඟින් එතෙර වීමට දෙමළ දෙතිස්‌ බලකොටු බිඳින්නට වී ය යන්න එයට උදාහරණයකි. මේ සියලු කරුණු මෙතෙක්‌ පැවතෙන සුසමාදර්ශය යටතේ තේරුම් ගැනීමේ දී පරස්‌පරවලට මුහුණ පෑමට සිදු වෙයි. එබැවින් අපි සුසමාදර්ශය වෙනස්‌ කෙළෙමු. අප දැන් කියන්නේ පඬුඅබා රජු ගෙන් පසුව සිංහල ජාතිය ඇති වූ නමුත් එයට එකතු නො වුණු යක්‍ෂ ගෝත්‍රිකයන් විශාල පිරිසක්‌ සිටි බව ය. ඒ පිරිස දිගින් දිගට ම සිංහල ජාතිය සමග සටන් කර ඇත. ගැමුණු කුමරුට බිඳීමට සිදු වූ දෙතිස්‌ බළකොටු යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ නිර්මාණ වූ අතර එළාර රජු ද දෙමළ නො වී ය.

ක්‍රමයෙන් වැඩීගෙන ආ යක්‍ෂ ගෝත්‍රික බලකාය ශක්‌තිමත් ම ස්‌ථරයකට පත් වී ඇත්තේ කාශ්‍යප කාලයේ බව අපේ වැටහීම ය. මේ වන විට හෙළ බසට පාළියෙහි බලපෑම තදින් ම දැනෙන්නට ඇති අතර යක්‍ෂ ගෝත්‍රිකයන් එයට ද විරුද්ධ වන්නට ඇත. මහානාම හිමියන් කලාවැව තැනීමට ධාතුසේන රජුට උපදෙස්‌ දීම යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ සතුටට හේතු වී යෑයි සිතිය නොහැකි ය. එය වැව් තැනීමේ පැරැණි යක්‍ෂ සම්ප්‍රදායට මුළුමනින් ම විරුද්ධ විය. අහසින් වැටෙන ජලය එක්‌රැස්‌ කරගෙන වැව් නිර්මාණය කරනු වෙනුවට ගංගා ඔය ආදිය හරස්‌ කර වැව් නිර්මාණය යක්‍ෂ ගෝත්‍රික සම්ප්‍රදායට විරුද්ධ ය.

වැව, හෙළ යක්‍ෂයන් ගේ අනගි නිර්මාණයක්‌ විය. සිංහලයන් ඒ වෙනස්‌ කිරීමට යක්‍ෂයන් විරුද්ධ වී නම් ඒ ස්‌වාභාවික ය. ඇතැම් විට මහානාම හිමියන් ධාතුසේන රජුට ගෝණ ඔය හරස්‌ කර කලාවැව තැනීමට උපදෙස්‌ දෙන්නට ඇත්තේ ජනගහනය වැඩි වීම හෝ වෙනත් කරුණක්‌ හෝ නිසා යක්‍ෂ සම්ප්‍රදාය මත පමණක්‌ ඉදි කෙරුණු වැව් ප්‍රමාණවත් නො වීම නිසා විය හැකි ය. එහෙත් යක්‍ෂ ගෝත්‍රිකයන් ඒ ගැන සිතන්නට ඇත්තේ වෙනත් ආකාරයකට ය. ඔවුන් එය දකින්නට ඇත්තේ සිංහල ජාතියේ ආධිපත්‍යය පැතිරවීමක්‌ ලෙස ය. දෙමළ ආක්‍රමණිකයන්ට එරෙහි ව ධාතුසේන කුමරු මෙහෙයවූ මහානාම හිමියනට මහාවිහාරයට අයත් නැති භික්‍ෂුන් වහන්සේට ද විහාර පූජා කිරීමට ධාතුසේන රජුට අනුබල දෙන්නට ඇතැයි සිතිය හැකි මහානාම හිමියනට යක්‍ෂ ගෝත්‍රික සම්ප්‍රදායට එරෙහි ව වැව් තැනීම නොමනා කටයුත්තක්‌ යෑයි නො සිතුණේ ද?

යක්‍ෂ ගෝත්‍රිකයන් සියලු බල යොදා රාජ්‍ය බලය පැහැර ගැනීමට සිතන්නට ඇත්තේ ඔවුන් ද යම් ප්‍රමාණයකට බලවත් ව සිටි නිසා විය යුතු ය. එහි දී ඔවුනට ලැබුණු ප්‍රධාන ම දායාදය කාශ්‍යප කුමරුන් ය. විජය කුමරු යක්‍ෂ ගෝත්‍රික කුමාරිකාවක යොදා ගනිමින් යක්‍ෂයනට විරුද්ධව සටන් කළාක්‌ සේ යක්‍ෂ ගෝත්‍රිකයන් පිය පාර්ශ්වයෙන් සිංහල ජාතියට අයත් කාශ්‍යප කුමරු සිංහලයන්ට එරෙහි ව යොදාගෙන ඇති බව පෙනී යයි. ඉතිහාසය සැම විට ම එක ම ආකාරයෙන් ක්‍රියාත්මක නො වූවත් ඇතැම් විට එක ම විධික්‍රමය විරුද්ධ කටයුතු සඳහා යොදා ගැනෙයි.

කාශ්‍යප ධාතුසේන අවුල වංශකතාවෙන් කියෑවෙන ආකාරයට වුව ද කලාවැව වටා සූත්‍රගත වෙයි. කාශ්‍යප කුමරු වස්‌තුව ඉල්ලයි. ඒ කලාවැවේ සඟවා ඇතැයි ධාතුසේන රජු ධාතුසේන රජු කලා වැවට ගොස්‌ දිය දෝතක්‌ ගෙන මේ මගේ වස්‌තුව යෑයි පවසයි. කාශ්‍යප කුමරු ධාතුසේන රජු බිත්තියට තබා මැටි ගසා දමයි. කලාවැව රජුට වස්‌තුවක්‌ වූවාට යක්‍ෂ ගෝත්‍රිකයන්ට වස්‌තුවක්‌ නො වූ බව පැහැදිලි ය. ධාතුසේන රජු ද අවසාන මොහොත එළඹි බව දැන කලාවැව තමන් සතු එක ම වස්‌තුව යෑයි කියන්නට ඇත.

මහාවංසයෙහි කෙසේ සඳහන් විණි ද ධාතුසේන රජු ගේ මරණයෙන් පසුව කාශ්‍යප රජු බිය වූ බවතක්‌ නො පෙනෙයි. බිය වූයේ මුගලන් කුමරු ය. ඔහු භාරතයට පළා ගියේ ය. පීතෘ ඝාතකයකුට බියේ මුගලන් කුමරුට පළා යැමට සිදු වීමෙන් හා අවුරුදු දහ අටක්‌ ම එහි ජීවත් වීමට සිදු වීමෙන් පෙන්නුම් කරන්නේ කාශ්‍යප රජුට යම් බලයක්‌ රටේ තිබූ බව ය. රජ වීමෙන් පසු කාශ්‍යප සිහිගිරියට පළා ගියේ යෑයි සිතීමට නොහැකි ය. මුගලන් කුමරු පළා ගොස්‌ ඇති විට කාශ්‍යප රජු පළා යන්නේ කුමක්‌ සඳහා ද? ඔහු සිහිගිරිය තනන්නට ඇත්තේ යක්‍ෂ සංස්‌කෘතියට අනුව නිර්මාණයක්‌ කළ යුතු යෑයි සිතූ නිසා මිස බළකොටුවක්‌ තනාගෙන බියෙන් ජීවත් වීමට නො වේ. කෙසේ වෙතත් ඔහු සිංහල බෞද්ධයන් අමනාප කරගැනීමට ද නො සිතුවේ ය. රජු අනුරාධපුරයේ වාසය කරමින් වෙහෙර විහාර කර සිංහල බෞද්ධයන් සමීප කරගන්නට ඇත.

කාශ්‍යප රජු ඉසුරුමුණි විහාරය ප්‍රතිසංස්‌කරණය කර ගම් රාශියක්‌ මිලට ගෙන විහාරයට දී ඇත. මෙයින් කියෑවෙන වැදගත් කරුණක්‌ ඇත. එනම් මෙරට රජුන්ට සියලු ඉඩම් හිමි නො වු අතර රජුට ද ඉඩම් මිල දී ගැනීමට සිදු වූ බව ය. අනුරාධපුර සමයේ මෙරට පැවැතියේ යුරෝපීය වැඩවසම් ක්‍රමයක්‌ යෑයි කියන පඬියන් රජු ඉඩම් මිල දී ගැනීම ගැන කියන්නේ කුමක්‌ ද? අනෙක්‌ අතට තමන් ගේ හා දියණියන් ගේ නමින් රජු කරවූ ඉසුරුමෙනු බෝ උපුල්වන් කසුබ් ගිරි විහාරය පිළිගැනීමට මහාවිහාර භික්‍ෂූන් වහන්සේ අකැමැති වූ හ. එහෙත් රජු ඒ විහාරය බුදුන් වහන්සේට පුජා කළේ ය. ඒ විහාරයට තිසා වැවෙන් නිතර ජලය සැපයිය යුතු බවට නියෝගයක්‌ ද කෙළේ ය. එසේ ම සිහිගිරිය අසල උයනක ද විහාරයක්‌ කරවා එයට ද තමා ගේ හා දූවරුන් ගේ නම් තැබී ය. ඒ විහාරය ද උතුරුදිග උයන ද ධර්ම රුචික නිකායේ භික්‍ෂුන් වහන්සේට පූජා කළ බව මහාවංසයේ සඳහන් වෙයි. මෙයින් පැහැදිලි වනුයේ කාශ්‍යප රජු සිහිගිරියේ වාසයට ගිය බව නො ව සිහිගිරිය යක්‍ෂ සංස්‌කෘතිය අනුවත් අනුරාධපුරය සිංහල බෞද්ධ සංස්‌කෘතිය අනුවත් පවත්වාගෙන යැමට ක්‍රියා කළ බව ය.
උපුටා ගැනුම : http://www.vidusara.com/2010/05/05/feature2.html

සීගිරිය රාවණ රජුගේ ග්‍රහලෝකාගාරයද?

සීගිරිය රාවණ රජුගේ ග්‍රහලෝකාගාරයද?
ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර



  ශ්‍රී ලංකාවේ සංස්‌කෘතික උරුමයන් අතර මුදුන් මල්කඩ ලෙස සැලකෙන සීගිරිය හා එහි යටගියාව පිළිබඳ දේශීය මෙන් ම විදේශීය උගතුන් ගේ අවධානය යොමුවී තිබෙන්නේ පර්යේෂකයන්ට සතුටු වීමට හැකි අන්දමකට නොවන බැව් පළමුව කිව යුතුය. බොහෝ විද්වතුන්, දේශීය හා විදේශීය විද්වතුන්, කලාකරුවන්, කවීන් හා ලේඛකයන් මෙන්ම පත්‍ර කලාවේදීන් සිය අවධානය බෙහෙවින් යොමු කර තිබෙන්නේ සීගිරි චිත්‍ර කලාවට මිස එහි කළු ගල්වලින් යටවී ඇති ශ්‍රේෂ්ඨ ඉතිහාසයට නොවන බැව් සඳහන් කළ යුතුය.

කෙසේ වුවද කාලයාගේ ඇවෑමෙන් වැනසීමට ඉඩ තිබුණ මේ සංස්‌කෘතික නිධානයට නව එළියක්‌ ලැබුණේ බ්‍රිතාන්‍ය පාලන සමයේ බැව් ප්‍රකාශ කළ යුතුව ඇත. සොයා ගත් සත්‍ය දත්තයන් ගෙන් නව නිගමනයකට බැසීමට අපොහොසත් වූ ඇතැම් පුරාවිද්‍යාඥයන් හා ගවේෂකයන් සීගිරියේ අතීතය, යටගියාව සෙවීමට වඩා සිය අවධානය සීගිරි චිත්‍රවලට හා එහි සුන්දර දිය කඩිති ආදියට පමණක්‌ සීමා කළේ කුමක්‌ නිසා දැයි කිව නොහැකිය.

සීගිරිය ප්‍රදේශයේ ඉපැරණි තල්කොටේ ග්‍රාමයේ ජනතාව අතර පරපුරෙන් පරපුරට ඇවිත් දැන් සම්පූර්ණයෙන්ම නැතිවී යන පුරාණ ජනකවි හා ජනශ්‍රැතිවලින්ද ඇතැම් මුද්‍රිත පුස්‌කොළ සටහන්වලින් ද මේ රාජධානියේ ඓතිහාසික ශ්‍රී විභූතිය අවබෝධ කරගත හැකි බැව් විශ්වාස කළ හැකිය. ගල මතුපිට ඇති ඉතිහාසයට වඩා අගනා ඉතිහාසයක්‌ මේ පර්වතය යට ඇති බැව් ඉන්දියාවේ ලාල් ශ්‍රී නිවාස්‌ (1983.05.08 Weekend
Sun) මට පැවසුවේ දැනට වසර 15 කට පමණ පෙරය. එය කෙතරම් බුද්ධිමත් ප්‍රකාශයක්‌ද යනු මට දැන් අවබෝධ වී ඇත.

සීගිරිය වැනි උදාරතර ස්‌ථානයක්‌ පිළිබඳ පර්යේෂණයක්‌ කරන විට එය උඩින් පල්ලෙන් කර ඇඟ බේරා ගැනීම පර්යේෂකයන් ගේ යුතුකම නොවේ. සමකාලීන පොත්පත්, සෙල්ලිපි, ජනකවි, ජනශ්‍රැති ආදිය පමණක්‌ නොව කාල නිර්ණය කිරීමේ විද්‍යාත්මක යන්ත්‍ර සූත්‍ර, පරිගණක ආදියෙන්ද ඊට තදාසන්න පෙදෙස්‌වල ඒ යුගයේ පැවැති සංස්‌කෘතික සාරධර්මවලින් ද ලැබෙන ආලෝකය අනුව පර්යේෂකයා ගමන් කළොත් පමණි අංග සම්පූර්ණ පර්යේෂණයක්‌ කළ හැකි වන්නේ.

