2012/02/15

මහින්දාගමනයට පෙර හෙළදිව බුදුදහම(මරා දමූ ඉතිහාසය)වංශ කථා මගින් ද සනාථ වන හා සෙල්ලිපි මගින් සනාථ වන බෞද්ධ ප්‍රජාව

මහින්දාගමනයට පෙර හෙළදිව බුදුදහම(මරා දමූ ඉතිහාසය)වංශ කථා මගින් ද සනාථ වන හා සෙල්ලිපි මගින් සනාථ වන බෞද්ධ ප්‍රජාව
  • බුද්ධ පරිනිර්වාණයෙන් පසු සැරියුත් මහ රහතන් වහන්සේගේ ශිෂ්‍යයකු වූ සරභූ තෙරණුවෝ බුදුරදුන්ගේ අකුධාතුව රැගෙන ලංකාවට වැඩම කළ බවත් උන් වහන්සේම එම ධාතුව මහියංගණ චෛත්‍යයේ තැන්පත් කළ බවත් මහාවංසයේ සඳහන් වේ.
  • මහාවංසයේ පළමු වන පරිච්ඡේදයේ 32 ගාථාවේ සඳහන් පරිදි “නොයෙක් කෙළ ගණන් සත්ත්වයන් සෝවාන් ඵලාදියෙන් ධර්මාවබෝධය වූයේය. සංඛ්‍යාපථාතීත සත්ත්වයෝ තිසරණ පන්සිල්හි පිහිටියෝය “ යනුවෙන් දැක්වේ.
  • බුදුරජුන් දෙවන වර වැඩියේ නාග ගෝත්‍රිකයින් අතර සිදුවීමට ගිය විශාල යුද්ධයක් නැවැත්වීමටය. මහා :1:63 ගාථාවට අනුව දෙවනි ලංකාගමනයේ ප්‍රතිඵලයක් ලෙස දිය වැසි වූද ගොඩවැසි වූද අසූ කෙළක් නාග ගෝත්‍රිකයෝ තුන්සරණයෙහි ද සීලයෙහි ද පිහිටා ඇත.උන්වහන්සේ තෙවන වර 500 භික්ෂූන්ද සමග වෙසක් පොහෝ දිනයක කැලණියට වැඩම කළහ. මණිඅක්ඛික නා රජු නාගදීපයේ දී එම ආරාධනාව කරන ලද බව වංශකථා සඳහන් කරයි. 500 ක් භික්ෂූන් සමග වැඩි පුවත මහාවංසයේ 01 පරි:73 ගාථාවෙන් ද සනාථ වේ. 84 ගාථාවේ මෙසේ ද සඳහන්වේ. “ලංකාවේ දේව නාග සමූහාදීන්ගේ වැඩ ද දක්වමින් මේ යහපත් දිවයිනට තුන්වරක් වැඩි සේක.ඒ කාරණ කොට ගෙන මේ ද්වීපය ධර්මය නමැති පහනෙන් බැබල්මි ඇත්තාවූ ....” 
                                               
  • තපස්සු භල්ලුක යන දෙදෙනා බුදුරජාණන් වහන්සේගෙන් ලබාගත් කේශධාතු නිධන්කර තිරියායේ චෛත්‍යයක් කළ බව ඓතිහාසික සාධක තුළින් අනාවරණය වේ.මෙම වෙළෙඳුන් දෙපොළ උතුරු ඉන්දියාවේ උක්කල රටෙන් ආ බවත් කේශධාතු නිදන් කිරීම සඳහා ඔවුන් තැන වු ස්ථූපය ඔවුන්ගේම ස්වදේශයෙහි වූ බවත් මහාවග්ගය, නිදාන කථාව හා ලලිත විස්තරය යන ග්‍රන්ථ තුළ අන්තර්ගතය.
  • ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා එම සෙල්ලිපිය පරිවර්තනය කොට ඇති අතර ශිලා ලේඛන සංග්‍රහයේ IV වෙළුවේ එය අන්තර්ගතය. එහි අවසානයේ මෙසේ දැක්වේ. “ ත්‍රපුස්සක සහ වල්ලික (යන) වෙළෙඳ ගණයක් විසින් පිහිටුවන ලද ගිරිකණ්ඩ චෛත්‍ය ....”(පි.87) ගිරිකණ්ඩි හා ගිරිගඬු යන නම් දෙකම එකක්ම බැව් පෙනේ. 
  • මහින්දාගමනයට පෙර ලක්දිව පැවති බෞද්ධ අවබෝධය පිළිබඳ කරන විමර්ශනයකදී භද්දකච්චායනා කුමරියගේ පැමිණීමද අතිශය වැදගත්වේ. ඇය දෙතිසක් ස්ත්‍රීන් සමග මෙහි පැමිණ ඇත. භද්දකච්චායනා කුමරිය බුදුරජුන්ගේ ඥාති සහෝදරයකු වූ පණ්ඩු නම් ශාක්‍ය වංශික රජුගේ දියණිය වූ බැව් ඓතිහාසික සාධක තුළින් ගම්‍ය වේ.ඇය බුදුරජුන්ගේ සමීප ඥාතිවරියක වූවා නම් ඇය බුදුදහම නොදැන සිටියා යැයි කිසිසේත් සිතිය නොහැක. එසේම මේ වන විටත් බුද්ධ පරිනිර්වාණය වී ගත වී ඇත්තේ සුළුකාල පරාසයකි.(මහාවංසයේ 8 පරි:23 - 24 ගාථා)
  • දිව්‍යාවදානය නමැති ඓතිහාසික සංස්කෘත මූලාශ්‍ර ග්‍රන්ථය තුළින්ද බුදුරජුන්ට සමකාලීනව ලංකාවේ බුදුදහම පිළිබඳව තිබූ අවබෝධය පිළිබඳව විමසීමට හැකිවෙයි. දිව්‍යාවදානයේ එන පූර්ණාවදානය - 2 න් කියවෙනුයේ රත්නද්වීපයේ (ලංකාවේ) චන්දන වනයේ සඳුන් දැව වලින් ගඳ කිළියක් කරවා බුදුන් පිදූ පූර්ණ තෙරුන් පිළිබඳවය.දිව්‍යාවදානයේ සඳහන් සංඝරක්ෂිතාවදානය (23.24) අධ්‍යයනය කිරීමෙන් බුදුරජුන් දවස රත්නද්වීපයේ නාග ළමයින්ට බුදුදහම ඉගැන්වූ සංඝරක්ෂිත හිමියන් පිළිබඳව හෙළිවේ. බුදුන් දවස විසූ සංඝරක්ෂිත හිමියන් මුහුදු ගමනක යෙදී සිටියදී ලක්දිව ආසන්නයේදි එම නැව නාග ගෝත්‍රිකයින්ගේ භාරයට ගන්නා ලදී. ඔවුන්ට අවශ්‍ය වනුයේ සංඝරක්ෂිත හිමියන්ය. එහි මෙසේ සඳහන් වේ.
  •  

              “රත්නද්වීපය ආසන්නයේදි ඔවුන්ගේ නැව නාග ගෝත්‍රිකයන් විසින් වට කරන ලදී. සංඝරක්ෂිත                  අපට දියව්, සංඝරක්ෂිත අපට දියව් යනුවෙන් කෑගසන්නට පටන් ගත්හ. (පි.270 ) ”

මෙම ඓතිහාසික සාධක පුළුල්ව විමසා බලන විට ලංකාවේ බෞද්ධ අධ්‍යාපන ක්‍රමවේදයේ ආරම්භයද බුදුරජුන්ට සමකාලීනවම සිදුව ඇති බැව් මනාව පැහැදිලිය.

හෙළ ගවේශන Hela Gaweshana
2011

යක්‍ෂ ගෝත්‍රිකයන් පිළිබඳ නව සුසමාදර්ශය

යක්‍ෂ ගෝත්‍රිකයන් පිළිබඳ නව සුසමාදර්ශය
මහාචාර්ය නලින් ද සිල්වා

ධාතුසේන රජතුමාට හා මහානාම හිමියන්ට වැරැදුණේ කොතැන ද යන්න පැහැදිලි කරගත යුතු ය. මෙහි දී නැවත නැවතත් මතක්‌ කරගත යුතු කරුණ නම් අප නව සුසමාදර්ශයක්‌ (ඡ්ර්dසටප) ඉදිරිපත් කරන බවත් එහි වැරැදි තිබිය හැකි බවත් හා ඒ ගැන තව තවත් අධ්‍යයනය කළ යුතු බවත් ය. එහෙත් භෞතික විද්‍යාවේ හෝ ඉතිහාසයේ හෝ වෙනත් විෂයයක හෝ වේවා නව සුසමාදර්ශ ඉදිරිපත් කරන්නේ තව තවත් ගවේෂණයට මඟපාදන්නක්‌ ලෙස ය. ඒ කිසි ම විටෙක වත් අවසාන වාක්‍යය යෑයි නො සිතිය යුතු ය.

අපි නැවතත් අපේ සුසමාදර්ශය මතක්‌ කර ගනිමු. වංශකතාවල සුසමාදර්ශය වී ඇත්තේ විජය රජු ගෙන් පසුව මෙරට යක්‍ෂ සංස්‌කෘතික හා ආධිපත්‍යය අභාවයට ගිය බව ය. වංශකතාවලට වෙනත් අරුතක්‌ දීමට උත්සාහ ගත් අය, එසේත් නැත හොත් වෙනත් සුසමාදර්ශයක්‌ ඉදිරිපත් කළ අය කියා සිටියේ පඬු අබා රජු දවස යක්‍ෂ ගෝත්‍රිකයන් අර්ධ වෛදිකයන් පරාජය කර යක්‍ෂ ආධිපත්‍යය නැවත පිහිටුවූ බව ය. එහෙත් ඔවුනට පිළිතුරු දිය නොහැකි කරුණ නම් එසේ යක්‍ෂ ආධිපත්‍යයක්‌ නැවත ඇති වී නම් ඒ පරාජය කර අර්ධ වෛදිකයන් බලයට පත් වූයේ කෙසේ ද යන්න ය.

අනෙක්‌ අර්ථකථනයක්‌ වූයේ (අප ද කලක්‌ අනුමත කළ පරිදි) පඬු අබා රජු දවස වැදි ගෝත්‍රය හැර අන් සියලු ගෝත්‍ර හා අර්ධ වෛදිකයන් එකතු වී සිංහල ජාතිය පිහිටුවූ බව ය. එහි දී යක්‍ෂ ගෝත්‍රිකයන් යම් පිරිසක්‌ සිංහල ජාතියට එකතු වීමට විරුද්ධ වී යෑයි අපි සිතුවෙමු. ඔවුන් කලින් කලට සිංහලයන් සමග එරිදිවාදිකම් ඇති කර ගත් නමුත් ඒ එතරම් බලවත් පිරිසක්‌ නො වී යෑයි අපි සිතුවෙමු. එහෙත් අපට ප්‍රශ්න නො වුණා නො වේ.

පසුගිය සියවස වන තුරු ම යක්‍ෂ අනන්‍යතාවක්‌ පවත්වාගෙන ගිය පිරිස්‌ රටේ සිටි බව අපි දැන සිටියෙමු. පඬු අබා දවස සිංහලයන්ට විරුද්ධව සිටි යක්‍ෂ ගෝත්‍රිකයන් සුළු පිරිසක්‌ අවුරුදු දෙ දහසකටත් වැඩි කාලයක්‌ තිස්‌සේ තම අනන්‍යතාව රැකගත්තේ කෙසේ ද යන්න අපට ප්‍රශ්නයක්‌ විය. ඒ අතර වංශකතාවල තනි සිද්ධි ලෙස කියෑවුණ ද රිටිගල ජයසේන හා වෙනත් යක්‍ෂ නායකයන් සම්බන්ධ ප්‍රවෘත්තිවලට එයට වැඩි වටිනාකමක්‌ ඇති බව අපට ක්‍රම ක්‍රමයෙන් වැටහිණි. එපමණක්‌ නො ව සිංහලයන් ගේ කටහඬ, ශබ්ද රටාව ආදිය උත්තර භාරතීයයන් ගෙන් වෙනස්‌ වන බව ද අපි දුටුවෙමු. එමෙන් ම සිංහල භාෂාවේ ඇති ඇතැම් වචනවලට, එහෙත් අප දන්නා බොහෝ විට යොදා ගන්නා වචනවලට පාළි සංස්‌කෘත නිරුක්‌ති නොමැති බව ද පැහැදිලි විය.
                                              
අපට සංගීතයක්‌ නැති බව බොහෝ පඬියන් කීව ද බෙර ආශ්‍රිතව ගොඩනැZඟුණු සංගීතයක්‌ අපට තිබුණු බව ද එහි සක්‌ පිඹීම, හොරණෑව ආදිය ද වැදගත් බවත් අපට දැනගන්නට ලැබිණි. විශේෂයෙන් ම අනුරාධපුරයේ ඇති කැටයම්වලින් මේ සංගීත භාණ්‌ඩ පිළිබිඹු වෙයි. සංගීතය පිළිබඳ මගේ දැනුම අල්ප බැවින් මේ කරුණු සම්බන්ධයෙන් කරන ගවේෂණයක්‌ වෙතොත් ඒ අගයමි.

ඒ සමඟ සිංහල භාෂාවේ ව්‍යාකරණය ඉතා කෘත්‍රිම වූවක්‌ බව පැහැදිලි ය. සිංහල භාෂාවේ විභක්‌ති නවයක්‌ ඇතැයි බොහෝ ව්‍යාකරණඥයන් පවසන නමුත් එය පාළි ව්‍යාකරණයට සිංහල භාෂාව කෙසේ නමුත් ඇතුළු කිරීමට ගත් උත්සාහයක්‌ සේ පෙනිණි. අනුරාධපුර යුගයෙන් පසු මෙරට පහළ වූ විශිෂ්ට ම බුද්ධිමතා ලෙස සැලකිය හැකි කුමාරතුංග මුනිදාස මහතා සිංහල භාෂාවේ විභක්‌ති සංඛ්‍යාව හයක්‌ පමණක්‌ යෑයි කියා බොහෝ කල් ය. එමෙන් ම සිංහල භාෂාවේ ක්‍රියා පද සම්බන්ධයෙන් ගත් කල පාළියෙහි මෙන් නො ව ඇත්තේ අතීත කාලයක්‌ හා අනතීත කාලයක්‌ පමණක්‌ බව ද කුමාරතුංග මහතා පවසා තිබිණි. "මම යමි" යනු වර්තමාන කාලය බවත්, "මම යන්නෙමි" යන්න අනාගත කාලය බවත් කියන්නේ ඉතා ම කෘත්‍රිමව බව බුද්ධිමත් පාසල් ශිෂ්‍යයකුට වුව ද වැටහෙයි. එහෙත් අපට එකල කාලත්‍රයක්‌ ගැන පාසලේ ඉගැන්වූයේ සිංහල භාෂාව ගැන ස්‌වාධීනව නො සිතීමේ ප්‍රතිඵලයක්‌ ලෙස ය. දැන් නම් සිසුන්ට අතීත හා අනතීත කාල ගැන පමණක්‌ ඉගැන්වෙයි. ඒ බුද්ධිමත් තීරණයක ප්‍රතිඵලයකි.

යක්‍ෂ ගෝත්‍රිකයන් හා නාග වැනි අනෙක්‌ ගෝත්‍රිකයන් කතා කෙළේ යෑයි අපවත් වී වදාළ බද්දේගම විමලවංස නාහිමිපාණන් වහන්සේ සඳහන් කර ඇති හෙළ බසට කුමක්‌ විණි ද? කුමාරතුංග මහතා පාළි භාෂාව මහාවිහාරික භික්‍ෂුන් වහන්සේ නිර්මාණය කෙළේ යෑයි පවසා ඇත. අප ඒ නො පිළිගත්ත ද බෙල්ල, කට, ඔළුව වැනි සිරුරේ අංග හඳුන්වන නාම පද යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ බව පැහැදිලි ය. ඒ සමග කමත් බස ද අපට යක්‍ෂ බසෙහි කොටසක්‌ ලෙස හඳුනාගත හැකි ය. අපට කෙළිනවා වැනි ක්‍රියා පදයක්‌ තිබිය දී ක්‍රීඩා කරනවා යනුවෙන් තවත් රූපයක්‌ සකස්‌ කරගෙන ඇත්තේ කරනවා යන්න එකතු කරමිනි. අද අපි ඉංගිරිසි ක්‍රියා පදවලින් ද එලෙස කරනවා ඇසුරෙන් ප්ලේ කරනවා, සෙන්ඩ් කරනවා (පරිගණක සන්නිවේදනයේ දී) වැනි රූප තනා ගන්නෙමු. කරනවා යන්න එකතු කිරීමට සිදු වන්නේ බොහෝ විට වෙනත් භාෂාවලින් ක්‍රියා පද ගන්නා විට දී යෑයි විශ්වාස කළ හැකි ය. එහි සංස්‌කෘතික ආධිපත්‍යවාදයක්‌ වෙයි.

අප කලින් සඳහන් කර ඇති පරිදි වංසකතාවලින් යක්‍ෂ ගෝත්‍රිකයන් ඉවත් කර ඇති බැවින් ඔවුන් හා සම්බන්ධ ඇතැම් සිද්ධි දෙමළ ජනවාර්ගිකයන්ට පවරා ඇති බව පෙනී යයි. විජිතපුර සටනට ගිය ගැමුණු කුමරුට මහවැලි ගඟින් එතෙර වීමට දෙමළ දෙතිස්‌ බලකොටු බිඳින්නට වී ය යන්න එයට උදාහරණයකි. මේ සියලු කරුණු මෙතෙක්‌ පැවතෙන සුසමාදර්ශය යටතේ තේරුම් ගැනීමේ දී පරස්‌පරවලට මුහුණ පෑමට සිදු වෙයි. එබැවින් අපි සුසමාදර්ශය වෙනස්‌ කෙළෙමු. අප දැන් කියන්නේ පඬුඅබා රජු ගෙන් පසුව සිංහල ජාතිය ඇති වූ නමුත් එයට එකතු නො වුණු යක්‍ෂ ගෝත්‍රිකයන් විශාල පිරිසක්‌ සිටි බව ය. ඒ පිරිස දිගින් දිගට ම සිංහල ජාතිය සමග සටන් කර ඇත. ගැමුණු කුමරුට බිඳීමට සිදු වූ දෙතිස්‌ බළකොටු යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ නිර්මාණ වූ අතර එළාර රජු ද දෙමළ නො වී ය.

ක්‍රමයෙන් වැඩීගෙන ආ යක්‍ෂ ගෝත්‍රික බලකාය ශක්‌තිමත් ම ස්‌ථරයකට පත් වී ඇත්තේ කාශ්‍යප කාලයේ බව අපේ වැටහීම ය. මේ වන විට හෙළ බසට පාළියෙහි බලපෑම තදින් ම දැනෙන්නට ඇති අතර යක්‍ෂ ගෝත්‍රිකයන් එයට ද විරුද්ධ වන්නට ඇත. මහානාම හිමියන් කලාවැව තැනීමට ධාතුසේන රජුට උපදෙස්‌ දීම යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ සතුටට හේතු වී යෑයි සිතිය නොහැකි ය. එය වැව් තැනීමේ පැරැණි යක්‍ෂ සම්ප්‍රදායට මුළුමනින් ම විරුද්ධ විය. අහසින් වැටෙන ජලය එක්‌රැස්‌ කරගෙන වැව් නිර්මාණය කරනු වෙනුවට ගංගා ඔය ආදිය හරස්‌ කර වැව් නිර්මාණය යක්‍ෂ ගෝත්‍රික සම්ප්‍රදායට විරුද්ධ ය.

වැව, හෙළ යක්‍ෂයන් ගේ අනගි නිර්මාණයක්‌ විය. සිංහලයන් ඒ වෙනස්‌ කිරීමට යක්‍ෂයන් විරුද්ධ වී නම් ඒ ස්‌වාභාවික ය. ඇතැම් විට මහානාම හිමියන් ධාතුසේන රජුට ගෝණ ඔය හරස්‌ කර කලාවැව තැනීමට උපදෙස්‌ දෙන්නට ඇත්තේ ජනගහනය වැඩි වීම හෝ වෙනත් කරුණක්‌ හෝ නිසා යක්‍ෂ සම්ප්‍රදාය මත පමණක්‌ ඉදි කෙරුණු වැව් ප්‍රමාණවත් නො වීම නිසා විය හැකි ය. එහෙත් යක්‍ෂ ගෝත්‍රිකයන් ඒ ගැන සිතන්නට ඇත්තේ වෙනත් ආකාරයකට ය. ඔවුන් එය දකින්නට ඇත්තේ සිංහල ජාතියේ ආධිපත්‍යය පැතිරවීමක්‌ ලෙස ය. දෙමළ ආක්‍රමණිකයන්ට එරෙහි ව ධාතුසේන කුමරු මෙහෙයවූ මහානාම හිමියනට මහාවිහාරයට අයත් නැති භික්‍ෂුන් වහන්සේට ද විහාර පූජා කිරීමට ධාතුසේන රජුට අනුබල දෙන්නට ඇතැයි සිතිය හැකි මහානාම හිමියනට යක්‍ෂ ගෝත්‍රික සම්ප්‍රදායට එරෙහි ව වැව් තැනීම නොමනා කටයුත්තක්‌ යෑයි නො සිතුණේ ද?

යක්‍ෂ ගෝත්‍රිකයන් සියලු බල යොදා රාජ්‍ය බලය පැහැර ගැනීමට සිතන්නට ඇත්තේ ඔවුන් ද යම් ප්‍රමාණයකට බලවත් ව සිටි නිසා විය යුතු ය. එහි දී ඔවුනට ලැබුණු ප්‍රධාන ම දායාදය කාශ්‍යප කුමරුන් ය. විජය කුමරු යක්‍ෂ ගෝත්‍රික කුමාරිකාවක යොදා ගනිමින් යක්‍ෂයනට විරුද්ධව සටන් කළාක්‌ සේ යක්‍ෂ ගෝත්‍රිකයන් පිය පාර්ශ්වයෙන් සිංහල ජාතියට අයත් කාශ්‍යප කුමරු සිංහලයන්ට එරෙහි ව යොදාගෙන ඇති බව පෙනී යයි. ඉතිහාසය සැම විට ම එක ම ආකාරයෙන් ක්‍රියාත්මක නො වූවත් ඇතැම් විට එක ම විධික්‍රමය විරුද්ධ කටයුතු සඳහා යොදා ගැනෙයි.

කාශ්‍යප ධාතුසේන අවුල වංශකතාවෙන් කියෑවෙන ආකාරයට වුව ද කලාවැව වටා සූත්‍රගත වෙයි. කාශ්‍යප කුමරු වස්‌තුව ඉල්ලයි. ඒ කලාවැවේ සඟවා ඇතැයි ධාතුසේන රජු ධාතුසේන රජු කලා වැවට ගොස්‌ දිය දෝතක්‌ ගෙන මේ මගේ වස්‌තුව යෑයි පවසයි. කාශ්‍යප කුමරු ධාතුසේන රජු බිත්තියට තබා මැටි ගසා දමයි. කලාවැව රජුට වස්‌තුවක්‌ වූවාට යක්‍ෂ ගෝත්‍රිකයන්ට වස්‌තුවක්‌ නො වූ බව පැහැදිලි ය. ධාතුසේන රජු ද අවසාන මොහොත එළඹි බව දැන කලාවැව තමන් සතු එක ම වස්‌තුව යෑයි කියන්නට ඇත.

මහාවංසයෙහි කෙසේ සඳහන් විණි ද ධාතුසේන රජු ගේ මරණයෙන් පසුව කාශ්‍යප රජු බිය වූ බවතක්‌ නො පෙනෙයි. බිය වූයේ මුගලන් කුමරු ය. ඔහු භාරතයට පළා ගියේ ය. පීතෘ ඝාතකයකුට බියේ මුගලන් කුමරුට පළා යැමට සිදු වීමෙන් හා අවුරුදු දහ අටක්‌ ම එහි ජීවත් වීමට සිදු වීමෙන් පෙන්නුම් කරන්නේ කාශ්‍යප රජුට යම් බලයක්‌ රටේ තිබූ බව ය. රජ වීමෙන් පසු කාශ්‍යප සිහිගිරියට පළා ගියේ යෑයි සිතීමට නොහැකි ය. මුගලන් කුමරු පළා ගොස්‌ ඇති විට කාශ්‍යප රජු පළා යන්නේ කුමක්‌ සඳහා ද? ඔහු සිහිගිරිය තනන්නට ඇත්තේ යක්‍ෂ සංස්‌කෘතියට අනුව නිර්මාණයක්‌ කළ යුතු යෑයි සිතූ නිසා මිස බළකොටුවක්‌ තනාගෙන බියෙන් ජීවත් වීමට නො වේ. කෙසේ වෙතත් ඔහු සිංහල බෞද්ධයන් අමනාප කරගැනීමට ද නො සිතුවේ ය. රජු අනුරාධපුරයේ වාසය කරමින් වෙහෙර විහාර කර සිංහල බෞද්ධයන් සමීප කරගන්නට ඇත.

කාශ්‍යප රජු ඉසුරුමුණි විහාරය ප්‍රතිසංස්‌කරණය කර ගම් රාශියක්‌ මිලට ගෙන විහාරයට දී ඇත. මෙයින් කියෑවෙන වැදගත් කරුණක්‌ ඇත. එනම් මෙරට රජුන්ට සියලු ඉඩම් හිමි නො වු අතර රජුට ද ඉඩම් මිල දී ගැනීමට සිදු වූ බව ය. අනුරාධපුර සමයේ මෙරට පැවැතියේ යුරෝපීය වැඩවසම් ක්‍රමයක්‌ යෑයි කියන පඬියන් රජු ඉඩම් මිල දී ගැනීම ගැන කියන්නේ කුමක්‌ ද? අනෙක්‌ අතට තමන් ගේ හා දියණියන් ගේ නමින් රජු කරවූ ඉසුරුමෙනු බෝ උපුල්වන් කසුබ් ගිරි විහාරය පිළිගැනීමට මහාවිහාර භික්‍ෂූන් වහන්සේ අකැමැති වූ හ. එහෙත් රජු ඒ විහාරය බුදුන් වහන්සේට පුජා කළේ ය. ඒ විහාරයට තිසා වැවෙන් නිතර ජලය සැපයිය යුතු බවට නියෝගයක්‌ ද කෙළේ ය. එසේ ම සිහිගිරිය අසල උයනක ද විහාරයක්‌ කරවා එයට ද තමා ගේ හා දූවරුන් ගේ නම් තැබී ය. ඒ විහාරය ද උතුරුදිග උයන ද ධර්ම රුචික නිකායේ භික්‍ෂුන් වහන්සේට පූජා කළ බව මහාවංසයේ සඳහන් වෙයි. මෙයින් පැහැදිලි වනුයේ කාශ්‍යප රජු සිහිගිරියේ වාසයට ගිය බව නො ව සිහිගිරිය යක්‍ෂ සංස්‌කෘතිය අනුවත් අනුරාධපුරය සිංහල බෞද්ධ සංස්‌කෘතිය අනුවත් පවත්වාගෙන යැමට ක්‍රියා කළ බව ය.
උපුටා ගැනුම : http://www.vidusara.com/2010/05/05/feature2.html

සීගිරිය රාවණ රජුගේ ග්‍රහලෝකාගාරයද?

සීගිරිය රාවණ රජුගේ ග්‍රහලෝකාගාරයද?
ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර



  ශ්‍රී ලංකාවේ සංස්‌කෘතික උරුමයන් අතර මුදුන් මල්කඩ ලෙස සැලකෙන සීගිරිය හා එහි යටගියාව පිළිබඳ දේශීය මෙන් ම විදේශීය උගතුන් ගේ අවධානය යොමුවී තිබෙන්නේ පර්යේෂකයන්ට සතුටු වීමට හැකි අන්දමකට නොවන බැව් පළමුව කිව යුතුය. බොහෝ විද්වතුන්, දේශීය හා විදේශීය විද්වතුන්, කලාකරුවන්, කවීන් හා ලේඛකයන් මෙන්ම පත්‍ර කලාවේදීන් සිය අවධානය බෙහෙවින් යොමු කර තිබෙන්නේ සීගිරි චිත්‍ර කලාවට මිස එහි කළු ගල්වලින් යටවී ඇති ශ්‍රේෂ්ඨ ඉතිහාසයට නොවන බැව් සඳහන් කළ යුතුය.

