2012/02/13

ගෝකන්න විහාරයේ නටබුන් මත වර්තමානයේ කෝණේස්වරම් කෝවිල ගොඩ නැගී ඇත

ත්‍රිකුණාමලය පුරානයේ හදුන්වා ඇත්තේ ගෝකන්න තොට නමිනි.
ලෝකයේ ඇති ස්වභාවික වරායන් අතරින් ප්‍රධාන පෙලේ වරායක් වන ත්‍රිකුණාමල වරාය ඈත අතීතයේ සිටම විදේශීය වෙළද කටයුතු මධ්‍යස්ථානයක් විය. වර්තමානය වන විට එම තත්වය වෙනස්ව ස්වභාවික වරාය පරිසරයේ වටිනාකම හමුදා සහ කර්මාන්ත මය කාර්යන් සදහා යොදා ගෙන ඇති බවක් සිතෙයි. වරාය හෙක්ටයාර් 2000 ක පමණ ප්‍රමාණයක් පුරා පැතිරෙයි.
ත්‍රිකුණාමලය නගරයේ තවත් සුන්දර දසුනක් වන්නේ නිදෑල්ලේ හැසිරෙන මුව රංචු කිහිපයයි. මෙම මුව රංචු පාතුගීසි සමයේ ෆෙඩ්රික් බලකොටුවේ ඇති කල මුව පරපුරෙන් පැවත එන්නේ යයි පැවසේ.නමුත්
ඉතිහාසය දක්වන්නේ රාවනා රජුගේ කාලයේ අවධානයට ලක්වු පුරවරයක තොරතුරු හා බැදුන වෘත්තාන්තයන්ය. වර්තමානයේ කෝණේස්වරම් කෝවිල පිහිටි ස්ථානයයේ රාවනා රජු විසින් ඉදිකරන ලද සූර්ය දේවාලයක් තිබු බවද කියවේ. පසුව එය ගෝකන්න විහාරය වූ බවත් සමහරැ කියති. මෙම විහාරය පෘතුගීසින්ගේ රාජ්‍ය සමයේ ගිණි තබා විනාශ කර ඇත.
අටවන සියවසේදී පස්වන අග්බෝ දි රජු විසින් මෙම විහාරයේ කරන ලද පඨනාගරයේ පාදම පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෑතකදි මතු කරගෙන ඇත. මේ සමග බුද්ධ පතිමා සහ පුරා වස්තු රාශියක්ද මතු කර ගත් බව සදහන්ය. මේ සියල්ල ප්‍රභාකරන්ගේ ඉතිහාසය වැලලිමේ ව්‍යාපෘතිය යටතේ කොන්ක්‍රීට් ආස්තරයකින් වැසී ගිය බවද පැවසේ.
ගෝකන්න විහාරයේ නටබුන් මත වර්තමානයේ කෝණේස්වරම් කෝවිල ගොඩ නැගී ඇතැයි පැවසේ.
ක්‍රි.ව 1753 දී සියම් රටෙන් අපට උපසම්පදාව රැගෙන ආ උපාලි මහතෙරුන් වහන්සේ ඇතුළු භික්‍ෂුන් වහන්සේලා “ඔස්කා බෙල්” නැවෙන් ලංකාවට ගොඩ බැස්සේ ත්‍රිකුණාමලයෙනි. උන්වහන්සේලා පිළිගැණීමට කන්ද උඩරටින් රාජ්‍ය නිළධාරීන් පැමිනෙන තෙක් ත්‍රිකුණාමලයේ දින කිහිපයක් රැදී සිටි බවද පැවසේ.මේ බව සිහි කිරීමට රෝපනය කල බෝ පැල හතරක් අදත් සිහිවටනයක්ව අතු පතර විහිදවමින් ඇති බවකි.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට යන්තනෙකුට ෆෙඩ්රික් බලකොටුව ,කෝනේස්වරම් කෝවිල, කන්නියා උණු වතුර ළිං, ‍සේරුවිල මංගල විහාරය (කි.මි 45 කන්තලේ හරහා) පරවි දූපත, තිරියාය ගිරි හඩු සෑය,වෙල්ගම විහාරය, නිලාවේලි,මුහුදු මහ විහාරය,මගුල් මහ විහාරය, කුඩුම්බියගල ආරණ්‍යය, සහ කුමණ කුරුළු අභය භූමිය සංචාරක ස්ථාන වන අතර කඩුල්ල තවමත් විධිමත් සංචාරයක් සදහා යොමු වීමට වාසනාව ලබා නැත.