එවැනි පර්යේෂණයකදී පර්යේෂකයාගේ ඇසට ලක්‌වන වැලිකැටයක්‌ වුවද නොසලකා නොහැරීම බුද්ධිමත් පර්යේෂකයන්ගේ යුතුකම බැව් අමුතුවෙන් පැහැදිලි කිරීම අනවශ්‍ය කරුණකි. මේ ඓතිහාසික සීගිරිය පිළිබඳ පර්යේෂණය කිරීම භාරධූර එමෙන්ම කර්කශක දුක්‌ගැහැට වලට මුහුණපාමින් වෙහෙසිය යුතු දුෂ්කර ක්‍රියාවකි.

අංග සම්පූර්ණ සේවයක්‌ ජනතාවට ලබාදිය හැක්‌කේ එවැනි දුෂ්කර ක්‍රියාවකට සිය කැමැත්තෙන් සම්බන්ධ වන විද්වතුන්ට මිස විදේශීය ධන ආයෝජන අනුව පර්යේෂණ ව්‍යාපෘති කරන කොන්ත්‍රාත්කරුවන්ට නොවේ.

සීගිරි කුරුටු ගී ක්‍රි.ව. 08 වන හා 09 වන 10 වන සියවස්‌වලට අයත් බව මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීහු නිගමනය කරති. මේ සියවස්‌ තුන තුළ සීගිරි පව්වට මුළුදුන් කවීන්ට ඔවුන්ගේ සිත්තුළ පහළ වූ කවි චින්තාවන් කාව්‍ය චිත්‍රයකට නැගීමට ඉවහල් වූ එකල පැවැති භාෂාවන්, අත්දැකීම් පෝෂණයට ඉවහල් වූ සමාජ සාරධර්ම හා ජන ජීවිතයේ වගතුගත් විමසා බැලීම සීගිරි කුරුටු ගී රස වින්දනයට උපකාරයකි. (සීගිරි ගී සිරි, වි.ජ.මු. ලොකු බණ්‌ඩාර, පිටු XIX)

සීගිරි කුරුටු ගීය බිහි වුණේ ක්‍රි.ව. 08, 09 හා 10 වැනි සියවස්‌වල බැව් මේ ප්‍රකාශයෙන් තහවුරු වේ. නමුත් මේ ඓතිහාසික සීගිරි බළකොටුව බිහිවූවේ ඊට අවුරුදු දහස්‌ ගණනකට පෙර සිට බැව් ඉපැරණි මූලාශ්‍ර අනුව කිව හැකිය.

මහා භාරතයේ උතුරු දිසාවේ පදිංචි වීමට පෙර කුවේර වාසය කළේ ලංකාද්වීපයේය. සුළු මවු ගේ පුත්‍ර වූ රාවණා විසින් කුවේර ගේ පුෂ්පික රථයත් රාජධානියත් උදුරාගෙන ලංකාවෙන් නෙරපන ලද්දේය. (සංස්‌ක්‍ෂිප්ත රාමායණය, පිටු 200)

ලෝකයේ ප්‍රථම ගුවන් යානය හිමිකරුවා වූ කුවේර ජීවත් වූ ස්‌ථානය වර්තමාන සීගිරිය බව ඓතිහාසික ජනකවි හා ජනශ්‍රැතිවල සඳහන් වී ඇත. මහා කප්පින වික්‍රමසිංහ අදිකාරම්තුමා විසින් රචිත රාවණ කතා පුස්‌කොළ ග්‍රන්ථය අප රටේ විවිධ රහසිගත තොරතුරු හෙළි පෙහෙළි කරන මූලාශ්‍රයක්‌ ලෙස සැලකිය හැකිය.

සීගිරිය අයත් වන්නේ ලිත ඓතිහාසික යුගයට නොව මෙගලිතික සංස්‌කෘතිය පැවැති ප්‍රාග් ඓතිහාසික යුගයට බැව් ඒ පිළිබඳ ගැඹුරු පර්යේෂණයක යෙදෙන විට මැනවින් පැහැදිලි වන සත්‍යයකි.

ස්‌තූපය පිළිගැනීමකට බල පෑ ස්‌තූපයට ඥතිත්වයක්‌ දැක්‌වූ පුද පූජා විධි ව්‍යවහාරයක්‌ බුදු සමය පැමිණෙන විටත්, ලංකාවේ අවුරුදු සිය ගණනක්‌ ක්‍රියාත්මක වෙමින් පැවැතුණි. ඒ පූජා ව්‍යවහාරය මළවුන් පිදීමේ ප්‍රාථමික අභිචාර විධි පද්ධතියකට අවශ්‍ය විය. ඒ අභිචාර විධි පද්ධතිය ගොඩ නැගුණේ ලංකාව ජනාවාස කිරීමට හා නාගරීකරණයට ප්‍රථම පියවර තැබූ මහා ශිලා හෙවත් මෙගලිතක සංස්‌කෘතිය තුළය. ඉබ්බන්කටුව හා පොම්පරිප්පු ආදී ස්‌ථාන රාශියක සිදුකළ පුරාවිද්‍යා ගවේෂණ මගින් අද වන විට මේ සංස්‌කෘතිය පිළිබඳ සාධක රැසක්‌ සොයා ගෙන ඇත. (සම්භාෂා පිටු අංක 310)

මේ ඓතිහාසික සීගිරිය ඇතුළත් වන්නේද මහා ශිලා සංස්‌කෘතියට හෙවත් මෙගලිතික (Megalithic Culture) සංස්‌කෘතියට බැව් පැවසිය හැකිය.

මේ ස්‌ථානය සිහිගිරි මිස සිහගිරි යනු නොවූ බවත් සිහිගිරි සතිගිරි යන්නෙන් බිඳුණු බවත් මෙතැන සතිගිරි යනු භාවනානුයෝගය පිළිගත් භික්‍ෂූන්ට වාසස්‌ථානය වූ පර්වතය යන අරුතින් සිහිගිරි වූ බවට නව මතයක්‌ ඉදිරිපත් කිරීමට තමා කැමති බැව් ප්‍රවීණ විද්වතෙක්‌ වූ ආචාර්ය ඇනස්‌ලි හර්මන් මිරැන්ඩෝ ප්‍රකාශ කරයි. (සිංහලයන් ගේ මූලාරම්භය පිටු 56-57)

මහාචාර්ය අභය ආරියසිංහ ගේ මතය අනුව "අලහබාද් ප්‍රශසති ලිපියෙහි සමුද්‍රගුප්ත රජතුමා, සෛංහලකාන, යන ජන කොටසක්‌ ගැන සඳහන් කොට ඇති බවත් මේ ජනයා සිංහල රටේ වැස්‌සන් බවත් ටොලමි මේ සෛංහලකාන නැතහොත් සිහලක වචනයෙන් "සලිකේ" නාමය මෙරටට යෙදූ බවත් මේ නිරුක්‌තිය සිහලක සිහිලක වී නැවත සිරිලක වූ බවත් මෙය සිහගිරි - සිහිගිරි - සීගිරි වූ නිරුක්‌තිය අනුව යෙදී ඇති බවත් පෙන්වා දී ඇත. (දිවයින 1989.10.29)

අවුරුදු දහස්‌ ගණනක්‌ කිසියම් රටකට ගමකට හෝ නගරයකට එකම නමක්‌ පවතින්නේ නැති බැව් ඓතිහාසික මූලාශ්‍ර අනුව කිව යුතුය. ලංකාවට මෙන්ම සීගිරියටද විවිධ යුගවල විවිධ නම් පාවිච්චි කර ඇත. නමුත් වැදගත් ඓතිහාසික ප්‍රශ්නයක්‌ පිළිබඳ සාධාරණ නිගමනයකට එළඹීමට ලිත සාක්‍ෂි කිහිපයක්‌ පමණක්‌ කිසිවිට ප්‍රමාණවත් නොවේ.

ලංකාවේ අති පුරාණ ලිත මූලාශ්‍රය වූ මහාවංශයත්, දීපවංශය, පූජාවලිය, රාජාවලී සහ නිකාය සංග්‍රහයත් සීගිරිය පිළිබඳ සටහන් කර තිබෙන්නේ ඉතා අල්ප වශයෙනි. මහාවංශයේ කර්තෘ මහානාම හිමියන් ගේ බෑනා කෙනෙක්‌ වූ ධාතුසේන රජතුමා (ක්‍රි.ව. 459-477) ගෙන් සිහසුන උදුරා ගත් කස්‌සප (ක්‍රි.ව. 477-495) රජු පිළිබඳ දැඩි පිළිකුලක්‌ මිස ප්‍රසාදයක්‌ මහානාම හිමියන් තුළ නොතිබුණ නිසාම ඒ පීතෘ ඝාතකයා පිළිබඳ හෝ ඔහුගේ මාළිගය පිළිබඳ වැඩි විස්‌තරයක්‌ දීමට මහාවංශ කතුවරයා මැළි වූවාට සැක නැත.

රුහුණ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විනී විතාරණ ඒ පිළිබඳ මෙසේ අදහස්‌ දක්‌වයි. "වත්මන්හි අන්තර්ජාතික කීර්තියට පත් ලාංකික ස්‌ථාන අතුරෙන් මුල් තැනක්‌ ගන්නේ සීගිරිය වෙතැයි සිතමි. ඓතිහාසික ස්‌ථාන අතරින් නම් එයම බව නිසැකය. එහෙත් මහාවංශයේ එය සඳහන් වන්නේ ගාථා හතක පමණි. පාපී නර පාලක කාශ්‍යප වියපත්ව ඒ පර්වතය මත අලංකාර පුරවරයක්‌, තවත් ආලකමන්දාවක්‌ ඉදිකොට කුවේර විලාසයෙන් එහි ජීවත් වුණු බවත් ඒ සමීපයෙහි විහාරයක්‌ පිහිටුවා එය ධම්මරුචි නිකායික භික්‍ෂූන් වහන්සේ වෙත පූජා කළ බවත් මොග්ගල්ලාන රජු සිහගිරි මත පිහිටි දාල්හ හා දාඨා කොණ්‌ඩඤaඤ යන දෙවි හාරයක්‌ උන්වහන්සේලා වෙතම පූජා කළ බවත් තවත් සියවසකට පමණ පසු ඒ සමීපයෙහි දී සංඝතිස්‌ස රජුගේද පුත් කුමරාගේද තවත් හය වසරකට පසු අනුප්‍රාප්තික තෙවන මොග්ගල්ලාන රජුගේ ද හිස ගසා ලන ලද බවත් එයින් කියෑවේ. (සිළුමිණ, 1994.04.17)

ඒ ස්‌ථානයේ සති භාවනාවේ යෙදුණ භික්‍ෂූන්ට වාසස්‌ථානය වූ පර්වතය යන අරුතින් සිහිගිරි වූ බවට ආචාර්ය ඇනස්‌ලි හර්මන් මිරැන්ඩෝ ඉදිරිපත් කළ අදහසට මහාවංශයෙන් එළියක්‌ ලැබෙන බැව් මේ අනුව පෙනී යයි. (රාජ වර්ෂ විමර්ශ, පිටුව 58)

සීගිරිය පිළිබඳ වත්මන් ලොවට දැන ගැනීමට අවස්‌ථාව ලැබුණේ මේජර් ජොනතන් ෆොaබ්ස්‌ගෙනි. 1831-1833 කාලයේ සීගිරිය පෙදෙසට ගොස්‌ සමීක්‍ෂණයක්‌ කළ මේජර් ෆොaබ්ස්‌ Eleven Years of Ceylon නමින් පළ කළ සිය ග්‍රන්ථයේ විශේෂයෙන් සඳහන් කර ඇත. සීගිරි කඳු මුදුනට නගින්නේ නැතිව සීගිරිය පිළිබඳ ලියාපළ කළ ෆොaබ්ස්‌ට සීගිරිය සොයා ගැනීමේ ගෞරවය හිමිවිය යුතුය.

ඒ. වයි. ඇඩම්ස්‌ හා ඡේ.බේලි නමැති ඉංග්‍රීසි ජාතිකයන් දෙදෙනා පළමු වරට සීගිරිය තරණය කළ අතර පෙරදිග භාෂා විශාරදයෙක්‌ වූ ටී. ඩබ්ලිව්. රීස්‌. ඩේවිස්‌ මහතා සීගිරි චිත්‍ර ප්‍රථම වරට දුටු විදේශිකයා ලෙස මහාචාර්ය සෙනරත් පරණවිතාන සඳහන් කරයි. (පරණවිතාන The lllustrated News 1945 අප්‍රේල් 03)

සීගිරියේ ඇති අලංකාර චිත්‍රවලින් කුල්මත් වන නරඹන්නන් එහි අතීතය හාරා අවුස්‌සා බැලීමට වඩා ඒ චිත්‍ර හා ඒ අසල ඇති කුරුටු ගී කියවා රස විඳීමට පෙළඹීම පුදුමයට කරුණක්‌ නොවේ.

පුරාවිද්‍යාඥයන්, සරසවි ඇඳුරන්, කවීන් මෙන්ම ලේඛකයන් පමණක්‌ නොව ඇතැම් පර්යේෂකයන් පවා සීගිරි විත්‍ර හා කුරුටු ගී පසුපස හඹා යන බැවින් ගල් අතර සැඟවී ඇති මේ ස්‌ථානයේ තේජාන්විත අතීතය නිවැරැදි ලෙස අවබෝධ කර ගැනීමට බාධාවක්‌ වී ඇත.

කුවේර ගේ වාසභවනය හා රජකම කොල්ලකා ගත් රාවණ රජු මේ සීගිරිය ද ඔහු ගේ එක්‌ මාළිගාවක්‌ ලෙස පාච්චි කළ බවට අපමණ මූලාශ්‍ර ඇත.