කෙසේ වුවද කාලයාගේ ඇවෑමෙන් වැනසීමට ඉඩ තිබුණ මේ සංස්‌කෘතික නිධානයට නව එළියක්‌ ලැබුණේ බ්‍රිතාන්‍ය පාලන සමයේ බැව් ප්‍රකාශ කළ යුතුව ඇත. සොයා ගත් සත්‍ය දත්තයන් ගෙන් නව නිගමනයකට බැසීමට අපොහොසත් වූ ඇතැම් පුරාවිද්‍යාඥයන් හා ගවේෂකයන් සීගිරියේ අතීතය, යටගියාව සෙවීමට වඩා සිය අවධානය සීගිරි චිත්‍රවලට හා එහි සුන්දර දිය කඩිති ආදියට පමණක්‌ සීමා කළේ කුමක්‌ නිසා දැයි කිව නොහැකිය.

සීගිරිය ප්‍රදේශයේ ඉපැරණි තල්කොටේ ග්‍රාමයේ ජනතාව අතර පරපුරෙන් පරපුරට ඇවිත් දැන් සම්පූර්ණයෙන්ම නැතිවී යන පුරාණ ජනකවි හා ජනශ්‍රැතිවලින්ද ඇතැම් මුද්‍රිත පුස්‌කොළ සටහන්වලින් ද මේ රාජධානියේ ඓතිහාසික ශ්‍රී විභූතිය අවබෝධ කරගත හැකි බැව් විශ්වාස කළ හැකිය. ගල මතුපිට ඇති ඉතිහාසයට වඩා අගනා ඉතිහාසයක්‌ මේ පර්වතය යට ඇති බැව් ඉන්දියාවේ ලාල් ශ්‍රී නිවාස්‌ (1983.05.08 Weekend
Sun) මට පැවසුවේ දැනට වසර 15 කට පමණ පෙරය. එය කෙතරම් බුද්ධිමත් ප්‍රකාශයක්‌ද යනු මට දැන් අවබෝධ වී ඇත.

සීගිරිය වැනි උදාරතර ස්‌ථානයක්‌ පිළිබඳ පර්යේෂණයක්‌ කරන විට එය උඩින් පල්ලෙන් කර ඇඟ බේරා ගැනීම පර්යේෂකයන් ගේ යුතුකම නොවේ. සමකාලීන පොත්පත්, සෙල්ලිපි, ජනකවි, ජනශ්‍රැති ආදිය පමණක්‌ නොව කාල නිර්ණය කිරීමේ විද්‍යාත්මක යන්ත්‍ර සූත්‍ර, පරිගණක ආදියෙන්ද ඊට තදාසන්න පෙදෙස්‌වල ඒ යුගයේ පැවැති සංස්‌කෘතික සාරධර්මවලින් ද ලැබෙන ආලෝකය අනුව පර්යේෂකයා ගමන් කළොත් පමණි අංග සම්පූර්ණ පර්යේෂණයක්‌ කළ හැකි වන්නේ.

එවැනි පර්යේෂණයකදී පර්යේෂකයාගේ ඇසට ලක්‌වන වැලිකැටයක්‌ වුවද නොසලකා නොහැරීම බුද්ධිමත් පර්යේෂකයන්ගේ යුතුකම බැව් අමුතුවෙන් පැහැදිලි කිරීම අනවශ්‍ය කරුණකි. මේ ඓතිහාසික සීගිරිය පිළිබඳ පර්යේෂණය කිරීම භාරධූර එමෙන්ම කර්කශක දුක්‌ගැහැට වලට මුහුණපාමින් වෙහෙසිය යුතු දුෂ්කර ක්‍රියාවකි.

අංග සම්පූර්ණ සේවයක්‌ ජනතාවට ලබාදිය හැක්‌කේ එවැනි දුෂ්කර ක්‍රියාවකට සිය කැමැත්තෙන් සම්බන්ධ වන විද්වතුන්ට මිස විදේශීය ධන ආයෝජන අනුව පර්යේෂණ ව්‍යාපෘති කරන කොන්ත්‍රාත්කරුවන්ට නොවේ.

සීගිරි කුරුටු ගී ක්‍රි.ව. 08 වන හා 09 වන 10 වන සියවස්‌වලට අයත් බව මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීහු නිගමනය කරති. මේ සියවස්‌ තුන තුළ සීගිරි පව්වට මුළුදුන් කවීන්ට ඔවුන්ගේ සිත්තුළ පහළ වූ කවි චින්තාවන් කාව්‍ය චිත්‍රයකට නැගීමට ඉවහල් වූ එකල පැවැති භාෂාවන්, අත්දැකීම් පෝෂණයට ඉවහල් වූ සමාජ සාරධර්ම හා ජන ජීවිතයේ වගතුගත් විමසා බැලීම සීගිරි කුරුටු ගී රස වින්දනයට උපකාරයකි. (සීගිරි ගී සිරි, වි.ජ.මු. ලොකු බණ්‌ඩාර, පිටු XIX)

සීගිරි කුරුටු ගීය බිහි වුණේ ක්‍රි.ව. 08, 09 හා 10 වැනි සියවස්‌වල බැව් මේ ප්‍රකාශයෙන් තහවුරු වේ. නමුත් මේ ඓතිහාසික සීගිරි බළකොටුව බිහිවූවේ ඊට අවුරුදු දහස්‌ ගණනකට පෙර සිට බැව් ඉපැරණි මූලාශ්‍ර අනුව කිව හැකිය.

මහා භාරතයේ උතුරු දිසාවේ පදිංචි වීමට පෙර කුවේර වාසය කළේ ලංකාද්වීපයේය. සුළු මවු ගේ පුත්‍ර වූ රාවණා විසින් කුවේර ගේ පුෂ්පික රථයත් රාජධානියත් උදුරාගෙන ලංකාවෙන් නෙරපන ලද්දේය. (සංස්‌ක්‍ෂිප්ත රාමායණය, පිටු 200)

ලෝකයේ ප්‍රථම ගුවන් යානය හිමිකරුවා වූ කුවේර ජීවත් වූ ස්‌ථානය වර්තමාන සීගිරිය බව ඓතිහාසික ජනකවි හා ජනශ්‍රැතිවල සඳහන් වී ඇත. මහා කප්පින වික්‍රමසිංහ අදිකාරම්තුමා විසින් රචිත රාවණ කතා පුස්‌කොළ ග්‍රන්ථය අප රටේ විවිධ රහසිගත තොරතුරු හෙළි පෙහෙළි කරන මූලාශ්‍රයක්‌ ලෙස සැලකිය හැකිය.

සීගිරිය අයත් වන්නේ ලිත ඓතිහාසික යුගයට නොව මෙගලිතික සංස්‌කෘතිය පැවැති ප්‍රාග් ඓතිහාසික යුගයට බැව් ඒ පිළිබඳ ගැඹුරු පර්යේෂණයක යෙදෙන විට මැනවින් පැහැදිලි වන සත්‍යයකි.

ස්‌තූපය පිළිගැනීමකට බල පෑ ස්‌තූපයට ඥතිත්වයක්‌ දැක්‌වූ පුද පූජා විධි ව්‍යවහාරයක්‌ බුදු සමය පැමිණෙන විටත්, ලංකාවේ අවුරුදු සිය ගණනක්‌ ක්‍රියාත්මක වෙමින් පැවැතුණි. ඒ පූජා ව්‍යවහාරය මළවුන් පිදීමේ ප්‍රාථමික අභිචාර විධි පද්ධතියකට අවශ්‍ය විය. ඒ අභිචාර විධි පද්ධතිය ගොඩ නැගුණේ ලංකාව ජනාවාස කිරීමට හා නාගරීකරණයට ප්‍රථම පියවර තැබූ මහා ශිලා හෙවත් මෙගලිතක සංස්‌කෘතිය තුළය. ඉබ්බන්කටුව හා පොම්පරිප්පු ආදී ස්‌ථාන රාශියක සිදුකළ පුරාවිද්‍යා ගවේෂණ මගින් අද වන විට මේ සංස්‌කෘතිය පිළිබඳ සාධක රැසක්‌ සොයා ගෙන ඇත. (සම්භාෂා පිටු අංක 310)

මේ ඓතිහාසික සීගිරිය ඇතුළත් වන්නේද මහා ශිලා සංස්‌කෘතියට හෙවත් මෙගලිතික (Megalithic Culture) සංස්‌කෘතියට බැව් පැවසිය හැකිය.

මේ ස්‌ථානය සිහිගිරි මිස සිහගිරි යනු නොවූ බවත් සිහිගිරි සතිගිරි යන්නෙන් බිඳුණු බවත් මෙතැන සතිගිරි යනු භාවනානුයෝගය පිළිගත් භික්‍ෂූන්ට වාසස්‌ථානය වූ පර්වතය යන අරුතින් සිහිගිරි වූ බවට නව මතයක්‌ ඉදිරිපත් කිරීමට තමා කැමති බැව් ප්‍රවීණ විද්වතෙක්‌ වූ ආචාර්ය ඇනස්‌ලි හර්මන් මිරැන්ඩෝ ප්‍රකාශ කරයි. (සිංහලයන් ගේ මූලාරම්භය පිටු 56-57)

මහාචාර්ය අභය ආරියසිංහ ගේ මතය අනුව "අලහබාද් ප්‍රශසති ලිපියෙහි සමුද්‍රගුප්ත රජතුමා, සෛංහලකාන, යන ජන කොටසක්‌ ගැන සඳහන් කොට ඇති බවත් මේ ජනයා සිංහල රටේ වැස්‌සන් බවත් ටොලමි මේ සෛංහලකාන නැතහොත් සිහලක වචනයෙන් "සලිකේ" නාමය මෙරටට යෙදූ බවත් මේ නිරුක්‌තිය සිහලක සිහිලක වී නැවත සිරිලක වූ බවත් මෙය සිහගිරි - සිහිගිරි - සීගිරි වූ නිරුක්‌තිය අනුව යෙදී ඇති බවත් පෙන්වා දී ඇත. (දිවයින 1989.10.29)

අවුරුදු දහස්‌ ගණනක්‌ කිසියම් රටකට ගමකට හෝ නගරයකට එකම නමක්‌ පවතින්නේ නැති බැව් ඓතිහාසික මූලාශ්‍ර අනුව කිව යුතුය. ලංකාවට මෙන්ම සීගිරියටද විවිධ යුගවල විවිධ නම් පාවිච්චි කර ඇත. නමුත් වැදගත් ඓතිහාසික ප්‍රශ්නයක්‌ පිළිබඳ සාධාරණ නිගමනයකට එළඹීමට ලිත සාක්‍ෂි කිහිපයක්‌ පමණක්‌ කිසිවිට ප්‍රමාණවත් නොවේ.

ලංකාවේ අති පුරාණ ලිත මූලාශ්‍රය වූ මහාවංශයත්, දීපවංශය, පූජාවලිය, රාජාවලී සහ නිකාය සංග්‍රහයත් සීගිරිය පිළිබඳ සටහන් කර තිබෙන්නේ ඉතා අල්ප වශයෙනි. මහාවංශයේ කර්තෘ මහානාම හිමියන් ගේ බෑනා කෙනෙක්‌ වූ ධාතුසේන රජතුමා (ක්‍රි.ව. 459-477) ගෙන් සිහසුන උදුරා ගත් කස්‌සප (ක්‍රි.ව. 477-495) රජු පිළිබඳ දැඩි පිළිකුලක්‌ මිස ප්‍රසාදයක්‌ මහානාම හිමියන් තුළ නොතිබුණ නිසාම ඒ පීතෘ ඝාතකයා පිළිබඳ හෝ ඔහුගේ මාළිගය පිළිබඳ වැඩි විස්‌තරයක්‌ දීමට මහාවංශ කතුවරයා මැළි වූවාට සැක නැත.

රුහුණ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විනී විතාරණ ඒ පිළිබඳ මෙසේ අදහස්‌ දක්‌වයි. "වත්මන්හි අන්තර්ජාතික කීර්තියට පත් ලාංකික ස්‌ථාන අතුරෙන් මුල් තැනක්‌ ගන්නේ සීගිරිය වෙතැයි සිතමි. ඓතිහාසික ස්‌ථාන අතරින් නම් එයම බව නිසැකය. එහෙත් මහාවංශයේ එය සඳහන් වන්නේ ගාථා හතක පමණි. පාපී නර පාලක කාශ්‍යප වියපත්ව ඒ පර්වතය මත අලංකාර පුරවරයක්‌, තවත් ආලකමන්දාවක්‌ ඉදිකොට කුවේර විලාසයෙන් එහි ජීවත් වුණු බවත් ඒ සමීපයෙහි විහාරයක්‌ පිහිටුවා එය ධම්මරුචි නිකායික භික්‍ෂූන් වහන්සේ වෙත පූජා කළ බවත් මොග්ගල්ලාන රජු සිහගිරි මත පිහිටි දාල්හ හා දාඨා කොණ්‌ඩඤaඤ යන දෙවි හාරයක්‌ උන්වහන්සේලා වෙතම පූජා කළ බවත් තවත් සියවසකට පමණ පසු ඒ සමීපයෙහි දී සංඝතිස්‌ස රජුගේද පුත් කුමරාගේද තවත් හය වසරකට පසු අනුප්‍රාප්තික තෙවන මොග්ගල්ලාන රජුගේ ද හිස ගසා ලන ලද බවත් එයින් කියෑවේ. (සිළුමිණ, 1994.04.17)

ඒ ස්‌ථානයේ සති භාවනාවේ යෙදුණ භික්‍ෂූන්ට වාසස්‌ථානය වූ පර්වතය යන අරුතින් සිහිගිරි වූ බවට ආචාර්ය ඇනස්‌ලි හර්මන් මිරැන්ඩෝ ඉදිරිපත් කළ අදහසට මහාවංශයෙන් එළියක්‌ ලැබෙන බැව් මේ අනුව පෙනී යයි. (රාජ වර්ෂ විමර්ශ, පිටුව 58)

සීගිරිය පිළිබඳ වත්මන් ලොවට දැන ගැනීමට අවස්‌ථාව ලැබුණේ මේජර් ජොනතන් ෆොaබ්ස්‌ගෙනි. 1831-1833 කාලයේ සීගිරිය පෙදෙසට ගොස්‌ සමීක්‍ෂණයක්‌ කළ මේජර් ෆොaබ්ස්‌ Eleven Years of Ceylon නමින් පළ කළ සිය ග්‍රන්ථයේ විශේෂයෙන් සඳහන් කර ඇත. සීගිරි කඳු මුදුනට නගින්නේ නැතිව සීගිරිය පිළිබඳ ලියාපළ කළ ෆොaබ්ස්‌ට සීගිරිය සොයා ගැනීමේ ගෞරවය හිමිවිය යුතුය.

ඒ. වයි. ඇඩම්ස්‌ හා ඡේ.බේලි නමැති ඉංග්‍රීසි ජාතිකයන් දෙදෙනා පළමු වරට සීගිරිය තරණය කළ අතර පෙරදිග භාෂා විශාරදයෙක්‌ වූ ටී. ඩබ්ලිව්. රීස්‌. ඩේවිස්‌ මහතා සීගිරි චිත්‍ර ප්‍රථම වරට දුටු විදේශිකයා ලෙස මහාචාර්ය සෙනරත් පරණවිතාන සඳහන් කරයි. (පරණවිතාන The lllustrated News 1945 අප්‍රේල් 03)

සීගිරියේ ඇති අලංකාර චිත්‍රවලින් කුල්මත් වන නරඹන්නන් එහි අතීතය හාරා අවුස්‌සා බැලීමට වඩා ඒ චිත්‍ර හා ඒ අසල ඇති කුරුටු ගී කියවා රස විඳීමට පෙළඹීම පුදුමයට කරුණක්‌ නොවේ.

පුරාවිද්‍යාඥයන්, සරසවි ඇඳුරන්, කවීන් මෙන්ම ලේඛකයන් පමණක්‌ නොව ඇතැම් පර්යේෂකයන් පවා සීගිරි විත්‍ර හා කුරුටු ගී පසුපස හඹා යන බැවින් ගල් අතර සැඟවී ඇති මේ ස්‌ථානයේ තේජාන්විත අතීතය නිවැරැදි ලෙස අවබෝධ කර ගැනීමට බාධාවක්‌ වී ඇත.

කුවේර ගේ වාසභවනය හා රජකම කොල්ලකා ගත් රාවණ රජු මේ සීගිරිය ද ඔහු ගේ එක්‌ මාළිගාවක්‌ ලෙස පාච්චි කළ බවට අපමණ මූලාශ්‍ර ඇත.

රාවණ ගේ ලංකාපුරය තිබූ ස්‌ථාන හඳුනා ගැනීමේදී ප්‍රධාන වශයෙන් පෙදෙස්‌ තුනක්‌ ගැන අවධානය යොමු කිරීමට සිදුවේ. ඉන් පළමු වැන්න සීගිරි පර්වතය වන අතර කුවේරගේ ආලකමන්දාව වශයෙන් එය හැඳින්වීම සහ රාවණ, කුවේර ගේ රජකම පැහැර ගැනීමේ කථාව මේ වෘතාන්තයට නව එළියක්‌ ගෙන දෙයි. (හිටපු පුරා විද්‍යා කොමසාරිස්‌ එම්. එච්. සිරිසෝම සිළුමිණ, 1991.06.16)

සීගිරිය ඓතිහාසික ලංකාපුර රාජධානියේ ම එක්‌ කොටසක්‌ බැව් ලග්ගල ප්‍රදේශය පිළිබඳ පුළුල් පර්යේෂණයක යෙදෙන විට මැනවින් පෙනී යන කරුණකි. ආදිවාසී යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන බලකොටුව මෙය වූවාට සැක නැත. කතරගම වැඩිහිටි කන්ද, නුවරඑළියේ පිදුරුතලාගල, මහකුඩුගල සහ කිකිළියමාන වැනි ස්‌ථාන යක්‍ෂ ගෝත්‍රික ආදිවාසීන් ගේ මධ්‍යස්‌ථාන ලෙස පැවැති බවට අපමණ මූලාශ්‍ර ඇත. "ලතා ගෘහාණි චිත්‍රණි - චිත්‍ර ශාලා ගෘහනිච" යනුවෙන් "රාමායණම්" (චොකම්හ විද්‍යාවන් ගේ නාගර අක්‌ෂර) ග්‍රන්ථය අනුව රාවණ යුගයේ සීගිරියේ අගනා චිත්‍ර ඇති බැව් මැනවින් සනාථ වේ. (ශ්‍රී.ල.රා. රාජධානිය, පිටු 180)

"සීගිරිය අවට ආදි මානව ජනාවාස පිළිබඳ සාක්‍ෂි සීගිරි පර්වතයට නැගෙනහිර පැත්තේ අලිගල නම් ස්‌ථානයේ කරන ලද කැණීම්වලින් තහවුරු වී ඇත. ඒ අනුව වර්ෂ පන්දහසකට එහා කාලයක සිට ඓතිහාසික යුගය දක්‌වා මානව සබඳතා මේ සීගිරිය ආශ්‍රිතව පවතින බැව් පුරාවිද්‍යාත්මක සාක්‍ෂි අනුව පැහැදිලි වන බැව් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල පවසයි. (සිළුමිණ, 1994.04.17)

ආචාර්ය ශිරාන් දැරණියගල ගේ මේ මතයෙන් ද තහවුරු වන්නේ සීගිරිය මෙගලිතික සංස්‌කෘතියට හෙවත් මහා ශිලා යුගයට අයත් බවයි.

කලක්‌ බෞද්ධ භික්‍ෂුවක්‌ ලෙස සිට පසුව හින්දු පූජකවරයෙක්‌ වූ ජර්මන් ජාතික ස්‌වාමි ගෞරී බාලාගේ අදහස්‌ අනුව 'It was a centre for the
initation of Buddhists in the Mahayana
Tradition and that Paintings represent the
goddess Tara of the Mahayana Buddhist
Pantheon who is also the consort of
Bodhisathva Avalokteswara" (Sri Lanka
Today-Raja de Silva pp-12)

කෙසේ හෝ බොහෝ විද්වතුන් කථා කළේ මේ දැවැන්ත ස්‌ථානය පිළිබඳ නොව එහි වූ චිත්‍ර හා කවි පිළිබඳවය. දැවැන්ත බලකොටුවක්‌ තුළට ගොස්‌ එහි තත්ත්වය පිළිබඳව පරීක්‍ෂා කිරීම වෙනුවට එහි විසිතුරු චිත්‍ර හා ළගන්නා සුළු රසවත් ගී රස විඳීම පමණකි බොහෝ විට සිදුවී තිබෙන්නේ.

භූත විද්‍යාව අනුව ඓතිහාසික සිද්ධීන් පිළිබඳ ගවේෂණය කරන මහනුවර හේ. මාකස්‌ ප්‍රනාන්දු ගේ පර්යේෂණ අනුව පෙනී යන්නේද සීගිරියේ විසූ ආදි පුරුෂයන් රාවණ හා කුවේර බැව්ය. (Weekend Sun 1994-April 01)

රාම - රාවණ මහා සංග්‍රාමයෙන් පසු විනාශයට පත් ලංකාපුර රාජධානියට අයත් වූ සීගිරි බලකොටුව අංග සම්පූර්ණ ලෙස ප්‍රතිසංස්‌කරණය කරනු ලැබුවේ කස්‌සප (ක්‍රි.ව.477-495) රජු විසින් බැව් පැවසීම සාධාරණය. එයට තවත් හේතුවක්‌ තිබුණි. එනම්, කාශ්‍යප රජුගේ මෑණියන් යක්‍ෂ ගෝත්‍රික කුමරියක්‌ වීම නිසා ඔහුට මවු පස උරුමයක්‌ සීගිරියට තිබීමය. (රාවණ කතා පුස්‌කොළ ග්‍රන්ථය)

මේ සීගිරි නිර්මාණ ශිල්පය දැනට වසර 5000 කට වඩා පැරණි මොහන්දොජාරොහරප්පා සංස්‌කෘතියට සම කළ හැකි බැව් හේ මාකස්‌ ප්‍රනාන්දු ගේ අදහසයි. (Weekend Sun
1994.04.01)

නිල්ගල වලව්වේ සිසී කුමාරිහාමි මහත්මිය 1940 දී තල්කොටේ ගමට පැමිණි අවස්‌ථාවක එහි විසූ පුංචිරා නම් ගැමියෙක්‌ විසින් කී තේරවිලි කවි කිහිපයක්‌ ඇයගේ අත්පොතක සටහන් කර තිබුණි. එයින් කවි දෙකක්‌ The Cultural Heritage of Jing
Rawana (21 වැනි පිටුවේ) ඇතුළත්ය.

ප්‍රශ්නය

සීගිරි ගලේ විල සැදුවේ කවුරුන්දෝ
සීගිරි ගලේ රූ ඇන්දේ කවුරුන්දෝ
සීගිරි රුවෙන් දිස්‌වන්නේ කවුරුන්දෝ
මෙතුන් පදේ විසඳන්නේ කවුරුන්දෝ

පිළිතුර

සීගිරි ගලේ රාවණ දෙවි විල සැදුවා
සීගිරි ගලේ විස්‌කම් සිත්තම් කෙරුවා
සීගිරි රුවෙන් මන්දෝදරී දිස්‌වෙනවා
මෙතුන් පදේ මම නිසි ලෙස විසඳනවා

මේ ජනකවි "රාවණ කතා" පුස්‌කොළ ග්‍රන්ථයේද සඳහන් වී ඇති බැව් කිව යුතුය.

තල්කොටේ ගමෙන් දැනට වර්ෂ 65 කට පෙර සොයාගෙන තිබුණ ජනකවිවලින් පුරාවිද්‍යාඥයන්ට මෙතෙක්‌ සොයා ගත නොහැකිවූ ආලෝක ධාරාවක්‌ මුළු මහත් සීගිරි පර්වතයටම වැටෙන බැව් අමුතුවෙන් කිව යුතු නැත.

මේ සීගිරිය ප්‍රදේශයේ ආදි කාලයේ යක්‍ෂ ග්‍රෝතිකයන් විසූ බැව් ප්‍රකට ඉතිහාසඥයෙක්‌ වූ ඒ. සී. ලෝරි පවසයි.

The Native Traditions tell of the occupation
of Sigiriya by the Aboriginayakkha Another
Local Tradition Connect the rock with King
Devanampiyathissa who reigned about 266
BC. They say that the King found on the rock
a Golden Bamboo which had three trunks
called "Yako - Ykahkti- Kusuma Yakhthi and
Yakuna Yahkti. In the first trunk there were
golden figures of women in the Second golden
flowers and in the third Golden Figures of
Gods. The King said let this rock be always
remembered by me. Hence. the name
Sihigiriya remembrance rock (The Gazetteer
of the Centra; Province of Ceylon pp.791)

ඒ. සී. ලෝරි ගේ මේ අදහසින් පෙනෙන්නේ සීගිරි චිත්‍රවලින් දිස්‌වන්නේ ලංකාවේ ආදිවාසී යක්‍ෂ ගෝත්‍රික කාන්තාවන් බවට ඉඟියකි. හිටපු පුරාවිද්‍යා කොමසාරිස්‌ රාජා ද සිල්වා මේ කාන්තා රුව තාරා දේවිය ගේ යෑයි ඉදිරිපත් කරන මතය ඛණ්‌ඩනය වීමත් තල්කොටේ ජනකවිවලින් ඉදිරිපත් කරන සීගිරි රුවින් මන්දොaදරී දිස්‌වෙනවා" යෑයි පවසන මතය සනාථ වීමත්ය.

මන්දොaරී (Thinwaist) යනු සිහින් ඉඟටිය ඇත්තී යන අරුත දෙන කාන්තා නාමයකි. ඇතැමෙක්‌ මෙය මන්ඩෝදරී (කළයක්‌ වැනි බඩක්‌ ඇත්තිය කැයි) වරදවා තේරුම් ගෙන ඇත. (මහාචාර්ය විමල විජයසූරිය)

මන්දොaරී රැජින ලංකේශ්වර රාවණයන් ගේ බිරිඳ වූ අතර රාවණ ගේ ඇවෑමෙන් රාවණ සොයුරු විභීෂණ ගේ බිරිඳ වූවාය. මන්දොaදරිය ගේ පියා මය දානවය. ඔහු ශ්‍රේෂ්ඨ ගණයේ ගෘහ නිර්මාණ ශිල්පියෙකි. සීගිරි බලකොටු සංකීර්ණයේ නිර්මාණ ශිල්පියා මය දානවයෝ යෑයි කිව හැකි ජනශ්‍රැතියක්‌ ගලහිටියාගම ගම්වැසියෙක්‌ වූ පුංචි බණ්‌ඩා ඉදිරිපත් කරයි. වෙසමුණි රඡ්ජුරුවන්ට ඕනෑ වුණා ලෝකෙන් ම ලස්‌සන මාළිගාවක්‌ හදාගන්ඩ. මය යක්‍ෂයා, ඒ කාලේ හොඳ ම වඩුරාළ ඒ වෙසමුණි රඡ්ජුරුවෝ මය යක්‍ෂයාට කතා කරල කිව්වලු ලෝකෙන් ලස්‌සන ම මාළිගාව හදා දෙන්න කියලා. ලස්‌සන විතරක්‌ නොවේ. සවි ශක්‌තියත් හොඳට තිබෙන්න ඕනෑ. භූමි කම්පාවකට, ගංවතුරට හෝ කිසිම උවදුරකට විනාශ නොවෙන විදිහට එය හදන්න ඕන කියලා තියෙනවා. ඒ කාලේ සීගිරි ගල තිබුණේ ගල් ගොඩක්‌ වැනි ගල් කන්දක· මේ ගල් කන්ද පෙන්නල මය යකා වෙසමුණි රඡ්ජුරුවන් ගෙන් ඇසුවේ "මෙතන හොඳ ද?" කියලා. වෙසමුණි රඡ්ජුරුවොත් එතැනට කැමති වුණාලු."