විජයට පෙර ලක්‌දිව පැවති දියුණු ශිෂ්ටාචාරයේ වතගොත

ලක්‌දිව ඉතිහාස කතාන්දරය පිළිබඳව ශ්‍රී ලංකාවේ ජනතාව දන්නා කරුණු වන්නේ ක්‍රි.පූ. 6 වන සියවසේ දී උතුරු ඉන්දියාවේ සිට මෙරටට සම්ප්‍රාප්ත වූ විජය නම් කුමාරයා විසින් හා ඔහුගේ ඇමැතිවරු විසින් මෙරට ජනපද ඇතිකොට අපේ ශිෂ්ටාචාරය හා ඉතිහාසය ආරම්භ කළ වගයි. මෙය මෙරට විසූ මුල් කාලීන ඉතිහාසඥයන්, පුරාවිද්‍යාඥයන් මෙන්ම මෙරට ශිෂ්ටාචාරය අධ්‍යයනය කළ බටහිර පඬිවරුන්ගේ ද මතය වී තිබිණි. මේ සඳහා ඔවුන්ට ඉතිහාස කරුණු ගෙනහැර පෑමට මහඟු පිටිවහලක්‌ වූයේ ක්‍රි.ව. හතරවන හා පස්‌වන ශතවර්ෂවලදී රචිත දීපවංසය හා මහාවංසය යන මූලාශ්‍ර ග්‍රන්ථ තොරතුරු හා ක්‍රිස්‌තු පූර්ව 3 වන සියවසේ සිට මෙරටින් වාර්තා වන ශිලා ලිපි තොරතුරුවල අන්තර්ගත කරුණුය.


අපේ යටගියාවේ එසේත් නැතහොත් සංස්‌කෘතියේ හෝ ශිෂ්ටාචාරයේ මුල ක්‍රි.පූ. 6 වන සියවසට එහා ගමන් කරන බව ඉතා ප්‍රබල ලෙස පෙන්වා දෙනු ලැබුවේ 1969 වසරින් පසුවය. ශ්‍රී ලාංකික පුරාවිද්‍යාඥයන් විසින් සිදු කරනු ලැබූ පුරාවිද්‍යාත්මක කැණීම් මගින් හා විදේශීය පුරාවිද්‍යාඥයන් මෙරට දී සිදුකළ පුරාවිද්‍යාත්මක කැණීම් මගින් ක්‍රිස්‌තු පූර්ව 6 වන සියවසේ දී විජය මෙරටට සම්ප්‍රාප්ත වීමට අවුරුදු 500 කලින් එනම් ක්‍රිස්‌තු පූර්ව 1000 (අදින් වසර 3000 කට පෙර) ලංකාවේ පැරැණි ශිෂ්ටාචාරයක සලකුණු සොයා ගැනීමට හැකිවී තිබේ. බුදුන් ලොව පහළ වීමට අවුරුදු හාරසියයකට පෙර මෙරට බිහිවී තිබූ මෙම සංස්‌කෘතිය හා ශිෂ්ටාචාරය පුරාවිද්‍යාඥයන් හඳුන්වා ඇත්තේ යකඩ යුගයේ සංස්‌කෘතිය ලෙසය. (Eaරකහ ෂරදබ Aටැ) එය එසේ නම්කොට ඇත්තේ ගල් ආයුධ පාවිච්චි කොට ජීවත් වූ ජනතාවගේ සංස්‌කෘතියට පසු යකඩ ලෝහය පාවිච්චි කළ ජනතාවක්‌ මෙරට ගල් යුගයෙන් පසුව බිහිවන බැවිනි. මධ්‍යශිලා යුගයේ සිට ශ්‍රී ලංකාවේ විසූ ප්‍රාග් ඓතිහාසික මානවයා කෙළින්ම යකඩ යුගයට පැමිණ තිබෙන බව පුරාවිද්‍යාඥයන් විශ්වාස කරන අතර මෙම යකඩ යුගයේ සංස්‌කෘතිය වඩා ප්‍රචලිත ලෙස හඳුන්වන්නේ පූර්ව ඓතිහාසික සංස්‌කෘතිය (ඡරදඑද Hසිඑදරසජ) වශයෙනි. (පූර්ව ඓතිහාසික අවධිය යනු ලේඛනය ආරම්භ වීමට පූර්ව අවධිය වශයෙන් සැලකේ) පුරාවිද්‍යාඥයන් පෙන්වා දෙන ආකාරයට ගල් යුගයේ සංස්‌කෘතිය ප්‍රධාන අදියර දෙකකින් පුරා ශිලා හා මධ්‍යශිලා වශයෙන් මෙරට දී ක්‍රියාත්මක වී තිබේ. නව ශිලා යුගයක්‌ මෙරට ස්‌ථාපනය වීමට පෙර යකඩ පාවිච්චි කරන යුගයට ලංකාව ප්‍රවිෂ්ට වන්නේ ඉන්දියාව හා සමග පැවති මූලික සමාජ සංස්‌කෘතික ක්‍රියාවලිය පදනමින් බව දැරණියගල පෙන්වා දෙයි.