රාවණ ගේ ලංකාපුරය තිබූ ස්‌ථාන හඳුනා ගැනීමේදී ප්‍රධාන වශයෙන් පෙදෙස්‌ තුනක්‌ ගැන අවධානය යොමු කිරීමට සිදුවේ. ඉන් පළමු වැන්න සීගිරි පර්වතය වන අතර කුවේරගේ ආලකමන්දාව වශයෙන් එය හැඳින්වීම සහ රාවණ, කුවේර ගේ රජකම පැහැර ගැනීමේ කථාව මේ වෘතාන්තයට නව එළියක්‌ ගෙන දෙයි. (හිටපු පුරා විද්‍යා කොමසාරිස්‌ එම්. එච්. සිරිසෝම සිළුමිණ, 1991.06.16)

සීගිරිය ඓතිහාසික ලංකාපුර රාජධානියේ ම එක්‌ කොටසක්‌ බැව් ලග්ගල ප්‍රදේශය පිළිබඳ පුළුල් පර්යේෂණයක යෙදෙන විට මැනවින් පෙනී යන කරුණකි. ආදිවාසී යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන බලකොටුව මෙය වූවාට සැක නැත. කතරගම වැඩිහිටි කන්ද, නුවරඑළියේ පිදුරුතලාගල, මහකුඩුගල සහ කිකිළියමාන වැනි ස්‌ථාන යක්‍ෂ ගෝත්‍රික ආදිවාසීන් ගේ මධ්‍යස්‌ථාන ලෙස පැවැති බවට අපමණ මූලාශ්‍ර ඇත. "ලතා ගෘහාණි චිත්‍රණි - චිත්‍ර ශාලා ගෘහනිච" යනුවෙන් "රාමායණම්" (චොකම්හ විද්‍යාවන් ගේ නාගර අක්‌ෂර) ග්‍රන්ථය අනුව රාවණ යුගයේ සීගිරියේ අගනා චිත්‍ර ඇති බැව් මැනවින් සනාථ වේ. (ශ්‍රී.ල.රා. රාජධානිය, පිටු 180)

"සීගිරිය අවට ආදි මානව ජනාවාස පිළිබඳ සාක්‍ෂි සීගිරි පර්වතයට නැගෙනහිර පැත්තේ අලිගල නම් ස්‌ථානයේ කරන ලද කැණීම්වලින් තහවුරු වී ඇත. ඒ අනුව වර්ෂ පන්දහසකට එහා කාලයක සිට ඓතිහාසික යුගය දක්‌වා මානව සබඳතා මේ සීගිරිය ආශ්‍රිතව පවතින බැව් පුරාවිද්‍යාත්මක සාක්‍ෂි අනුව පැහැදිලි වන බැව් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල පවසයි. (සිළුමිණ, 1994.04.17)

ආචාර්ය ශිරාන් දැරණියගල ගේ මේ මතයෙන් ද තහවුරු වන්නේ සීගිරිය මෙගලිතික සංස්‌කෘතියට හෙවත් මහා ශිලා යුගයට අයත් බවයි.

කලක්‌ බෞද්ධ භික්‍ෂුවක්‌ ලෙස සිට පසුව හින්දු පූජකවරයෙක්‌ වූ ජර්මන් ජාතික ස්‌වාමි ගෞරී බාලාගේ අදහස්‌ අනුව 'It was a centre for the
initation of Buddhists in the Mahayana
Tradition and that Paintings represent the
goddess Tara of the Mahayana Buddhist
Pantheon who is also the consort of
Bodhisathva Avalokteswara" (Sri Lanka
Today-Raja de Silva pp-12)

කෙසේ හෝ බොහෝ විද්වතුන් කථා කළේ මේ දැවැන්ත ස්‌ථානය පිළිබඳ නොව එහි වූ චිත්‍ර හා කවි පිළිබඳවය. දැවැන්ත බලකොටුවක්‌ තුළට ගොස්‌ එහි තත්ත්වය පිළිබඳව පරීක්‍ෂා කිරීම වෙනුවට එහි විසිතුරු චිත්‍ර හා ළගන්නා සුළු රසවත් ගී රස විඳීම පමණකි බොහෝ විට සිදුවී තිබෙන්නේ.

භූත විද්‍යාව අනුව ඓතිහාසික සිද්ධීන් පිළිබඳ ගවේෂණය කරන මහනුවර හේ. මාකස්‌ ප්‍රනාන්දු ගේ පර්යේෂණ අනුව පෙනී යන්නේද සීගිරියේ විසූ ආදි පුරුෂයන් රාවණ හා කුවේර බැව්ය. (Weekend Sun 1994-April 01)

රාම - රාවණ මහා සංග්‍රාමයෙන් පසු විනාශයට පත් ලංකාපුර රාජධානියට අයත් වූ සීගිරි බලකොටුව අංග සම්පූර්ණ ලෙස ප්‍රතිසංස්‌කරණය කරනු ලැබුවේ කස්‌සප (ක්‍රි.ව.477-495) රජු විසින් බැව් පැවසීම සාධාරණය. එයට තවත් හේතුවක්‌ තිබුණි. එනම්, කාශ්‍යප රජුගේ මෑණියන් යක්‍ෂ ගෝත්‍රික කුමරියක්‌ වීම නිසා ඔහුට මවු පස උරුමයක්‌ සීගිරියට තිබීමය. (රාවණ කතා පුස්‌කොළ ග්‍රන්ථය)

මේ සීගිරි නිර්මාණ ශිල්පය දැනට වසර 5000 කට වඩා පැරණි මොහන්දොජාරොහරප්පා සංස්‌කෘතියට සම කළ හැකි බැව් හේ මාකස්‌ ප්‍රනාන්දු ගේ අදහසයි. (Weekend Sun
1994.04.01)

නිල්ගල වලව්වේ සිසී කුමාරිහාමි මහත්මිය 1940 දී තල්කොටේ ගමට පැමිණි අවස්‌ථාවක එහි විසූ පුංචිරා නම් ගැමියෙක්‌ විසින් කී තේරවිලි කවි කිහිපයක්‌ ඇයගේ අත්පොතක සටහන් කර තිබුණි. එයින් කවි දෙකක්‌ The Cultural Heritage of Jing
Rawana (21 වැනි පිටුවේ) ඇතුළත්ය.

ප්‍රශ්නය

සීගිරි ගලේ විල සැදුවේ කවුරුන්දෝ
සීගිරි ගලේ රූ ඇන්දේ කවුරුන්දෝ
සීගිරි රුවෙන් දිස්‌වන්නේ කවුරුන්දෝ
මෙතුන් පදේ විසඳන්නේ කවුරුන්දෝ

පිළිතුර

සීගිරි ගලේ රාවණ දෙවි විල සැදුවා
සීගිරි ගලේ විස්‌කම් සිත්තම් කෙරුවා
සීගිරි රුවෙන් මන්දෝදරී දිස්‌වෙනවා
මෙතුන් පදේ මම නිසි ලෙස විසඳනවා

මේ ජනකවි "රාවණ කතා" පුස්‌කොළ ග්‍රන්ථයේද සඳහන් වී ඇති බැව් කිව යුතුය.

තල්කොටේ ගමෙන් දැනට වර්ෂ 65 කට පෙර සොයාගෙන තිබුණ ජනකවිවලින් පුරාවිද්‍යාඥයන්ට මෙතෙක්‌ සොයා ගත නොහැකිවූ ආලෝක ධාරාවක්‌ මුළු මහත් සීගිරි පර්වතයටම වැටෙන බැව් අමුතුවෙන් කිව යුතු නැත.

මේ සීගිරිය ප්‍රදේශයේ ආදි කාලයේ යක්‍ෂ ග්‍රෝතිකයන් විසූ බැව් ප්‍රකට ඉතිහාසඥයෙක්‌ වූ ඒ. සී. ලෝරි පවසයි.

The Native Traditions tell of the occupation
of Sigiriya by the Aboriginayakkha Another
Local Tradition Connect the rock with King
Devanampiyathissa who reigned about 266
BC. They say that the King found on the rock
a Golden Bamboo which had three trunks
called "Yako - Ykahkti- Kusuma Yakhthi and
Yakuna Yahkti. In the first trunk there were
golden figures of women in the Second golden
flowers and in the third Golden Figures of
Gods. The King said let this rock be always
remembered by me. Hence. the name
Sihigiriya remembrance rock (The Gazetteer
of the Centra; Province of Ceylon pp.791)

ඒ. සී. ලෝරි ගේ මේ අදහසින් පෙනෙන්නේ සීගිරි චිත්‍රවලින් දිස්‌වන්නේ ලංකාවේ ආදිවාසී යක්‍ෂ ගෝත්‍රික කාන්තාවන් බවට ඉඟියකි. හිටපු පුරාවිද්‍යා කොමසාරිස්‌ රාජා ද සිල්වා මේ කාන්තා රුව තාරා දේවිය ගේ යෑයි ඉදිරිපත් කරන මතය ඛණ්‌ඩනය වීමත් තල්කොටේ ජනකවිවලින් ඉදිරිපත් කරන සීගිරි රුවින් මන්දොaදරී දිස්‌වෙනවා" යෑයි පවසන මතය සනාථ වීමත්ය.

මන්දොaරී (Thinwaist) යනු සිහින් ඉඟටිය ඇත්තී යන අරුත දෙන කාන්තා නාමයකි. ඇතැමෙක්‌ මෙය මන්ඩෝදරී (කළයක්‌ වැනි බඩක්‌ ඇත්තිය කැයි) වරදවා තේරුම් ගෙන ඇත. (මහාචාර්ය විමල විජයසූරිය)

මන්දොaරී රැජින ලංකේශ්වර රාවණයන් ගේ බිරිඳ වූ අතර රාවණ ගේ ඇවෑමෙන් රාවණ සොයුරු විභීෂණ ගේ බිරිඳ වූවාය. මන්දොaදරිය ගේ පියා මය දානවය. ඔහු ශ්‍රේෂ්ඨ ගණයේ ගෘහ නිර්මාණ ශිල්පියෙකි. සීගිරි බලකොටු සංකීර්ණයේ නිර්මාණ ශිල්පියා මය දානවයෝ යෑයි කිව හැකි ජනශ්‍රැතියක්‌ ගලහිටියාගම ගම්වැසියෙක්‌ වූ පුංචි බණ්‌ඩා ඉදිරිපත් කරයි. වෙසමුණි රඡ්ජුරුවන්ට ඕනෑ වුණා ලෝකෙන් ම ලස්‌සන මාළිගාවක්‌ හදාගන්ඩ. මය යක්‍ෂයා, ඒ කාලේ හොඳ ම වඩුරාළ ඒ වෙසමුණි රඡ්ජුරුවෝ මය යක්‍ෂයාට කතා කරල කිව්වලු ලෝකෙන් ලස්‌සන ම මාළිගාව හදා දෙන්න කියලා. ලස්‌සන විතරක්‌ නොවේ. සවි ශක්‌තියත් හොඳට තිබෙන්න ඕනෑ. භූමි කම්පාවකට, ගංවතුරට හෝ කිසිම උවදුරකට විනාශ නොවෙන විදිහට එය හදන්න ඕන කියලා තියෙනවා. ඒ කාලේ සීගිරි ගල තිබුණේ ගල් ගොඩක්‌ වැනි ගල් කන්දක· මේ ගල් කන්ද පෙන්නල මය යකා වෙසමුණි රඡ්ජුරුවන් ගෙන් ඇසුවේ "මෙතන හොඳ ද?" කියලා. වෙසමුණි රඡ්ජුරුවොත් එතැනට කැමති වුණාලු."

මය යක්‍ෂයා ඔහු ගේ සහචර පිරිස එකතු කර ගෙන අර ගල් කන්දෙ සමහර ගල් ඉවත් කරලා ලොකු කළුගල ලස්‌සනට හැඩවැඩ දාල කපලා ඒ ගල මාළිගාවක්‌ බවට පත්කළා. නිකම් මාළිගාවක්‌ නොවේ.· තට්‌ටු මාළිගාවක්‌· වෙසමුණි රඡ්ජුරුවන්ට ගුවන් යානයක්‌ තිබිල තියෙනවා· ඒක නවතලා තියෙන්නේ මාළිගාවේ වහලේ·

සීගිරිය, ඉනාමළුව, තල්කොටේ, ගලහිටියාගම ආදී ගම්වල පැරැන්නන් අතර මුඛ පරම්පරාගතව පැවැති මේ ජනශ්‍රැතියෙන් සීගිරියේ අතීත ඉතිහාසයට ගෙන දෙන්නේ සුවිසල් ආලෝක ධාරාවකි. සීගිරියේ හා එයට තදාසන්න සියලුම ගම් නියම්ගම්වල පදිංචි වී සිටියේ ආදිවාසී යක්‍ෂ ගෝත්‍රිකයන්ය. වැද්ද ගේ හේන, වැද්දි ගෙ වත්ත, වැදි යාය ආදී නම් තිබෙන ඉඩම් කඩම් මේ ප්‍රදේශයේ බහුලය. වැදි නාමයෙන් වත්මන් ජනතාව හඳුන්වන්නේ ආදිවාසී (Aborigines) යක්‍ෂ ග්‍රෝත්‍රිකයන් මිස වෙනත් පිරිසක්‌ නොවේ.