මය යක්‍ෂයා ඔහු ගේ සහචර පිරිස එකතු කර ගෙන අර ගල් කන්දෙ සමහර ගල් ඉවත් කරලා ලොකු කළුගල ලස්‌සනට හැඩවැඩ දාල කපලා ඒ ගල මාළිගාවක්‌ බවට පත්කළා. නිකම් මාළිගාවක්‌ නොවේ.· තට්‌ටු මාළිගාවක්‌· වෙසමුණි රඡ්ජුරුවන්ට ගුවන් යානයක්‌ තිබිල තියෙනවා· ඒක නවතලා තියෙන්නේ මාළිගාවේ වහලේ·

සීගිරිය, ඉනාමළුව, තල්කොටේ, ගලහිටියාගම ආදී ගම්වල පැරැන්නන් අතර මුඛ පරම්පරාගතව පැවැති මේ ජනශ්‍රැතියෙන් සීගිරියේ අතීත ඉතිහාසයට ගෙන දෙන්නේ සුවිසල් ආලෝක ධාරාවකි. සීගිරියේ හා එයට තදාසන්න සියලුම ගම් නියම්ගම්වල පදිංචි වී සිටියේ ආදිවාසී යක්‍ෂ ගෝත්‍රිකයන්ය. වැද්ද ගේ හේන, වැද්දි ගෙ වත්ත, වැදි යාය ආදී නම් තිබෙන ඉඩම් කඩම් මේ ප්‍රදේශයේ බහුලය. වැදි නාමයෙන් වත්මන් ජනතාව හඳුන්වන්නේ ආදිවාසී (Aborigines) යක්‍ෂ ග්‍රෝත්‍රිකයන් මිස වෙනත් පිරිසක්‌ නොවේ.

වෙසමුණි රඡ්ජුරුවෝ ලෙසින් පුංචි බණ්‌ඩා සඳහන් කළේ විශ්‍රවස්‌මුණි හෙවත් වෛශ්‍රවණ නමැති යක්‍ෂ රාජායා ය. පණ්‌ඩුකාභය රජතුමා (ක්‍රි.පූ. 367-437) වෛශ්‍රවණ යක්‍ෂයා සඳහා නුවර පශ්චිම දොරටුව අසල නුග ගස කැප කළේය. (පැරණි ලංකාවේ ආගම් හා පුද පූජා පිටු 102)

මේ විශ්‍රවස්‌මුණි, රාවණ මහ රජු ගේද කුවේර ගේද පියාවන අතර මහරිසි පුලස්‌ති ගේ පුත්‍රයාය. එමෙන්ම බෞද්ධ සාහිත්‍යයේ සඳහන් සතර වරම් දෙවිවරුන් ගෙන් එක්‌ දෙවියෙක්‌ වූ වෙසමුණිය.

නාග, යක්‍ෂ, දේව හා රාක්‍ෂ නම්වලින් හැඳින්වූවද මොවුන් මනුෂ්‍යයන් මිස වෙනත් අමනුෂ්‍ය වර්ගයක්‌ නොවන බැව් ඉඳුරාම කිව හැකිය.

විශ්‍රවස්‌මුණි ගෙන් පසු ඔහු ගේ දෙටු පුත් කුවේරට මේ මාළිගය හා ඔහු ගේ ගුවන් රිය පුෂ්පිකයානය අයිති වූ නමුත් තරුණ වියට පත් රාවණයෝ ලංකාපුර රාජධානිය ඇතුළු චංචල නිශ්චල සම්පත් සියල්ල උදුරාගත් බැව් රාමායණය කියයි.

"කාශ්‍යප රාජ්‍යෙdaදයට වසර 500 කට පූර්වයෙහි දී ස්‌වකීය රාජ්‍යයේ කාසි 1600 ක්‌ ආගමික මධ්‍යස්‌ථානයක්‌, තොටමුණක්‌ වෙළඳ නගරයක්‌ හෝ නොවන සීගිරියට පැමිණ රන් කාසි විසුරුවා ගිය ධනවත් රෝම පුරවැසියෝ එහි පැමිණ ඇත්තේ ගිරග්ග සමඡ්ජ වැනි උළෙලකට බැව් මහාචාර්ය විනී විතාරණ අදහස්‌ කරයි. (සිළුමිණ 1994 අප්‍රේල් 17)

මේ අනුව පළමුවෙන්ම පෙනී යන සත්‍යය නම් කාශ්‍යප (ක්‍රි.ව. 704-711) රජුටත් වර්ෂ 500 කට පමණ පෙර මේ ස්‌ථානය ජාත්‍යන්තර සම්බන්ධතා තිබුණ ස්‌ථානයක්‌ බැව් සත්‍ය මූලාශ්‍ර අනුව පෙනී යන බවයි.

ගිරග්ග සමඡ්ජ යනු පැරණි ඉන්දියාවේ උළෙළකි. ගලක්‌ හීතර සමඡ්සමඡ්ජ නම් නැටුම් හෝ ගලක්‌ හී තරණ පියවියෙන් ගිරග්ග නම් (දම්පියා අටුවා ගැටපදය 36 පිටු)

7-8 හා 9 වැනි සියවස්‌වල ලංකාවේ නොයෙක්‌ දෙසින් ජනයා සීගිරියට ආහ. සීගිරි ගල මුදුනට ජනයා එකතු වීමේ පරමාර්ථය නම් සීගිරි රූප බැලීමට පමණක්‌ නොව "ගිරග්ග සමඡ්ජ" වැනි උත්සවවලටද සහභාගි වීම බැව් මාර්ටින් වික්‍රමසිංහ අදහස්‌ කරයි. (Sigirigraffiti Vol pp CCXV)

සීගිරියට රෝම ධනපතියන් පැමිණේ ගිරග්ග සමඡ්ජයට ද එසේත් නැතිනම් ඒ ස්‌ථානයේ පදිංචි වී සිටි ප්‍රභූවරුන්ගේ මැණික්‌ මිලදී ගැනීමට දැයි ප්‍රශ්නයක්‌ පැන නැගෙනු ඇත.

විශ්‍රවස්‌මුණි (වෙසමුණි) කුවේර ආදීන් මුළු මහත් ලෝකයේම ධනපතීන් ලෙස බැබළුණේ ලංකාපුර රාජධානියේ (ලග්ගල) තිබුණ අසීමිත වටිනාකමක්‌ ඇති අගනා මැණික්‌ නිසා බැව් කිව හැකිය. ලංකාපුර රාජධානිය සමඟ සම්බන්ධකම් පැවැති හලාවත මුතු රාජධානිය අයත් වූවේද යක්‍ෂ ගෝත්‍රිකයන්ටය. කුවේණි රැජින තම්මැන්නාවේ තාවකාලික පදිංචි වූවේද සිරිස වස්‌තු පුරය මෙන්ම හලාවත මුතු රාජධානිය ද ඔවුන්ට උරුම වූ ස්‌ථාන බැවිනි.

හලාවත මුන්නේශ්වරම් මහා ශිව දේවාලය රාවණ රජු ගේ පමණක්‌ නොව ඔහුගේ පරපුරේ සූර්යය භක්‌තිකයන් ගේද මධ්‍යස්‌ථානයකි. Our
Past Kings Figure in very many episodes
connected with Munneswaram for history can
trace back only to the time of Ravana (Sri
Lanaka to day pp. 18)

මේ අනුව විමසා බලන විට ඌවේ ලග්ගල සහ සබරගමුවේ මැණික, හලාවත මුතු ආදී වස්‌තුවෙන් පොහොසත් යක්‍ෂ ගෝත්‍රික ප්‍රභූවරයෙක්‌ ක්‍රි.ව. 20 - 21 යුගයේ පමණ නිකුත් වූ කාසි විය හැකිය.

දේවානම්පියතිස්‌ස රජතුමා ද සීගිරියේ සිටි බැව් ඒ. සී. ලෝරි කියයි. (The Gazatter of
Cantral Province..........)

ඒ අනුව විමසා බලන විට මේ ස්‌ථානය මුරුණ්‌ඩ වංශික රජ දරුවන්ද පාවිච්චි කළ ජය භූමියක්‌ ලෙස විශ්වාස කළ හැකිය. පණ්‌ඩුකාභය රජතුමාට ද යක්‍ෂ ගෝත්‍රික සම්බන්ධතාව තිබුණ බැවින් විශ්‍රවස්‌මුණි ගේ මාලිගය පසු කලෙක මුරුණ්‌ඩ ශිව (The Greeks & Mauriyas) ගේ පුත්‍ර දේවානම්පියතිස්‌ස රජු සිය පරිහරණයට ගන්නා විය හැකිය.

සංඝතිස්‌ස රජු සහ සිය පුත්‍රයා සීගිරියේ දී සතුරන්ට අසු වී මැරුම් කෑ පුවත "මහාවංශයේ" 44 වැනි පරිච්ඡේදයේ සඳහන් වේ. පරාක්‍රමබාහු (1164-97) රජතුමා ද සීගිරිය අලුත්වැඩියා කර ඇත. (The Gazetteer of the Central Province
pp.792)

ගිරග්ග සමඡ්ජ වැනි උලෙළක්‌ ලංකාවේ පැවැත්වූ බවට සෑහෙන තරම් මූලාශ්‍ර මෙතෙක්‌ හමුවී නැතැයි කිව හැකිය. එසේ වුවද පණ්‌ඩුකාභය රජ යුගයේ කාමෝත්සව පැවැති බැව් මහාවංශය (මහාවංශය X 64-65 පිටු) කියයි.

බෞද්ධාගම හෙළිදිවට පැමිණීමට පෙර ලංකාවේ දුරාචාර, පුද පූජා පැවැත්වූ බැව් හියුං සාං ප්‍රකාශ කර ඇත. (Buddhist
Records of the Westen World pp 206)

කෙසේ වුවද සීගිරිය ආරම්භයේ සිට රජවරු ප්‍රභූවරු ජීවත් වූ මාලිගයක්‌ ලෙස හැදින්වීමට සාධාරණය.

මහා දාඨික, මහා නාග රජු (ක්‍රි.ව. 06-18) දවස ගිරිභාණ්‌ඩ පූජා නම් උත්සවයක්‌ පවත්වා ඇති බවත් එයට හේතුව මිහින්තලේ චෛත්‍යයේ වැඩකටයුතු සාර්ථක ලෙස අවසන් වීම යෑයි මහාවංශය - රසවාහිනී, විසූධි මාර්ග ග්‍රන්ථවල සඳහන් වේ.

ගිරිභාණ්‌ඩ පූජාව ඒ යුගයේ පැවැති සුවිසල් පුණ්‍ය කර්මයක්‌ බවට අපමණ මූලාශ්‍ර බෞද්ධ සාහිත්‍යයේ ගිරිභාණ්‌ඩ පූජාය - නම් ෙච්තිය ගිරිය ආදි කොට සියලු සිංහල ද්වීපයෙන් යොදුනක්‌ තැන් දක්‌වා සමුද්‍රයෙන් පැවැත්වූ මහා ප්‍රදීප පූජාවයි (විසුද්ධි මාර්ග සන්නස - 12 සෘද්ධි විධි නිද්දේශ)

මේ අනුව තව තවත් විමසා බලන විට සීගිරියට රන්කාසි පිදුවේ "ගිරිභාණ්‌ඩ පූජාවක්‌" සඳහා ඒ යුගයේ විසූ සිංහල රජ කෙනෙක්‌ විසින් විය හැකිය. විදේශ රටවල් සමඟ දිගු කලක්‌ වෙළෙඳ ගනුදෙනු කළ ශ්‍රී ලංකාවේ ධනවතුන් හා ප්‍රභූවරුන් සතුව තිබුණ රන්කාසි මේ මහා පූජාව පිණිස ඒ පූජාව පැවැත්වූ මධ්‍යස්‌ථානයෙහි විසුරුවා හැරීමට ඉඩ ඇත.

මේ රන්කාසි පොළොව මතුපිට විසුරුවා තිබීමෙන් මෙය පූජාවක්‌ සඳහා විසුරුවා දැමූ පූජා භාණ්‌ඩ විය හැකි බවත්, රාජ අනුග්‍රහයෙන් පැවැත්වූ පූජාවක භාණ්‌ඩ සොරුන්ට ගෙන යැමට නොහැකිවූ නිසා ඒවා කාලයේ වැලි තලාවට යට වී පසුව එම ස්‌ථානය පිළිසකර කරන කැණීම්වල දී හමුවූ බවත් සිතීමට බොහෝ ඉඩකඩ ඇත.

ගිරග්ග සම-ජ වැනි උත්සවයකට රෝම ජාතිකයන් පැමිණ මේ රන්කාසි විසුරුවා දායි නම් ඒ රන්කාසි එවේලෙහිම කවුරුත් අසුලාගනු නිසැකය.

ලංකාවේ ආදිවාසි යක්‍ෂ ගෝත්‍රික පාලනය කන්ද උඩරට පමණක්‌ නොව දෙවුන්දර තුඩුවේ සිට වත්මන් පේදුරුතුඩුව දක්‌වා පැතිර තිබුණ බව රාමායණයෙන් කියෑවේ.

කන්ද උඩරට නුවරඑළියේ පිදුරුතලාගල සහ කිකිළියමාන කඳුවල රාවණ ගේ රහස්‌ මාළිගා ගිරිකුළුවලින් වටවී සැඟවී ඇති බැව් ජනශ්‍රැති මගින් කියෑවේ.

මාතලේ හරහා උමං ගංගා මාර්ගයක්‌ ඇති බැව් භූ විද්‍යාඥයන්ගේ මතයකි. ඉංග්‍රීසි ජාතික ඉංජිනේරුවරු එදා උමං ගංගාවක්‌ ලෙස සිතාගත්තේ රාවණ යුගයේ ජල මාර්ගයක්‌ විය හැකි යෑයි දොස්‌තර ශ්‍රී වාත්සව මහතා මා සමඟ ප්‍රකාශ කර ඇත. (1982.05.03) සාකච්ඡාව - නුවරඑළිය)

එපමණක්‌ නොව සීගිරි පර්වතය යටින් ලග්ගල දක්‌වා උමං මාර්ගයක්‌ ඇති බැව් තවත් මතයකි. (පෙරියසාමි වයියාපුර - බදුල්ල සාකච්ඡාව 80.02.14)

ගල්කඳු හා වනාන්තර පිළිබඳ ප්‍රායෝගික දැනුමක්‌ තිබුණ වයියාපුරි ගේ අදහස නිවැරැදි බැව් පසුගිය දිනෙක ලග්ගල දී මට හමුවූ කිහිප දෙනකු ගේම අදහස්‌වලින් තහවුරු වේ.

ලග්ගල බොහෝ දෙනෙක්‌ද අදහස්‌ කරන්නේ සීගිරියේ සිට ලකේගලට උමං මාර්ගයක්‌ ඇති බවය. රාවණ යුගයේ දී උමං මාර්ග ඉතා ජනප්‍රිය ගමනාගමන පද්ධතියක්‌ වී තිබුණ බැව් සිතිය හැකිය.

බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ වැලිමඩ ඌව පරණගම ස්‌ත්‍රීපුර කන්දට හක්‌ගල (නුවරඑළියේ) කන්දේ සිට උමං මාර්ගයක්‌ ඇති බැව් ඒ ප්‍රදේශවාසීන්ගේ විශ්වාස යයි (Cultural Heritage at King Ravana pp12)

මේ අනුව සීගිරියේ සිට ලක්‌ගලටත් ලක්‌ගල සිට බිම්තැන්නේ සිරිසවසකු පුරයටත් උමං මාර්ග පද්ධතියක්‌ තිබුණ බවට සැක නැත.

සීගිරිය ගොඩනගා ඇත්තේ ද මේ උමං මාර්ග කිහිපයක්‌ එක්‌වන සන්ධිස්‌ථානයක්‌ මතුපිට යෑයි ශ්‍රී වාත්සව අදහස්‌ කරයි.

වෘත්තියෙන් වෛද්‍යවරයෙක්‌ වූ ශ්‍රී වාත්සව මහතා ඉන්දියානු ජාතිකයෙකි. ඉන්දියාවේ හිමාලයේ ද ලංකාවේ විවිධ පළාත්වලද රාවණ රජු සහ ඔහු ගේ පා පහස ලත් ස්‌ථාන පිළිබඳ ගවේෂණයක යෙදුණ ඔහුට රාවණ රජතුමා ගේ විවිධ චර්යාවන් පිළිබඳ අවබෝධයක්‌ ඇත්තෙකි.

"සීගිරිය" තල්කොටේ අසල පදිංචිකරුවෙක්‌ වූ පුංචි බණ්‌ඩාගේ සාක්‍ෂියෙන් ද තහවුරු වුණේ දොස්‌තර ශ්‍රී වාත්සව ගේ මතය ම බැව් කිව යුතුය.

මාතලේ දිසා ඇමැති ධුරය දැරූ දඹුල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඩබ්. ආර්. එම්. ඒකනායක මහතාද සීගිරියට දැඩි ඇල්මක්‌ තිබුණ දේශපාලනඥයෙකි.

සීගිරිය බළකොටුවේ ජීවත් වූ ආදි පුරුෂයා රාවණා රජු විය හැකි බැව් තමා විශ්වාස කරන බවත්, ඒ ගැන මුඛ පරම්පරා කථාවක්‌ ඉහළ තල්කොටේ ටිකිරි බණ්‌ඩා නමැත්තෙක්‌ දැනට වසර 15 කට පමණ පෙර කියා ඇති බවත් දිසා ඇමැති ඒකනායක මහතා කීවේය. (1981 ජුනි මස සාකච්ඡාව)

සීගිරියේ විසූ කස්‌සප (477-495) රජතුමා තරුණ කාලයේ මාග බ්‍රාහ්මණයා ගෙන් ජ්‍යෙතිෂය හැදැරූ බවත්, එයට පූර්ණ අනුග්‍රහය ධාතුසේන රජතුමාගෙන් ලැබුණ බවත් එහි ප්‍රතිඵලයක්‌ ලෙස සීගිරිය ග්‍රහලෝක පරීක්‍ෂණ කටයුතු කරන විද්‍යාගාරයක්‌ ලෙස පැවැති බවත් ප්‍රවීණ ජ්‍යෙdaතිෂ ශාස්‌ත්‍රඥයෙක්‌ වූ ආචාර්ය කිංස්‌ලි ගුණතිලක කියයි.

ධාතුසේන රජතුමා ගේ අන්ත(පුරය ද සීගිරියේ පැවැති බැව් ආචාර්ය ගුණතිලක ගේ මතයයි. Prince Kassapa Studied
Astrology thoroughly with the help of king Dhatusena's
Court astrologer Brahmin Rishi Kevala Maga. One of his
texts in ola leaf on astrology still remain in the British
Museum. Kassapa knew that according to his stars he
should become king before his brother Mugalan. So he
suddenly arranged a coup d' etat and became the king of
Sri Lanka in 497 A. D.

His Astrologer friend Brahmin Kewala Muga instructed
king Kassapa to conver Sigiriya in to a planetorium.
Sigiriya was rebuilt under the guidance of Brahmin Maga
(The Island 3. 11.1982)

සීගිරි පර්වතය වටා කැටපත් පවුරක්‌ (Mirror Wall) තිබුණ බැව් පුරාවිද්‍යාඥයන් කියන බැව් ගුණතිලක සඳහන් කරයි. ඒ කැටපත් පවුර අංශක 80% වෘත්තයකට තිබුණ අතර, නැකැත් පිළියෙල කිරීම වැනි ජ්‍යෙdතිර් විද්‍යා පර්යේෂණ කටයුතුවලට එය ප්‍රයෝජනවත් වී යෑයි ද ආචාර්ය ගුණතිලක ගේ මතය වී ඇත. සීගිරි ප්‍රදේශයේ වූ 'නයි පෙණ ගුහාව' පරුමක නගුලිය ලෙන යනුවෙන් සඳහන් වී තිබෙන්නේ සීතා දේවිය විසූ ගුහාව එය නිසා බවත් නගුලිය යනු සීතාවන්ට (නඟුලෙන් උපන් ලිය) යෙදූ නමක්‌ බවත් ශ්‍රී. ල. රා. රාජධානිය (පිටු 171) කියයි.

මාක්‌ස්‌ ප්‍රනාන්දු ගේ අදහස සීගිරිය රාවණ විසින් ගොඩනංවා ඇති බවකි. නමුත් ලග්ගල, ඉනාමළුව, තල්කොටේ, ගලහිටියාගම ආදී තදාසන්න පෙදෙස්‌වල ජනශ්‍රැති අනුව පෙනී යන එක ම සත්‍යය නම් වෙසමුණි (විශ්‍රවස්‌මුණි) රජ අණ ලෙස මය දානව විසින් මේ ශෛලමය මාලිගය ගොඩනඟා ඇති බවයි.

මෙවැනි අතිශ්‍රේෂ්ඨ ගණයේ නිර්මාණයක්‌ කළ මය දානව කවුද යනු විමසා බැලිය යුත්තකි. 'මහා භාරත කාව්‍යයේ දැක්‌වෙන ඛාණ්‌ඩව වනය දැවීමේ දී සිය දිවි ගලවා ගැනීමට ආධාර දීම ගැන කෘතඥ වූ 'මය' තෙමේ පාණ්‌ඩවයන් ගේ නායක යුඬිශ්ඨිර නරේන්ද්‍රයාට විසිතුරු ශාලාවක්‌ නිම කර දුන්නේ ය. මය වනාහි ලංකේශ්වර රාවණ ගේ මයිලණුවෝ ය. 'දුන්දාහී' සහ 'මායාවී' නම් රාක්‍ෂ වීරයින් ගේ පියාණෝ ය. දක්‍ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙකි. 'මයමතය' නම් ගෘහ නිර්මාණ ශාස්‌ත්‍රීය ග්‍රන්ථය කරන ලද්දේ මය දානවයා විසින් යෑයි කියනු ලැබේ. 'සූර්යා සිද්ධාන්තය' ද මය ගේ එක්‌ ග්‍රන්ථයකි. මය ගේ දියණිය වූ මන්දොaදරී සමඟ රාවණ රජු විවාහ වූ දිනයේ රාවණට සිය බලසම්පන්න ත්‍රිශූලය දායාද වශයෙන් ප්‍රදානය කළේය. (සංක්‍ෂිප්ත රාමායණය, පිටු.190).

වත්මන් ගැමියන් මය යක්‍ෂයා යනුවෙන් හඳුන්වන්නේ මය දානව බවට සැක නැත. වෛශ්‍රවණ හෙවත් විශ්‍රවස්‌මුණි ගේ නාමය ඔහු ගේ පුත්‍ර කුවේරට ද පාවිච්චි කළ බැව් මූලාශ්‍රවලින් පෙනේ. 'අනුරාධපුර යුගයේ දී වෛශ්‍රවණ නම් යක්‍ෂයා පුදන ලදී. ඔහු කුවේරයා ලෙස සාහිත්‍ය ග්‍රන්ථවල එයි. (පැරණි ලංකාවේ ආගම් හා පුද පූජා, පිටු 97).

ලංකාවේ යක්‍ෂයන් උසස්‌ සභ්‍යත්වයක්‌ ඇති, නගරවල විසූ, කපු පිළි ආදී රෙදි විවීම කළ, විදේශික ප්‍රජාවට අකමැති, වෙළෙන්දන් මරා දැමූ වර්ගයකැයි මහාචාර්ය ගුණපාල මලලසේකර ගේ 'The Pali Literature of Ceylon" ග්‍රන්ථය කියයි.

සීගිරිය අවට පැවති සංස්‌කෘතිය මේ අනුව අනුමාන ව සිතා ගත හැකි ය. මේ ස්‌ථානය මාතලේ දුම්රිය පොළට සැතපුම් 35 ක්‌ ඈතින් පිහිටා ඇති අතර, එය අඩි 600 ක්‌ උසැති ගිරිකුළක්‌ බවත් අක්‌කර 3 1/2 ක පෙදෙසක මේ සීගිරිය සංකීර්ණය පැතිර ඇති බවත් ලිත සාක්‍ෂි අනුව කිව හැකි ය. (Tutor - Vol. 01. Wool.
P.P. 35)

අක්‌කර 300 ක භූමි ප්‍රමාණයක්‌ එදා සීsගිරියට අයත් ව තිබිණැයි ඒ. සී. ලෝරි කියයි The Gazetteer of Central Province pp.791).
මෙගලිතික සංස්‌කෘතියට අයත් යක්‍ෂ ගෝත්‍රිකයින් කළුගල් නිර්මාණ කටයුතුවලට දක්‍ෂයන් වූ බැව් දැඩිමුණ්‌ඩ පුවතේ කවිවලින් සනාථ වේ.

මෙලෙස කපා ගල යකුන් ලවා යේ
එලෙස සෙනඟ රැස්‌ කළ එකලා යේ
යසස මෙලක්‌ දිව පතළ කළා යේ
සතොස වඩන සුර විමන කළා යේ
(පරණවිතාන සමර දෙසුම්, පිටු 25)

මේ අනුව විමසා බැලීමේ දී මෙගලිතික සංස්‌කෘතිය තුළ ජීවත් වූ යක්‍ෂ ගෝත්‍රික නිර්මාණ ශිල්පීන් අතින් සීගිරිය බිහි වීම පුදුමයට කරුණක්‌ නො වේ.

සීගිරියේ කැටපත් පවුරේ වත්මන් ගී ලියා තිබෙන්නේ ඊට පෙර එහි ලියා ඇති ගී සය වෙනත් සටහන් මතූ පිට බැව් කිව යුතු ය (Weekend Sun - H. Marcus Fernando 1/4/1984). එසේ නම් එම ගීවලින් සීගිරිය පිළිබඳ සත්‍යය හෙළිවිය හැකි ව තිබුණි.

මෙගලිතික යුගයේ මේ ප්‍රදේශය ඉතා දියුණු ජනාවාසයක්‌ බැව් පර්යේෂණවලින් පෙනී ඇත. ශ්‍රී ලංකා ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාරය මගින් සීගිරියේ සිට සැතපුම් 02 ක්‌ වයඹ දිගින් පිහිටි නාගල වැව ග්‍රාම නිලධාරී වසමේ කුඩා නිකකටුව වැව ප්‍රතිසංස්‌කරණ කටයුතුවල දී ඒ වැවේ පස්‌ කපන විට වැව පතුලේ තිබී පුරාණ කඩු 12 ක්‌ හා හෙල්ලයක්‌ හමු වුණි. මේ අනුව සොයා බලන විට සීගිරිය අවට සැතපුම් ගණනක්‌ ඈතට විහිදී ගිය පැරණි ශිෂ්ටාචාරයක්‌ තිබූ බවට සාක්‍ෂි එමට ඇති බැව් ශ්‍රී ලංකා සාගිනි නිවීමේ ව්‍යාපාරයේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ඩන්ස්‌ටන් ප්‍රනාන්දු කියයි (සිළුමිණ, 1994.04.24).

ජ්‍යෙdතිර් විද්‍යා පර්යේෂකයෙක්‌ වූ ආචාර්ය කිංස්‌ලි ගුණතිලක තරයේ ම ප්‍රකාශ කරන්නේ මේ ස්‌ථානය කාශ්‍යප රජු ගේ ග්‍රහලෝකාගාරය ලෙසයි.

'Megalithic Satrological Computer of England which was
built about 2000 years ago to check the movements of the
stars. It is now an accepted theory of Archaeologists who have
strained this, similar structures are seen in the Mexico Caracol
observatory chichen itza in the Maya Culture Buildings.
There are many similar ruins in India too' (The Island 3-11-
19852).

ආචාර්ය ගුණතිලක සීගිරිය පිළිබඳ ඉදිරිපත් කළ ග්‍රහලෝකාගාර සංකල්පය ද තරමක්‌ දුරට හෝ පිළිගත හැක්‌කේ රාවණ ගේ පියාණන් වූ විශ්‍රවස්‌මුණි පමණක්‌ නොව රාවණ ගේ සීයා වූ පුලස්‌ති මහ සෘෂිවරයා සහ රාවණ ද දක්‍ෂ ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රඥවරු බැවිනි.

ලකේගල මුදුනේ සිට පුලස්‌ති සෘෂිවරයා තාරකා විද්‍යා කටයුතු පර්යේෂණ පැවැත්වූ පරිදි පුලස්‌ති පුත්‍ර විශ්‍රවස්‌මුණි (වෙසමුණි) සහ විශ්‍රවස්‌ පුත්‍ර රාවණයෝ ද ජ්‍යෙdතිෂ විද්‍යා පර්යේෂණ කළ බැව් ලොව පිළිගත් සත්‍යයකි. යක්‍ෂ ගෝත්‍රික සම්බන්ධයක්‌ සිය මවු පසින් ලත් කාශ්‍යපයෝ ද පසු කලෙක මාග බ්‍රාහ්මණයා ගේ උපදෙස්‌ පිට ජ්‍යෙdaතිෂය හදාරන්න ඇතැයි සිතිය හැකිය.