1988 අනුරාධපුර ඇතුළුපුර කැණීමේ අවස්‌ථාවක්‌

ඡේතවන ව්‍යාපෘතිය ඇතුළුපුර කැණීමේදී හමුවූ මැටි බඳුන් කැබලි


ආනායිකොඩ්ඩායි,කොල්ලන්කනත්ත,පොම්පරිප්පුව ,ඉබ්බන්කටුව ,කන්තරෝදය ආදී ස්‌ථානවල මැටිබඳුන්වල තිබී හමුවූ සංකේත
ඡේතවන ව්‍යාපෘතිය ඇතුළුපුර කැණීමේදී හමුවූ මැටි බඳුන් කැබලි
යකඩ යුගයේ නිර්මාණය කරනලද කාලරක්‌ත වර්ණ මැටි බඳුනක්‌.
යම්කිසි රටක සංස්‌කෘතියක හෝ ශිෂ්ටාචාරයක හැඩගැසීම උදෙසා තාක්‌ෂණය ප්‍රබල වී ඇති බව පර්යේෂණවලින් තහවුරු වී තිබේ. ගල් යුගයේ ජීවත් වූ මනුෂ්‍යයන් පාෂාණ මෙවලම් පරිහරණයේ දී විවිධ වූ දුෂ්කරතාවලට මුහුණ දුන්හ. විශේෂයෙන්ම ජීවත් වීම සඳහා අවශ්‍ය කරන කටයුතුවලදී පරිසරය සමග සටන්කොට එය ජයගැනීමට තරම් තාක්‌ෂණයක්‌ ගල් යුගයේ මානවයාට නොතිබිණි. ඒ නිසාම එම සමාජයේ අවසාන භාගයේ දී ලෝහ තාක්‌ෂණය හඳුනාගෙන පොළව මතුපිට දැකිය හැකි යපස්‌ සහිත ගල් කුඩුකර උණු කර භාවිත කිරීමේ හැකියාව සොයා ගැනීම තාක්‌ෂණික වශයෙන් මානව සමාජය ලැබූ විශාල ජයක්‌ විය. විශේෂයෙන්ම ලෝහ පරිහරණයත් සමග සමාජ සංවර්ධනයේ වේගවත් ක්‍රියාවලියක්‌ සිදුවීම කැපී පෙනෙන අතර මුල්කාලීනව තඹ, ලෝකඩ ආදී ලෝහද පසුකාලීනව යකඩ සහ වානේ ලෝහද පරිහරණය දැකගත හැකිවීම කැපී පෙනේ. ශ්‍රී ලංකාව ගතහොත් ශ්‍රී ලංකාවේ ගල් යුගයේ සංස්‌කෘතියෙන් අනතුරුව යකඩ යුගයේ සංස්‌කෘතිය ක්‍රි.පූ. 1000 දී එනම්, අදින් වසර 3000 කට පෙරදී කලඑළි බැසීම සමග සංස්‌කෘතිය වේගවත් දියුණුවක්‌ කරා පරිවර්තනය වන ආකාරය පුරාවිද්‍යාත්මක කැණීම් මගින් ලැබී ඇති ද්‍රව්‍යවලින් තහවුරු වේ.

ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික සංස්‌කෘතිය නැතහොත් යකඩ යුගයේ සංස්‌කෘතිය තුළ දැකගත හැකි සුවිශේෂත්වයක්‌ වන්නේ ගල් යුගයේ සංස්‌කෘතියට වඩා ශිෂ්ටාචාරවත් අතින් පොහොසත් වීමයි. ඒ අනුව යකඩ යුගයේ සංස්‌කෘතියේ දැකගත හැකි සුවිශේෂ ලක්‌ෂණ වශයෙන්,

යකඩ, තඹ, රන් ඇතුළු ලෝහ භාවිත කිරීම.