වෙසමුණි රඡ්ජුරුවෝ ලෙසින් පුංචි බණ්‌ඩා සඳහන් කළේ විශ්‍රවස්‌මුණි හෙවත් වෛශ්‍රවණ නමැති යක්‍ෂ රාජායා ය. පණ්‌ඩුකාභය රජතුමා (ක්‍රි.පූ. 367-437) වෛශ්‍රවණ යක්‍ෂයා සඳහා නුවර පශ්චිම දොරටුව අසල නුග ගස කැප කළේය. (පැරණි ලංකාවේ ආගම් හා පුද පූජා පිටු 102)

මේ විශ්‍රවස්‌මුණි, රාවණ මහ රජු ගේද කුවේර ගේද පියාවන අතර මහරිසි පුලස්‌ති ගේ පුත්‍රයාය. එමෙන්ම බෞද්ධ සාහිත්‍යයේ සඳහන් සතර වරම් දෙවිවරුන් ගෙන් එක්‌ දෙවියෙක්‌ වූ වෙසමුණිය.

නාග, යක්‍ෂ, දේව හා රාක්‍ෂ නම්වලින් හැඳින්වූවද මොවුන් මනුෂ්‍යයන් මිස වෙනත් අමනුෂ්‍ය වර්ගයක්‌ නොවන බැව් ඉඳුරාම කිව හැකිය.

විශ්‍රවස්‌මුණි ගෙන් පසු ඔහු ගේ දෙටු පුත් කුවේරට මේ මාළිගය හා ඔහු ගේ ගුවන් රිය පුෂ්පිකයානය අයිති වූ නමුත් තරුණ වියට පත් රාවණයෝ ලංකාපුර රාජධානිය ඇතුළු චංචල නිශ්චල සම්පත් සියල්ල උදුරාගත් බැව් රාමායණය කියයි.

"කාශ්‍යප රාජ්‍යෙdaදයට වසර 500 කට පූර්වයෙහි දී ස්‌වකීය රාජ්‍යයේ කාසි 1600 ක්‌ ආගමික මධ්‍යස්‌ථානයක්‌, තොටමුණක්‌ වෙළඳ නගරයක්‌ හෝ නොවන සීගිරියට පැමිණ රන් කාසි විසුරුවා ගිය ධනවත් රෝම පුරවැසියෝ එහි පැමිණ ඇත්තේ ගිරග්ග සමඡ්ජ වැනි උළෙලකට බැව් මහාචාර්ය විනී විතාරණ අදහස්‌ කරයි. (සිළුමිණ 1994 අප්‍රේල් 17)

මේ අනුව පළමුවෙන්ම පෙනී යන සත්‍යය නම් කාශ්‍යප (ක්‍රි.ව. 704-711) රජුටත් වර්ෂ 500 කට පමණ පෙර මේ ස්‌ථානය ජාත්‍යන්තර සම්බන්ධතා තිබුණ ස්‌ථානයක්‌ බැව් සත්‍ය මූලාශ්‍ර අනුව පෙනී යන බවයි.

ගිරග්ග සමඡ්ජ යනු පැරණි ඉන්දියාවේ උළෙළකි. ගලක්‌ හීතර සමඡ්සමඡ්ජ නම් නැටුම් හෝ ගලක්‌ හී තරණ පියවියෙන් ගිරග්ග නම් (දම්පියා අටුවා ගැටපදය 36 පිටු)

7-8 හා 9 වැනි සියවස්‌වල ලංකාවේ නොයෙක්‌ දෙසින් ජනයා සීගිරියට ආහ. සීගිරි ගල මුදුනට ජනයා එකතු වීමේ පරමාර්ථය නම් සීගිරි රූප බැලීමට පමණක්‌ නොව "ගිරග්ග සමඡ්ජ" වැනි උත්සවවලටද සහභාගි වීම බැව් මාර්ටින් වික්‍රමසිංහ අදහස්‌ කරයි. (Sigirigraffiti Vol pp CCXV)

සීගිරියට රෝම ධනපතියන් පැමිණේ ගිරග්ග සමඡ්ජයට ද එසේත් නැතිනම් ඒ ස්‌ථානයේ පදිංචි වී සිටි ප්‍රභූවරුන්ගේ මැණික්‌ මිලදී ගැනීමට දැයි ප්‍රශ්නයක්‌ පැන නැගෙනු ඇත.

විශ්‍රවස්‌මුණි (වෙසමුණි) කුවේර ආදීන් මුළු මහත් ලෝකයේම ධනපතීන් ලෙස බැබළුණේ ලංකාපුර රාජධානියේ (ලග්ගල) තිබුණ අසීමිත වටිනාකමක්‌ ඇති අගනා මැණික්‌ නිසා බැව් කිව හැකිය. ලංකාපුර රාජධානිය සමඟ සම්බන්ධකම් පැවැති හලාවත මුතු රාජධානිය අයත් වූවේද යක්‍ෂ ගෝත්‍රිකයන්ටය. කුවේණි රැජින තම්මැන්නාවේ තාවකාලික පදිංචි වූවේද සිරිස වස්‌තු පුරය මෙන්ම හලාවත මුතු රාජධානිය ද ඔවුන්ට උරුම වූ ස්‌ථාන බැවිනි.

හලාවත මුන්නේශ්වරම් මහා ශිව දේවාලය රාවණ රජු ගේ පමණක්‌ නොව ඔහුගේ පරපුරේ සූර්යය භක්‌තිකයන් ගේද මධ්‍යස්‌ථානයකි. Our
Past Kings Figure in very many episodes
connected with Munneswaram for history can
trace back only to the time of Ravana (Sri
Lanaka to day pp. 18)

මේ අනුව විමසා බලන විට ඌවේ ලග්ගල සහ සබරගමුවේ මැණික, හලාවත මුතු ආදී වස්‌තුවෙන් පොහොසත් යක්‍ෂ ගෝත්‍රික ප්‍රභූවරයෙක්‌ ක්‍රි.ව. 20 - 21 යුගයේ පමණ නිකුත් වූ කාසි විය හැකිය.

දේවානම්පියතිස්‌ස රජතුමා ද සීගිරියේ සිටි බැව් ඒ. සී. ලෝරි කියයි. (The Gazatter of
Cantral Province..........)

ඒ අනුව විමසා බලන විට මේ ස්‌ථානය මුරුණ්‌ඩ වංශික රජ දරුවන්ද පාවිච්චි කළ ජය භූමියක්‌ ලෙස විශ්වාස කළ හැකිය. පණ්‌ඩුකාභය රජතුමාට ද යක්‍ෂ ගෝත්‍රික සම්බන්ධතාව තිබුණ බැවින් විශ්‍රවස්‌මුණි ගේ මාලිගය පසු කලෙක මුරුණ්‌ඩ ශිව (The Greeks & Mauriyas) ගේ පුත්‍ර දේවානම්පියතිස්‌ස රජු සිය පරිහරණයට ගන්නා විය හැකිය.

සංඝතිස්‌ස රජු සහ සිය පුත්‍රයා සීගිරියේ දී සතුරන්ට අසු වී මැරුම් කෑ පුවත "මහාවංශයේ" 44 වැනි පරිච්ඡේදයේ සඳහන් වේ. පරාක්‍රමබාහු (1164-97) රජතුමා ද සීගිරිය අලුත්වැඩියා කර ඇත. (The Gazetteer of the Central Province
pp.792)

ගිරග්ග සමඡ්ජ වැනි උලෙළක්‌ ලංකාවේ පැවැත්වූ බවට සෑහෙන තරම් මූලාශ්‍ර මෙතෙක්‌ හමුවී නැතැයි කිව හැකිය. එසේ වුවද පණ්‌ඩුකාභය රජ යුගයේ කාමෝත්සව පැවැති බැව් මහාවංශය (මහාවංශය X 64-65 පිටු) කියයි.

බෞද්ධාගම හෙළිදිවට පැමිණීමට පෙර ලංකාවේ දුරාචාර, පුද පූජා පැවැත්වූ බැව් හියුං සාං ප්‍රකාශ කර ඇත. (Buddhist
Records of the Westen World pp 206)

කෙසේ වුවද සීගිරිය ආරම්භයේ සිට රජවරු ප්‍රභූවරු ජීවත් වූ මාලිගයක්‌ ලෙස හැදින්වීමට සාධාරණය.

මහා දාඨික, මහා නාග රජු (ක්‍රි.ව. 06-18) දවස ගිරිභාණ්‌ඩ පූජා නම් උත්සවයක්‌ පවත්වා ඇති බවත් එයට හේතුව මිහින්තලේ චෛත්‍යයේ වැඩකටයුතු සාර්ථක ලෙස අවසන් වීම යෑයි මහාවංශය - රසවාහිනී, විසූධි මාර්ග ග්‍රන්ථවල සඳහන් වේ.

ගිරිභාණ්‌ඩ පූජාව ඒ යුගයේ පැවැති සුවිසල් පුණ්‍ය කර්මයක්‌ බවට අපමණ මූලාශ්‍ර බෞද්ධ සාහිත්‍යයේ ගිරිභාණ්‌ඩ පූජාය - නම් ෙච්තිය ගිරිය ආදි කොට සියලු සිංහල ද්වීපයෙන් යොදුනක්‌ තැන් දක්‌වා සමුද්‍රයෙන් පැවැත්වූ මහා ප්‍රදීප පූජාවයි (විසුද්ධි මාර්ග සන්නස - 12 සෘද්ධි විධි නිද්දේශ)

මේ අනුව තව තවත් විමසා බලන විට සීගිරියට රන්කාසි පිදුවේ "ගිරිභාණ්‌ඩ පූජාවක්‌" සඳහා ඒ යුගයේ විසූ සිංහල රජ කෙනෙක්‌ විසින් විය හැකිය. විදේශ රටවල් සමඟ දිගු කලක්‌ වෙළෙඳ ගනුදෙනු කළ ශ්‍රී ලංකාවේ ධනවතුන් හා ප්‍රභූවරුන් සතුව තිබුණ රන්කාසි මේ මහා පූජාව පිණිස ඒ පූජාව පැවැත්වූ මධ්‍යස්‌ථානයෙහි විසුරුවා හැරීමට ඉඩ ඇත.

මේ රන්කාසි පොළොව මතුපිට විසුරුවා තිබීමෙන් මෙය පූජාවක්‌ සඳහා විසුරුවා දැමූ පූජා භාණ්‌ඩ විය හැකි බවත්, රාජ අනුග්‍රහයෙන් පැවැත්වූ පූජාවක භාණ්‌ඩ සොරුන්ට ගෙන යැමට නොහැකිවූ නිසා ඒවා කාලයේ වැලි තලාවට යට වී පසුව එම ස්‌ථානය පිළිසකර කරන කැණීම්වල දී හමුවූ බවත් සිතීමට බොහෝ ඉඩකඩ ඇත.

ගිරග්ග සම-ජ වැනි උත්සවයකට රෝම ජාතිකයන් පැමිණ මේ රන්කාසි විසුරුවා දායි නම් ඒ රන්කාසි එවේලෙහිම කවුරුත් අසුලාගනු නිසැකය.

ලංකාවේ ආදිවාසි යක්‍ෂ ගෝත්‍රික පාලනය කන්ද උඩරට පමණක්‌ නොව දෙවුන්දර තුඩුවේ සිට වත්මන් පේදුරුතුඩුව දක්‌වා පැතිර තිබුණ බව රාමායණයෙන් කියෑවේ.

කන්ද උඩරට නුවරඑළියේ පිදුරුතලාගල සහ කිකිළියමාන කඳුවල රාවණ ගේ රහස්‌ මාළිගා ගිරිකුළුවලින් වටවී සැඟවී ඇති බැව් ජනශ්‍රැති මගින් කියෑවේ.

මාතලේ හරහා උමං ගංගා මාර්ගයක්‌ ඇති බැව් භූ විද්‍යාඥයන්ගේ මතයකි. ඉංග්‍රීසි ජාතික ඉංජිනේරුවරු එදා උමං ගංගාවක්‌ ලෙස සිතාගත්තේ රාවණ යුගයේ ජල මාර්ගයක්‌ විය හැකි යෑයි දොස්‌තර ශ්‍රී වාත්සව මහතා මා සමඟ ප්‍රකාශ කර ඇත. (1982.05.03) සාකච්ඡාව - නුවරඑළිය)

එපමණක්‌ නොව සීගිරි පර්වතය යටින් ලග්ගල දක්‌වා උමං මාර්ගයක්‌ ඇති බැව් තවත් මතයකි. (පෙරියසාමි වයියාපුර - බදුල්ල සාකච්ඡාව 80.02.14)

ගල්කඳු හා වනාන්තර පිළිබඳ ප්‍රායෝගික දැනුමක්‌ තිබුණ වයියාපුරි ගේ අදහස නිවැරැදි බැව් පසුගිය දිනෙක ලග්ගල දී මට හමුවූ කිහිප දෙනකු ගේම අදහස්‌වලින් තහවුරු වේ.

ලග්ගල බොහෝ දෙනෙක්‌ද අදහස්‌ කරන්නේ සීගිරියේ සිට ලකේගලට උමං මාර්ගයක්‌ ඇති බවය. රාවණ යුගයේ දී උමං මාර්ග ඉතා ජනප්‍රිය ගමනාගමන පද්ධතියක්‌ වී තිබුණ බැව් සිතිය හැකිය.

බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ වැලිමඩ ඌව පරණගම ස්‌ත්‍රීපුර කන්දට හක්‌ගල (නුවරඑළියේ) කන්දේ සිට උමං මාර්ගයක්‌ ඇති බැව් ඒ ප්‍රදේශවාසීන්ගේ විශ්වාස යයි (Cultural Heritage at King Ravana pp12)

මේ අනුව සීගිරියේ සිට ලක්‌ගලටත් ලක්‌ගල සිට බිම්තැන්නේ සිරිසවසකු පුරයටත් උමං මාර්ග පද්ධතියක්‌ තිබුණ බවට සැක නැත.

සීගිරිය ගොඩනගා ඇත්තේ ද මේ උමං මාර්ග කිහිපයක්‌ එක්‌වන සන්ධිස්‌ථානයක්‌ මතුපිට යෑයි ශ්‍රී වාත්සව අදහස්‌ කරයි.