සීගිරිය, ලකේගල ආදී උභය ස්‌ථානයන් යක්‍ෂගෝත්‍රික ආදිවාසී විද්වතුන් ගේ මාලිගා මෙන් ම විද්‍යා නිකේතන වූවාට සැක නැත.

පසු කලෙක හෙළදිවට පැමිණි ආර්යයන් යක්‍ෂ ගෝත්‍රිකයින් ගේ වැඳුම් පිදුම් අනුගමනය කර ඇති බැව් යුතු ය. මේ ආර්ය සිංහලයින් මෙන් ම ඉන්දු ආර්ය ජනකොටස්‌ ද මහාකාල සහ මහාකාලි වන්දනාවේ යෙදෙන්නේ එබැවිනි. මේ පිළිබඳ ව ඇස්‌. ඩී. ද ලැනරෝල් මෙසේ අදහස්‌ දක්‌වයි.

'The Aryans tagged on the rituals performed in the
worship of Yakkha deity known as Mahakala the supreme
Yakkha deity must have originated from a natural sight seen
on the top of a rocky mound'.

'The worship of Mahakali the Yakkhini the spouse of
Mahakala is still full of savage rites performed by the ancient
Yakkhas' (Orignis of Sinhala Culture, PP 30-31).

මේ මහා කාලි මෙන් ම මහා කාල වන්දනාව ඉන්දියාවේ ද පැතිර ඇති අතර මහා කාල සහ මහා කාලි රාවණ ගේ හමුදාවේ සිටි ප්‍රබල සෙන්පතියන් බැව් ඇතැමෙක්‌ විශ්වාස කරති.

මේ සීගිරිය 'චිත්‍රකුට' නමින් ද හඳුන්වා ඇත. එයට හේතුව එය අලංකාර චිත්‍රවලින් පිරි කලාගාරයක්‌ වූ නිසා යෑයි සිතිය හැකිය. (Week end Sun). චිත්‍රරාජ නමැති යක්‍ෂ සේනාධිපතියා ද මේ චිත්‍ර කූටයේ ජීවත් වූ බවට මූලාශ්‍ර ඇත. පණ්‌ඩුකාභය රජතුමා දේවත්වයෙන් පුදන ලද්දේ මේ සෙන්පතියා යෑයි අනුමාන ය.

මේ සීගිරිය හෙවත් චිත්‍රකූටය තදාසන්න ගම්වල ජීවත් වූ යක්‍ෂ ගෝත්‍රිකයන් වල් අලි, කොටි, වලස්‌, නයි, පොළොං ආදී වන සතුන් සමඟ සහජීවනයෙන් හා සාමදානයෙන් සිටි බවත් ඒ යක්‍ෂ ගෝත්‍රිකයින් වන සතුන් හීලෑ කර ගැනීමට බලගතු මන්ත්‍ර පාවිච්චි කළ බවත් දිඹුලාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්‌ යෑයි පැවසූ රාවණා ගේ කෙන්දා නමැත්තෙක්‌ අප සමඟ කීවේ ය. (1980.01.05 සාකච්ඡාව).

වත්මන් වැදි ජනයා ලෙස සැලකෙන අපේ ආදිවාසීන් ගේ මන්ත්‍ර හා විවිධ යාතුකර්ම සඳහා ව්‍යවහාර වන්නේ ඉපැරණි යක්‍ෂ ගෝත්‍රික සිංහල බවත් ඒ මන්ත්‍ර හා යාතු කර්ම විධි පෙරදා ලෙස පැවැත්වීමට තබා මන්ත්‍රයක්‌ නිවැරදි ලෙස උච්චාරණය කිරීමට වත් වත්මන් තරුණයින්ට නො හැකි බවත් කෙන්දා ගේ අදහසයි.

තව ද, ලංකාවේ සතර වරම් දෙවියන් ලෙස සැලකෙන විරුඪ - විරූපාක්‍ෂ, ධෘතරාෂ්ඨ හා වෛශ්‍රවණ ආදින් යක්‍ෂ, දේව, නාග ගෝත්‍රික නායකයින් බැව් පිළිගත හැකි සත්‍යයකි. ඒ සතරවරම් දෙවියන් ගෙන් වෛශ්‍රවණ යනුවෙන් හඳුන්වන්නේ කුවේර, රාවණ, විභීෂණ, කුම්භකර්ණ ආදී රාක්‍ෂ වීරයින් ගේ පියාණන් වූ විශ්‍රවස්‌මුණි රජතුමා ය.

නිගමනය

සීගිරිය නිර්මාතෘවරයා මය දානව නමැති ශ්‍රේෂ්ඨ නිර්මාණ ශිල්පියා බවත් එහි ආදි පුරුෂයා විශ්‍රවස්‌මුණි රජතුමා බවත් මේ දත්ත සමූහයෙන් මැනවින් පැහැදිලි වනු ඇත. විශ්‍රවස්‌මුණි ගෙන් කුවේරටත් කුවේරගෙන් රාවණටත් රාවණ ගෙන් පසු විභීෂණටත් සීගිරියේ උරුමය ලැබුණ නමුත් සිය සොයුරාට සතුරුකම් කළ විභීෂණ ව පිළිගැනීමට කන්ද උඩරට යක්‍ෂ ගෝත්‍රිකයින් නොමැති වීම නිසා කැලණි පුරය දක්‌වා මන්දොaදරී ද සමඟ පසුබැසීමට විභීෂණට සිදු වුණි.

එයින් පසු රාවණ පරපුරේ යක්‍ෂ ගෝත්‍රික ප්‍රභූවරු අතින් අත මාරු වෙමින් පැවැති මේ ඓතිහාසික බළකොටු මැදුරට නව එළියක්‌ ලැබුණේ පණ්‌ඩුකාභය රජතුමා හෙළදිව පාලනයට පත්වීමෙන් පසු වය. පණ්‌ඩුකාභ්‍ය පුත් 'මුරුණ්‌ඩශිව' (මුට ශිව) රජතුමා ද ඔහු ගේ පුත් දේවානම්පියතිස්‌ස (ක්‍රි.පූ. 307-267) රජතුමා ද මේ ස්‌ථානයට සම්බන්ධ වූවේ ඔවුන් ගේ පාරම්පරික උරුමයකට බැව් විශ්වාස කළ හැකි ය. විවිධ රජවරුන් විසින් වරින් වර සීගිරිය ප්‍රතිසංස්‌කරණය කර ඇත. කාශ්‍යප රජතුමා ද එයින් එක්‌ කෙනෙක්‌ පමණි. යක්‍ෂයින් ගේ රාජධානිය වූ ලංකාපුරය මනඃකල්පිත නගරයක්‌ නො වේ. ඒ ස්‌ථානය මධ්‍යම පළාතේ මාතලේ දිස්‌ත්‍රික්‌කය තුළ දැනුදු හඳුනාගෙන ඇති බැව් ස්‌පෙන්සර් හාඩි ප්‍රකාශ කර ඇත (ශ්‍රී.ල.රා.රා., පිටු. 135).

රාවණ ගේ නාමය සීගිරියෙන් ඈත් කළ හැකි ද? මෙය ඉතිහාසය හා පුරාවිද්‍යාව එකට එතුන ප්‍රශ්නයකි. සීගිරියේ ඈත අතීතය කළුගල් පතුරු හා කාලයේ වැලි තට්‌ටු අතරින් ඉතා සූක්‍ෂම ලෙස සොයා බලන විට නුදුරු අනාගතයේ යම් දිනෙක සීගිරි ගල පතුලින් සැතපුම් සිය ගණනක්‌ දිග උමං මාර්ගයක්‌ හමුවූවත් පුදුම විය නො හැකි බැව් විශ්වාස කළ හැකි ය. එමෙන්ම එහි අඩි දහස්‌ ගණනක්‌ යටින් පොළොව කුහරය තුළ ගරා වැටුණ නගරයක නටබුන් හමු වූවත් එය ගැන පුදුම නො විය යුත්තේ ශ්‍රී ලංකාවේ මෙගලිතික යුගය අදට වඩා දියුණු යුගයක්‌ බැව් ප්‍රත්‍යක්‍ෂ වී ඇති බැවිනි.
පාදක සටහන්

1. සීගිරි ගී සිරි - වි. ජ. මු. ලොකුබණ්‌ඩාර
- හිටපු සංස්‌කෘතික කටයුතු ඇමැති, පිටු (XIX)

2. සංක්‍ෂිප්ත රාමායණය - අබේසිංහ, පිටු( 200

3. රාවණ කතා( පුස්‌කොළ ග්‍රන්ථය - මිල්ලව වන්නි බණ්‌ඩාර මහා කප්පින වික්‍රමසිංහ අදිකාරම්.

4. සම්භාෂා - කරුණාරත්න පරණවිතාන, පිටු. 310

5. සිංහලයන් ගේ මූලාරම්භය - ආචාර්ය ඇනස්‌ලි හර්මන් මිරැන්ඩෝ

6. දිවයින - මහාචාර්ය අභය ආරියසිංහ, 1989.10.29

7. මහාවංශය

8. දීපවංශය

9. පූජාවලී

10. නිකාය සංග්‍රහය

11. ශ්‍රී ලංකාද්වීප වර්ණනා - රාජ වෛද්‍ය ඕ. එම්. ඔබේසේකර

12. සිළුමිණ - මහචාර්ය විනී විතාරණ, 1944.4.47

13. හෙළදිව රාජ වර්ෂ විමර්ශ - කරහම්පිටිගොඩ සුමනසාර නාහිමි

14. Elevan years of Ceylon - Jonathan Forbes

15. The illnstrated London News - Prof. Paranavithana's letter
16. සිළුමිණ - පුරාවිද්‍යා කොමසාරිස්‌ එම්. එච්. සිරිසෝම, 91.6.16

17. සිළුමිණ - පුරාවිද්‍යා ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල, සිළුමිණ 94.4.17

18' Sri Lanka Today - Raja de Silva, PP. 12
19. Week end Sun - H. Marcus Fernando 1984.4.1
20. The Gazetteer of Central Province A. C. Lawrie

21. නිල්ගල වලව්වේ සිසී කුමාරිහාමි ගේ අමුද්‍රිත ජනකවි එකතුව

22. The Cultural Heritage of king Ravana - IBID

23. ගලහිටියාගම පුංචි බණ්‌ඩා - සීගිරිය ඉනාමළුවේ දී කළ සාකච්ඡාව, 1992.01.03

24. දම්පියා අටුවා ගැටපදය

25. Sigiri Graffiti - Prof. S. Paranavithana
26. The Greek & Mauriyas - Prof. S. Paranavithana

27. විශුද්ධි මාර්ග සන්නය

28. Buddhist records of Western World

29. දොස්‌තර සී. වාත්සව සමඟ නුවරඑළියේ දී කළ සාකච්ඡාව, 82.5.31

30. පෙරියසාමි වයියාපුරි සමඟ සාකච්ඡාව - (බදුල්ල 80.2.14)

31. මාතලේ දිසා ඇමැති කේ. ඩබ්. ආර්. එම්. ඒකනායක මහතා සමඟ සාකච්ඡාව 1981.6.10

32. ආචාර්ය කිංස්‌ලි ගුණතිලක ගේ ලිපිය - Island, 1982.11.3
33. The Pali Literature of Ceylon - Prof. G. P. Malalasekera
34. සම්භාෂා 03 කලාපය - කරුණාරත්න පරණවිතාන ලිපිය

35. ඩන්ස්‌ටන් ප්‍රනාන්දු ගේ ලිපිය - සිළුමිණ 1994.4.24

36. Origins of Sinhalese Culture - S. D. De Lanarolle
37. රාවණ ගේ කෙන්දාගේ සාකච්ඡාව - 1980.01.05 සාකච්ඡාව, දිඹුලාගල

38. නාගල වැව ටිකිරා ගේ සාකච්ඡාව - 1970 ජුනි 01, නාගල වැව

39. Tutor - Vol 01, No. 01

40. පරණවිතාන සමරු දෙසුම්, කර්තෘ කපිල විමලධර්ම

41. ශ්‍රී ලංකා රාවණ රාජධානිය - ආරියදාස සෙනවිරත්න
 (උපුටා ගැනීම-http://www.divaina.com)

2012 ජය ගන්නඅපේම ක්‍රමයක් -උමා ජෝතිෂ්‍යය

2012 ජය ගන්නඅපේම ක්‍රමයක්

උමා ඡ්‍යෝතිෂය                                 
උමා ඡ්‍යෝතිෂය යනු සූර්යයා කේන්ද්‍රකරගෙන පෘථිවිය හා සඳ ඇසුරෙන් අහස විමසීමයි. මේ ක්‍රමය රාවණා රජුගේ කාලයේ ලියැවුණු වේද අංග අතරින් අතර්වන්වේදයේ සඳහන් ක්‍රමයක් ලෙස සැලකේ.
පුලස්ති නම් වූ ඍෂිවරයා විසින් සංග්‍රහ කරන ලද අතර්වන්වේදයේ ඇති මේ ශාස්ත්‍රය රාම රාවණ යුද සමයේ විනාශ වී යා නොදී නිදන් කර පසුකාලීනව ධ් විජයබාහු රජුගේ කාලයේ යළි සොයාගෙන ඇති බව විශ්වාසයයි. ඉන්පසු දිගින් දිගටම අතිනත පැමිණි උමා ඡ්‍යෝතිෂ ශාස්ත්‍රය අත්තරගම රාජගුරු බණ්ඩාරයන් විසින් හෙළදිව ප්‍රකට කරන ලද බව සඳහන් වේ.
මෙමඟින් අපට සුපුරුදු කොටු දොළසේ කේන්ද්‍ර සටහන වෙනුවට අට දිශාවට අයත් කොටු අටක් ඇසුරු කරගනිමින් ඒවායේ ග්‍රහ පිහිටීම් හා එහි ශක්තීන් අනුව අනාවැකි ඵල කිරීමට උමා ඡ්‍යෝතිෂවේදීන්ට හැකියාව ලැබී ඇත.
මේ ක්‍රමයේදී යම් වසරක ජනවාරි 01 දා වසරේ මුල් දිනය ලෙස සැලකීම නිවැරදි යැයි ගත නොහැකි වුවත් එදින හිරු උදාවන මොහොතේ ශ්‍රී ලංකාද්වීපයට ඉහළින් උදාවන ග්‍රහ පිහිටීම් හා එම ග්‍රහ බලය අට දිශාවට බලපාන ආකාරය පදනම් කරගෙන ඉදිරි කාල පරිච්ඡේදය පිළිබඳ යම් අදහසක් ගොනු කර ගැනීමට හැකියාව තිබේ.
අද (ජනවාරි 1 වැනිදා) හිරු උදාවන විට සාමාන්‍ය ඡ්‍යෝතිෂය අනුව ඉහළ අහසේ උදාවන්නේ ධනු රාශියයි. එහෙත් උමා ඡ්‍යෝතිෂයට අයත් සුවිශේෂි නියමයන් සලකන කල එසේ උදා වන්නේ මිථුන රාශියයි. එබැවින් මිථුන ලග්නයේ ග්‍රහ පිහිටීම් මෙන්ම උමා කේන්ද්‍ර සටහනේ ග්‍රහ පිහිටීම් මෙසේ දැක්විය හැකිය.
සාමාන්‍ය ඡ්‍යෝතිෂයේදී පුද්ගලයකු උපන් වේලාව අනුව අයත් වන රාශිය සොයන්නා සේම, උමා ඡ්‍යෝතිෂයට අනුව පුද්ගලයා අයත් යෝනිය හෙවත් ශක්තිය ජනිතවන දිශාව සොයා ගත හැකිය. ඒ සඳහා ක්‍රම කිහිපයක් ඇතත් සරල හා පහසුම ක්‍රමය වන්නේ උපන් දිනය ඇසුරෙන් එය සකසා ගැනීමයි. එසේම පුද්ගලයකුගේ සම්පූර්ණ නම අනුව ද තමන් අයත් යෝනිය හෙවත් සත්ත්ව නාමය ගණනය කළ හැකිය.
නමේ මුලකුර අනුව කෙරෙන ගණනය සැලකූ කල ශ්‍රී ලංකාව එසේ නැතහොත් සිංහල ප්‍රමුඛ ජාතිය ලෙස ගැනෙන රට සඳහා යෙදෙන මුලකුර “ස” ආශි‍්‍රතව එයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ ලග්නය සාමාන්‍ය ඡ්‍යොතිෂයේදී කුම්භ ලග්නය ලෙස සලකන්නා සේ උමා ඡ්‍යෝතිෂයට අනුව මුව යෝනියට අයත් ලෙස ගත හැකිය.
රවි කේÁද්‍රගත කොටගෙන දක්වා ඇති අට දිශාව යෙදූ උමා කේÁද්‍ර සටහනේ පරිදි ජනවාරි පළමුවැනිදා උදාවන විට නැගෙනහිර දිශාවට රාහු සහ බුධ ද දකුණු දිශාවේ ගුරු ද නිරිත දිශාවේ ශනි සහ සිකුරු ද බටහිර දිශාවේ කේතු ද උතුරු දිශාවේ කුජ රවි සහ චන්ද්‍රයා ද අදාළ අංශක අනුව පිහිටයි.
එමෙන්ම මිථුන ලග්න හිමි කේÁද්‍ර සටහනේ තුන්වැන්නේ කුජ, පස්වැන්නේ ශනි, හය වැන්නේ රාහු සහ බුධ, හත් වැන්නේ රවි, අටවැන්නේ සිකුරු දසවැන්නේ චන්ද්‍ර එකොළොස් වැන්නේ ගුරු සහ දොළොස්වැන්නේ කේතු පිහිටා ඇත.
මේ කුමන ක්‍රමයකින් ගෙන බැලුව ද මේ මස අග භාගය වන විට දිවයින පුරා වැඩවර්ජන, නොසැලකිලිමත්කම නිසා ඇතිවන ව්‍යාකූලතා ආදියට හේතු වේ. සය වැන්න වන වෘශ්චික රාශියේ බුධ ග්‍රහයා රාහු සමඟ සංයෝග වීම ප්‍රඥාව මොට කිරීමේ ලකුණු පෙන්නුම් කරයි. අනුවණ තීරණ ගැනීමෙන් කටයුතු පටලවා ගැනීමට ඉඩ කඩ පවතී. එහෙත් සෙනසුරු උච්ච බලයෙන් සිටීම නිසා මේ තත්ත්වය වෙනස් කිරීමට මං පෙත් විවර වේ.
උමා ඡ්‍යෝතිෂ සටහන අනුව ලංකාවට හිමි නැකැතේ අධිපති රාහු තම විරුද්ධකාරක සූර්යයාට හිමි නැඟෙනහිර දිශාවේ පිහිටන බැවින් සමස්තයක් ලෙස වසරේ ඉදිරි ගමන බාධක කම්කටොලු මැදින්ගලා යාමට හේතු මතුවේ.
කර්මාන්ත ක්‍ෂේත්‍රය නියෝජනය කරන අඟහරු විරුද්ධ කාරකව සිටින බැවින් කම්කරු ගැටලු ආදිය ඇති වීමට ද කරුණු යෙදිය හැකිය. ධාර්මික බවත් තාර්කිත බවත් නියෝජනය කරන බුධ, රාහු සමග සංයෝග වීම ජනතාව නිවැරදි දැක්මකින් තොරව කටයුතු කිරීමටත් තාර්කික බවින් තොරව හැසිරීමටත් පොළඹවයි. එනිසා නිවැරදි තීරණ තීන්දු ගැනීමට යුහුසුලු විය යුතුය.
ක්‍රීඩාවට හිතකර බුධ හා අඟහරු සතුරු දිශාවලට ගමන් කිරීමෙන් එම ක්‍ෂේත්‍රයේ විවිධ ගැටලු පරාජයන් විඳ දරාගෙන අනාගත ජය වෙනුවෙන් අභියෝගවලට මුහුණ දීමට සිදුවන කාලයක් ලෙස ඉදිරි වසර හැඳින්විය හැකිය.
මිථුන ලග්න උදාව සලකන කල රාජ්‍ය අංශයේ සතුරන් දැක්වෙන්නේ 3 වැන්නේය. එහි අධිපති රවි රාජ්‍ය පාලන ස්ථානය වන 7 වැන්නේ පිහිටීම නිසා සතුරන් හිස එසවීමට පවා ඉඩ ඇති බැවින් රජය මෙන් ම ජනතාව ද ඉතා විමැසිලිමත්ව හා බුද්ධිමත්ව නිසි අවබෝධයෙන් කටයුතු කළ යුතු කාලයක් ලෙස හඳුනා ගත හැකිය.
සියලු බාධක පෙන්නුම් කළ ද ගුරු 11 වැන්නේ හෙවත් මේෂ රාශියේ පිහිටීම ඒ සියලු දෝෂ භංග කිරීමට යෙදුණු ආශීර්වාදයක් වැන්න. ඉහත කී කුමන බාධකයක් වුව අදෘශ්‍යමාන බලවේගයකින් මෙන් සමනය කිරීමට ගුරුගේ බලපෑම හේතුවෙයි.
කෘෂිකර්මයට අධිපති සෙනසුරු හා පොළොවට අධිපති අඟහරු උමා ඡ්‍යෝතිෂ සටහනේ දිවියාගේ කොටුවට පැමිණ ඇති බැවින් කුමන බාධක මැද වුවද එම අංශයේ වර්ධනයක් හා ජයක් හිමිවනු ඇත.
සිකුරු අටවැන්නේ පිහිටීම කලා ක්‍ෂේත්‍රයට හා කලාකරුවන්ට යම් යම් බාධාකාරී ස්වභාවයක් ලෙස පෙන්නුම් කළ ද, උමා ඡ්‍යෝතිෂ සටහනට අනුව සිකුරු ග්‍රහයා තැන්පත්ව ඇත්තේ සුබ දිශාවක බැවින් සාහිත්‍ය කලා අංශයේ දියුණුවට කටයුතු ද සලස්වයි.
සිකුරු සුබ දිශාගතවීම සමස්තයක් ලෙස රටේ කාන්තාවන්ගේ පිබිදීමකට ද හේතු විය හැකිය. එසේම ගිනිකොන දිශාධිපති සිකුරු නිරිත දිශාවේ මිත්‍රව පිහිටීම 2012 වර්ෂයේදී වේගවත් ආර්ථික සංවර්ධනයක් කරා රට ගෙන යන පිහිටීමකි.
ගුරු තමන්ට සුබ දිශාවේ තැන්පත් වීම නිසා විදේශ සබඳතා ආදියටත් ආයෝජනයටත් යහපත් වනු ඇත. විශේෂයෙන් වසරේ මැයි මාසය වන විට එම අංශවල විශේෂ ප්‍රගතියක් දකින්නට හැකිවේ.
සමස්තයක් ලෙස රටට මෙවැනි ප්‍රතිඵල උදා කළ ද ඒ ඒ පුද්ගලයා අයත් යෝනිය හෙවත් සත්ත්ව නාමය අනුව පෞද්ගලික පලාපල වෙනස් වනු ඇත. උමා ඡ්‍යෝතිෂයට අනුව තමන් අයත්වන යෝනිය උපන් දිනය ඇසුරින් සොයා ගැනීමේ ක්‍රමය වන්නේ තමන් උපන් වසර, මාසය හා දිනය එක පෙළට ලිවීමයි. නිදසුනක් ලෙස 1980 ජූලි 08 වැනිදා උපන් අයකු නම් 198078 ලෙස ලිවිය යුතුය. එහිදී මාසය හා දිනය තනි අංකයක් නම් ඉදිරියෙන් ඇති බින්දුව සඳහන් නොකළ යුතු අතර ඉලක්කම් දෙකක අගයක් සඳහා බින්දුව යෙදේ නම් එය එලෙසම යෙදිය යුතුය. උදා 1950
ඔක්තෝබර් 20 නම් 19501020 ආදි වශයෙනි.
පළමු වැනි නිදසුනේ මෙන් උපන් දිනය එකපෙළට ලියාගත් පසු ලැබෙන ඉලක්කම අටෙන් බෙදිය යුතුය. 198078/8 = මෙහිදී ඉතිරි වන්නේ 6 කි. එය අයත් වන්නේ මීයාටය.
ඉහත නිදසුනේ මෙන් අදාළ අංකය අටෙන් බෙදූ විට ඉතිරි වන අංකය අනුව තමන් අයත් වන යෝනිය හා තමන්ට වඩාත් ගැලපෙන දිශාව, ග්‍රහයා ආදිය පහත දැක්වේ. අදාල ඉලක්කම 8 න් බෙදූ විට ඉතිරි නොවේ නම් එය අයත් වන්නේ ද මුවාටය.
මෙහි සැමවිටම මුහුණට මුහුණ ලා සිටින දිශාව ද ඊට අධිපති සත්ත්වයන් දෙදෙනා ද සතුරුය. (උදා:- නැඟෙනහිරට ගුරුළා සහ බටහිරට නයා ආදී වශයෙනි.)
මෙය ඉතාම සරල ක්‍රමය වන අතර තමන්ගේ ග්‍රහ පිහිටීම් අනුව හා සම්පූර්ණ නම ආදී බොහෝ කරුණු වටා ඒ ඒ පුද්ගලයාට ඉදිරි වසරේ පලාපල වෙනස් විය හැකි වුවත් පොදුවේ ගත් කල 2012 වසර මුවාට සහ බළලාට වඩා යහපත් වසරක් වනු ඇත. සිංහයා, ගුරුළා සහ ඇතා යන යෝනිවලට අයත් අය තරමක් පරෙස්සම් විය යුතු අතර අනෙක් අයට මිශ්‍රඵල ලැබේ.
යම් හෙයකින් තමන්ට ඉදිරි කාලය පිළිබඳ සංකාවක් මතුවේ නම් තම තමන්ගේ ආගමානුකූලව හැසිරෙමින් යහපත් දිවි පෙවෙතක් ගත කිරීමෙන් ඒවා අවම කර ගත හැකි අතර උමා ඡ්‍යොතිෂයට අනුව තමන්ට අයත් දිශාවෙන් එන කිරණ වර්ධනය කර ගැනීමත් අයහපත් කිරණ එල්ලවීම පාලනය කිරීමත් මගින් අපලකාරී තත්ත්වය දුරු කර ගැනීමට හැකි වනු ඇත.
2012 තමන්ට යම් අසුබ ලකුණු පෙන්වන බව දැනේ නම් තමන්ට අයත් සත්ත්ව නාමය සොයාගෙන පහත පරිදි කටයුතු කර තමන්ට අවශ්‍ය එක් කාරණයක් පිළිබඳ පමණක් තදින් ප්‍රාර්ථනා කරන්න. සියලු අපල මඟහැරී එය ජය ගත හැකිවනු ඇත.
2012 ජනවාරි 8 වැනි ඉරිදා
ගුරුළා නම් පෙරවරු 6.15 ට සුදුමල් 21 ක් සහ ගිතෙල් පහනක් නැඟෙනහිර දිශාව බලා විෂ්ණු දෙවියන්ට පූජා කර ප්‍රාර්ථනා කරන්න.
බළලා නම් පෙරවරු 7.21 ට සුදුමල් 32 ක් සහ ගිතෙල් පහනක් ගිනිකොණ දිශාව බලා ලක්‍ෂ්මි දෙවියන්ට පූජා කර ප්‍රාර්ථනා කරන්න.
සිංහයා නම් පෙරවරු 8.27 ට රතුමල් 47 ක් සහ තලතෙල් පහනක් දකුණු දිශාවට තබා කතරගම දෙවියන්ට පූජා කර ප්‍රාර්ථනා කරන්න.
දිවියා නම් පෙරවරු 9.27 ට නිල්මල් 21 ක් සහ තලතෙල් පහනක් නිරිත දිශාවට තබා විෂ්ණු දෙවියන්ට පූජා කර ප්‍රාර්ථනා කරන්න.
නයා නම් පෙරවරු 10.29 ට නිල්මල් 41 ක් සහ තලතෙල් පහනක් බටහිර දිශාව බලා විෂ්ණු දෙවියන්ට පූජා කර ප්‍රාර්ථනා කරන්න.
මීයා නම් පෙරවරු 11.21 ට සුදුමල් 21 ක් සහ තලතෙල් පහනක් වයඹ දිශාවට තබා දුර්ගා මාතාවට පූජා කර ප්‍රාර්ථනා කරන්න.
ඇතා නම් පස්වරු 3.43 ට නිල්මල් 25 ක් සහ ගිතෙල් පහනක් උතුරු දිශාවට තබා විෂ්ණු දෙවියන්ට පූජා කර ප්‍රාර්ථනා කරන්න.
මුවා නම් පස්වරු 6.00 ට කහමල් 45 ක් සහ ගිතෙල් පහනක් ඊශාන දිශාවට තබා ශක්‍ර දෙවියන්ට පූජාකර ප්‍රාර්ථනා කරන්න.
එසේම ධර්මානුකූල හැසිරීමෙන්, තමන් ස්වයං පාලනයකින් සිත මෙහෙයවා ගැනීම, භාවනා කිරීම, මමත්වය දුරු කරමින් කටයුතු කිරීමෙන් හා යහපත් ආකල්ප සිතෙහි වර්ධනය කිරීමෙන් බොහෝ අහිතකර කිරණ තමා වෙත ඒම පාලනය කර ගත හැකිය. සතියේ දිනවල යෙදෙන ආගමික කටයුතුවලට අමතරව අඟහරුවාදා දිනවල වැඩි වශයෙන් ආගමික, ධාර්මික කටයුතුවල යෙදීම ද වසර පුරා ඔබට සෙත සහනය උදා කර අපල දුරු කරනු ඇත. ඔබට යහපතක්ම වේවා!