ගැමි ජනපද බිහිකිරීම.

වී ගොවිතැන ඇතුළු කෘෂිකාර්මික කටයුතු ඇරැඹීම.

වනයේ විසූ ගවයා, අශ්වයා ඇතුළු සතුන් හීලෑකර තම කටයුතුවලට යොදා ගැනීම.

අහස්‌ ජලය ගබඩා කිරීම සඳහා මූලික වැව් ඉදිකොට කෘෂිකාර්මික කටයුතුවලදී භාවිතය සඳහා ජලය කළමනාකරණය කිරීම.

මුල්වරට සකපෝරුව භාවිත කරමින් කළු රතු මැටි බඳුන්, රතු මැටි බඳුන්, කළු මැටි බඳුන් ඇතුළු සුවිශේෂ මැටි බඳුන් නිෂ්පාදනය.

පිළිස්‌සීමෙන් පසු මැටි බඳුන්වල කුරුටු සලකුණු යෙදීම.

ඉතා විශාල ගල් සොහොන් ඉදිකර මියගිය අය සඳහා ක්‍රමානුකූල ලෙස අවමඟුල් චාරිත්‍ර පැවැත්වීම.

පබළු නිෂ්පාදනය.

විවිධ ප්‍රදේශවල පවතින ස්‌වභාවික ඛනිජ වර්ග භාවිතයට ගැනීම.

යන කරුණු මෙම සංස්‌කෘතිය විසින් ශ්‍රී ලංකා සමාජයට හඳුන්වා දෙනු ලැබූ නව සංස්‌කෘතික අංග වශයෙන් හැඳින්විය හැක.

යකඩ ලෝහය පරිහරණය කිරීම සම්බන්ධ තාක්‌ෂණය මෙරට ක්‍රි.පූ. 1000 ට පෙර ජීවත් වූ ප්‍රාග් ඓතිහාසික ගල් යුගයේ මිනිසා දැන නොසිටියේය. නමුත් ක්‍රි.පූ. 1200 දී එනම් අදින් වසර 3200 කට පෙර දකුණු ඉන්දියාවේ විසූ මිනිසුන් මෙම තාක්‌ෂණය දැනගෙන සිටි බව මහාචාර්ය රාජන් සහ පොෂෙල් වැනි විද්වතුන් පෙන්වා දී තිබේ. එබැවින් යකඩ යුගයේ තාක්‌ෂණය මෙරට ජීවත් වූ ගල් යුගයේ මිනිසා ලබා ගැනීමේදී එය ස්‌වාධීනව ඔවුන්ගේ සොයා ගැනීමකට වඩා ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරන ලද තාක්‌ෂණයක්‌ වීමට ඉඩකඩ ඇති බව පුරාවිද්‍යාඥයන්ගේ මතය වේ. ඉන්දියාවේ සිට මෙරටට යකඩ තාක්‌ෂණය හඳුන්වා දෙනු ලැබූවද ඉන්පසු පූර්ව ඓතිහාසික සංස්‌කෘතිය වඩා ස්‌වාධීන අනන්‍යතාවක්‌ සහිතව පෝෂණය වී දේශීය සංස්‌කෘතියේ ශිෂ්ටාචාරය සඳහා මඟ සලකුණු සකසා තිබීමද ද කැපී පෙනේ. යකඩ යුගයේ තාක්‌ෂණයේ ආගමනයත් සමගම ගල් යුගයේ දඩයමට තිබූ තැන ක්‍රමයෙන් වියෑකී යන ලදී. ඒ වෙනුවට වගා කටයුතු සඳහා ප්‍රමුඛත්වයක්‌ ලබාදී කටයුතු කළ බවට සාධක අනුරාධපුර ඇතුළුපුර (අනුරාධපුර රාජධානියේ රජවරුන්ගේ පාලන මධ්‍යස්‌ථානය) සිදු කරනු ලැබූ කැණීම් මගින් තහවුරු වේ. ආචාර්ය සිරාන් දැරණියගල විසින් ඇතුළුපුර සිදු කරනු ලැබූ කැණීම්වලදී එහි මතුපිට පොළව මට්‌ටමේ අඩි 30-35 අතර ගැඹුරින් වාර්තා වන රතු දුඹුරු පාංශු කලාපය (Reddසිය ඊරදඅබ Eaරඑය) තුළින් ප්‍රාග් ඓතිහාසික මිනිසා භාවිත කළ ගල් අවි මෙවලම් හමුවූ බව වාර්තා කොට තිබේ. එසේම එම පස්‌ තට්‌ටුව මතින් යකඩ යුගයේ මිනිසුන් විසින් සිය ශිෂ්ටාචාරය ආරම්භ කළ බව පැහැදිලි වන අතර එමගින් ගල් යුගයේ සංස්‌කෘතිය යකඩ තාක්‌ෂණය හඳුන්වාදීම සමග වියෑකී ගිය බව දැරණියගල පෙන්වා දෙයි. ඔහු ප්‍රකාශ කරන ආකාරයට එය විස්‌තර කරනු ලබන්නේ ගල් යුගයේ සිට පිම්මක්‌ යකඩ යුගයට පැනීමක්‌ ලෙසය.