වෘත්තියෙන් වෛද්‍යවරයෙක්‌ වූ ශ්‍රී වාත්සව මහතා ඉන්දියානු ජාතිකයෙකි. ඉන්දියාවේ හිමාලයේ ද ලංකාවේ විවිධ පළාත්වලද රාවණ රජු සහ ඔහු ගේ පා පහස ලත් ස්‌ථාන පිළිබඳ ගවේෂණයක යෙදුණ ඔහුට රාවණ රජතුමා ගේ විවිධ චර්යාවන් පිළිබඳ අවබෝධයක්‌ ඇත්තෙකි.

"සීගිරිය" තල්කොටේ අසල පදිංචිකරුවෙක්‌ වූ පුංචි බණ්‌ඩාගේ සාක්‍ෂියෙන් ද තහවුරු වුණේ දොස්‌තර ශ්‍රී වාත්සව ගේ මතය ම බැව් කිව යුතුය.

මාතලේ දිසා ඇමැති ධුරය දැරූ දඹුල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඩබ්. ආර්. එම්. ඒකනායක මහතාද සීගිරියට දැඩි ඇල්මක්‌ තිබුණ දේශපාලනඥයෙකි.

සීගිරිය බළකොටුවේ ජීවත් වූ ආදි පුරුෂයා රාවණා රජු විය හැකි බැව් තමා විශ්වාස කරන බවත්, ඒ ගැන මුඛ පරම්පරා කථාවක්‌ ඉහළ තල්කොටේ ටිකිරි බණ්‌ඩා නමැත්තෙක්‌ දැනට වසර 15 කට පමණ පෙර කියා ඇති බවත් දිසා ඇමැති ඒකනායක මහතා කීවේය. (1981 ජුනි මස සාකච්ඡාව)

සීගිරියේ විසූ කස්‌සප (477-495) රජතුමා තරුණ කාලයේ මාග බ්‍රාහ්මණයා ගෙන් ජ්‍යෙතිෂය හැදැරූ බවත්, එයට පූර්ණ අනුග්‍රහය ධාතුසේන රජතුමාගෙන් ලැබුණ බවත් එහි ප්‍රතිඵලයක්‌ ලෙස සීගිරිය ග්‍රහලෝක පරීක්‍ෂණ කටයුතු කරන විද්‍යාගාරයක්‌ ලෙස පැවැති බවත් ප්‍රවීණ ජ්‍යෙdaතිෂ ශාස්‌ත්‍රඥයෙක්‌ වූ ආචාර්ය කිංස්‌ලි ගුණතිලක කියයි.

ධාතුසේන රජතුමා ගේ අන්ත(පුරය ද සීගිරියේ පැවැති බැව් ආචාර්ය ගුණතිලක ගේ මතයයි. Prince Kassapa Studied
Astrology thoroughly with the help of king Dhatusena's
Court astrologer Brahmin Rishi Kevala Maga. One of his
texts in ola leaf on astrology still remain in the British
Museum. Kassapa knew that according to his stars he
should become king before his brother Mugalan. So he
suddenly arranged a coup d' etat and became the king of
Sri Lanka in 497 A. D.

His Astrologer friend Brahmin Kewala Muga instructed
king Kassapa to conver Sigiriya in to a planetorium.
Sigiriya was rebuilt under the guidance of Brahmin Maga
(The Island 3. 11.1982)

සීගිරි පර්වතය වටා කැටපත් පවුරක්‌ (Mirror Wall) තිබුණ බැව් පුරාවිද්‍යාඥයන් කියන බැව් ගුණතිලක සඳහන් කරයි. ඒ කැටපත් පවුර අංශක 80% වෘත්තයකට තිබුණ අතර, නැකැත් පිළියෙල කිරීම වැනි ජ්‍යෙdතිර් විද්‍යා පර්යේෂණ කටයුතුවලට එය ප්‍රයෝජනවත් වී යෑයි ද ආචාර්ය ගුණතිලක ගේ මතය වී ඇත. සීගිරි ප්‍රදේශයේ වූ 'නයි පෙණ ගුහාව' පරුමක නගුලිය ලෙන යනුවෙන් සඳහන් වී තිබෙන්නේ සීතා දේවිය විසූ ගුහාව එය නිසා බවත් නගුලිය යනු සීතාවන්ට (නඟුලෙන් උපන් ලිය) යෙදූ නමක්‌ බවත් ශ්‍රී. ල. රා. රාජධානිය (පිටු 171) කියයි.

මාක්‌ස්‌ ප්‍රනාන්දු ගේ අදහස සීගිරිය රාවණ විසින් ගොඩනංවා ඇති බවකි. නමුත් ලග්ගල, ඉනාමළුව, තල්කොටේ, ගලහිටියාගම ආදී තදාසන්න පෙදෙස්‌වල ජනශ්‍රැති අනුව පෙනී යන එක ම සත්‍යය නම් වෙසමුණි (විශ්‍රවස්‌මුණි) රජ අණ ලෙස මය දානව විසින් මේ ශෛලමය මාලිගය ගොඩනඟා ඇති බවයි.

මෙවැනි අතිශ්‍රේෂ්ඨ ගණයේ නිර්මාණයක්‌ කළ මය දානව කවුද යනු විමසා බැලිය යුත්තකි. 'මහා භාරත කාව්‍යයේ දැක්‌වෙන ඛාණ්‌ඩව වනය දැවීමේ දී සිය දිවි ගලවා ගැනීමට ආධාර දීම ගැන කෘතඥ වූ 'මය' තෙමේ පාණ්‌ඩවයන් ගේ නායක යුඬිශ්ඨිර නරේන්ද්‍රයාට විසිතුරු ශාලාවක්‌ නිම කර දුන්නේ ය. මය වනාහි ලංකේශ්වර රාවණ ගේ මයිලණුවෝ ය. 'දුන්දාහී' සහ 'මායාවී' නම් රාක්‍ෂ වීරයින් ගේ පියාණෝ ය. දක්‍ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙකි. 'මයමතය' නම් ගෘහ නිර්මාණ ශාස්‌ත්‍රීය ග්‍රන්ථය කරන ලද්දේ මය දානවයා විසින් යෑයි කියනු ලැබේ. 'සූර්යා සිද්ධාන්තය' ද මය ගේ එක්‌ ග්‍රන්ථයකි. මය ගේ දියණිය වූ මන්දොaදරී සමඟ රාවණ රජු විවාහ වූ දිනයේ රාවණට සිය බලසම්පන්න ත්‍රිශූලය දායාද වශයෙන් ප්‍රදානය කළේය. (සංක්‍ෂිප්ත රාමායණය, පිටු.190).

වත්මන් ගැමියන් මය යක්‍ෂයා යනුවෙන් හඳුන්වන්නේ මය දානව බවට සැක නැත. වෛශ්‍රවණ හෙවත් විශ්‍රවස්‌මුණි ගේ නාමය ඔහු ගේ පුත්‍ර කුවේරට ද පාවිච්චි කළ බැව් මූලාශ්‍රවලින් පෙනේ. 'අනුරාධපුර යුගයේ දී වෛශ්‍රවණ නම් යක්‍ෂයා පුදන ලදී. ඔහු කුවේරයා ලෙස සාහිත්‍ය ග්‍රන්ථවල එයි. (පැරණි ලංකාවේ ආගම් හා පුද පූජා, පිටු 97).

ලංකාවේ යක්‍ෂයන් උසස්‌ සභ්‍යත්වයක්‌ ඇති, නගරවල විසූ, කපු පිළි ආදී රෙදි විවීම කළ, විදේශික ප්‍රජාවට අකමැති, වෙළෙන්දන් මරා දැමූ වර්ගයකැයි මහාචාර්ය ගුණපාල මලලසේකර ගේ 'The Pali Literature of Ceylon" ග්‍රන්ථය කියයි.

සීගිරිය අවට පැවති සංස්‌කෘතිය මේ අනුව අනුමාන ව සිතා ගත හැකි ය. මේ ස්‌ථානය මාතලේ දුම්රිය පොළට සැතපුම් 35 ක්‌ ඈතින් පිහිටා ඇති අතර, එය අඩි 600 ක්‌ උසැති ගිරිකුළක්‌ බවත් අක්‌කර 3 1/2 ක පෙදෙසක මේ සීගිරිය සංකීර්ණය පැතිර ඇති බවත් ලිත සාක්‍ෂි අනුව කිව හැකි ය. (Tutor - Vol. 01. Wool.
P.P. 35)

අක්‌කර 300 ක භූමි ප්‍රමාණයක්‌ එදා සීsගිරියට අයත් ව තිබිණැයි ඒ. සී. ලෝරි කියයි The Gazetteer of Central Province pp.791).
මෙගලිතික සංස්‌කෘතියට අයත් යක්‍ෂ ගෝත්‍රිකයින් කළුගල් නිර්මාණ කටයුතුවලට දක්‍ෂයන් වූ බැව් දැඩිමුණ්‌ඩ පුවතේ කවිවලින් සනාථ වේ.

මෙලෙස කපා ගල යකුන් ලවා යේ
එලෙස සෙනඟ රැස්‌ කළ එකලා යේ
යසස මෙලක්‌ දිව පතළ කළා යේ
සතොස වඩන සුර විමන කළා යේ
(පරණවිතාන සමර දෙසුම්, පිටු 25)

මේ අනුව විමසා බැලීමේ දී මෙගලිතික සංස්‌කෘතිය තුළ ජීවත් වූ යක්‍ෂ ගෝත්‍රික නිර්මාණ ශිල්පීන් අතින් සීගිරිය බිහි වීම පුදුමයට කරුණක්‌ නො වේ.

සීගිරියේ කැටපත් පවුරේ වත්මන් ගී ලියා තිබෙන්නේ ඊට පෙර එහි ලියා ඇති ගී සය වෙනත් සටහන් මතූ පිට බැව් කිව යුතු ය (Weekend Sun - H. Marcus Fernando 1/4/1984). එසේ නම් එම ගීවලින් සීගිරිය පිළිබඳ සත්‍යය හෙළිවිය හැකි ව තිබුණි.

මෙගලිතික යුගයේ මේ ප්‍රදේශය ඉතා දියුණු ජනාවාසයක්‌ බැව් පර්යේෂණවලින් පෙනී ඇත. ශ්‍රී ලංකා ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාරය මගින් සීගිරියේ සිට සැතපුම් 02 ක්‌ වයඹ දිගින් පිහිටි නාගල වැව ග්‍රාම නිලධාරී වසමේ කුඩා නිකකටුව වැව ප්‍රතිසංස්‌කරණ කටයුතුවල දී ඒ වැවේ පස්‌ කපන විට වැව පතුලේ තිබී පුරාණ කඩු 12 ක්‌ හා හෙල්ලයක්‌ හමු වුණි. මේ අනුව සොයා බලන විට සීගිරිය අවට සැතපුම් ගණනක්‌ ඈතට විහිදී ගිය පැරණි ශිෂ්ටාචාරයක්‌ තිබූ බවට සාක්‍ෂි එමට ඇති බැව් ශ්‍රී ලංකා සාගිනි නිවීමේ ව්‍යාපාරයේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ඩන්ස්‌ටන් ප්‍රනාන්දු කියයි (සිළුමිණ, 1994.04.24).

ජ්‍යෙdතිර් විද්‍යා පර්යේෂකයෙක්‌ වූ ආචාර්ය කිංස්‌ලි ගුණතිලක තරයේ ම ප්‍රකාශ කරන්නේ මේ ස්‌ථානය කාශ්‍යප රජු ගේ ග්‍රහලෝකාගාරය ලෙසයි.

'Megalithic Satrological Computer of England which was
built about 2000 years ago to check the movements of the
stars. It is now an accepted theory of Archaeologists who have
strained this, similar structures are seen in the Mexico Caracol
observatory chichen itza in the Maya Culture Buildings.
There are many similar ruins in India too' (The Island 3-11-
19852).

ආචාර්ය ගුණතිලක සීගිරිය පිළිබඳ ඉදිරිපත් කළ ග්‍රහලෝකාගාර සංකල්පය ද තරමක්‌ දුරට හෝ පිළිගත හැක්‌කේ රාවණ ගේ පියාණන් වූ විශ්‍රවස්‌මුණි පමණක්‌ නොව රාවණ ගේ සීයා වූ පුලස්‌ති මහ සෘෂිවරයා සහ රාවණ ද දක්‍ෂ ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රඥවරු බැවිනි.

ලකේගල මුදුනේ සිට පුලස්‌ති සෘෂිවරයා තාරකා විද්‍යා කටයුතු පර්යේෂණ පැවැත්වූ පරිදි පුලස්‌ති පුත්‍ර විශ්‍රවස්‌මුණි (වෙසමුණි) සහ විශ්‍රවස්‌ පුත්‍ර රාවණයෝ ද ජ්‍යෙdතිෂ විද්‍යා පර්යේෂණ කළ බැව් ලොව පිළිගත් සත්‍යයකි. යක්‍ෂ ගෝත්‍රික සම්බන්ධයක්‌ සිය මවු පසින් ලත් කාශ්‍යපයෝ ද පසු කලෙක මාග බ්‍රාහ්මණයා ගේ උපදෙස්‌ පිට ජ්‍යෙdaතිෂය හදාරන්න ඇතැයි සිතිය හැකිය.

සීගිරිය, ලකේගල ආදී උභය ස්‌ථානයන් යක්‍ෂගෝත්‍රික ආදිවාසී විද්වතුන් ගේ මාලිගා මෙන් ම විද්‍යා නිකේතන වූවාට සැක නැත.

පසු කලෙක හෙළදිවට පැමිණි ආර්යයන් යක්‍ෂ ගෝත්‍රිකයින් ගේ වැඳුම් පිදුම් අනුගමනය කර ඇති බැව් යුතු ය. මේ ආර්ය සිංහලයින් මෙන් ම ඉන්දු ආර්ය ජනකොටස්‌ ද මහාකාල සහ මහාකාලි වන්දනාවේ යෙදෙන්නේ එබැවිනි. මේ පිළිබඳ ව ඇස්‌. ඩී. ද ලැනරෝල් මෙසේ අදහස්‌ දක්‌වයි.