උමා ඡ්‍යෝතිෂවේදී හෙක්ටර් පද්මසිරි
සටහන - අරුණි

2012/02/13

මහා රාවණ කුමාරයාගේ උපත

රාවණා රජුගේ වතගොත
දසිස් රාවණා රජු ලංකා ඉතිහාසයේ පහලවූ බලසම්පන්න රජෙකි. එතුමා බෞද්ධාගමික වේ. එමෙන්ම එතුමා නිර්මාංශික විය. රාවණා රජුට කසුප් බුදුන්වහන්සේ ලංකාවතාර සුත්‍රය දෙසු බව එම සුත්‍රයේ සදහන්වේ . එමෙන්ම රාවණා රජු විසින් කසුප් බුදුරදුනට ලෙන් පූජා කළබවද සෙල්ලිපිවල සදහන්වේ. කෙසේ වුවද රාමායණ කතාවස්තුවේ ආකාරයට රාම -රාවණා යුද්දයේදී රාවණා රජු මියගිය බව සදහන් වුවද වරිගපුරණයේ සදහන් වන්නේ රාවණා රජු එම යුද්දයේදී නොමළ බවය. වරිගපුරණය රාමායණය තරම් ඉන්දියානුවන් වැදගත්කොට නොසලකන්නේ එනිසාවෙනි. රාවණා රජු බ්‍රාහ්මණ ලක්ෂණ පෙන්නුම් කල අතර ධ්‍යාන ද ලබා සිටි බව ද දක්නට ලැබේ.




රාවණා කුමාරයාගේ උපත


දාටිය කුමාරිකාවක් වූ කෛකෙෂි හා වෛස්රමුනි ශාස්තුවරයානන්ට දාව රාවණාකුමරුගේ උපත සිදුවිය.කෛකෙසි කුමාරිකාවගේ පියා වූ සුමලින් ද බලගතු රජෙකි.රාවණා කුමරුට සහෝදර සහෝදරියන් කිහිප දෙනෙක් විය. එයින් පළමුවෙනි සහෝදරයා වූ කුබේරගේ පියා ත් රාවණා ගේ පියාත් එක් අයකු වුවද ඔව්නගේ මවුවරුන් වෙනස් අය වුහ. පසුකලෙක කුබේර විශ්වකර්මගේ භාණ්ඩාගාරික තනතුර හොබවා ඇත.මෙසේ උපත් රාවණා රජු දමිලයකු කිරීමට පසු කාලීනව සමහරුන්ටවුවමනා වූ නමුත් අවධාරණයෙන් කිවයුතු කරුණක් වන්නේ එතුමා දමිලයකු නොවන බවය. සුමලින් මහරජතුමා තම දියණිය වූ කෛකෙෂි ට විවාහය සදහා තුන්ලෝකයේ සිටින බලගතු රජෙකු සෙවීය. නමුත් තුන්ලෝකයේ සිටින අනික් රජවරු ඔහුට වඩා බලයෙන් අඩු වූ බැවින් ඔහු අනික් සියලුදෙනා ප්‍රතික්ෂේප කර දැමීය. කෛකෙෂි විසින් ඇයගේ අභිමතය පරිදි වෛස්රමුනි ශාස්තුවරයානන්ව තෝරාගන්නා ලදි . වෛස්රමුනි ද ප්‍රදේශ කීපයක් පාලනය කල රජෙක් විය. ඒඅතර උතුරු ඉන්දියාවේ වැඩි කොටසක්ද ,දකුණු ඉන්දියාවේ ප්‍රදේශ කීපයක්ද ඒ අතර විය. කෛකෙෂි වෛස්රමුනි මුනි හා බලාපොරොත්තු නොවන වෙලාවක එක් වූ බැවින් ඔවුන්ගේ දරුවන් දරදඬු වියහැකි බව ශාස්තෘවරුන් පවසා ඇත. ඒ බැවින් මෙමදරුවන් සියලුදෙනා අඩක් බ්‍රාහ්මණ අඩක් රාක්ෂ යයි සැලකේ.
මෙම කුමාර කුමරියන්ගේ නාමයන් මෙසේය,

කුබේර
විබීෂණ
කුම්බකර්ණ
ක්හාර
දුසාන
මහි රාවන

කුම්භිනි
සුපර්නිකා

එකල රක්ෂා, නාග ,දේව සහ දේව නම් වූ ගෝත්‍ර ලංකාපුරයේ වාසය කල අතර ඔවුන්පොදුවේ හෙළයන් ලෙස හැදින් වුහ .මහින්ද රහතන් වහන්සේගේ පැමිණීමත් සමගහෙළදිව වැසියන් සිංහල බවට පත්විය. තරුණ වියටපත් රාවන කොතරම්බලසම්පන්නවුද යත් එතුමා ගේ මිත්තනුවන්ගේ (සුමාලිගේ) හමුදාවේ සේනාදිපතිධුරය හෙබවිය. රාවන ඉතා බලසම්පන්න වූ බැවින් තම සොයුරා වූ කුබේර පලවාහැරලංකාපුරයේ පාලනය ගෙනගියහ. රාවනා රජු කාර්යශුර,රණකාමී අයෙකු විය.ලංකාපුරය රාවනා රජුගේ යටතේ කොතරම් සෞභාග්‍ය වීද යත්, කුසගින්න යනුකුමක්ද යන්න වැසියෝ නොදත්හ. අතිශය දුප්පතුන්ගේ නිවෙස්වල බදුන්ද රත්රනින්පිරිනි. රාවනා රජුට බිරින්දෙවරන් කිහිපදෙනෙක් විය. එඅතරින් මන්දෝදරී ප්‍රධාන විය. මන්දෝදරී ඉන්දියානු සාහිත්‍ය කරුවන්ගේද ඇගයීමට ලක්වී ඇත. මන්දෝදරී ඉත බුද්ධිමත් , සුරූපී, තේජස්, සහ චාම් ගුණයන්ගෙන් යුක්ත වී ඇත.

පසුකාලීනව රාවනා රජු විසින් රාම කුමාරගේ බිසව වූ සීතා පැහැරගන්නා ලදී. එයටහේතු වුයේ සුපර්නිකා (රාවනා රජුගේ ලාබාල සහෝදරියි) ගේ නහසය සහ කනලක්ෂමන විසින් අමානුෂික ලෙස කපාදමීමයි. සුපර්නිකා ඔවුන් දෙදෙනාට වඩා වැඩිමහල් වුවත් ඉතා සුරූපී විය.
" තාපසයන් වගේ ඇදගෙන සිටින ඔබල අවිදරා සිටින්නේ මන්ද? යක්ෂයන් ගැවසීගත් මේ වනයේ ඔබලා කුමක් කරන්නෙහිද? සත්‍ය වශයෙන්ම මෙහි පැමිණීමට හේතු වූ කාර්ය පැවසීම යෝග්‍ය වේ."
උපුටාගැනීම (රාමායන ආරණ්‍ය කන්ද 3 ,12,17 පිටු) නමුත් මෙම ප්‍රශ්න කිරීමට ලැබුන පිළිතුර ලක්ෂ්මන්ගේ ඉහත අමානුෂික ක්‍රියාව වය. මෙහිදී සැලකිය යුතු කාරණාව වන්නේ මෙම වනයේ (දන්දකරණය නම් වූ වනය) පාලනය සිදු කලේ රාවනා රජු නිසා සුපර්නිකාට ප්‍රශ්න කිරීමට බලයක් ඇති බැවිය . මෙයහේතුකොටගෙන රාවනා සීතා පැහැරගන්නා ලද අතර මෙයට විභීෂණ , කුම්බකරන් නම් සහෝදරවරුන් විරුද්ද විය.ඔවුන් කියා සිටියේ එම වරදට දඩුවම් දිය යුත්තේලක්ෂ්මනට බැවිය . කෙසේ නමුත් රාම ,රාවනා යුද්දයේදී රාවනා රජු නොමල බවවරිගපුර්නිකාව සදහන් කලද රාමායනයට අනුව විභීෂනගේ පාවාදීම හේතුකොට ගෙන රාමා ගේ අන්තිම හීසරය වූ බ්‍රහ්මස්වර හීය රාවණාගේ නාභිය පසාරු කරගෙන ගියේය.
යුද්දයට පෙර සහ යුද්දය අතරතුර
රාමායනයේ සදහන් වන පරිදි රාවණා විසින් සියලු බ්‍රාහ්මණ වතාවත් ඉටු කළේය..යුද්දයට යාමට පෙරත් එතුමා මේ සියලු දේ කරනලදි . රාවණා සහ රාම යුද්දයේදීහමුවූ අවස්ථාවේදී රාවණා සුපුරුදු දක්ෂතා පෙන්නුම්කලඅතර ආඩම්බර වචනයෙන්රාමාට බෙනවෙදුනේය . විභීෂණ නොසිටින්නට රාමාට කිසිදිනක මෙම යුද්දය ජයගත නොහැක .
රාවණා රජු තුල තිබු උතුම් ගති
එතුමා සීතාව රගේනාවද සීතාවගේ කැමැත්තෙන් මිස ඇය හා එක්නොවන බවට පැවසීය. එතරම් ශික්ෂණයක් එතුමා සතු විය. නිර්මානශී වූ අතර සත්වඝතනයටඅතිශයින් විරුද්ද විය. සත්වඝතන කටයුතුවලට විරුද්ද විය.ඒ හේතු කොට ගෙන ඉන්දියාවේ බිලිපූජා පවත්වන ඉරිශිවරු රාවණා කෙරෙහි අකමැත්තෙන් පසුවිය.
රාවණා රජු සතුවූ විශේෂ ලක්ෂණ
රාවණා රජු සංස්කෘත භාෂාව හැසිරවීමේ අති දක්ෂයෙකි. යාන්ත්‍රික ඉංජිනේරුවිද්‍යාව, වෛද්‍ය විද්‍යාව පිළිබද මනා දැනුමක් ඇත්තෙකි. නගස්වර ,අග්නිස්වර නම් වූ විස කැවූ ඊතල පාවිච්චියට යොදාගෙන ඇත. හිරු සහ සද මෙදිකරගත් රාවණාලංකාපුරයේ ධජය ලෙස යොදාගෙන ඇත . රාවණා රජු විසින් ලියන ලද පොත්අතරින් කීපයක් මෙසේය.
1) සමවේද
2) නදී ප්‍රාක්ෂ
3) කුමාර තන්ත්‍ර
4) උදීෂ තන්ත්‍ර
5) ප්‍රාකෘත කමදෙනු
6) ශිව තන්ත්‍ර ස්ත්‍රෝත්‍ර
7)අර්ක ප්‍රාක්ෂ (ආයුර්වේද පොතකි)
මහද්වීප කීපයකම පාලනය ඔහු සතු විය.


මෙහිදී දසිස් රාවණ ලෙස රාවණ රජු විරුදාවලි ලබන්නේ හිස් 10 ක් ඇති බැවිනි. එයශිව දෙවියන් එතුමාට ලබා දුන් වරමකි.10 වතාවක් තම හිස ශිව දෙවියන්ට පූජාකෙරීම හේතුකොටගෙන මෙම හිස් 10 ලැබුණි. එමෙන්ම බ්‍රහ්මයද රාවණට වරමක්ලබාදුනි. බ්‍රහ්ම විසින් රාවණ ට අශිපතක් හා අමරණීයත්වය ලබාදුනි. යම්කිසිහෙයකින් මෙම අශිපතින් යහපත් අයකුට මරණයක් ගෙනදුන්නොත් අශිපත අතුරුදහන් වන බවත්.තම ආයුකාලය කෙටි වන බවත් බ්‍රහ්ම රාවණට පැවසීය.රාවණ රජු විසින් සීතාව රැගෙන් එන අවස්ථාවේදී ඝරුද නම් පක්ෂියා මර දමෙම හේතුකොටගෙන යු කාලය කෙටිවන්නට විය. එමෙන්ම අමරණීයත්වය සගවා ගෙන සිටියේ රාවණ රජුගේ නාභියේය. විභෙසන, රාමට යුද අවස්ථාවේ මෙම රහස් තොරතුර පිටකර පාවා දෙනු ලැබීය. රාමගේ අන්තිම හීසරය රාවණ රජුගේ නාභියපසාරු කරගෙන ගියේය.

 (උපුටා ගත් මූලාශ්‍රහරහාය-http://dandumonaraya.blogspot.com/2011/05/1.html)සංස්කරනය කර ඇත....

ගෝකන්න විහාරයේ නටබුන් මත වර්තමානයේ කෝණේස්වරම් කෝවිල ගොඩ නැගී ඇත

ත්‍රිකුණාමලය පුරානයේ හදුන්වා ඇත්තේ ගෝකන්න තොට නමිනි.
ලෝකයේ ඇති ස්වභාවික වරායන් අතරින් ප්‍රධාන පෙලේ වරායක් වන ත්‍රිකුණාමල වරාය ඈත අතීතයේ සිටම විදේශීය වෙළද කටයුතු මධ්‍යස්ථානයක් විය. වර්තමානය වන විට එම තත්වය වෙනස්ව ස්වභාවික වරාය පරිසරයේ වටිනාකම හමුදා සහ කර්මාන්ත මය කාර්යන් සදහා යොදා ගෙන ඇති බවක් සිතෙයි. වරාය හෙක්ටයාර් 2000 ක පමණ ප්‍රමාණයක් පුරා පැතිරෙයි.
ත්‍රිකුණාමලය නගරයේ තවත් සුන්දර දසුනක් වන්නේ නිදෑල්ලේ හැසිරෙන මුව රංචු කිහිපයයි. මෙම මුව රංචු පාතුගීසි සමයේ ෆෙඩ්රික් බලකොටුවේ ඇති කල මුව පරපුරෙන් පැවත එන්නේ යයි පැවසේ.නමුත්
ඉතිහාසය දක්වන්නේ රාවනා රජුගේ කාලයේ අවධානයට ලක්වු පුරවරයක තොරතුරු හා බැදුන වෘත්තාන්තයන්ය. වර්තමානයේ කෝණේස්වරම් කෝවිල පිහිටි ස්ථානයයේ රාවනා රජු විසින් ඉදිකරන ලද සූර්ය දේවාලයක් තිබු බවද කියවේ. පසුව එය ගෝකන්න විහාරය වූ බවත් සමහරැ කියති. මෙම විහාරය පෘතුගීසින්ගේ රාජ්‍ය සමයේ ගිණි තබා විනාශ කර ඇත.
අටවන සියවසේදී පස්වන අග්බෝ දි රජු විසින් මෙම විහාරයේ කරන ලද පඨනාගරයේ පාදම පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෑතකදි මතු කරගෙන ඇත. මේ සමග බුද්ධ පතිමා සහ පුරා වස්තු රාශියක්ද මතු කර ගත් බව සදහන්ය. මේ සියල්ල ප්‍රභාකරන්ගේ ඉතිහාසය වැලලිමේ ව්‍යාපෘතිය යටතේ කොන්ක්‍රීට් ආස්තරයකින් වැසී ගිය බවද පැවසේ.
ගෝකන්න විහාරයේ නටබුන් මත වර්තමානයේ කෝණේස්වරම් කෝවිල ගොඩ නැගී ඇතැයි පැවසේ.
ක්‍රි.ව 1753 දී සියම් රටෙන් අපට උපසම්පදාව රැගෙන ආ උපාලි මහතෙරුන් වහන්සේ ඇතුළු භික්‍ෂුන් වහන්සේලා “ඔස්කා බෙල්” නැවෙන් ලංකාවට ගොඩ බැස්සේ ත්‍රිකුණාමලයෙනි. උන්වහන්සේලා පිළිගැණීමට කන්ද උඩරටින් රාජ්‍ය නිළධාරීන් පැමිනෙන තෙක් ත්‍රිකුණාමලයේ දින කිහිපයක් රැදී සිටි බවද පැවසේ.මේ බව සිහි කිරීමට රෝපනය කල බෝ පැල හතරක් අදත් සිහිවටනයක්ව අතු පතර විහිදවමින් ඇති බවකි.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට යන්තනෙකුට ෆෙඩ්රික් බලකොටුව ,කෝනේස්වරම් කෝවිල, කන්නියා උණු වතුර ළිං, ‍සේරුවිල මංගල විහාරය (කි.මි 45 කන්තලේ හරහා) පරවි දූපත, තිරියාය ගිරි හඩු සෑය,වෙල්ගම විහාරය, නිලාවේලි,මුහුදු මහ විහාරය,මගුල් මහ විහාරය, කුඩුම්බියගල ආරණ්‍යය, සහ කුමණ කුරුළු අභය භූමිය සංචාරක ස්ථාන වන අතර කඩුල්ල තවමත් විධිමත් සංචාරයක් සදහා යොමු වීමට වාසනාව ලබා නැත.

විජයට පෙර ලක්‌දිව පැවති දියුණු ශිෂ්ටාචාරයේ වතගොත

ලක්‌දිව ඉතිහාස කතාන්දරය පිළිබඳව ශ්‍රී ලංකාවේ ජනතාව දන්නා කරුණු වන්නේ ක්‍රි.පූ. 6 වන සියවසේ දී උතුරු ඉන්දියාවේ සිට මෙරටට සම්ප්‍රාප්ත වූ විජය නම් කුමාරයා විසින් හා ඔහුගේ ඇමැතිවරු විසින් මෙරට ජනපද ඇතිකොට අපේ ශිෂ්ටාචාරය හා ඉතිහාසය ආරම්භ කළ වගයි. මෙය මෙරට විසූ මුල් කාලීන ඉතිහාසඥයන්, පුරාවිද්‍යාඥයන් මෙන්ම මෙරට ශිෂ්ටාචාරය අධ්‍යයනය කළ බටහිර පඬිවරුන්ගේ ද මතය වී තිබිණි. මේ සඳහා ඔවුන්ට ඉතිහාස කරුණු ගෙනහැර පෑමට මහඟු පිටිවහලක්‌ වූයේ ක්‍රි.ව. හතරවන හා පස්‌වන ශතවර්ෂවලදී රචිත දීපවංසය හා මහාවංසය යන මූලාශ්‍ර ග්‍රන්ථ තොරතුරු හා ක්‍රිස්‌තු පූර්ව 3 වන සියවසේ සිට මෙරටින් වාර්තා වන ශිලා ලිපි තොරතුරුවල අන්තර්ගත කරුණුය.


අපේ යටගියාවේ එසේත් නැතහොත් සංස්‌කෘතියේ හෝ ශිෂ්ටාචාරයේ මුල ක්‍රි.පූ. 6 වන සියවසට එහා ගමන් කරන බව ඉතා ප්‍රබල ලෙස පෙන්වා දෙනු ලැබුවේ 1969 වසරින් පසුවය. ශ්‍රී ලාංකික පුරාවිද්‍යාඥයන් විසින් සිදු කරනු ලැබූ පුරාවිද්‍යාත්මක කැණීම් මගින් හා විදේශීය පුරාවිද්‍යාඥයන් මෙරට දී සිදුකළ පුරාවිද්‍යාත්මක කැණීම් මගින් ක්‍රිස්‌තු පූර්ව 6 වන සියවසේ දී විජය මෙරටට සම්ප්‍රාප්ත වීමට අවුරුදු 500 කලින් එනම් ක්‍රිස්‌තු පූර්ව 1000 (අදින් වසර 3000 කට පෙර) ලංකාවේ පැරැණි ශිෂ්ටාචාරයක සලකුණු සොයා ගැනීමට හැකිවී තිබේ. බුදුන් ලොව පහළ වීමට අවුරුදු හාරසියයකට පෙර මෙරට බිහිවී තිබූ මෙම සංස්‌කෘතිය හා ශිෂ්ටාචාරය පුරාවිද්‍යාඥයන් හඳුන්වා ඇත්තේ යකඩ යුගයේ සංස්‌කෘතිය ලෙසය. (Eaරකහ ෂරදබ Aටැ) එය එසේ නම්කොට ඇත්තේ ගල් ආයුධ පාවිච්චි කොට ජීවත් වූ ජනතාවගේ සංස්‌කෘතියට පසු යකඩ ලෝහය පාවිච්චි කළ ජනතාවක්‌ මෙරට ගල් යුගයෙන් පසුව බිහිවන බැවිනි. මධ්‍යශිලා යුගයේ සිට ශ්‍රී ලංකාවේ විසූ ප්‍රාග් ඓතිහාසික මානවයා කෙළින්ම යකඩ යුගයට පැමිණ තිබෙන බව පුරාවිද්‍යාඥයන් විශ්වාස කරන අතර මෙම යකඩ යුගයේ සංස්‌කෘතිය වඩා ප්‍රචලිත ලෙස හඳුන්වන්නේ පූර්ව ඓතිහාසික සංස්‌කෘතිය (ඡරදඑද Hසිඑදරසජ) වශයෙනි. (පූර්ව ඓතිහාසික අවධිය යනු ලේඛනය ආරම්භ වීමට පූර්ව අවධිය වශයෙන් සැලකේ) පුරාවිද්‍යාඥයන් පෙන්වා දෙන ආකාරයට ගල් යුගයේ සංස්‌කෘතිය ප්‍රධාන අදියර දෙකකින් පුරා ශිලා හා මධ්‍යශිලා වශයෙන් මෙරට දී ක්‍රියාත්මක වී තිබේ. නව ශිලා යුගයක්‌ මෙරට ස්‌ථාපනය වීමට පෙර යකඩ පාවිච්චි කරන යුගයට ලංකාව ප්‍රවිෂ්ට වන්නේ ඉන්දියාව හා සමග පැවති මූලික සමාජ සංස්‌කෘතික ක්‍රියාවලිය පදනමින් බව දැරණියගල පෙන්වා දෙයි.

1988 අනුරාධපුර ඇතුළුපුර කැණීමේ අවස්‌ථාවක්‌

ඡේතවන ව්‍යාපෘතිය ඇතුළුපුර කැණීමේදී හමුවූ මැටි බඳුන් කැබලි


ආනායිකොඩ්ඩායි,කොල්ලන්කනත්ත,පොම්පරිප්පුව ,ඉබ්බන්කටුව ,කන්තරෝදය ආදී ස්‌ථානවල මැටිබඳුන්වල තිබී හමුවූ සංකේත
ඡේතවන ව්‍යාපෘතිය ඇතුළුපුර කැණීමේදී හමුවූ මැටි බඳුන් කැබලි
යකඩ යුගයේ නිර්මාණය කරනලද කාලරක්‌ත වර්ණ මැටි බඳුනක්‌.
යම්කිසි රටක සංස්‌කෘතියක හෝ ශිෂ්ටාචාරයක හැඩගැසීම උදෙසා තාක්‌ෂණය ප්‍රබල වී ඇති බව පර්යේෂණවලින් තහවුරු වී තිබේ. ගල් යුගයේ ජීවත් වූ මනුෂ්‍යයන් පාෂාණ මෙවලම් පරිහරණයේ දී විවිධ වූ දුෂ්කරතාවලට මුහුණ දුන්හ. විශේෂයෙන්ම ජීවත් වීම සඳහා අවශ්‍ය කරන කටයුතුවලදී පරිසරය සමග සටන්කොට එය ජයගැනීමට තරම් තාක්‌ෂණයක්‌ ගල් යුගයේ මානවයාට නොතිබිණි. ඒ නිසාම එම සමාජයේ අවසාන භාගයේ දී ලෝහ තාක්‌ෂණය හඳුනාගෙන පොළව මතුපිට දැකිය හැකි යපස්‌ සහිත ගල් කුඩුකර උණු කර භාවිත කිරීමේ හැකියාව සොයා ගැනීම තාක්‌ෂණික වශයෙන් මානව සමාජය ලැබූ විශාල ජයක්‌ විය. විශේෂයෙන්ම ලෝහ පරිහරණයත් සමග සමාජ සංවර්ධනයේ වේගවත් ක්‍රියාවලියක්‌ සිදුවීම කැපී පෙනෙන අතර මුල්කාලීනව තඹ, ලෝකඩ ආදී ලෝහද පසුකාලීනව යකඩ සහ වානේ ලෝහද පරිහරණය දැකගත හැකිවීම කැපී පෙනේ. ශ්‍රී ලංකාව ගතහොත් ශ්‍රී ලංකාවේ ගල් යුගයේ සංස්‌කෘතියෙන් අනතුරුව යකඩ යුගයේ සංස්‌කෘතිය ක්‍රි.පූ. 1000 දී එනම්, අදින් වසර 3000 කට පෙරදී කලඑළි බැසීම සමග සංස්‌කෘතිය වේගවත් දියුණුවක්‌ කරා පරිවර්තනය වන ආකාරය පුරාවිද්‍යාත්මක කැණීම් මගින් ලැබී ඇති ද්‍රව්‍යවලින් තහවුරු වේ.

ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික සංස්‌කෘතිය නැතහොත් යකඩ යුගයේ සංස්‌කෘතිය තුළ දැකගත හැකි සුවිශේෂත්වයක්‌ වන්නේ ගල් යුගයේ සංස්‌කෘතියට වඩා ශිෂ්ටාචාරවත් අතින් පොහොසත් වීමයි. ඒ අනුව යකඩ යුගයේ සංස්‌කෘතියේ දැකගත හැකි සුවිශේෂ ලක්‌ෂණ වශයෙන්,

යකඩ, තඹ, රන් ඇතුළු ලෝහ භාවිත කිරීම.

ගැමි ජනපද බිහිකිරීම.

වී ගොවිතැන ඇතුළු කෘෂිකාර්මික කටයුතු ඇරැඹීම.

වනයේ විසූ ගවයා, අශ්වයා ඇතුළු සතුන් හීලෑකර තම කටයුතුවලට යොදා ගැනීම.

අහස්‌ ජලය ගබඩා කිරීම සඳහා මූලික වැව් ඉදිකොට කෘෂිකාර්මික කටයුතුවලදී භාවිතය සඳහා ජලය කළමනාකරණය කිරීම.

මුල්වරට සකපෝරුව භාවිත කරමින් කළු රතු මැටි බඳුන්, රතු මැටි බඳුන්, කළු මැටි බඳුන් ඇතුළු සුවිශේෂ මැටි බඳුන් නිෂ්පාදනය.

පිළිස්‌සීමෙන් පසු මැටි බඳුන්වල කුරුටු සලකුණු යෙදීම.

ඉතා විශාල ගල් සොහොන් ඉදිකර මියගිය අය සඳහා ක්‍රමානුකූල ලෙස අවමඟුල් චාරිත්‍ර පැවැත්වීම.

පබළු නිෂ්පාදනය.

විවිධ ප්‍රදේශවල පවතින ස්‌වභාවික ඛනිජ වර්ග භාවිතයට ගැනීම.