පූර්ව ඓතිහාසික සංස්‌කෘතිය සම්බන්ධව මෙතෙක්‌ සිදුකොට ඇති පර්යේෂණවලට අනුව ශ්‍රී ලංකාව තුළ එම සංස්‌කෘතිය පැවතුණු ජනාවාස ස්‌ථාන 44 ක්‌ මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න විසින් වාර්තා කොට තිබේ. ඒවා පිහිටි ස්‌ථාන වශයෙන් යාපන අර්aධද්වීපය, උතුරුමැද, උතුරු මලය රට, වයඹ, බස්‌නාහිර, නැගෙනහිර, දකුණ යන පළාත්වල පිහිටා තිබෙන බව හඳුනාගෙන තිබේ. ශ්‍රී ලංකාවට වී ගොවිතැන හා මිශ්‍ර භෝග හඳුන්වාදීම ඇතුළු කෘෂිකාර්මික කටයුතු ආරම්භ කරන්නේ මෙම සංස්‌කෘතික පිරිසයි. විශේෂයෙන්ම යකඩ තාක්‌ෂණය හඳුන්වාදීමෙන් අනතුරුව ඉතා පහසුවෙන් ඝන වනාන්තර මෙල්ලකොට කෘෂි කටයුතු සඳහා භූමිය සකස්‌ කිරීමට මිනිසාට හැකිවිය. ඒ අනුව එම යුගය තුළ දී වගා කරන ලද වී විශේෂයක පාෂාණිභූත කොටස්‌ ඇතුළුපුර ජනාවාසයෙන් හඳුනාගෙන තිබෙන අතර එම වී වර්ගය විද්‍යාත්මක නාමකරණයේ දී ඔරිස්‌සා සැටයිවා (ධරසිsa Zaඑසඩ්) වශයෙන් හඳුනාගෙන ඇත. මෙම කෘෂිකාර්මික කටයුතුවලට සමගාමීව හීලෑ කරන සතුන් අතර අශ්වයා හා ගවයා සිටීමද වැදගත් වේ. ක්‍රි.පූ. 900 දී එනම් අදින් වසර 2900 කට පෙර මෙරට ජීවත් වූ මිනිසා අශ්වයා පරිහරණය කර තිබීම අතිශයින් ම වැදගත් වේ. අශ්වයා මෙරටට ආගන්තුක සතෙකු බැවින් එම සතා ඉන්දියාවේ යකඩ යුගයේ සංස්‌කෘතිය හරහා මෙරටට ගෙන එන්නට ඇතැයි විශ්වාස කරනු ලබන්නේ අදින් වසර 3000 කට පෙර අශ්වයා ඉන්දියාවේ ජීවත් වූ බවට සාධක හමුවන බැවිනි.