'The Aryans tagged on the rituals performed in the
worship of Yakkha deity known as Mahakala the supreme
Yakkha deity must have originated from a natural sight seen
on the top of a rocky mound'.

'The worship of Mahakali the Yakkhini the spouse of
Mahakala is still full of savage rites performed by the ancient
Yakkhas' (Orignis of Sinhala Culture, PP 30-31).

මේ මහා කාලි මෙන් ම මහා කාල වන්දනාව ඉන්දියාවේ ද පැතිර ඇති අතර මහා කාල සහ මහා කාලි රාවණ ගේ හමුදාවේ සිටි ප්‍රබල සෙන්පතියන් බැව් ඇතැමෙක්‌ විශ්වාස කරති.

මේ සීගිරිය 'චිත්‍රකුට' නමින් ද හඳුන්වා ඇත. එයට හේතුව එය අලංකාර චිත්‍රවලින් පිරි කලාගාරයක්‌ වූ නිසා යෑයි සිතිය හැකිය. (Week end Sun). චිත්‍රරාජ නමැති යක්‍ෂ සේනාධිපතියා ද මේ චිත්‍ර කූටයේ ජීවත් වූ බවට මූලාශ්‍ර ඇත. පණ්‌ඩුකාභය රජතුමා දේවත්වයෙන් පුදන ලද්දේ මේ සෙන්පතියා යෑයි අනුමාන ය.

මේ සීගිරිය හෙවත් චිත්‍රකූටය තදාසන්න ගම්වල ජීවත් වූ යක්‍ෂ ගෝත්‍රිකයන් වල් අලි, කොටි, වලස්‌, නයි, පොළොං ආදී වන සතුන් සමඟ සහජීවනයෙන් හා සාමදානයෙන් සිටි බවත් ඒ යක්‍ෂ ගෝත්‍රිකයින් වන සතුන් හීලෑ කර ගැනීමට බලගතු මන්ත්‍ර පාවිච්චි කළ බවත් දිඹුලාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්‌ යෑයි පැවසූ රාවණා ගේ කෙන්දා නමැත්තෙක්‌ අප සමඟ කීවේ ය. (1980.01.05 සාකච්ඡාව).

වත්මන් වැදි ජනයා ලෙස සැලකෙන අපේ ආදිවාසීන් ගේ මන්ත්‍ර හා විවිධ යාතුකර්ම සඳහා ව්‍යවහාර වන්නේ ඉපැරණි යක්‍ෂ ගෝත්‍රික සිංහල බවත් ඒ මන්ත්‍ර හා යාතු කර්ම විධි පෙරදා ලෙස පැවැත්වීමට තබා මන්ත්‍රයක්‌ නිවැරදි ලෙස උච්චාරණය කිරීමට වත් වත්මන් තරුණයින්ට නො හැකි බවත් කෙන්දා ගේ අදහසයි.

තව ද, ලංකාවේ සතර වරම් දෙවියන් ලෙස සැලකෙන විරුඪ - විරූපාක්‍ෂ, ධෘතරාෂ්ඨ හා වෛශ්‍රවණ ආදින් යක්‍ෂ, දේව, නාග ගෝත්‍රික නායකයින් බැව් පිළිගත හැකි සත්‍යයකි. ඒ සතරවරම් දෙවියන් ගෙන් වෛශ්‍රවණ යනුවෙන් හඳුන්වන්නේ කුවේර, රාවණ, විභීෂණ, කුම්භකර්ණ ආදී රාක්‍ෂ වීරයින් ගේ පියාණන් වූ විශ්‍රවස්‌මුණි රජතුමා ය.

නිගමනය

සීගිරිය නිර්මාතෘවරයා මය දානව නමැති ශ්‍රේෂ්ඨ නිර්මාණ ශිල්පියා බවත් එහි ආදි පුරුෂයා විශ්‍රවස්‌මුණි රජතුමා බවත් මේ දත්ත සමූහයෙන් මැනවින් පැහැදිලි වනු ඇත. විශ්‍රවස්‌මුණි ගෙන් කුවේරටත් කුවේරගෙන් රාවණටත් රාවණ ගෙන් පසු විභීෂණටත් සීගිරියේ උරුමය ලැබුණ නමුත් සිය සොයුරාට සතුරුකම් කළ විභීෂණ ව පිළිගැනීමට කන්ද උඩරට යක්‍ෂ ගෝත්‍රිකයින් නොමැති වීම නිසා කැලණි පුරය දක්‌වා මන්දොaදරී ද සමඟ පසුබැසීමට විභීෂණට සිදු වුණි.

එයින් පසු රාවණ පරපුරේ යක්‍ෂ ගෝත්‍රික ප්‍රභූවරු අතින් අත මාරු වෙමින් පැවැති මේ ඓතිහාසික බළකොටු මැදුරට නව එළියක්‌ ලැබුණේ පණ්‌ඩුකාභය රජතුමා හෙළදිව පාලනයට පත්වීමෙන් පසු වය. පණ්‌ඩුකාභ්‍ය පුත් 'මුරුණ්‌ඩශිව' (මුට ශිව) රජතුමා ද ඔහු ගේ පුත් දේවානම්පියතිස්‌ස (ක්‍රි.පූ. 307-267) රජතුමා ද මේ ස්‌ථානයට සම්බන්ධ වූවේ ඔවුන් ගේ පාරම්පරික උරුමයකට බැව් විශ්වාස කළ හැකි ය. විවිධ රජවරුන් විසින් වරින් වර සීගිරිය ප්‍රතිසංස්‌කරණය කර ඇත. කාශ්‍යප රජතුමා ද එයින් එක්‌ කෙනෙක්‌ පමණි. යක්‍ෂයින් ගේ රාජධානිය වූ ලංකාපුරය මනඃකල්පිත නගරයක්‌ නො වේ. ඒ ස්‌ථානය මධ්‍යම පළාතේ මාතලේ දිස්‌ත්‍රික්‌කය තුළ දැනුදු හඳුනාගෙන ඇති බැව් ස්‌පෙන්සර් හාඩි ප්‍රකාශ කර ඇත (ශ්‍රී.ල.රා.රා., පිටු. 135).

රාවණ ගේ නාමය සීගිරියෙන් ඈත් කළ හැකි ද? මෙය ඉතිහාසය හා පුරාවිද්‍යාව එකට එතුන ප්‍රශ්නයකි. සීගිරියේ ඈත අතීතය කළුගල් පතුරු හා කාලයේ වැලි තට්‌ටු අතරින් ඉතා සූක්‍ෂම ලෙස සොයා බලන විට නුදුරු අනාගතයේ යම් දිනෙක සීගිරි ගල පතුලින් සැතපුම් සිය ගණනක්‌ දිග උමං මාර්ගයක්‌ හමුවූවත් පුදුම විය නො හැකි බැව් විශ්වාස කළ හැකි ය. එමෙන්ම එහි අඩි දහස්‌ ගණනක්‌ යටින් පොළොව කුහරය තුළ ගරා වැටුණ නගරයක නටබුන් හමු වූවත් එය ගැන පුදුම නො විය යුත්තේ ශ්‍රී ලංකාවේ මෙගලිතික යුගය අදට වඩා දියුණු යුගයක්‌ බැව් ප්‍රත්‍යක්‍ෂ වී ඇති බැවිනි.
පාදක සටහන්

1. සීගිරි ගී සිරි - වි. ජ. මු. ලොකුබණ්‌ඩාර
- හිටපු සංස්‌කෘතික කටයුතු ඇමැති, පිටු (XIX)

2. සංක්‍ෂිප්ත රාමායණය - අබේසිංහ, පිටු( 200

3. රාවණ කතා( පුස්‌කොළ ග්‍රන්ථය - මිල්ලව වන්නි බණ්‌ඩාර මහා කප්පින වික්‍රමසිංහ අදිකාරම්.

4. සම්භාෂා - කරුණාරත්න පරණවිතාන, පිටු. 310

5. සිංහලයන් ගේ මූලාරම්භය - ආචාර්ය ඇනස්‌ලි හර්මන් මිරැන්ඩෝ

6. දිවයින - මහාචාර්ය අභය ආරියසිංහ, 1989.10.29

7. මහාවංශය

8. දීපවංශය

9. පූජාවලී

10. නිකාය සංග්‍රහය

11. ශ්‍රී ලංකාද්වීප වර්ණනා - රාජ වෛද්‍ය ඕ. එම්. ඔබේසේකර

12. සිළුමිණ - මහචාර්ය විනී විතාරණ, 1944.4.47

13. හෙළදිව රාජ වර්ෂ විමර්ශ - කරහම්පිටිගොඩ සුමනසාර නාහිමි

14. Elevan years of Ceylon - Jonathan Forbes

15. The illnstrated London News - Prof. Paranavithana's letter
16. සිළුමිණ - පුරාවිද්‍යා කොමසාරිස්‌ එම්. එච්. සිරිසෝම, 91.6.16

17. සිළුමිණ - පුරාවිද්‍යා ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල, සිළුමිණ 94.4.17

18' Sri Lanka Today - Raja de Silva, PP. 12
19. Week end Sun - H. Marcus Fernando 1984.4.1
20. The Gazetteer of Central Province A. C. Lawrie

21. නිල්ගල වලව්වේ සිසී කුමාරිහාමි ගේ අමුද්‍රිත ජනකවි එකතුව

22. The Cultural Heritage of king Ravana - IBID

23. ගලහිටියාගම පුංචි බණ්‌ඩා - සීගිරිය ඉනාමළුවේ දී කළ සාකච්ඡාව, 1992.01.03

24. දම්පියා අටුවා ගැටපදය

25. Sigiri Graffiti - Prof. S. Paranavithana
26. The Greek & Mauriyas - Prof. S. Paranavithana

27. විශුද්ධි මාර්ග සන්නය

28. Buddhist records of Western World

29. දොස්‌තර සී. වාත්සව සමඟ නුවරඑළියේ දී කළ සාකච්ඡාව, 82.5.31

30. පෙරියසාමි වයියාපුරි සමඟ සාකච්ඡාව - (බදුල්ල 80.2.14)

31. මාතලේ දිසා ඇමැති කේ. ඩබ්. ආර්. එම්. ඒකනායක මහතා සමඟ සාකච්ඡාව 1981.6.10

32. ආචාර්ය කිංස්‌ලි ගුණතිලක ගේ ලිපිය - Island, 1982.11.3
33. The Pali Literature of Ceylon - Prof. G. P. Malalasekera
34. සම්භාෂා 03 කලාපය - කරුණාරත්න පරණවිතාන ලිපිය

35. ඩන්ස්‌ටන් ප්‍රනාන්දු ගේ ලිපිය - සිළුමිණ 1994.4.24

36. Origins of Sinhalese Culture - S. D. De Lanarolle
37. රාවණ ගේ කෙන්දාගේ සාකච්ඡාව - 1980.01.05 සාකච්ඡාව, දිඹුලාගල

38. නාගල වැව ටිකිරා ගේ සාකච්ඡාව - 1970 ජුනි 01, නාගල වැව

39. Tutor - Vol 01, No. 01

40. පරණවිතාන සමරු දෙසුම්, කර්තෘ කපිල විමලධර්ම

41. ශ්‍රී ලංකා රාවණ රාජධානිය - ආරියදාස සෙනවිරත්න
 (උපුටා ගැනීම-http://www.divaina.com)