යන කරුණු මෙම සංස්‌කෘතිය විසින් ශ්‍රී ලංකා සමාජයට හඳුන්වා දෙනු ලැබූ නව සංස්‌කෘතික අංග වශයෙන් හැඳින්විය හැක.

යකඩ ලෝහය පරිහරණය කිරීම සම්බන්ධ තාක්‌ෂණය මෙරට ක්‍රි.පූ. 1000 ට පෙර ජීවත් වූ ප්‍රාග් ඓතිහාසික ගල් යුගයේ මිනිසා දැන නොසිටියේය. නමුත් ක්‍රි.පූ. 1200 දී එනම් අදින් වසර 3200 කට පෙර දකුණු ඉන්දියාවේ විසූ මිනිසුන් මෙම තාක්‌ෂණය දැනගෙන සිටි බව මහාචාර්ය රාජන් සහ පොෂෙල් වැනි විද්වතුන් පෙන්වා දී තිබේ. එබැවින් යකඩ යුගයේ තාක්‌ෂණය මෙරට ජීවත් වූ ගල් යුගයේ මිනිසා ලබා ගැනීමේදී එය ස්‌වාධීනව ඔවුන්ගේ සොයා ගැනීමකට වඩා ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරන ලද තාක්‌ෂණයක්‌ වීමට ඉඩකඩ ඇති බව පුරාවිද්‍යාඥයන්ගේ මතය වේ. ඉන්දියාවේ සිට මෙරටට යකඩ තාක්‌ෂණය හඳුන්වා දෙනු ලැබූවද ඉන්පසු පූර්ව ඓතිහාසික සංස්‌කෘතිය වඩා ස්‌වාධීන අනන්‍යතාවක්‌ සහිතව පෝෂණය වී දේශීය සංස්‌කෘතියේ ශිෂ්ටාචාරය සඳහා මඟ සලකුණු සකසා තිබීමද ද කැපී පෙනේ. යකඩ යුගයේ තාක්‌ෂණයේ ආගමනයත් සමගම ගල් යුගයේ දඩයමට තිබූ තැන ක්‍රමයෙන් වියෑකී යන ලදී. ඒ වෙනුවට වගා කටයුතු සඳහා ප්‍රමුඛත්වයක්‌ ලබාදී කටයුතු කළ බවට සාධක අනුරාධපුර ඇතුළුපුර (අනුරාධපුර රාජධානියේ රජවරුන්ගේ පාලන මධ්‍යස්‌ථානය) සිදු කරනු ලැබූ කැණීම් මගින් තහවුරු වේ. ආචාර්ය සිරාන් දැරණියගල විසින් ඇතුළුපුර සිදු කරනු ලැබූ කැණීම්වලදී එහි මතුපිට පොළව මට්‌ටමේ අඩි 30-35 අතර ගැඹුරින් වාර්තා වන රතු දුඹුරු පාංශු කලාපය (Reddසිය ඊරදඅබ Eaරඑය) තුළින් ප්‍රාග් ඓතිහාසික මිනිසා භාවිත කළ ගල් අවි මෙවලම් හමුවූ බව වාර්තා කොට තිබේ. එසේම එම පස්‌ තට්‌ටුව මතින් යකඩ යුගයේ මිනිසුන් විසින් සිය ශිෂ්ටාචාරය ආරම්භ කළ බව පැහැදිලි වන අතර එමගින් ගල් යුගයේ සංස්‌කෘතිය යකඩ තාක්‌ෂණය හඳුන්වාදීම සමග වියෑකී ගිය බව දැරණියගල පෙන්වා දෙයි. ඔහු ප්‍රකාශ කරන ආකාරයට එය විස්‌තර කරනු ලබන්නේ ගල් යුගයේ සිට පිම්මක්‌ යකඩ යුගයට පැනීමක්‌ ලෙසය.

පූර්ව ඓතිහාසික සංස්‌කෘතිය සම්බන්ධව මෙතෙක්‌ සිදුකොට ඇති පර්යේෂණවලට අනුව ශ්‍රී ලංකාව තුළ එම සංස්‌කෘතිය පැවතුණු ජනාවාස ස්‌ථාන 44 ක්‌ මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න විසින් වාර්තා කොට තිබේ. ඒවා පිහිටි ස්‌ථාන වශයෙන් යාපන අර්aධද්වීපය, උතුරුමැද, උතුරු මලය රට, වයඹ, බස්‌නාහිර, නැගෙනහිර, දකුණ යන පළාත්වල පිහිටා තිබෙන බව හඳුනාගෙන තිබේ. ශ්‍රී ලංකාවට වී ගොවිතැන හා මිශ්‍ර භෝග හඳුන්වාදීම ඇතුළු කෘෂිකාර්මික කටයුතු ආරම්භ කරන්නේ මෙම සංස්‌කෘතික පිරිසයි. විශේෂයෙන්ම යකඩ තාක්‌ෂණය හඳුන්වාදීමෙන් අනතුරුව ඉතා පහසුවෙන් ඝන වනාන්තර මෙල්ලකොට කෘෂි කටයුතු සඳහා භූමිය සකස්‌ කිරීමට මිනිසාට හැකිවිය. ඒ අනුව එම යුගය තුළ දී වගා කරන ලද වී විශේෂයක පාෂාණිභූත කොටස්‌ ඇතුළුපුර ජනාවාසයෙන් හඳුනාගෙන තිබෙන අතර එම වී වර්ගය විද්‍යාත්මක නාමකරණයේ දී ඔරිස්‌සා සැටයිවා (ධරසිsa Zaඑසඩ්) වශයෙන් හඳුනාගෙන ඇත. මෙම කෘෂිකාර්මික කටයුතුවලට සමගාමීව හීලෑ කරන සතුන් අතර අශ්වයා හා ගවයා සිටීමද වැදගත් වේ. ක්‍රි.පූ. 900 දී එනම් අදින් වසර 2900 කට පෙර මෙරට ජීවත් වූ මිනිසා අශ්වයා පරිහරණය කර තිබීම අතිශයින් ම වැදගත් වේ. අශ්වයා මෙරටට ආගන්තුක සතෙකු බැවින් එම සතා ඉන්දියාවේ යකඩ යුගයේ සංස්‌කෘතිය හරහා මෙරටට ගෙන එන්නට ඇතැයි විශ්වාස කරනු ලබන්නේ අදින් වසර 3000 කට පෙර අශ්වයා ඉන්දියාවේ ජීවත් වූ බවට සාධක හමුවන බැවිනි.

පූර්ව ඓතිහාසික සංස්‌කෘතියේ තවත් සුවිශේෂ ලක්‌ෂණයක්‌ වන්නේ මුල්වරට ගම් ආරම්භ කිරීමයි. ගල් යුගයේ මිනිසුන් න්‍යෂ්ටික පවුල් ඒකක ලෙස ජීවත් වී වාසස්‌ථාන වශයෙන් ස්‌වභාවික ගල්ලෙන් භාවිත කළද යකඩ යුගයේ මිනිසුන් තමන් විසින්ම නිවාස ආරම්භ කරමින් න්‍යෂ්ටික පවුල් ඒකක ගමක්‌ තුළ ජීවත් වීමේ ක්‍රමවේදයක්‌ හඳුන්වාදී තිබේ. ලංකාවේ යකඩ යුගයේ පැවැති ගැමි ජනපද සඳහා ඉතා වැදගත් උදාහරණ කීපයක්‌ අනුරාධපුර ඇතුළු පුරයෙන් වාර්තා වී ඇත. ආචාර්ය සිරාන් දැරණියගල හා බ්‍රිතාන්‍ය ජාතික රොබින් කනින්හැම් විසින් සිදු කරනු ලැබූ කැණීම්වලදී මුල්වරට යකඩ යුගයේ ජනපද පිළිබඳ අනාවරණය කරගනු ලැබීය. ක්‍රි.පූ. 1000-800 ත් අතර එනම් අදින් වසර 3000 - 2800 ත් අතර කාලයට අයත් පස්‌ තට්‌ටුවලින් කටුමැටි වරිච්චිවලින් තැනූ නිවාස හඳුනාගෙන තිබේ. රවුම් ආකාර හැඩ ගන්නා මෙම නිවාස ඉදිකිරීම සඳහා භාවිත කරනු ලැබූ කණු වළවල් සහ ගෙබිම ගොමමැටි ගෑ බවට සාධක පැවතීම ද ඉතා වැදගත්ය. මෙම නිවාසවල වහලය මැද සිටවන ලද කණුවක්‌ ඔස්‌සේ කේතුකාකාර හැඩයෙන් තිබෙන්නට ඇති බවට අනුමාන කළ හැක්‌කේ මෙවැනි ලක්‌ෂණ සහිත ප්‍රාථමික ගැමි ජනපද අදටත් උතුරු සහ දකුණු ඉන්දියාවේ පවතින සාම්ප්‍රදායික ගම්වල දැකගත හැකි බැවිනි.

ආනායිකොඩ්ඩායි,කොල්ලන්කනත්ත,පොම්පරිප්පුව ,ඉබ්බන්කටුව ,කන්තරෝදය ආදී ස්‌ථානවල මැටිබඳුන්වල තිබී හමුවූ සංකේත

යකඩ යුගයේ නිර්මාණය කරනලද කාලරක්‌ත වර්ණ මැටි බඳුනක්‌.

මේ ආකාරයට ආරම්භ වී පෝෂණය වූ මේ සංස්‌කෘතියේ තවත් සුවිශේෂ ලක්‌ෂණයක්‌ වන්නේ මැටි වළං නිර්මාණය කිරීමයි. ඉතාමත්ම සුවිශේෂ වූ තාක්‌ෂණයකට අනුව නිර්මාණය කරන ලද කළු රතු මැටි බඳුන්, කළු මැටි බඳුන් සකපෝරුව ආශ්‍රය කරගනිමින් නිර්මාණය කිරීම මේ යුගයේ හඳුන්වා දෙනු ලැබීය. ක්‍රි.පූ. 950 සිට ආරම්භ වූ මෙම මැටි මෙවලම් කර්මාන්තය මගින් නිෂ්පාදනය කරන ලද මැටි භාජන අතර මුට්‌ටි, හට්‌ටි, බරණි, තැටි, පාත්‍රා වැනි විවිධ වර්ගවල මැටි බඳුන් දැකගත හැකි වේ. මෙම මැටි බඳුන් නිර්මාණය කර ඇති තාක්‌ෂණය පිළිබඳව පර්යේෂණයක්‌ සිදුකොට ඇති ඉන්දීය පර්යේෂකයන් ඇතුළත කළු සහ පිටත රතු මැටි බ\qන් නිෂ්පාදනයේ දී භාවිතා කොට ඇති තාක්‌ෂණය වශයෙන් පෝස්‌ට්‌ µයරින් ක්‍රමය භාවිතා කර ඇති බව පෙන්වා දී ඇත. ඊට අමතරව තනිකරම රතු සහ තනිකරම කළු මැටි බඳුන් නිෂ්පාදනය කිරීමද මෙහි සුවිශේෂ වේ. මෙම මැටි මෙවලම් නිෂ්පාදන කර්මාන්තය සමග යකඩ යුගයේ සංස්‌කෘතික පිරිස්‌ මෙරටට අක්‌ෂර කලාව හඳුන්වා දුන් බවටද මතයක්‌ ගොඩනැඟී ඇත. මෙම යුගයට අයත් බොහොමයක්‌ මැටි බ\qන්වල විවිධ වූ කුරුටු සංකේත දක්‌නට ලැබීම මගින් ඔවුන් විසින් එමගින් යම්කිසි අදහසක්‌ ප්‍රකාශ කරන්නට ඇතැයි අනුමාන කළ හැක. ආචාර්ය සිරාන් දැරණියගල පෙන්වා දෙන ආකාරයට අනුරාධපුර මහාපාලි දාන ශාලාව අසල කැණීමේදී හමුවූ මුල් බ්‍රාහ්මී අක්‌ෂරවලින් ලියා ඇති බිය අනුරද යන වචනය ක්‍රි.පූ. 600-500 කාලයට අයත් බව එම මැටි බ\qන් කැබැල්ල හමු වු ස්‌ථරය කාල නිර්ණය කිරීමෙන් පැහැදිලි වන බව පෙන්වා දී ඇත. එසේ නම් ශ්‍රී ලංකාවේ ලේඛනයෙහි ආරම්භය ක්‍රි.පූ. 3 වන සියවසේ සිදුවූ බවට පිළිගැනෙන මතය පුරාවිද්‍යාත්මක කරුණුවලට අනුව සනාථ නොවේ. කෙසේ වෙතත් ඉහතින් පෙන්වා දුන් මැටි බඳුන්වල දැකගත හැකි කුරුටු සංකේතවලට සමාන අක්‌ෂර ශ්‍රී ලංකාවේ මුල් බ්‍රාහ්මී ශිලාලිපිවල තිබීමෙන් පැහැදිලි වන්නේ ලංකාවට ලේඛනය හඳුන්වා දෙන්නට ඇත්තේ යකඩ යුගයේ ජනතාව බවයි.

එසේම මෙසේ හමුවූ අක්‌ෂර මගින් විස්‌තර කරන ලද බිය අනුරද නමැති වචනය අනුව ක්‍රි.පූ. 6 වන සියවසේ විජය රජු සමග මෙරටට පැමිණි අනුරාධ ඇමැතිගේ නාමය එයින් ගම්‍ය වන බව දැරණියගල මහතා පෙන්වා දෙයි. ඒ අනුව විජය පැමිණීමේ පුවත ද යම් පමණකට එම කරුණුවලට අනුව සනාථ වෙතත් එම තොරතුරටත් වඩා වැදගත් වන්නේ විජය මෙරටට පැමිණෙන විට ලේඛන කලාව දත් දියුණු සංස්‌කෘතික ලක්‌ෂණවලින් හෙබි ජනතාවක්‌ අනුරාධපුරය ඇතුළු ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශවල ව්‍යාප්තව සිටි බවයි. එසේ නම් ශ්‍රී ලාංකිකයන් ලෙස ආඩම්බර විය හැක්‌කේ අදින් වසර 2600 කට පෙර ලොව අනෙකුත් ජාතීන් පසුගාමී සමාජයක සිටියදී අප ලොව විශිෂ්ට ජාතියක වශයෙන් ගත කළ බව මෙම කරුණු මගින් සනාථ වන බැවිනි.

විකිරණශීලී කාබන් අනුසාරයෙන් සිදුකරන ලද කාල නිගමනවලට අනුව අදින් වසර 2900-2700 ත් අතර කාලයේ දී අනුරාධපුරයේ තිබූ යකඩ යුගයට අයත් මෙම ජනාවාසය හෙක්‌ටයාර් 10 ක ප්‍රමාණයෙන් යුක්‌ත වන්නට ඇතැයි දරණියගල පෙන්වා දී ඇත. එසේම අදින් වසර 2700 - 2600 ත් එනම් ක්‍රි. පූ. 600 - 700 කාලයේ දී එම ජනාවාසය හෙක්‌ටයාර් 50 දක්‌වා ව්‍යාප්ත වූ බව ඔහු පැහැදිලි කර පෙන්වා ඇත. මේ ආකාරයට ඉතා දියුණු ජනාවාසයක්‌ අනුරාධපුර ඇසුරින් ක්‍රියාත්මක වන සමයේ දී එය නාගරික මට්‌ටම දක්‌වා පැමිණ තිබූ බවද පැහැදිලිවේ. පුරාවිද්‍යා කරුණු අනුව නාගරික ශිෂ්ටාචාරයක්‌ වශයෙන් රටක පවතින නගරයක්‌ දියුණුවට පහත සඳහන් වන්නා වූ අංශවල වැඩි බලපෑමක්‌ තිබේ. ඒවා අතර පන්ති සමාජයක්‌, ලේඛන කලාවක්‌. කලා නිර්මාණවල බිහිවීමක්‌, විශේෂ ප්‍රාගුණ්‍යතාවයක්‌ සහිත ශිල්පී පරපුරුවල බිහි වීමක්‌, දුරකතර වෙළෙ¹ම වැනි කරුණු කෙරෙහි නැඹුරු බවක්‌ තිබිය යුතුය. අනුරාධපුරයේ ජනාවාසයේ ක්‍රි. පූ. 600 ට පසු පස්‌ තට්‌ටුවල මෙවැනි ලක්‍ෂණ සහිත පුරාවිද්‍යා සාධක දැකගත හැකි බැවින් නිශ්චිත වශයෙන් ම බුදුන් ලොව පහළ

විජයට පෙර

වන සමය වන විට අනුරාධපුරය නගරයක්‌ ලෙස හැඩ ගැසී තිබුණු බව ඉතාමත් ම පැහැදිලි වේ. මහාවංශ කතුවරයා විසින් විස්‌තර කරනු ලබන ආකාරයට පණ්‌ඩුකාභය අනුරාධපුර නගරය සැකසීම පිළිබඳ විස්‌තරය වඩාත්ම සාධාරණීය නොවන බව පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය රචනා කිරීමේදී මෙවැනි තත්ත්වයක්‌ නිර්මාණය කරන්නට ඇත්තේ වඩා කේන්ද්‍රික කරුණ වශයෙන් බෞද්ධාගම සහ රජය අතර දැඩි සහසම්බන්ධතාවය පෙන්වීමේ අරමුණින් විය යුතුය. ලංකාවේ ශිෂ්ටාචාරය නාගරික මට්‌ටම දක්‌වා දියුණු වූයේ අනුරාධපුරයේ පමණක්‌ නොවේ. දකුණේ මාගම ප්‍රදේශයේ ද නාගරික මට්‌ටම ක්‍රි. පූ. 350 - 500 ත් අතර ආරම්භ ව තිබූ බව ආචාර්ය රාඡ් සෝමදේව විසින් එම ප්‍රදේශයේ සිදුකරනු ලැබූ පර්යේෂණවල දී හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ජර්මන් කාවා ආයතනය එම ප්‍රදේශයේ සිදුකරනු ලැබූ කැණීම්වල දී තහවුරු කොට තිබේ. ඔවුහු පෙන්වා දෙන ආකාරයට ක්‍රි. පූ. 900 දී එනම් අදින් වසර 2900 කට පෙර මාගම ග්‍රාමීය ජනාවාස ආරම්භ වී ඒවා ක්‍රමානුකූලව පෝෂණයට පත්ව ක්‍රි. පූ. 500 න් පසු නාගරික මට්‌ටම දක්‌වා පැමිණ ඇති බව පැහැදිලි කොට තිබේ.

පූර්ව ඓතිහාසික සමයේ දී ශ්‍රී ලංකා ජන සමාජයේ සිදු වූ තවත් වැගත් කටයුත්තක්‌ වන්නේ ශ්‍රී ලංකාවේ ස්‌වභාවික පරිසරයේ දැකගත හැකි ස්‌වභාවික සම්පත් පරිහරණ ආරම්භ කිරීමයි. ගල් යුගයේ මිනිසුන් ද දඩයම සහ අභිචාර ක්‍රමයන් සඳහා කහඳ, තිරුවානා, නිල් මැටි, පිඟන් මැටි, තලාතු මිනිරන් මෙන්ම ගුරුගල් වැනි ඛනිජ වර්ග භාවිත කළද ඔවුන්ට මහා පරිමාණ ලෙස ඒවා අත්පත් කර ගැනීමේ තාක්‍ෂණයක්‌ හෝ දැනුමත් නොතිබුණේය. නමුත් යකඩ යුගය තුළ දී ලෝහ තාක්‍ෂණයේ දියුණුව සමඟ මිනිසුන් විසින් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල තිබූ ඛනිජ වර්ග සොයාගෙන පරිහරණය කොට තිබේ.

විශේෂයෙන් ම අදින් 2700 ක්‌ පමණ කාලය වනවිට රටේ පැවති සම්පත් පමණක්‌ නොව විදේශීය සම්පත් පරිහරණය සම්බන්ධව ද මෙරට මිනිසුන් දැන සිටි බව ලැබී ඇති පුරාවිද්‍යා දත්ත මගින් පැහැදිලි වේ. ක්‍රි. පූ. 700 ට අයත් දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ දැකගත හැකි පූර්ව ඓතිහාසික යුගයට අයත් ගල් සොහොන් තුළ සිදුකරනු ලැබූ කැණීම්වල දී දේශීය වශයෙන් හා විදේශීය වශයෙන් වැදගත් ඛනිජ වර්ග ගණනාවක්‌ සොයාගෙන තිබේ. ඒවා අතර දේශීයව සම්භවය ලබන ඇමතෙස්‌ත, තලාතු මිනිරන් හා ක්‌වාට්‌ස්‌ වාර්ග ද, ඉන්දියාවේ සම්භවය ලබන කානීලියන් නැමති අර්ධ මාණික්‍යමය ඛනිජ පාෂාණය හමු වී තිබේ. මේ අනුව ඔවුන්ගේ සම්පත් පරිහරණය කිරීම සම්බන්ධව දැනුම එයින් විසඳවන අතර ක්‍රි. පු. 800 වන විට මේ යුගයේ මිනිසුන් නැගෙනහිර පළාතේ සේරුනුවර පිහිටි ස්‌වභාවික ලෝපස්‌ නිධියේ පැවති ලෝපස්‌ පිළිබඳ ව දැනසිටි බව සුදර්ශන් සෙනෙවිරත්න විසින් පෙන්වා දී ඇත. ඔහු විසින් සිදුකරනු ලැබූ අධ්‍යයනයන්ට අනුව සේරුනුවර ලෝපස්‌ නිධියේ ලෝහ ක්‍රි. පූ. 800 න් පසු අනුරාධපුරය හා ලංකාවේ වෙනත් යකඩ යුගයේ ජනාවාසවල භාවිත කොට තිබේ. අනුරාධපුරයේ යකඩ යුගයේ සංස්‌කෘතියට අයත් පස්‌ තට්‌ටුවලින් හමුවන ලෝහ බොර සම්බන්ධව ඔහු විසින් සිදු කරනු ලැබූ සූක්‍ෂම විද්‍යා විශ්ලේෂණයන්ට අනුව පැහැදිලි වී ඇත්තේ එම ලෝහ බොරහි සංයුතිය සමාන වන්නේ සේරුනුවර ලෝපස්‌ නිධියේ ලෝහ පස්‌වලට බවයි. විශේෂයෙන්ම ස්‌වභාවික සම්පත් පරිහරණයේ දී ඔවුන් විසින් ශරීර අලංකරණය සහ අභිචාර කටයුතු සඳහා ඒවා භාවිතා කොට ඇති බව ඛනිජ පාෂාණවලින් සහ ලෝහවලින් නිර්මාණය කරන ලද නිර්මාණවලින් පැහැදිලිවේ.

යකඩ යුගයේ මුල් වකවානුවේ දී මෙම ජනතාව සිය වාසභූමි පිහිටුවා ගනු ලබන්නේ පහත් වියළි තැනිතලා ප්‍රදේශවලයි. විශේෂයෙන්ම කෘෂිකර්මාන්තයට හිතකර රතුදුඹුරු පස්‌ මෙම වියළි තැනිතලා ප්‍රදේශවල දැකගත හැකි වීමත්. වර්ෂය පුරා වර්ෂාව නොලැබීම නිසා එඩේර කටයුතු පවත්වා ගැනීමත්, වාර්ෂිකව ම සිදුකළ හැකි බෝග වගාව සඳහා අහස්‌ ජලය ගබඩා කොට තැබීමට අවශ්‍ය භූමි වියළි තැනිතලා ප්‍රදේශවල තිබීම හා මෙම වියළි ප්‍රදේශවල 60% ප්‍රතිශතයෙන් ලෝහ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය හෙමටයිට්‌ හා ලිමොනයිට්‌ යන ඛනිජ ද්‍රව්‍ය ද ඉන්ධන වශයෙන් දැව පාවිච්චි කිරීමට හැකියාව මගින් මෙම මිනිසුන්ගේ එදිනෙදා දෛනික කටයුතු පහසු කරවීම වියළි තැනිතලාවල ස්‌ථානගත වීමට බලපා ඇත. ක්‍රි. ව. පූ. 1000 - 800 ත් අතර කාලයේ කුඩා කුඩා ගම් වශයෙන් ජනාවාස පිහිටුවා ගත් මේ ප්‍රජාව ක්‍රි. පූ. 700 පමණ වනවිට වියළි තැනිතලා ප්‍රදේශවලින් පිට වී කඳුකර කලාප දක්‌වා ව්‍යාප්ත වීම පෙන්වා දිය හැක. මේ සඳහා උදාහරණ වශයෙන් ඉබ්බන්කටුව, ආනකටාව, රොටවැව, කන්දලම, සීගිරිය, ගලේවෙල යන ස්‌ථානවල ජනාවාස පිහිටුවා ගැනීමෙන් පැහැදිලිවේ. මොවුන් විසින් ඉතා සශ්‍රික භූමි පසුකොට ගිරි දුර්ග සහ වන දුර්ගවලින් ගහණ ප්‍රදේශ වෙත සම්ප්‍රාප්ත වනුයේ කෘෂි කාර්මික කටයුතු හෝ එඩේර කටයුතු සඳහා නොව ඛනිජ වර්ග සහ කුළුබඩු ඇතුළු දැ ලබා ගැනීම පිණිස බව ඉතා පැහැදිලි වී ඇත. මෙසේ කඳුකරයේ පහත් බෑවුම් ප්‍රදේශවලට ළඟා වූ මිනිසුන් විසින් එම ප්‍රදේශවල පැවැති තලාතු මිනිරන්, විවිධ මැණික්‌ වර්ග, ලෝහ ද්‍රව්‍ය ඇතුළු ඛණිජ මෙන් ම කුළු බඩු වර්ග ද ඔවුන්ගේ සහෝදර ජනාවාස දක්‌වා බෙදා හැර ඇති බව සුදර්ශන් සෙනෙවිරත්න පෙන්වා දෙයි. ඔහු පෙන්වා දෙන ආකාරයට ක්‍රි. පූ. 600 ට පසු කාල නිර්ණය වූ අනුරාධපුර ඇතුළුපුර ජනාවාසයේ පස්‌ තට්‌ටුවල ඇමතෙස්‌ත, තිරුවානා, තලාතු මිනිරන්, රබහ වැනි ඛනිජ ද්‍රව්‍යවල විවිධත්වය වැඩි වූ බවට සාධක දැකගත හැක.

මෙවැනි ක්‍රියාවලියක්‌ ජනාවාස අතර සිදුවීමේ දී යම්කිසි යාන්ත්‍රණයක්‌ ඒ සඳහා සැකසී තිබිය යුතු ය. ක්‍රි. පූ. 700 සියවස වනවිට ශ්‍රී ලංකා ජන සමාජයේ පන්ති සමාජයක්‌ නිර්මාණය වී තිබීම මෙවැනි හුවමාරු යාන්ත්‍රණයක්‌ ක්‍රියාත්මක කිරීමට මහඟු පිටුවහලක්‌ ලබා දී තිබේ. ලංකාවේ පැවැති එවැනි පන්ති සමාජයක්‌ පිළිබඳ ඉඟි පුරාවිද්‍යා කැණීම් මගින් හමු වූ ද්‍රව්‍ය වලින් ද පැහැදිලි වී තිබේ. දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ හෙක්‌ටයාර් 10 ක පමණ භූමියක විහිදෙන ගල් සොහොන් අතර එහි මැද දැකගත හැකි සුවිශාල වළලෑමක්‌ තුළ මෙවැනි ලක්‍ෂණ දැකගත හැක. මෙම සොහොනේ අභ්‍යන්තරය තුළ තිබී හමු වූ මිනිසකු විසින් පැළඳි රන් සිරස්‌ පටිය මගින් සහ එම සොහොනේ තිබී හමුවූ අති විශාල ප්‍රමාණයක්‌ අර්ධ මාණික්‍යමය කානීලියන් පබළු මගින් එම සොහොන ප්‍රභූවරයෙකුට අයත් බව තහවුරු කොට තිබේ. එය තවත් තහවුරු වන කරුණක්‌ වූයේ සොහොනේ මතුපිට පියන් ගලේ දැකගත හැකි සුවිශේෂ මෙගලිතික සංකේතය. වේ. ඒ අනුව අදින් වසර 2700 ක්‌ පමණ වනවිට පන්ති සමාජයක්‌ ආරම්භ වී භාණ්‌ඩ හුවමාරුව මෙන්ම මෙරටට පැවති විවිධ සම්පත් අත්පත් කර ගැනීම හා ඒවා පරිහරණය කිරීම සිදුකළ බව තහවරු වේ. එසේම පන්ති සමාජයක්‌ තුළ සුවිශේෂ නිර්මාණ වශයෙන් ලෝහ, මැටි මෙවලම්, පබළු ඇතුළු කර්මාන්තයක්‌ සිදුකිරීම සඳහා ඒ ඒ විෂය සම්බන්ධව විශේෂ ප්‍රාගුණ්‍යතාවයක්‌ සහිත පිරිස්‌ බිහි ව සිටි බවට පැහැදිලිවේ.