පූර්ව ඓතිහාසික සංස්‌කෘතියේ තවත් සුවිශේෂ ලක්‌ෂණයක්‌ වන්නේ මුල්වරට ගම් ආරම්භ කිරීමයි. ගල් යුගයේ මිනිසුන් න්‍යෂ්ටික පවුල් ඒකක ලෙස ජීවත් වී වාසස්‌ථාන වශයෙන් ස්‌වභාවික ගල්ලෙන් භාවිත කළද යකඩ යුගයේ මිනිසුන් තමන් විසින්ම නිවාස ආරම්භ කරමින් න්‍යෂ්ටික පවුල් ඒකක ගමක්‌ තුළ ජීවත් වීමේ ක්‍රමවේදයක්‌ හඳුන්වාදී තිබේ. ලංකාවේ යකඩ යුගයේ පැවැති ගැමි ජනපද සඳහා ඉතා වැදගත් උදාහරණ කීපයක්‌ අනුරාධපුර ඇතුළු පුරයෙන් වාර්තා වී ඇත. ආචාර්ය සිරාන් දැරණියගල හා බ්‍රිතාන්‍ය ජාතික රොබින් කනින්හැම් විසින් සිදු කරනු ලැබූ කැණීම්වලදී මුල්වරට යකඩ යුගයේ ජනපද පිළිබඳ අනාවරණය කරගනු ලැබීය. ක්‍රි.පූ. 1000-800 ත් අතර එනම් අදින් වසර 3000 - 2800 ත් අතර කාලයට අයත් පස්‌ තට්‌ටුවලින් කටුමැටි වරිච්චිවලින් තැනූ නිවාස හඳුනාගෙන තිබේ. රවුම් ආකාර හැඩ ගන්නා මෙම නිවාස ඉදිකිරීම සඳහා භාවිත කරනු ලැබූ කණු වළවල් සහ ගෙබිම ගොමමැටි ගෑ බවට සාධක පැවතීම ද ඉතා වැදගත්ය. මෙම නිවාසවල වහලය මැද සිටවන ලද කණුවක්‌ ඔස්‌සේ කේතුකාකාර හැඩයෙන් තිබෙන්නට ඇති බවට අනුමාන කළ හැක්‌කේ මෙවැනි ලක්‌ෂණ සහිත ප්‍රාථමික ගැමි ජනපද අදටත් උතුරු සහ දකුණු ඉන්දියාවේ පවතින සාම්ප්‍රදායික ගම්වල දැකගත හැකි බැවිනි.

ආනායිකොඩ්ඩායි,කොල්ලන්කනත්ත,පොම්පරිප්පුව ,ඉබ්බන්කටුව ,කන්තරෝදය ආදී ස්‌ථානවල මැටිබඳුන්වල තිබී හමුවූ සංකේත

යකඩ යුගයේ නිර්මාණය කරනලද කාලරක්‌ත වර්ණ මැටි බඳුනක්‌.

මේ ආකාරයට ආරම්භ වී පෝෂණය වූ මේ සංස්‌කෘතියේ තවත් සුවිශේෂ ලක්‌ෂණයක්‌ වන්නේ මැටි වළං නිර්මාණය කිරීමයි. ඉතාමත්ම සුවිශේෂ වූ තාක්‌ෂණයකට අනුව නිර්මාණය කරන ලද කළු රතු මැටි බඳුන්, කළු මැටි බඳුන් සකපෝරුව ආශ්‍රය කරගනිමින් නිර්මාණය කිරීම මේ යුගයේ හඳුන්වා දෙනු ලැබීය. ක්‍රි.පූ. 950 සිට ආරම්භ වූ මෙම මැටි මෙවලම් කර්මාන්තය මගින් නිෂ්පාදනය කරන ලද මැටි භාජන අතර මුට්‌ටි, හට්‌ටි, බරණි, තැටි, පාත්‍රා වැනි විවිධ වර්ගවල මැටි බඳුන් දැකගත හැකි වේ. මෙම මැටි බඳුන් නිර්මාණය කර ඇති තාක්‌ෂණය පිළිබඳව පර්යේෂණයක්‌ සිදුකොට ඇති ඉන්දීය පර්යේෂකයන් ඇතුළත කළු සහ පිටත රතු මැටි බ\qන් නිෂ්පාදනයේ දී භාවිතා කොට ඇති තාක්‌ෂණය වශයෙන් පෝස්‌ට්‌ µයරින් ක්‍රමය භාවිතා කර ඇති බව පෙන්වා දී ඇත. ඊට අමතරව තනිකරම රතු සහ තනිකරම කළු මැටි බඳුන් නිෂ්පාදනය කිරීමද මෙහි සුවිශේෂ වේ. මෙම මැටි මෙවලම් නිෂ්පාදන කර්මාන්තය සමග යකඩ යුගයේ සංස්‌කෘතික පිරිස්‌ මෙරටට අක්‌ෂර කලාව හඳුන්වා දුන් බවටද මතයක්‌ ගොඩනැඟී ඇත. මෙම යුගයට අයත් බොහොමයක්‌ මැටි බ\qන්වල විවිධ වූ කුරුටු සංකේත දක්‌නට ලැබීම මගින් ඔවුන් විසින් එමගින් යම්කිසි අදහසක්‌ ප්‍රකාශ කරන්නට ඇතැයි අනුමාන කළ හැක. ආචාර්ය සිරාන් දැරණියගල පෙන්වා දෙන ආකාරයට අනුරාධපුර මහාපාලි දාන ශාලාව අසල කැණීමේදී හමුවූ මුල් බ්‍රාහ්මී අක්‌ෂරවලින් ලියා ඇති බිය අනුරද යන වචනය ක්‍රි.පූ. 600-500 කාලයට අයත් බව එම මැටි බ\qන් කැබැල්ල හමු වු ස්‌ථරය කාල නිර්ණය කිරීමෙන් පැහැදිලි වන බව පෙන්වා දී ඇත. එසේ නම් ශ්‍රී ලංකාවේ ලේඛනයෙහි ආරම්භය ක්‍රි.පූ. 3 වන සියවසේ සිදුවූ බවට පිළිගැනෙන මතය පුරාවිද්‍යාත්මක කරුණුවලට අනුව සනාථ නොවේ. කෙසේ වෙතත් ඉහතින් පෙන්වා දුන් මැටි බඳුන්වල දැකගත හැකි කුරුටු සංකේතවලට සමාන අක්‌ෂර ශ්‍රී ලංකාවේ මුල් බ්‍රාහ්මී ශිලාලිපිවල තිබීමෙන් පැහැදිලි වන්නේ ලංකාවට ලේඛනය හඳුන්වා දෙන්නට ඇත්තේ යකඩ යුගයේ ජනතාව බවයි.