2012 ජය ගන්නඅපේම ක්‍රමයක් -උමා ජෝතිෂ්‍යය

2012 ජය ගන්නඅපේම ක්‍රමයක්

උමා ඡ්‍යෝතිෂය                                 
උමා ඡ්‍යෝතිෂය යනු සූර්යයා කේන්ද්‍රකරගෙන පෘථිවිය හා සඳ ඇසුරෙන් අහස විමසීමයි. මේ ක්‍රමය රාවණා රජුගේ කාලයේ ලියැවුණු වේද අංග අතරින් අතර්වන්වේදයේ සඳහන් ක්‍රමයක් ලෙස සැලකේ.
පුලස්ති නම් වූ ඍෂිවරයා විසින් සංග්‍රහ කරන ලද අතර්වන්වේදයේ ඇති මේ ශාස්ත්‍රය රාම රාවණ යුද සමයේ විනාශ වී යා නොදී නිදන් කර පසුකාලීනව ධ් විජයබාහු රජුගේ කාලයේ යළි සොයාගෙන ඇති බව විශ්වාසයයි. ඉන්පසු දිගින් දිගටම අතිනත පැමිණි උමා ඡ්‍යෝතිෂ ශාස්ත්‍රය අත්තරගම රාජගුරු බණ්ඩාරයන් විසින් හෙළදිව ප්‍රකට කරන ලද බව සඳහන් වේ.
මෙමඟින් අපට සුපුරුදු කොටු දොළසේ කේන්ද්‍ර සටහන වෙනුවට අට දිශාවට අයත් කොටු අටක් ඇසුරු කරගනිමින් ඒවායේ ග්‍රහ පිහිටීම් හා එහි ශක්තීන් අනුව අනාවැකි ඵල කිරීමට උමා ඡ්‍යෝතිෂවේදීන්ට හැකියාව ලැබී ඇත.
මේ ක්‍රමයේදී යම් වසරක ජනවාරි 01 දා වසරේ මුල් දිනය ලෙස සැලකීම නිවැරදි යැයි ගත නොහැකි වුවත් එදින හිරු උදාවන මොහොතේ ශ්‍රී ලංකාද්වීපයට ඉහළින් උදාවන ග්‍රහ පිහිටීම් හා එම ග්‍රහ බලය අට දිශාවට බලපාන ආකාරය පදනම් කරගෙන ඉදිරි කාල පරිච්ඡේදය පිළිබඳ යම් අදහසක් ගොනු කර ගැනීමට හැකියාව තිබේ.
අද (ජනවාරි 1 වැනිදා) හිරු උදාවන විට සාමාන්‍ය ඡ්‍යෝතිෂය අනුව ඉහළ අහසේ උදාවන්නේ ධනු රාශියයි. එහෙත් උමා ඡ්‍යෝතිෂයට අයත් සුවිශේෂි නියමයන් සලකන කල එසේ උදා වන්නේ මිථුන රාශියයි. එබැවින් මිථුන ලග්නයේ ග්‍රහ පිහිටීම් මෙන්ම උමා කේන්ද්‍ර සටහනේ ග්‍රහ පිහිටීම් මෙසේ දැක්විය හැකිය.
සාමාන්‍ය ඡ්‍යෝතිෂයේදී පුද්ගලයකු උපන් වේලාව අනුව අයත් වන රාශිය සොයන්නා සේම, උමා ඡ්‍යෝතිෂයට අනුව පුද්ගලයා අයත් යෝනිය හෙවත් ශක්තිය ජනිතවන දිශාව සොයා ගත හැකිය. ඒ සඳහා ක්‍රම කිහිපයක් ඇතත් සරල හා පහසුම ක්‍රමය වන්නේ උපන් දිනය ඇසුරෙන් එය සකසා ගැනීමයි. එසේම පුද්ගලයකුගේ සම්පූර්ණ නම අනුව ද තමන් අයත් යෝනිය හෙවත් සත්ත්ව නාමය ගණනය කළ හැකිය.
නමේ මුලකුර අනුව කෙරෙන ගණනය සැලකූ කල ශ්‍රී ලංකාව එසේ නැතහොත් සිංහල ප්‍රමුඛ ජාතිය ලෙස ගැනෙන රට සඳහා යෙදෙන මුලකුර “ස” ආශි‍්‍රතව එයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ ලග්නය සාමාන්‍ය ඡ්‍යොතිෂයේදී කුම්භ ලග්නය ලෙස සලකන්නා සේ උමා ඡ්‍යෝතිෂයට අනුව මුව යෝනියට අයත් ලෙස ගත හැකිය.
රවි කේÁද්‍රගත කොටගෙන දක්වා ඇති අට දිශාව යෙදූ උමා කේÁද්‍ර සටහනේ පරිදි ජනවාරි පළමුවැනිදා උදාවන විට නැගෙනහිර දිශාවට රාහු සහ බුධ ද දකුණු දිශාවේ ගුරු ද නිරිත දිශාවේ ශනි සහ සිකුරු ද බටහිර දිශාවේ කේතු ද උතුරු දිශාවේ කුජ රවි සහ චන්ද්‍රයා ද අදාළ අංශක අනුව පිහිටයි.
එමෙන්ම මිථුන ලග්න හිමි කේÁද්‍ර සටහනේ තුන්වැන්නේ කුජ, පස්වැන්නේ ශනි, හය වැන්නේ රාහු සහ බුධ, හත් වැන්නේ රවි, අටවැන්නේ සිකුරු දසවැන්නේ චන්ද්‍ර එකොළොස් වැන්නේ ගුරු සහ දොළොස්වැන්නේ කේතු පිහිටා ඇත.
මේ කුමන ක්‍රමයකින් ගෙන බැලුව ද මේ මස අග භාගය වන විට දිවයින පුරා වැඩවර්ජන, නොසැලකිලිමත්කම නිසා ඇතිවන ව්‍යාකූලතා ආදියට හේතු වේ. සය වැන්න වන වෘශ්චික රාශියේ බුධ ග්‍රහයා රාහු සමඟ සංයෝග වීම ප්‍රඥාව මොට කිරීමේ ලකුණු පෙන්නුම් කරයි. අනුවණ තීරණ ගැනීමෙන් කටයුතු පටලවා ගැනීමට ඉඩ කඩ පවතී. එහෙත් සෙනසුරු උච්ච බලයෙන් සිටීම නිසා මේ තත්ත්වය වෙනස් කිරීමට මං පෙත් විවර වේ.
උමා ඡ්‍යෝතිෂ සටහන අනුව ලංකාවට හිමි නැකැතේ අධිපති රාහු තම විරුද්ධකාරක සූර්යයාට හිමි නැඟෙනහිර දිශාවේ පිහිටන බැවින් සමස්තයක් ලෙස වසරේ ඉදිරි ගමන බාධක කම්කටොලු මැදින්ගලා යාමට හේතු මතුවේ.
කර්මාන්ත ක්‍ෂේත්‍රය නියෝජනය කරන අඟහරු විරුද්ධ කාරකව සිටින බැවින් කම්කරු ගැටලු ආදිය ඇති වීමට ද කරුණු යෙදිය හැකිය. ධාර්මික බවත් තාර්කිත බවත් නියෝජනය කරන බුධ, රාහු සමග සංයෝග වීම ජනතාව නිවැරදි දැක්මකින් තොරව කටයුතු කිරීමටත් තාර්කික බවින් තොරව හැසිරීමටත් පොළඹවයි. එනිසා නිවැරදි තීරණ තීන්දු ගැනීමට යුහුසුලු විය යුතුය.
ක්‍රීඩාවට හිතකර බුධ හා අඟහරු සතුරු දිශාවලට ගමන් කිරීමෙන් එම ක්‍ෂේත්‍රයේ විවිධ ගැටලු පරාජයන් විඳ දරාගෙන අනාගත ජය වෙනුවෙන් අභියෝගවලට මුහුණ දීමට සිදුවන කාලයක් ලෙස ඉදිරි වසර හැඳින්විය හැකිය.
මිථුන ලග්න උදාව සලකන කල රාජ්‍ය අංශයේ සතුරන් දැක්වෙන්නේ 3 වැන්නේය. එහි අධිපති රවි රාජ්‍ය පාලන ස්ථානය වන 7 වැන්නේ පිහිටීම නිසා සතුරන් හිස එසවීමට පවා ඉඩ ඇති බැවින් රජය මෙන් ම ජනතාව ද ඉතා විමැසිලිමත්ව හා බුද්ධිමත්ව නිසි අවබෝධයෙන් කටයුතු කළ යුතු කාලයක් ලෙස හඳුනා ගත හැකිය.
සියලු බාධක පෙන්නුම් කළ ද ගුරු 11 වැන්නේ හෙවත් මේෂ රාශියේ පිහිටීම ඒ සියලු දෝෂ භංග කිරීමට යෙදුණු ආශීර්වාදයක් වැන්න. ඉහත කී කුමන බාධකයක් වුව අදෘශ්‍යමාන බලවේගයකින් මෙන් සමනය කිරීමට ගුරුගේ බලපෑම හේතුවෙයි.
කෘෂිකර්මයට අධිපති සෙනසුරු හා පොළොවට අධිපති අඟහරු උමා ඡ්‍යෝතිෂ සටහනේ දිවියාගේ කොටුවට පැමිණ ඇති බැවින් කුමන බාධක මැද වුවද එම අංශයේ වර්ධනයක් හා ජයක් හිමිවනු ඇත.
සිකුරු අටවැන්නේ පිහිටීම කලා ක්‍ෂේත්‍රයට හා කලාකරුවන්ට යම් යම් බාධාකාරී ස්වභාවයක් ලෙස පෙන්නුම් කළ ද, උමා ඡ්‍යෝතිෂ සටහනට අනුව සිකුරු ග්‍රහයා තැන්පත්ව ඇත්තේ සුබ දිශාවක බැවින් සාහිත්‍ය කලා අංශයේ දියුණුවට කටයුතු ද සලස්වයි.
සිකුරු සුබ දිශාගතවීම සමස්තයක් ලෙස රටේ කාන්තාවන්ගේ පිබිදීමකට ද හේතු විය හැකිය. එසේම ගිනිකොන දිශාධිපති සිකුරු නිරිත දිශාවේ මිත්‍රව පිහිටීම 2012 වර්ෂයේදී වේගවත් ආර්ථික සංවර්ධනයක් කරා රට ගෙන යන පිහිටීමකි.
ගුරු තමන්ට සුබ දිශාවේ තැන්පත් වීම නිසා විදේශ සබඳතා ආදියටත් ආයෝජනයටත් යහපත් වනු ඇත. විශේෂයෙන් වසරේ මැයි මාසය වන විට එම අංශවල විශේෂ ප්‍රගතියක් දකින්නට හැකිවේ.
සමස්තයක් ලෙස රටට මෙවැනි ප්‍රතිඵල උදා කළ ද ඒ ඒ පුද්ගලයා අයත් යෝනිය හෙවත් සත්ත්ව නාමය අනුව පෞද්ගලික පලාපල වෙනස් වනු ඇත. උමා ඡ්‍යෝතිෂයට අනුව තමන් අයත්වන යෝනිය උපන් දිනය ඇසුරින් සොයා ගැනීමේ ක්‍රමය වන්නේ තමන් උපන් වසර, මාසය හා දිනය එක පෙළට ලිවීමයි. නිදසුනක් ලෙස 1980 ජූලි 08 වැනිදා උපන් අයකු නම් 198078 ලෙස ලිවිය යුතුය. එහිදී මාසය හා දිනය තනි අංකයක් නම් ඉදිරියෙන් ඇති බින්දුව සඳහන් නොකළ යුතු අතර ඉලක්කම් දෙකක අගයක් සඳහා බින්දුව යෙදේ නම් එය එලෙසම යෙදිය යුතුය. උදා 1950
ඔක්තෝබර් 20 නම් 19501020 ආදි වශයෙනි.
පළමු වැනි නිදසුනේ මෙන් උපන් දිනය එකපෙළට ලියාගත් පසු ලැබෙන ඉලක්කම අටෙන් බෙදිය යුතුය. 198078/8 = මෙහිදී ඉතිරි වන්නේ 6 කි. එය අයත් වන්නේ මීයාටය.
ඉහත නිදසුනේ මෙන් අදාළ අංකය අටෙන් බෙදූ විට ඉතිරි වන අංකය අනුව තමන් අයත් වන යෝනිය හා තමන්ට වඩාත් ගැලපෙන දිශාව, ග්‍රහයා ආදිය පහත දැක්වේ. අදාල ඉලක්කම 8 න් බෙදූ විට ඉතිරි නොවේ නම් එය අයත් වන්නේ ද මුවාටය.
මෙහි සැමවිටම මුහුණට මුහුණ ලා සිටින දිශාව ද ඊට අධිපති සත්ත්වයන් දෙදෙනා ද සතුරුය. (උදා:- නැඟෙනහිරට ගුරුළා සහ බටහිරට නයා ආදී වශයෙනි.)
මෙය ඉතාම සරල ක්‍රමය වන අතර තමන්ගේ ග්‍රහ පිහිටීම් අනුව හා සම්පූර්ණ නම ආදී බොහෝ කරුණු වටා ඒ ඒ පුද්ගලයාට ඉදිරි වසරේ පලාපල වෙනස් විය හැකි වුවත් පොදුවේ ගත් කල 2012 වසර මුවාට සහ බළලාට වඩා යහපත් වසරක් වනු ඇත. සිංහයා, ගුරුළා සහ ඇතා යන යෝනිවලට අයත් අය තරමක් පරෙස්සම් විය යුතු අතර අනෙක් අයට මිශ්‍රඵල ලැබේ.
යම් හෙයකින් තමන්ට ඉදිරි කාලය පිළිබඳ සංකාවක් මතුවේ නම් තම තමන්ගේ ආගමානුකූලව හැසිරෙමින් යහපත් දිවි පෙවෙතක් ගත කිරීමෙන් ඒවා අවම කර ගත හැකි අතර උමා ඡ්‍යොතිෂයට අනුව තමන්ට අයත් දිශාවෙන් එන කිරණ වර්ධනය කර ගැනීමත් අයහපත් කිරණ එල්ලවීම පාලනය කිරීමත් මගින් අපලකාරී තත්ත්වය දුරු කර ගැනීමට හැකි වනු ඇත.
2012 තමන්ට යම් අසුබ ලකුණු පෙන්වන බව දැනේ නම් තමන්ට අයත් සත්ත්ව නාමය සොයාගෙන පහත පරිදි කටයුතු කර තමන්ට අවශ්‍ය එක් කාරණයක් පිළිබඳ පමණක් තදින් ප්‍රාර්ථනා කරන්න. සියලු අපල මඟහැරී එය ජය ගත හැකිවනු ඇත.
2012 ජනවාරි 8 වැනි ඉරිදා
ගුරුළා නම් පෙරවරු 6.15 ට සුදුමල් 21 ක් සහ ගිතෙල් පහනක් නැඟෙනහිර දිශාව බලා විෂ්ණු දෙවියන්ට පූජා කර ප්‍රාර්ථනා කරන්න.
බළලා නම් පෙරවරු 7.21 ට සුදුමල් 32 ක් සහ ගිතෙල් පහනක් ගිනිකොණ දිශාව බලා ලක්‍ෂ්මි දෙවියන්ට පූජා කර ප්‍රාර්ථනා කරන්න.
සිංහයා නම් පෙරවරු 8.27 ට රතුමල් 47 ක් සහ තලතෙල් පහනක් දකුණු දිශාවට තබා කතරගම දෙවියන්ට පූජා කර ප්‍රාර්ථනා කරන්න.
දිවියා නම් පෙරවරු 9.27 ට නිල්මල් 21 ක් සහ තලතෙල් පහනක් නිරිත දිශාවට තබා විෂ්ණු දෙවියන්ට පූජා කර ප්‍රාර්ථනා කරන්න.
නයා නම් පෙරවරු 10.29 ට නිල්මල් 41 ක් සහ තලතෙල් පහනක් බටහිර දිශාව බලා විෂ්ණු දෙවියන්ට පූජා කර ප්‍රාර්ථනා කරන්න.
මීයා නම් පෙරවරු 11.21 ට සුදුමල් 21 ක් සහ තලතෙල් පහනක් වයඹ දිශාවට තබා දුර්ගා මාතාවට පූජා කර ප්‍රාර්ථනා කරන්න.
ඇතා නම් පස්වරු 3.43 ට නිල්මල් 25 ක් සහ ගිතෙල් පහනක් උතුරු දිශාවට තබා විෂ්ණු දෙවියන්ට පූජා කර ප්‍රාර්ථනා කරන්න.
මුවා නම් පස්වරු 6.00 ට කහමල් 45 ක් සහ ගිතෙල් පහනක් ඊශාන දිශාවට තබා ශක්‍ර දෙවියන්ට පූජාකර ප්‍රාර්ථනා කරන්න.
එසේම ධර්මානුකූල හැසිරීමෙන්, තමන් ස්වයං පාලනයකින් සිත මෙහෙයවා ගැනීම, භාවනා කිරීම, මමත්වය දුරු කරමින් කටයුතු කිරීමෙන් හා යහපත් ආකල්ප සිතෙහි වර්ධනය කිරීමෙන් බොහෝ අහිතකර කිරණ තමා වෙත ඒම පාලනය කර ගත හැකිය. සතියේ දිනවල යෙදෙන ආගමික කටයුතුවලට අමතරව අඟහරුවාදා දිනවල වැඩි වශයෙන් ආගමික, ධාර්මික කටයුතුවල යෙදීම ද වසර පුරා ඔබට සෙත සහනය උදා කර අපල දුරු කරනු ඇත. ඔබට යහපතක්ම වේවා!