මෙම යුගයේ තවත් සුවිශේෂ ලක්‍ෂණයක්‌ වන්නේ සුසාන චාරිත්‍ර මෙරටට හඳුන්වා දීමයි. දැනට වාර්තා කොට ඇති ආකාරයට 40 කට වඩා වැඩි ඉතා විශාල සොහොන් සංකීර්ණ මෙරට පුරාම ව්‍යාප්තව තිබේ. එයින් අති බහුතරයක්‌ සොහොන් වන්නේ ශීලා පුවරු උපයෝගී කොටගෙන නිර්මාණය කර ඇති ශිලා මංජුසා සුසාන වේ. ගල් පුවරු 4 ක්‌ එකිනෙක සම්බන්ධ වන ආකාරයට පෙට්‌ටියක්‌ හැඩයට තබා එම ගල් පෙට්‌ටිය ඇතුළත විශාල මැටි බරණි සහ කුඩා පූජා මුට්‌ටි තැන්පත් කර තිබීම දැකගත හැක. මහාකුම්බය තුළ දැකගත හැකිවන්නේ මස්‌දියවන තෙක්‌ වෙනත් ස්‌ථානයක වළදමා තිබූ මිනිසෙකුගේ ඇටකටු කොටස්‌ නැවත ගෙන එම විශාල මුට්‌ටිය තුළ තැන්පත් කිරීමයි. එසේම එම මිනිසා පරිහරණයකරන ලද ආභරණ , ආයුධ ඇතුළු අනෙකුත් දැ එම සොහොනේ පූජා මුට්‌ටි තුළ තැන්පත් කොට විශාල ගල් පතුරකින් වසා දමා තිබේ. මේවා ගල් සොහොන් වශයෙන් අර්ථ දක්‌වන අතර මෙවැනි ලක්‍ෂණ සහිත සොහොන් ද මේවාට වඩා වෙනස්‌ ලක්‍ෂණ සහිත සොහොන් ද ශ්‍රී ලංකාව පුරා මෙන්ම දකුණු ඉන්දියාව පුරාත් දක්‌නට ලැබීමෙන් පැහැදිලි වන්නේ සමාන සංස්‌කෘතික ලක්‍ෂණ සහිත පිරිස්‌ මේ දෙරටෙහි ජීවත් වූ බවයි. ඒ අනුව දියුණු ශිෂ්ටාචාරයක්‌ සහිත මානව කොටසක්‌ ශ්‍රී ලංකාව තුළ ජීවත් වූ බව මෙයින් පැහැදිලි වෙයි.

ශ්‍රී ලංකාවේ ජල කළමනාකරණ කටයුතු සම්බන්ධ මූලික සාධක අපට හමුවන්නේ ද යකඩ යුගයේ සංස්‌කෘතිය තුළිනි.අනුරාධපුරයේ අභය වැව, තිසා වැව, යාන්ඔය නිම්නයේ පැරණි වැව, ඉබ්බන්කටුව ඉදමොරළුව වැව මේ යුගයේ මිනිසුන් විසින් නිර්මාණය කරනු ලැබූ ඒවාය. අභය වැව හා තිසා වැව පසු කාලීන ව විශාල වූ වැව් ලෙස සැලකෙන අතර වැව ගම පදනම් වූ මෙම ශිෂ්ටාචාරය ක්‍රි. පූ. 3 වන සියවසෙන් පසු වැව, දාගැබ, ගම පදනම් වූ ශිෂ්ඨාචාරයකට පරිවර්තනය වූ බව පැහැදිලි වේ. ඉහතින් පෙන්වා දුන් කරුණු අනුව අප රටේ ශිෂ්ටාචාරයේ හා සංස්‌කෘතියේ වඩා තීරණාත්මක හැඩ ගැසීම ආරම්භ වන්නේ අදින් වසර 3000 කට පෙර බව පැහැදිලි වන අතර වංසකතාව විස්‌තර කරන ආකාරයට අදින් වසර 2600 කට පෙර නොවන බව මේ රටේ පුරාවිද්‍යාඥයන් විසින් විද්‍යාත්මක කාල නිගමන මඟින් මේ වනවිටතහවුරු කොට තිබේ. ඒ අනුව එම කාල පරාසය පුරාවිද්‍යාඥයන් පූර්ව ඓතිහාසික යුගය හෝ යකඩ යුගය වශයෙන් විග්‍රහයකට ලක්‌කොට ඇත.

ඩී. තුසිත මැන්දිස්‌
(උපුටා ගැනීම-http://www.divaina.com/2011/08/10/badada01.html)

මහාවංශයටම සීමා නොවී එයද තොරතුරු ලද හැකි එක් මූලාශ්‍රයක් පමණක් බව සලකා ඉදිරියට







ගාමිණී අභය මහරජතුමා


කාවන්තිස්ස රජුට දාව විහාර මහා දේවියට උපන් ගැමුණු කුමරු ගාමිණි අභය නම් විය. සිය පියාගේ වචනය වත් නොතකන හේ, රුහුණේ මාගමින් පලා ගොස් සේනා සංවිධානය කොට එවකට 44 වසරක් පුරා අනුරපුරය අගනුවර කොටගෙන රාජ්‍ය කල එළාර නම් සොළී රජු පරදවා නැවතත් සිංහලය එක්සේසත් කරයි. බුදු දහම වෙනුවෙන් අගනා මෙහෙයක් ඉටු කරයි. එසේ වුවත් දුටුගැමුණු කුමරු නිවසින් පිටවන්නේ සිය පියාට කාන්තා ඇඳුම් යවා ඔහුට අපහාස කරමිනි. සටන් කරන කාලයේද සිය සොයුරු සද්ධාතිස්සයන් සමඟ ආරවුල් ඇතිකර ගනී. එමෙන්ම ගැමුණු විසින් පරාජය කරන ලද එළාරත් යුක්තිගරුකය. ඔහු යුක්තිය ඉටු කරනුවස් සීනුවක් එල්ලා තැබූවෙකි. මේ මහාවංශ කතෘ තුමා පරිච්ඡේද 24ක් පුරාවට ගුණ වයන දුටුගැමුණු චරිතයේ සාරාංශයයි.
ඉතිහාසය ගවේෂණයේදී අප හැමවිටම වෙනස්ම මඟක් ගතිමු. මහාවංශයටම සීමා නොවී එයද තොරතුරු ලද හැකි එක් මූලාශ්‍රයක් පමණක් බව සලකා ඉදිරියට ගියෙමු. මේ එම ගමනේදී අපට හමුවුණු ගැමුණු අබා හෙවත් දුටු ගැමුණු රජුගේ කතාන්දරයයි. සැබැවින්ම ඔහු කවුද? යක්ෂ ගෝත්‍රික හෙළයෙක්ද? ආර්‍ය වංශිකයෙක්ද? හුදෙක් සිංහලයෙක්ද යන්න තීරණය කිරීම පාඨක ඔබට භාර කරමු.


දුටුගැමුණු රජු අයත් වන පරපුර ගැන සැලකිලිමත්ව විමසා බැලීම වටී. විහාරමහා දේවිය අයත්වන පරපුර පැවත එන්නේ පනිත රජුගෙනි. ගෞතම බුදුන් වහන්සේ ලක්දිවට වැඩම කරන කාලයේදී ඔහු අනුරාධපුරයේ පාලකයා විය. සුමන රජු කඳුරට පාලනය කලේය. එම පරපුරෙන් පැවතෙන මහතිස (කැළණිතිස්ස) රජු කැළණිය වාසය කොට විසීම හා විහාර මහාදේවිය (අබිසවෙර) නැවක පාකර හැරීම යන පුවත සලකා බලන කල ඔවුන් නාවික කටයුතු වල යෙදුන බව පැහැදිලිය. එමෙන්ම බෝවත්තෙගල සහ කොටාදැවු හෙළ යන ස්ථාන වල ඇති විහාර දේවියගේ සෙල්ලිපි වල නැව් සංකේත දක්නට ලැබේ. ආර්‍යයන් මෙහි එන්නට පෙර විසූ සිව් මහා ගෝත්‍ර වලින් නාවික කටයුතු වල යෙදුනේ නාග ගෝත්‍රිකයන්ය. විහාරමහා දේවිය නාග ගෝත්‍රික බව නිගමනය කල හැකි අතර ඊට රුකුල් දෙන ශිලා ලේඛන මේ වනවිට හමුවී ඇත.

දෙවනපෑතිස් සොයුරු මහානාගද නාග ගෝත්‍රිකයෙක් බව ඇතැමෙක් කියයි. එනමුදු සුමනට සමකාලීන විය හැකි මහානාග ඒ හේතුවෙන්ම බුදුන් වහන්සේටද සමකාළීන හෝ ඊට ආසන්න විය යුතුය. එසේනම් ඔහු දෙවනපෑතිස් සොයුරු විය හැකිද? ගෞතම බුදුන් ලක්දිවට වැඩම කරන කල ලක්දිව ප්‍රාදේශිය පාලකවරු 13 දෙනෙක් විය. කැළණිය – මහතිස (කැළණිතිස්ස) පනිත රජුගෙන් පැවතෙන්නාසේම, මාගම කාවන්තිස්සද එම ප්‍රාදේශිය පාලකයන්ගෙන් පැවතෙන්නන් විය හැක. . විජයාගමනයට පසුව දුටුගැමුණු සමය වනතෙක් මහාවංශයෙන්ද ලක්දිව රුහුණ ගැන වැඩි විස්තරයක් සැල නොවීම තුලින් මේ පිළිබඳ පැහැදිලි නිගමනයකට පැමිණීම අසීරු වී ඇත.

වසර ගණනාවක් පුරාවට සොළී පාලනය යටතේ වූ අනුරාධපුරය ඉන් මුදවා ගැනීමේ මෙහෙයුම අරඹන්නේ සැබැවින්ම කාවන්තිස්ස රජුයි. ඒ වනවිට තරමක් විරසකව සිටි සිව් මහා ගෝත්‍ර එක අරමුණක් කරා ඒකරාශී කරන්නට ගත් වෑයමේ ප්‍රථම පියවර ලෙස නාග ගෝත්‍රික විහාරමහ දේවිය විවාහ කරගත්තා විය හැක. එමෙන්ම කාවන්තිස්ස රජුගේ නැගණිය සෝමාදේවිය විවාහ වන්නේද යක්ෂ ගෝත්‍රික ගිරි අභය සමඟයි. මීලඟට ඔහු කලේ සේනා සංවිධානයයි. වේළු සුමන, සුරනිමල ආදී යෝධයන් රැස්වුණේ ගැමුණු කුමරු වෙත නොව කාවන්තිස්ස රජු වෙතයි. ගැමුණු කුමරු එළාරට විරුද්ධව සටනට සැරසෙන කල ඔහු කොත්මලයට පලාගිය බව වංශකතා කරුවා කියයි. එහෙත් එකල කොත්මලය යක් විමානයකි. යක්ශ ගෝත්‍රිකයන් විසූ කොත්මලයටම ගැමුණු කුමරු ගියේ ඇයි? කාවන්තිස්ස රජුම කුමරු එහි යැව්වා විය නොහැකිද? අනාගතයේ එළැඹෙන යුද්ධයට යක්ශ ගෝත්‍රිකයන්ගේද සහය ලබාගැනීම මෙහි ප්‍රධාන අරමුණ වන්නට ඇත. දුටුගැමුණු කුමරු වයස අවුරුදු දහසයේ සිට විසි අට දක්වා වසර දොළහක් ගතකරන්නේ කොත්මලයෙයි (කොත්මලේ පුරාවෘත, කෙහෙල්ගමුවේ 42).

එළාර පරදවා ලක්දිව එක්සේසත් කරන ගැමුණු කුමරු මහාවංශයේ වීරයාය. හෙළයේ හැම බොදු දරුවෙකුගේම වීරයාය. එහෙත් ඔහුව වීරයෙක් කරන්නට ඔහු වටා යෝධ පවුරක්ව දිරිය සැපයූ අනෙකුත් චරිත ගැන අවශ්‍ය පමණට ඉතිහාසයේ සදහන් නොවීම කණගාටුවට කරුණකි. ගැමුණු රජුගේ බිසව වූයේ රන්මැණිකා නම් කොත්මලේ යක්ශ ගෝත්‍රික තරුණියකි. ගැමුණු රජුගේ පුත් සාලියද අශෝකමාලා නම් තරුණියකට පෙම්බැඳ ඔහුට රජකම පවා අහිමි වූ බව පැවසේ. එනමුදු අප එය දකින්නේ වෙනස් කෝණයකිනි. එනම්, දුටුගැමුණු රජුගෙන් පසු රාජ්‍ය පාලනයට සුදුසුම පුද්ගලයා සාලිය කුමරුට වඩා තිස්ස කුමරු වන්නට ඇත. වයසින් මෙන්ම රාජ්‍ය පාලනයේ අත්දැකීම් වලින්ද තිස්ස කුමරු පරිණත විය. ඒ හේතුවෙන් ගැමුණු රජුගෙන් අනතුරුව සද්ධාතිස්ස රජවිය. එම තේරීම වැරදි නැති බව ඔප්පු වන්නේ දුටුගැමුණු අභාවයත් සමඟම සොළීන් නැවතත් ලක්දිව ආක්‍රමණය කරන්නට ගොස් (නල මුක්කර ආක්‍රමණය) සද්ධා තිස්ස රජුගේ සේනාව අතින් අන්ත පරාජයකට පත්වීම නිසයි (මෙම කරුණු හා ආක්‍රමණ ප්‍රසිද්ධ ඉතිහාසයේ සඳහන් නොවීම කණගාටුවට කරුණකි). එමෙන්ම සාලිය කුමරු හා විවාපත් අශෝකමාලාද අසුර ගෝත්‍රයකට අයත් බවට තොරතුරු ජනවහරේ එයි. සාලිය කුමරු ලක්දිව විල්පත්තු ආශ්‍රිත ප්‍රදේශය පාලනය කල බව සදහන් වන අතර සාලිය කුමරුගේ මාලිගයේ නටඹුන් අදටත් විල්පත්තු වනෝද්‍යානයේදී දක්නට ලැබේ.

ගෞතම බුදුන්ට සමකාලීන සුමන රජුට, පරම්පරා 4කට පසුව ඉපදෙන ගාමිණී අහය කුමරු වංශකතාව අනුව මහින්දාගමනයටත් පරම්පරා කිහිපයක ඇවෑමෙන් ඉතිහාසයට එක් වේ. මෙයද ගැටළුවට තුඩු දෙන කරුණකි. ආචාර්‍ය් සූරිය ගුණසේකරයන් පවසන පරිදි සම්බුද්ධ පරිණිර්වාණය සිදුවන විට ගැමුණු කුමරු සිය ළමා කාලයේ පසු වූවා විය හැක. එමෙන්ම ගාමිණී අභය ගැන අපට සෙල්ලිපි හමුවන්නේ බුද්ධ වර්ශ 30-50 අතර කාලයේය. එහෙත් මහින්දාගමනයම බුද්ධ වර්ශ 236 දී සිදුවූ බව වංශකතාව කියයි. එසේනම් අප කතා නායකයා මහින්දාගමනයට පෙර ලක්දිව විසුවෙක්ද?

ගැමුණු කුමරු මහාවිහාරයට අගනා මෙහෙවරක් ඉටු කලද කුමරුට සංඝානුශාසනා අවශ්‍ය විටෙක රහතන් වහන්සේලා වඩින්නේ පුවඟු(යාපනය) දිවයිනෙන්ය (සටනින් මියගිය මිනිසුන් ගැන සිතා තැවෙන මහරජු සැනසීමට පුවඟු දිවයිනෙන් භික්ශුන් වහන්සේලා පැමිණීම). ඒ අතරම දුටුගැමුණූ සමය වනවිටත් ථූපාරාම දාගැබ, ශ්‍රී මහා බෝධිය මහමෙව්නාවේ තිබුණි, එනමුදු බුදු දහම වෙනුවෙන්ම කැපවුණු මහරජු එම ස්ථානවල පූජා පැවැත්වීමක් ගැන හෝ සදහන් නොවේ. මේ ගැන සැකයක් පළමුවෙන්ම ඇතිවන්නේ සොළොස්මස්ථාන වන්දනා ගථා නිසයි. මහියංගනං, නාගදීපං, කල්‍යාණං, පදලාංඡනං, දිවාගුහං ….. බැලූ බැල්මට ගාථාව ලියවෙන්නේ බුදුන් වහන්සේ වැඩි පිළිවෙළටයි. එහෙත් (සොණ්ණමාලී මහා චේතිං, ථූපාරාම, භයාගිරිං) ථූපාරාමය සඳහන් වන්නේ මිරිසවැටිය හා රුවන්මැලි සෑයට පසුවයි. (හෙළ යුගය, ගුණසේකර 122). මින් පෙනී යන්නේ ථූපාරාමය පසුකළෙක ගොඩනැඟුනු බව හා දුටුගැමුණු රජු මහින්දාගමනයට බොහෝ පෙර විසූ බව නොවේද? මහින්දාගමනයට පෙර ලක්දිව බුදු සසුන ප්‍රචලිතව තිබුණු බව ඇසීමෙන් අපි තවදුරටත් පුදුම නොවෙමු. මන්ද යත් බුදුන් වහන්සේගේ ලංකාගමනයන්හිදීම ධර්මය ශ්‍රවණය කර සසුන්ගතවූ සිව් හෙළ ගෝත්‍රිකයන් විසූ බවට තොරතුරු සඳහන් මූලාශ්‍ර මේ වනවිට හමුවී ඇති බැවිණි. එම තොරතුරු පසුවට ලියැවෙන ලිපි වලින් කතා කරමු.

රට එක්සත් කල ගැමුණු රජු, තමාට යුද්ධයට උපකාර කල කතරගම දෙවියන්ට බාරයක් වෙයි. ඒ අනුව ඌව පලාත කතරගම මහසෙන් (කතරගම දෙවි) රජු නමට පවරා, ඔහු නමින් වැඩහිටි කන්දේ දේවාලය තනයි. අනතුරුව මහා සෑය තනවන රජු එය රුවන්මැලි සෑය ලෙස නම් කරයි. එම නම හැදුන ආකාරය ගැන විවිධ කතාන්දර අප සතුව ඇත. එහෙත් බුදුන් වහන්සේ වැඩි එම භූමියේ මහා සෑය කරවන රජු එයට රත්නමාලි යන නම තබන්නේ එම භූමියේ සිටි රුක් දෙවඟනක් නිසාමද? කතරගම දෙවියන් ලෙසින් හැඳින්වෙන කතරගම මහසෙන් නිරිඳුන්ගේ බිසවත් රත්නවල්ලි, ස්වර්ණමාලි යන නම් වලින් හැඳින්වුණාය. එමෙන්ම මහාසෑය තනවන්නට පෙර එම භූමියේ රත්නමාලියගේ දේවාලයක් වූ බවට තොරතුරු ඇත. දුටුගැමුණු රජු, මහසෙන් බිසව රත්නමාලියගේ දෙවොල වෙනුවට මහා සෑය කරවා ඊට ඇගේ නම තැබුවා විය හැක. ඒ අනුව ස්වර්ණමාලි දෙවඟනගේ කතාව සියයට සීයක්ම වැරදිත් නැත. රුවන්මැලි සෑයේ කටයුතු අවසානයට පෙර රජු කාලක්‍රියා කරයි. ඒ ගැනද ජනවහරේ එන කථාන්දර කිහිපයකි. එම කථාන්දර සියල්ලම විමසා බලන කල රජුගේ මරණයට නාග ගෝත්‍රිකයන් මුල්වුන බව පැහැදිලිය. එයට හේතුව, රජු විසින් නාගයින් සතුවූ බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව මිරිසවැටියේ නිධන් කිරීමට ලබාගැනීම බව කියන අතර තවත් ජන කතාවක කියැවෙන්නේ රජු පසු කලෙක නාග කුමරියක පාවාගැනීම ගැන විරුද්ධ වන නාග ගෝත්‍රිකයන් රජු මරන්නට කිහිපවිටක්ම තැත් කල බවයි.

මේ සියළු කරුණු, දුටුගැමුණු රජු සැබැවින්ම කවුද යන්න සොයා බැලීමට අපව තව තවත් පොළඹවයි. ඔහු බුදුන්ට සමකාලීනව හෝ ඒ ආසන්නයේ විසූ සිව් හෙළයේ රජ කෙනෙක් බව සනාථ කරන කරුණු රැසකි. එහෙත් ඒ සියල්ලම තුලින් පැන නගින ගැටළුව වන්නේ මහාවංශයේ මෙතරම් පටලැවිල්ලක් ඇතිවූයේ කෙසේද යන්නයි.

මහාවංශයේ එන සොළී ජාතික එළාර ආක්‍රමණිකයෙකි. ආක්‍රමණිකයෙකුට කිසි දිනක රටක කිරුළ හිමි රජෙක් වන්නට හෝ ඊට සමාන වන්නට නොහැක. එනමුදු වංසකතා කරුවාට ඔහු යුක්තිය ඉටු කල සාධාරණ රජ කෙනෙකි. ඒ බව ගෙනහැර දක්වන්නට ඔහු යොදාගන්නේ එළදෙනක් විසින් සිනුවක් ගැසූ කතාවත්, එළාරගේම පුතු යුක්තිය වෙනුවෙන් ඝාතනය කිරීමත්ය.  එසේනම් එළාර යනු මහාවිහාරයේ මල් ආසනවල පූජා කරන ලද මල් විසිකර, විහාර භූමියේ කැත කරන්නට මිනිසුන් යෙදවූ ධාර්මික යුක්ති සහගත පාලකයාය. දුටු ගැමුණු වනාහී සිය පියාව විරුද්ධව නැඟී සිට, ඔහුට ගැහැණු ඇඳුම් යවා අපහාස කල දුට්ඨ ගාමිණී නම් වීරයාය. වීරත්වයක් ආරෝපණය කරන අතරම ගැමුණු කුමරුගේ දුෂ්ඨ බවත්, එළාර ගේ යුක්තිගරුක බවත් අප සිත් තුල තැන්පත් කරන්නට රචකයා සමත් වී ඇත. රටක ඉතිහසයක් ලිවිය යුත්තේ එම රටේ මුල සිටම පැවතෙන පදිංචිකරුවන්ය, එය ඔවුන්ගේ කතාවයි, ඔවුන්ගේ පරපුරයි, ඔවුන්ගේ ඉතිහාසයයි. එහෙත් මහාවංශය රචනා කල මහානාම හිමියන් කාලිංග වංශික පිටරැටියෙකි. එළාරද කාලිංඝයෙන් පැමිණි ආක්‍රමණිකයෙකි. එපමණක් නොව, ලක්වැසියන්ගේ අනුබුදු ලෙස සැලකෙන මිහිඳු මහ රහතන් වහන්සේද කාලිංඝ වංශිකයෙකි. ඒ අනුව දුටුගැමුණු චරිතය රචනයේදී වංසකතාකරුවා අතින් සිදුව ඇති පටලැවිල්ල අහඹුවක් ලෙස සැලකිය නොහැක.

මේ අල්ල පනල්ලේ එළාර යක්ශ ගෝත්‍රිකයෙක් බව ඇතැමෙක් පවසන්නේ මහවැළි ගඟ දිගට එළාරගේ බලකොටු 32ක් ගැමුණු රජු විසින් විනාශ කිරීම මුල් කරගෙනයි. බලකොටු 32ක් තනන්නට තරම් ජන බලයක් සුලු කාලයක් තුල ආක්‍රමණිකයෙකුට නොලැබීම හා මහවැලි ගඟ අසල ජනාවාස වීම හේතුවෙන් ඔවුන් යකුන් වියහැකි බවට නිගමනයන්ට පැමිණේ. අපේ නිගමනය නම් බලකොටු වල කටයුතු කල සොළීන් හෝ කුලී හේවායන් කෙසේ වෙතත් එළාර යකෙක් නොවන බවයි. එමෙන්ම බලකොටු යකුන්ට අයත් නොවන බවයි. යකුන්ගෙන් පැවතෙන්නන් එහි සේවය කිරීම එම වකවානුව අනුව විය හැක. පුරාණයේ පටන්ම ලොවක් මවිත කල වාරි තාක්ශණයක් හිමි හෙළය වැව් දියෙන් කුඹුරු කරද්දී ගංගා දිගට ජනාවාස තැනීමේ විශේෂ අවශ්‍යතාවක් නොවීය. එමෙන්ම එදා එළාර විසින් සිය ජනතාවට මහාවිහාරයේ කැත කරන්නට දුන් අණම පසුකළෙක බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව අවිහිංසාවාදී මහත්මා ගාන්ධි තුමා විසින් සිය අනුගාමිකයන්ට දීම තුළින් එය ඉන්දියානුවන්ටම ආවේණික දෙයකියි සිතමි. එබැවින් එළාර නම් සොළී ආක්‍රමණිකයා යක්ශ ගෝත්‍රයට ඈඳා ගැනීම නුසුදුසු බවක් හැඟේ.

මෙහිදී අප හුවා දක්වන්නට උත්සහ කරන්නේ වංශකතාවේ අඩුලුහුඬු කම් හරහා එය බොරුවක් බව නොව. හෙළ ඉතිහාසයේ ස්වර්ණමය යුගයන් විචිත්‍රවත්ව ලියැවුණ මහාවංශය තරම්, දීර්ඝ කාලීන ඉතිහාසයක් කැටිකරගත් කෘතියක් හිමි ලොව වෙනත් ජාතියක් ගැන මගේ මතකයට නොපැමිණේ. එය එතරම්ම අනර්ඝය. එහෙත් ඉතිහාසයේ එන අපට වැදගත් චරිත ගැන ගැඹුරින් හදාරන්න නම් වංශකතාවෙන් ඔබ්බට ගොස් විවිධ මූලාශ්‍ර හා ගැටෙන්නට සිදුවෙයි. එහිදී අපට දැනගන්නට ලැබෙන දෑ මෙතෙක් කල් අප දැරූ සියළු මත, අදහස් වෙනස් කරන්නට සමත් වෙනු ඇත. වියයුත්තේද එයම යැයි අපි විශ්වාස කරමු. අද අප විසින් කියනා ඉතිහාස කරුණු හෙට දිනයේ සිදුවන නව සොයාගැනීම් සමඟ සම්පූර්ණයෙන්ම වෙනස් වන්නට ඉඩ ඇත. මෙතෙක් දුරට එක්රැස් කරන ලද කරුණු ඔස්සේ අප අතින් ලියැවුණ ගැමුණු අබා හෙවත් දුටුගැමුණු චරිතය දෙස නැවත වරක් බලන කල පෙනී යන්නේ ඔහු රාක්ෂ (හෝ යක්ෂ), නාග සම්භවයකින් පැවතෙන පාලකයෙකු වන අතර අපි ඔහු ගැන දන්න දේට වඩා තවත් සොයා දැනගන්නට තිබෙන දෑ බොහෝ බවයි.





අපේ යුතුකම ලක්දිව සිංහල ස්ථාන නාම භාවිත කිරීමයි

අපේ යුතුකම ලක්දිව සිංහල ස්ථාන නාම භාවිත  කිරීමයි  

ලොවැ කොතැනක හෝ වෙසෙන කිසියම් මිනිස් ජාතියක් වෙතොත්, ඔවුන් නියත වශයෙන් ම  තවත්  
ජාතියකට වෙනස් වන්නේ ඔවුනොවුන් කථා කරන භාෂාවෙනි. ඉංගිරිසින්  ඉංගිරිසි ජාතිය
වන්නේ,  ඔවුන්ගේ මවු බස ඉංගිරිසි භාෂාව බැවිනි.