උමා ඡ්‍යෝතිෂවේදී හෙක්ටර් පද්මසිරි
සටහන - අරුණි

2012/02/13

මහා රාවණ කුමාරයාගේ උපත

රාවණා රජුගේ වතගොත
දසිස් රාවණා රජු ලංකා ඉතිහාසයේ පහලවූ බලසම්පන්න රජෙකි. එතුමා බෞද්ධාගමික වේ. එමෙන්ම එතුමා නිර්මාංශික විය. රාවණා රජුට කසුප් බුදුන්වහන්සේ ලංකාවතාර සුත්‍රය දෙසු බව එම සුත්‍රයේ සදහන්වේ . එමෙන්ම රාවණා රජු විසින් කසුප් බුදුරදුනට ලෙන් පූජා කළබවද සෙල්ලිපිවල සදහන්වේ. කෙසේ වුවද රාමායණ කතාවස්තුවේ ආකාරයට රාම -රාවණා යුද්දයේදී රාවණා රජු මියගිය බව සදහන් වුවද වරිගපුරණයේ සදහන් වන්නේ රාවණා රජු එම යුද්දයේදී නොමළ බවය. වරිගපුරණය රාමායණය තරම් ඉන්දියානුවන් වැදගත්කොට නොසලකන්නේ එනිසාවෙනි. රාවණා රජු බ්‍රාහ්මණ ලක්ෂණ පෙන්නුම් කල අතර ධ්‍යාන ද ලබා සිටි බව ද දක්නට ලැබේ.




රාවණා කුමාරයාගේ උපත


දාටිය කුමාරිකාවක් වූ කෛකෙෂි හා වෛස්රමුනි ශාස්තුවරයානන්ට දාව රාවණාකුමරුගේ උපත සිදුවිය.කෛකෙසි කුමාරිකාවගේ පියා වූ සුමලින් ද බලගතු රජෙකි.රාවණා කුමරුට සහෝදර සහෝදරියන් කිහිප දෙනෙක් විය. එයින් පළමුවෙනි සහෝදරයා වූ කුබේරගේ පියා ත් රාවණා ගේ පියාත් එක් අයකු වුවද ඔව්නගේ මවුවරුන් වෙනස් අය වුහ. පසුකලෙක කුබේර විශ්වකර්මගේ භාණ්ඩාගාරික තනතුර හොබවා ඇත.මෙසේ උපත් රාවණා රජු දමිලයකු කිරීමට පසු කාලීනව සමහරුන්ටවුවමනා වූ නමුත් අවධාරණයෙන් කිවයුතු කරුණක් වන්නේ එතුමා දමිලයකු නොවන බවය. සුමලින් මහරජතුමා තම දියණිය වූ කෛකෙෂි ට විවාහය සදහා තුන්ලෝකයේ සිටින බලගතු රජෙකු සෙවීය. නමුත් තුන්ලෝකයේ සිටින අනික් රජවරු ඔහුට වඩා බලයෙන් අඩු වූ බැවින් ඔහු අනික් සියලුදෙනා ප්‍රතික්ෂේප කර දැමීය. කෛකෙෂි විසින් ඇයගේ අභිමතය පරිදි වෛස්රමුනි ශාස්තුවරයානන්ව තෝරාගන්නා ලදි . වෛස්රමුනි ද ප්‍රදේශ කීපයක් පාලනය කල රජෙක් විය. ඒඅතර උතුරු ඉන්දියාවේ වැඩි කොටසක්ද ,දකුණු ඉන්දියාවේ ප්‍රදේශ කීපයක්ද ඒ අතර විය. කෛකෙෂි වෛස්රමුනි මුනි හා බලාපොරොත්තු නොවන වෙලාවක එක් වූ බැවින් ඔවුන්ගේ දරුවන් දරදඬු වියහැකි බව ශාස්තෘවරුන් පවසා ඇත. ඒ බැවින් මෙමදරුවන් සියලුදෙනා අඩක් බ්‍රාහ්මණ අඩක් රාක්ෂ යයි සැලකේ.
මෙම කුමාර කුමරියන්ගේ නාමයන් මෙසේය,

කුබේර
විබීෂණ
කුම්බකර්ණ
ක්හාර
දුසාන
මහි රාවන

කුම්භිනි
සුපර්නිකා

එකල රක්ෂා, නාග ,දේව සහ දේව නම් වූ ගෝත්‍ර ලංකාපුරයේ වාසය කල අතර ඔවුන්පොදුවේ හෙළයන් ලෙස හැදින් වුහ .මහින්ද රහතන් වහන්සේගේ පැමිණීමත් සමගහෙළදිව වැසියන් සිංහල බවට පත්විය. තරුණ වියටපත් රාවන කොතරම්බලසම්පන්නවුද යත් එතුමා ගේ මිත්තනුවන්ගේ (සුමාලිගේ) හමුදාවේ සේනාදිපතිධුරය හෙබවිය. රාවන ඉතා බලසම්පන්න වූ බැවින් තම සොයුරා වූ කුබේර පලවාහැරලංකාපුරයේ පාලනය ගෙනගියහ. රාවනා රජු කාර්යශුර,රණකාමී අයෙකු විය.ලංකාපුරය රාවනා රජුගේ යටතේ කොතරම් සෞභාග්‍ය වීද යත්, කුසගින්න යනුකුමක්ද යන්න වැසියෝ නොදත්හ. අතිශය දුප්පතුන්ගේ නිවෙස්වල බදුන්ද රත්රනින්පිරිනි. රාවනා රජුට බිරින්දෙවරන් කිහිපදෙනෙක් විය. එඅතරින් මන්දෝදරී ප්‍රධාන විය. මන්දෝදරී ඉන්දියානු සාහිත්‍ය කරුවන්ගේද ඇගයීමට ලක්වී ඇත. මන්දෝදරී ඉත බුද්ධිමත් , සුරූපී, තේජස්, සහ චාම් ගුණයන්ගෙන් යුක්ත වී ඇත.

පසුකාලීනව රාවනා රජු විසින් රාම කුමාරගේ බිසව වූ සීතා පැහැරගන්නා ලදී. එයටහේතු වුයේ සුපර්නිකා (රාවනා රජුගේ ලාබාල සහෝදරියි) ගේ නහසය සහ කනලක්ෂමන විසින් අමානුෂික ලෙස කපාදමීමයි. සුපර්නිකා ඔවුන් දෙදෙනාට වඩා වැඩිමහල් වුවත් ඉතා සුරූපී විය.
" තාපසයන් වගේ ඇදගෙන සිටින ඔබල අවිදරා සිටින්නේ මන්ද? යක්ෂයන් ගැවසීගත් මේ වනයේ ඔබලා කුමක් කරන්නෙහිද? සත්‍ය වශයෙන්ම මෙහි පැමිණීමට හේතු වූ කාර්ය පැවසීම යෝග්‍ය වේ."
උපුටාගැනීම (රාමායන ආරණ්‍ය කන්ද 3 ,12,17 පිටු) නමුත් මෙම ප්‍රශ්න කිරීමට ලැබුන පිළිතුර ලක්ෂ්මන්ගේ ඉහත අමානුෂික ක්‍රියාව වය. මෙහිදී සැලකිය යුතු කාරණාව වන්නේ මෙම වනයේ (දන්දකරණය නම් වූ වනය) පාලනය සිදු කලේ රාවනා රජු නිසා සුපර්නිකාට ප්‍රශ්න කිරීමට බලයක් ඇති බැවිය . මෙයහේතුකොටගෙන රාවනා සීතා පැහැරගන්නා ලද අතර මෙයට විභීෂණ , කුම්බකරන් නම් සහෝදරවරුන් විරුද්ද විය.ඔවුන් කියා සිටියේ එම වරදට දඩුවම් දිය යුත්තේලක්ෂ්මනට බැවිය . කෙසේ නමුත් රාම ,රාවනා යුද්දයේදී රාවනා රජු නොමල බවවරිගපුර්නිකාව සදහන් කලද රාමායනයට අනුව විභීෂනගේ පාවාදීම හේතුකොට ගෙන රාමා ගේ අන්තිම හීසරය වූ බ්‍රහ්මස්වර හීය රාවණාගේ නාභිය පසාරු කරගෙන ගියේය.
යුද්දයට පෙර සහ යුද්දය අතරතුර
රාමායනයේ සදහන් වන පරිදි රාවණා විසින් සියලු බ්‍රාහ්මණ වතාවත් ඉටු කළේය..යුද්දයට යාමට පෙරත් එතුමා මේ සියලු දේ කරනලදි . රාවණා සහ රාම යුද්දයේදීහමුවූ අවස්ථාවේදී රාවණා සුපුරුදු දක්ෂතා පෙන්නුම්කලඅතර ආඩම්බර වචනයෙන්රාමාට බෙනවෙදුනේය . විභීෂණ නොසිටින්නට රාමාට කිසිදිනක මෙම යුද්දය ජයගත නොහැක .
රාවණා රජු තුල තිබු උතුම් ගති
එතුමා සීතාව රගේනාවද සීතාවගේ කැමැත්තෙන් මිස ඇය හා එක්නොවන බවට පැවසීය. එතරම් ශික්ෂණයක් එතුමා සතු විය. නිර්මානශී වූ අතර සත්වඝතනයටඅතිශයින් විරුද්ද විය. සත්වඝතන කටයුතුවලට විරුද්ද විය.ඒ හේතු කොට ගෙන ඉන්දියාවේ බිලිපූජා පවත්වන ඉරිශිවරු රාවණා කෙරෙහි අකමැත්තෙන් පසුවිය.
රාවණා රජු සතුවූ විශේෂ ලක්ෂණ
රාවණා රජු සංස්කෘත භාෂාව හැසිරවීමේ අති දක්ෂයෙකි. යාන්ත්‍රික ඉංජිනේරුවිද්‍යාව, වෛද්‍ය විද්‍යාව පිළිබද මනා දැනුමක් ඇත්තෙකි. නගස්වර ,අග්නිස්වර නම් වූ විස කැවූ ඊතල පාවිච්චියට යොදාගෙන ඇත. හිරු සහ සද මෙදිකරගත් රාවණාලංකාපුරයේ ධජය ලෙස යොදාගෙන ඇත . රාවණා රජු විසින් ලියන ලද පොත්අතරින් කීපයක් මෙසේය.
1) සමවේද
2) නදී ප්‍රාක්ෂ
3) කුමාර තන්ත්‍ර
4) උදීෂ තන්ත්‍ර
5) ප්‍රාකෘත කමදෙනු
6) ශිව තන්ත්‍ර ස්ත්‍රෝත්‍ර
7)අර්ක ප්‍රාක්ෂ (ආයුර්වේද පොතකි)
මහද්වීප කීපයකම පාලනය ඔහු සතු විය.


මෙහිදී දසිස් රාවණ ලෙස රාවණ රජු විරුදාවලි ලබන්නේ හිස් 10 ක් ඇති බැවිනි. එයශිව දෙවියන් එතුමාට ලබා දුන් වරමකි.10 වතාවක් තම හිස ශිව දෙවියන්ට පූජාකෙරීම හේතුකොටගෙන මෙම හිස් 10 ලැබුණි. එමෙන්ම බ්‍රහ්මයද රාවණට වරමක්ලබාදුනි. බ්‍රහ්ම විසින් රාවණ ට අශිපතක් හා අමරණීයත්වය ලබාදුනි. යම්කිසිහෙයකින් මෙම අශිපතින් යහපත් අයකුට මරණයක් ගෙනදුන්නොත් අශිපත අතුරුදහන් වන බවත්.තම ආයුකාලය කෙටි වන බවත් බ්‍රහ්ම රාවණට පැවසීය.රාවණ රජු විසින් සීතාව රැගෙන් එන අවස්ථාවේදී ඝරුද නම් පක්ෂියා මර දමෙම හේතුකොටගෙන යු කාලය කෙටිවන්නට විය. එමෙන්ම අමරණීයත්වය සගවා ගෙන සිටියේ රාවණ රජුගේ නාභියේය. විභෙසන, රාමට යුද අවස්ථාවේ මෙම රහස් තොරතුර පිටකර පාවා දෙනු ලැබීය. රාමගේ අන්තිම හීසරය රාවණ රජුගේ නාභියපසාරු කරගෙන ගියේය.

 (උපුටා ගත් මූලාශ්‍රහරහාය-http://dandumonaraya.blogspot.com/2011/05/1.html)සංස්කරනය කර ඇත....