ජපනුන්  ජපනුන් වන්නේ ද චීනුන් චීනුන් වන්නේ ද, ජරමාණුවන් ජරමාණුවන් වන්නේද  දෙමළ  
ජාතිකයන් දෙමළ වන්නේ ද, සිංහලයන් සිංහල වන්නේ ද එලෙසමයි. සෑම  ජාතියක්ම සිය භාෂාවට  
මවු බස යැයි කියන්නේ ද එබැවිනි.

කවර හෝ ජාතියෙක වුව ඉස්මතු වී පෙනෙන, ප‍්‍රධාන ලක්ෂණය එම ජාතියට ආවේනික  භාෂාවය.  
මෙම කරුණේ දී වඩාත් කැපී පෙනෙන ලක්ෂණය කිසියම් වචනයක් විවිධ  ජාතිකයින්ගේ මුවින්  
විවිධ ආකාරයෙන් උච්චාරණය කරනු ලැබීමයි. ස්වකීය මවු  භාෂාවෙන් ජනිත උච්චාරණ ස්වරයෙන්  
බැහැර වීමට කාටත් නොහැක.

උදාහරණ ලෙස ඉංගිරිසි ජාතිකයකුට “කොළඹ” යැයි උච්චාරණය කළ නොහැක. එ නිසා  ඔවුන්  
කොළඹට කීයේ “කලම්බු” කියා ය. ශත වර්ෂ ගණනාවකට පසුව වුව ද ඔවුනට  කොළඹට කොළඹ යැයි
කිව  හැකිද? ගාල්ලට “ගෝල්” යැයි, කෑගල්ලට “කේගෝල්” යැයි ද,  තංගල්ලට “ටැංගෝල්” යැයි
ද  ඔවුහු අදත් කියති.

මවු බස

මෙම උච්චාරණ විපරිත භාවයේ ස්වභාවය තේරුම් ගැනීමට දෙමළ උච්චාරණය හැර වෙනත්  උදාහරණ  
කුමට ද? අප මවු බිමේ අනාදිමත් කාලයක් පුරා ජීවත්වන, දෙමළ බස කථා  කරන, ඕනෑම දෙමළ  
ජාතිකයකු විසින් වුවද පුද්ගල නාම, ග‍්‍රාම නාම, නගර නාම,  ස්ථාන නාම ඈ විවිධ වචන  
උච්චාරණය කරනුයේ තම මවු බසෙහි නියත බලපෑමෙන් බැහැර  කළ නොහැකි කැපී පෙනෙන දෙමළ  
භාෂාමය හුරුව රැගත් උච්චාරණ ස්වරයකිනි.

කදුරුගොඩ පුරාණ විහාරයේ වටදාගෙය සහිත පරිවාර දාගැබ්  කිහිපයක්  
දෙමළ ජාතිකයෝ කොළඹ යැයි කියාගත නොහැකි බැවින් කොළුම්පු යැයි නොකියත්ද?  මීගමුව  
යැයි කීමට අපොහොසත් බැවින් නිර්කොළුම්පු යැයි කියති. ගාල්ලට ගාෙලෙ  කියති. අම්පාරට  
අම්බාරෙයි කියති.

සිරිගෝණකන්දට (ගෝකන්න හෙවත් ති‍්‍රකුණාමලයට) කියන්නේ තිරුකෝණමෙලෙ කියා ය.  සෝමපුර  
(හෝ සාමපුර) යන්නට සාම්පූර් යැයි කියති. මඩකළපුවට කියන්නේ  මට්ටක්කලප්පු ය. කොටහේනට  
කොට්ටන්චේනෙයි යැයි කියන්නේ ද එපරිද්දෙනි. මේ  පිළිබඳව දිගු අටුවා - ටීකා අවශ්‍ය  
නොවේ.

ශ‍්‍රී ලංකාවේ කවර හෝ ප‍්‍රදේශයෙක ස්ථාන - නාම දෙමළ භාෂාමය උච්චාරණ  ස්වරූපයක්  ගෙන
ඇත්තේ මෙකී උච්චාරණ විලාශයේ වෙනස නිසා ය. සිංහලයින් දිගු  කලක් මෙය සැලැකුයේ  
උපේක්ෂාවෙනි.

අභාග්‍යය මෙකී උච්චාරණ දුෂ්කරතාව, අනියතින් උතුර සහ නැඟෙනහිර පළාත් දෙක සිය  දෙමළ  
නිජබිමැයි ලොවට හඬගා කීමට බෙදුම්වාදී ඊළාම් කාරයින්ට අනගි පසුබිමක්  සලසා දීමයි.

අඩ - සියවසකට පමණ පෙර මේ ලක්ෂණය වටහාගත් බෙදුම්වාදී කූට දේශපාලකයෝ මෙම  තත්ත්වය  
උපරිම ලෙස ප‍්‍රයෝජනයට ගෙන සිංහල ස්ථාන නාම සඳහා හිතා - මතාම දෙමළ  ආරෝපණයක්  
ලබාදුන්හ. සිංහලයාගේ නොසැලකිල්ල උතුරු හා නැඟෙනහිර දෙපළාතේ දෙමළ  - ඊලාම්
සංකල්පකයෙක  නිර්මාණය ආරම්භයට පසුබිම සැකසීය.

නිජබිම් සංකල්පය

දිවයිනේ උතුරු හා නැඟෙනහිර දෙ - පළාතේ ස්ථාන - නාම නියත දෙමළකරණයකට ලක්  වූයේ මෙම  
වක‍්‍ර දේශපාලන ව්‍යාපාරය මතය. වරින් වර, අපගේ දේශපෙ‍්‍ර්මී  විද්වතුන්, දේශීය මෙන්  
ම විදේශීය ඉතිහාසඥයන් හා පුරාවිද්‍යාඥයන් විසින්  මතු කරනු ලැබූ, අපේ ස්ථාන -  
නාමයන්ගේ නිවැරැදි උච්චාරණය හා ලිවීම කෙසේ විය  යුතුද යන්න ලොව පුරා වෙසෙන සියලු  
ශ‍්‍රී ලාංකිකයින් මෙන්ම, දේශපාලකයින්,  සහ රාජ්‍ය ආයතන වැනි ක්ෂේත‍්‍ර සාමාජිකයෝ  
හොඳින්ම දැන සිටියහ.

එතෙකුදු වුවත්, වසර ගණනාවක් ම මෙම කරුණ නොතකා හැර, එම දෙපළාතේ ස්ථාන - නාම  
නිවැරැදි ලෙස නොලියන - නොකියන බව ප‍්‍රකට කරුණෙකි. එ මතුද නොව, නාම ෂකෘති  නිවැරැදි  
කිරීමට පියවර නොගැනීම නිසා , ඒවා තහවුරු විය.

ඊනියා දෙමළ නිජබිම් සංකල්පය මල් පලගැන්වීම උදෙසා, මෙම දෙපළාතේ ඓතිහාසික  සිංහල  
ස්ථාන - නාම දෙමළකරණයට ලක්වී, එසේ විකෘති කළ අයුරින්ම පැවැතීමට හා  භාවිතයට ඉඩ හැර  
තිබීම කනගාටුවට කරුණකි.

උතුරු හා නැඟෙනහිර පළාත් දෙක එක්කොට, දෙමළ - ත‍්‍රස්තයන් ලවා ඊනියා දෙමළ -  
නිජබිම් සංකල්පය ජයගෙන, දෙමළ ඊලාමයක් ඇටැවීමේ කුමන්ත‍්‍රණයට දෙමළ - ඊලාම්  කාරයින්  
විසින් මෙකී ස්ථාන - නාම විකෘතිය පාවිච්චි කරනු ලබන අයුරු දැකිය  හැකි ය.

පොදුවේ ඕනෑම දෙයක් සිදුවන්නට ඉඩ හැර, “ඔහේ ඕනෑ දෙයක් වුණා දෙන්” යැයි කරබාගෙන,  
ඉඳීමේ ප‍්‍රතිවිපාක දැන් විඳවන්නට සිදුවී තිබේ.

උතුරුකරයේ බෞද්ධ සිද්ධස්ථාන පසුගිය වසරේ අගෝස්තු මාසයේ නැඟෙනහිර පෙදෙස්හි කැලෑ
අරක්ගෙන  සිටි එල්.ටී.ටී.ඊ  ත‍්‍රස්තවාදීහු ගෝකන්න (සිරිගෝණකන්ද හෙවත්  
ති‍්‍රකුණාමලය ඊපඪදජධථචතඥඥ)  දිස්ති‍්‍රක්කයේ ගන්තලාවෙන් (කන්තලේ) ඔබ්බෙහි,  සෝමපුර
ප‍්‍රදේශයේ ජනතාවට පානීය හා  ගොවිතැන් සඳහා ජලය සැපැයූ මාවිල් -  ඔයේ සොරොවු අවහිර
කළහ.

දෙමළ ජනතාවගේ ඊනියා “ගැලැවුම්කාරයින්” යැයි කියාගන්නා මෙකී දෙමළ  ත‍්‍රස්තයෝ,  
සිංහල සහ මුස්ලිම් ජනයා මතු නොව, දහස් ගණන් වූ තම දෙමළ  ජාතිකයින් ද, මෙනයින් දැඩි  
පීඩනයට ගොදුරු කළහ.

වහා කි‍්‍රයාත්මක වූ, දේශයේ මුර - දේවතාවන් බඳු ආරක්ෂක හමුදා විසින් දරුණු සටන්  
වැද, දෙමළ ත‍්‍රස්තයන් පළවා හරින ලදහ.

අනතුරුව කොටින් ගේ පීඩනයට පත් එම පෙදෙස් වැසි දහස් සංඛ්‍යාත දෙමළ, සිංහල,  
මුස්ලිම් ඈ සකල ජනතාවගේ පැන් පවස නිවමින්, අගෝස්තු 9 වැනිදා රාති‍්‍ර 8.00 ට  අපේ  
වීරෝදාර සෙබළ බලඇණි විසින් මාවිල් - ඔයේ සොරොවු අරින ලදී. දෙමළ  ත‍්‍රස්තයින්ගේ  
නපුරු දසාව උදා වූයේ එතැන් සිටය.

සිංහල ස්ථාන - නාම

අපේ පෞරාණික ස්ථාන - නාම භාවිතයේ වැදගත්කම යළිත් දැඩි ලෙස ඉස්මතු වූයේ මේ  
අවස්ථාවේදීය. කාලයාගේ් ඇවෑමෙන් අපේ ම නොසැලැකිලිමත් කමෙන්, කෙමෙන් ඇල් -  මැරුණු  
සිංහල - නාම භාවිතය මූලික වූ, උතුරු හා නැඟෙනහිර සිංහල අනන්‍යතාවයේ  වත්මන් බලපෑම,  
විද්‍යුත් - පණිවුඩ හුවමාරු පද්ධති මගින් ලොව පුරා වෙසෙන  දෑ - හිතැතියන්ගේ පුළුල්  
සාකච්ඡාවට බඳුන් විය.

අපේ ඉපැරණි සිංහලයා හා උගත් විද්වතුන් කලක් තිස්සේ සාමූහිකවත්, පෞද්ගලිකවත්  මෙම  
විෂය අරභයා කරන ලද පර්යේෂණ, ඓතිහාසික කරුණු සොයා, සසඳ්‍ර, විමංශනයට  භාජනය කිරීම්,  
පැරණි ලේඛන සිතියම් භාෂාමය සමාන කම් හා පරස්පරතාද, උච්චාරණ  ප‍්‍රභේදයන් ද, මෙනයින්  
පළ වී ඇති පොත්පත් පැරණි මිණුම්කරු - සටහන් පොත්  ආදිය ද ඇසුරු කොට සැකැසුණු අගනා  
අන්තර්ජාල තැන්නක් හෙවත් වෙබ් අඩවියක්  දැනටමත් නිර්මාණයවී හමාරය.

වෙබ් - අඩවිය

වත්මනේ දෙමළකරණය වී ඇති සිංහල ස්ථාන - නාම, ඒවායේ ඓතිහාසික හා  පුරාවිද්‍යාත්මක  
පසුබිම, එකී නාමයන් දෙමළ ආරෙන් මෑත යුගයේ බිඳී අවුත් ඇති  ආකාරය හා ඒවායේ ඉපැරණි  
ස්ථානගත සංයුතිය මෙන් ම ජනප‍්‍රවාදආශ‍්‍රිත පසුබිම  ද, අදාළ සිතියම් ද දැක්වෙන මෙකී  
වෙබ් - අඩවිය, දෙමළට තත්සම සිංහලට යෙදෙන  ග‍්‍රාම - නාම සටහන් ද සහිතව සැකැසී ඇත්තේ  
ඉංගිරිසි භාෂාවෙනි.

මෙකී වෙබ් අඩවියට පිවිසෙන මඟ මෙසේය. 

http://dh-web.org/place.names/index.html

ඉහත දක්වා ඇති වෙබ් අඩවිය හා අදාළ ස්ථාන - නාම ගවේෂණ කටයුතු, එකල විද්‍යොදය  
සරසවියේ උප කුලපති වශයෙන් කටයුතු කළ ආචාර්ය චන්ද්‍ර ධර්මවර්ධන මහතාගේ  
පුරෝගාමිත්වයන් යුත් කණ්ඩායමක් විසින් සිදුකරෙනු ලබයි.

සිංහල ස්ථාන - නාම භාවිතය වැදගත් වනුයේ ඊනියා දෙමළ නිජබිම් සංකල්පය හා ඉන්  ජනිත  
වී තිබෙන අප කුඩා දිවයින කොටස් කර, ඊලාම් - බෙදුම්වාදය ජය ගැනීමේ  දෙමළ ප‍්‍රයත්න  
පරාජයකොට, රටේ ඒකීය භාවය සුරැකීම උදෙසා අත්‍යවශ්‍ය  මූලාධාරයක් වීම උදෙසාම පමණක්  
නොවේ. සිංහල - බෞද්ධ උරුමය තවදුරටත් වනසා  දැමීමේ වක‍්‍ර දෙමළ ප‍්‍රයත්නය අකී‍්‍රය  
කිරීමේ ප‍්‍රබල අංගයක් වශයෙනි.

සිරිලක පුරා සිංහල ස්ථාන නාම අදාළ සියලුම පාර්ශ්ව සියලු කල්හි භාවිතා කළ  යුතු ය.  
උතුර සහ නැඟෙනහිර දෙමළ - නිජබිමක් නොවන බැව් ඉන් සනාථවේ. ලොව පුරා  වසන දෙමළ  
ජාතිකයන් විසින් ජාත්‍යන්තර ප‍්‍රජාව තවදුරටත් රවටනු ලබන්නේ  මෙලෙසිනි.

දෙමළ ජාතිකයන් ලෝ පුරා ප‍්‍රචාරය කර හැර, සිය පරපුරට ද උගන්වා ඇති ව්‍යාජ  ලක්  
උරුමය පිළිබඳ ඉතිහාසයට මූලාධාරය හා සාධකය වී ඇත්තේ ද සිංහල ස්ථාන -  නාම දෙමළකරණයම  
බැව් සපුරා අවබෝධ කළ යුතු කාලය දැන් පැමිණ තිබේ.

දකුණු ඉන්දියානු සතුරු ආක‍්‍රමණිකයින් විසින් වරින්වර කරන ලද මහත් විනාශයන්  කෙසේ  
වතු ද, වසර දෙදහස් තුන්සියයකට ද අධික කාල පරිච්ඡේදයක සිට දිවයින  බැබැළවූ දහස්  
සංඛ්‍යාත බෞද්ධ සිද්ධස්ථාන, උතුරේ ද, නැඟෙනහිර පළාතේ ද එකසේ  පැවතුණි.

වරින් වර සිදුවූ චෝල, පාණ්ඩ්‍ය යනුවෙන් ඉතිහාසයේ හඳුන්වනු ලබන ලද දකුණු  ඉන්දීය  
දෙමළ ආක‍්‍රමණිකයින් විසින් විනාශ කර දමන ලද දහස් ගණන් බෞද්ධ  පූජණීය ස්ථානයන්ගේ  
නෂ්ඨාවශේෂ තවමත් දක්නට ඇත.

පුරාවිද්‍යාත්මක හා ;එතිහාසික වටිනාකමින් යුක්ත සිංහල - බෞද්ධ උරුමයට ඉඳුරා  දෙස්  
දෙන්නා වූ ද, මෙම ඉපැරණි බොදු සිද්ධස්ථාන හා නටබුන් දෙමළ ත‍්‍රස්ත  ක‍්‍රමයෙන්
විනාශ  කරති. ඒ මත කෝවිල් ද ඉදිකරති. සිංහලයාගේ උරුමය මකා  දැමීමේ වැඩ පිළිවෙළක
වත්මන් දෙමළ  - ත‍්‍රස්තයින් නිරතව සිටිති.

නාගදීපය එදා යාපා පටුනද? 

යාපාපටුන - නොහොත් නාගදීපය හා තවත් කුඩා පරිමාණයේ දූපත් රැසකින් වට වූ  වත්මන්  
යාපන අර්ධද්වීපය ආදීකාලීන ලක්දිව අතිශයින් වැදගත්, බෞද්ධ  මධ්‍යස්ථානයක් වූවා  
නිසැකය. එදා යාපාපටුන ද, අනුරාධපුරය වැනි පූජණීය  මධ්‍යස්ථානයක් වූ බවට පුරාවිද්‍යා  
සාධක එමටය.

කිතුවසින් 523 වසරකට පෙර බුදුන් වහන්සේ ලක්දිවට තෙවරක් වැඩම කළහ. දෙවැනි  ලංකා  
ගමනය සිදුවූයේ නාගදීපයට බැව් සඳහන්වේ. කුඩාබණ්ඩා (චූලෝදර) සහ ලොකු  බණ්ඩා (මහෝදර)
යන  නාග - ගෝති‍්‍රක රජකුමරුන් දෙදෙනාගේ සටන් පිවිසුම්  තත්ත්වයක් සමහන් කරනුවස්  
බුදුන්වහන්සේ මෙහි වැඩම කළ බැව් ප‍්‍රකටය.

බුදුන්වහන්සේ වැඩම කරන්නට ඇත්තේ, අද දෙමළ ජාතිකයන් විසින් “නයිනතිවු” නමින්  
හඳුන්වනු ලබන කුඩා නාගදීප – දූපතට නොව, එකී නාග ගෝති‍්‍රක රජදහනට බැව්  සැලකීම වඩා  
ප‍්‍රඥා ගෝචරය.

 එකල එම දූපත ජන ශූන්‍ය දිවයිනක් වන්නට ඇති බැවින්, උන්වහන්සේ එම දූපතට  
දිවා-විහරණය සඳහා හෝ වඩින්නට ඇතැයි සිතිය හැක.

කෙසේ වුවද ඉන් සියවස් ගණනක ඇවෑමෙන් පසු ලක්දිව බුදුසසුන පිහිටුවීමෙන් පසුව,  
සිරිමා බෝ ශාඛාවක් සහ අනතුරුව ශ‍්‍රී දළදා වහන්සේ ද දඹකොළපටුණින්  ලක්දිවට වැඩම  
කරවීමෙන් අනතුරුව ද කලින් කල ඒ පරිසරයේ සිය දහස් ගණන් බෞද්ධ  සිද්ධස්ථාන ඉදි වූ  
බැව්, ප‍්‍රදේශය පුරා ඇති අති විශාල නටබුන්  ප‍්‍රමාණයෙන් පෙනී යායුතුය. එමෙන්ම  
යාපනය වටා ඇති කුඩා දූපත්වලද ඉපැරැණි  බෞද්ධ නෂ්ඨාවශේෂ සොයාගෙන ඇත.

මේවායේ ඉපැරැණි සිංහල ස්ථාන නාම දෙමළකරණයට ලක්කොට දෙමළ ඊලාමයක් නිර්මාණය  කිරීමේ  
ප‍්‍රවණතාවක් ගොඩනඟා, එය ත‍්‍රස්ත කි‍්‍රයා මඟින් ජයගැනීමට වලිකන  මෙවන් යුගයක, රටේ  
ස්වාධිපත්‍යයටද, සිංහලයාගේ බෞද්ධ සංස්කෘතික පරිසරයට ඇති  හිමිකම් මුලිනුපුටා දැමීම  
උදෙසාද කෙරෙන දෙමළ ජාතිවාදීන්ගෙන් මවුබිමත්,  බුද්ධ ශාසනයත් මුදාගැනීමේ උදාර මෙහෙවර  
පැහැර නොහැරිය යුතු කාර්යභාරයකි.  සිංහල ස්ථාන නාම යළි තහවුරු කළ හැක්කේ නිරතුරු  
භාවිතයෙන්ම පමණි.

පුරාවිද්‍යා - කැණීම් 

යාපාපටුනේ වැදගත් තත්ත්වය පසුකාලවලදී නාගදීපයට පමණක් සීමාවන තැනට, කටයුතු   සැලසුණේ
කලින් – කල සිදුවූ හින්දු - දෙමළ ආක‍්‍රමණ නිසා බැව් නිසැකය.  යාපාපටුන පුරා  
පැවැති බෞද්ධ සිද්ධස්ථානයන්ගේ සිය දහස් ගණන් නෂ්ඨාවශේෂ ඇති  බැවින්, යාපනය පුරා  
කැණීම් ඇරැඹීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගත  යුතුය.

බි‍්‍රතාන්‍ය සමය ආරම්භයේදී ඔවුන් විසින් සිදුකරන ලද පුරාවිද්‍යා කැණීම් සහ  මෑත  
භාගයේ චාර්ල්ස් ගොඩකුඹුරේ යුගයේ කැණීම් හැරුණුවිට, පසුකාලීනව මේ  පිළිබඳ උනන්දුවක්  
නොදැක්වීමේ අනිසි පලවිපාක දැන් භªක්තිවිඳිමු.

කාලිංග-මාඝ චෝල ආක‍්‍රමණික ව්‍යසනයෙන් උතුරු මැද සහ උතුරුකරයේ දහස් ගණන්  විහාර –  
දාගැබ්වලට සිදුකළ විනාශ ඉතිරිව තිබූ සෙසු බෞද්ධ නටබුන් බොහොමයක්  කොටි-ත‍්‍රස්තයන්  
විසින් දැනටමත් විනාශකොට ඇත. ඇතැම් නටබුන් මත කෝවිල්  ගොඩනඟා ඇත.

අපේ ජාතික හා ආගමික උරුමයන් පිළිබඳ යටගියාවේ මෑත ගවේෂණය ලෙස සැලකිය හැක්කේ  
පුරාවිද්‍යා චක‍්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්ථවිරයන් වහන්සේගේ  ගවේෂණ බැව්ද  
මෙහිලා සිහිපත් කළ යුතුය.

තමන් වහන්සේගේ පුරාවිද්‍යාත්මක සොයාගැනීම් ද පාදකකොට, උන්වහන්සේ විසින්  පළකරන ලද  
“පාචීණ පස්ස උත්තර පස්ස” (2003) නමැති පොත, අපේ සිංහල - බෞද්ධ  උරුමය පිළිබඳ වැදගත්  
සිහිවටනයකි.

ශ‍්‍රී දන්ත ධාතූූන් වහන්සේ මෙරටට වැඩම කරවූ දන්ත කුමරු සහ හේමමාලා කුමරිය  ගමන්  
ගත් බැව් සඳහන් දඹකොළපටුන (වත්මන් කන්කසන්තුරය) සිට යාපන නගරය දක්වා  වූ මඟ දෙපස  
බොදු පූජනීය ස්ථානවලින් ගහණවූ බැව් ප‍්‍රකටය. දඹකොළපටුන නැව්  තොට සිට, චූලපුර,  
ගෝතමළුවත්ත, චන්දන, කදුරුගොඩ, සංඝාරාම, උඩුවිල, පරණ  නාගවිහාරය වැනි ඉපැරැණි  
ග‍්‍රාම ඉන් සමහරෙකි.

ඇතැම්විට, ඊට පෙර කලෙක සංඝමිත්තා මහ තෙරණිය විසින් සිරිමා බෝ දක්ෂිණ ශාඛාව  වැඩම  
කරවන ලද්දේ ද එමඟින් මැ විය යුතු බවටද අනුමාන කරනු ලැබේ.

යාපනයේ බොදු - ස්ථාන සිතියම 

ඉහතින් සඳහන් කරන ලද වෙබ් අඩවියට පිවිසි විගස, එහි සිංහල ස්ථාන නාම  ලැයිස්තුවට  
ඉහළින් දක්වා ඇති කෙටි හැඳින්වීම් අනුව, එක් එක් අකුරු ජාල-  පිටු විවෘත කරත්ම
උතුරු  හා නැඟෙනහිර පළාත් පුරා පවත්නා හා පැවැති  අප‍්‍රමාණ බෞද්ධ සිද්ධස්ථාන
හඳුනාගත  හැකිය.

 හඳුනාගැනීමේ පහසුව සඳහා එහි සඳහන් කර ඇති යාපනයේ බෞද්ධ ස්ථාන යනුවෙන් දක්වා ඇති  
සිතියමේ, උතුරුකරයේ බෞද්ධ ස්ථාන පෙන්වා තිබේ.

යාපාපටුනේ බෞද්ධ නෂ්ඨාවශේෂ අතුරෙන් කදුරුගොඩ විහාරයේ තවමත් ඉතිරිව ඇති  නටබුන්වූ  
දාගැබ් සංඛ්‍යාව හැටකි. පිරිනිවන් පෑ රහතන් වහන්සේලාගේ භෂ්මාවශේෂ  හෝ ශාරීරික ධාතු  
ඒවායේ තැන්පත් වන්නට ඇතැයි ජනප‍්‍රවාදයේ පවතී.

”කදුරුගොඩ” “කන්තරෝඩෙයි” යනුවෙන් ව්‍යවහාරයට ලක්වී ඇතත්, මෙම ඓතිහාසික  
සිද්ධස්ථානයේ නටබුන් දෙමළ ත‍්‍රස්තයන්ට විනාශකොටගත නොහී, තවමත් විරාජමානව  පැවැතීම  
විස්මයජනකය.

දෙමළ ඊළාම් වාදය

මෙහි ඉහතින් සඳහන් වෙබ් පිටුවට පිවිසෙන්නැයිද එහි දැක්වෙන සිංහල ස්ථාන  නාමයන්  
සියලු තන්හිදී භාවිතා කරන මෙන්ද සියලු දේශපෙ‍්‍ර්මීන්ගෙන් ඉල්ලා  සිටිනු ලැබේ.

දෙමළකරණයට ලක්වී ඇති දිවයිනේ ස්ථාන නාම හඳුනාගෙන අදාළ සිංහල නාම භාවිතය නොපමාව  
දියත් කළ යුතුය. එසේ කිරීම ජාතිවාදය නොවේ.

මෙහි මුලින් දක්වන ලද පරිදි දෙමළ ජනතාවට සිය දෙමළ භාෂාමය ස්වරයෙන් උච්චාරණය  කළ  
හැකි පරිද්දෙන්ම ඉදිරියටද ඒ ඒ ස්ථාන නාම ශබ්දකිරීමට හෝ ලිවීමට හෝ  මෙයින් බාධාවක්  
සිදුවන්නේ නැති බවද සැලැකිය යුතුය.

සිංහලයා වනාහී, ඈත අතීතයේ සිටම සෙසු ජාතීන්ගේ සංස්කෘතිය, බස, ජීවන රටා, ඇදැහිලි  හා
වත්පිළිවෙත් සමතන්හිලා ගරුකළ බව මුළු ලොවම දනී.

ශ‍්‍රී ලංකාවේ හැරුණුවිට රටේ ජනගහනයෙන් සියයට 9ක් පමණ වූ සුළුතරයකට, එහි  බහුතර  
සියයට හැත්තෑපහක පමණ වූ පුරවැසියන්ට හිමි සියලුම අයිතීන් හා  වරප‍්‍රසාද, වචනයේ  
පරිසමාප්තාර්ථයෙන්මැ සමව පිරිනමා ඇති වෙනත් කවර දැයක්  හෝ රටක් නොමැති බව සඳහන් කළ  
යුතුය.

ආනන්ද විජේසිංහ
කැනඩාව (උපුටා ගැනීමකි-http://mask-ip.info/index.php?q=aHR0cHM6Ly9ncm91cHMuZ29vZ2xlLmNvbS9ncm91cC9zaW5oYWxhY2FzdGluZy9tc2cvOGY5ZjFjMTkzZDYwMDUyYz9kbW9kZT1wcmludA%3D%3D&hl=3e9)