එසේම මෙසේ හමුවූ අක්‌ෂර මගින් විස්‌තර කරන ලද බිය අනුරද නමැති වචනය අනුව ක්‍රි.පූ. 6 වන සියවසේ විජය රජු සමග මෙරටට පැමිණි අනුරාධ ඇමැතිගේ නාමය එයින් ගම්‍ය වන බව දැරණියගල මහතා පෙන්වා දෙයි. ඒ අනුව විජය පැමිණීමේ පුවත ද යම් පමණකට එම කරුණුවලට අනුව සනාථ වෙතත් එම තොරතුරටත් වඩා වැදගත් වන්නේ විජය මෙරටට පැමිණෙන විට ලේඛන කලාව දත් දියුණු සංස්‌කෘතික ලක්‌ෂණවලින් හෙබි ජනතාවක්‌ අනුරාධපුරය ඇතුළු ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශවල ව්‍යාප්තව සිටි බවයි. එසේ නම් ශ්‍රී ලාංකිකයන් ලෙස ආඩම්බර විය හැක්‌කේ අදින් වසර 2600 කට පෙර ලොව අනෙකුත් ජාතීන් පසුගාමී සමාජයක සිටියදී අප ලොව විශිෂ්ට ජාතියක වශයෙන් ගත කළ බව මෙම කරුණු මගින් සනාථ වන බැවිනි.

විකිරණශීලී කාබන් අනුසාරයෙන් සිදුකරන ලද කාල නිගමනවලට අනුව අදින් වසර 2900-2700 ත් අතර කාලයේ දී අනුරාධපුරයේ තිබූ යකඩ යුගයට අයත් මෙම ජනාවාසය හෙක්‌ටයාර් 10 ක ප්‍රමාණයෙන් යුක්‌ත වන්නට ඇතැයි දරණියගල පෙන්වා දී ඇත. එසේම අදින් වසර 2700 - 2600 ත් එනම් ක්‍රි. පූ. 600 - 700 කාලයේ දී එම ජනාවාසය හෙක්‌ටයාර් 50 දක්‌වා ව්‍යාප්ත වූ බව ඔහු පැහැදිලි කර පෙන්වා ඇත. මේ ආකාරයට ඉතා දියුණු ජනාවාසයක්‌ අනුරාධපුර ඇසුරින් ක්‍රියාත්මක වන සමයේ දී එය නාගරික මට්‌ටම දක්‌වා පැමිණ තිබූ බවද පැහැදිලිවේ. පුරාවිද්‍යා කරුණු අනුව නාගරික ශිෂ්ටාචාරයක්‌ වශයෙන් රටක පවතින නගරයක්‌ දියුණුවට පහත සඳහන් වන්නා වූ අංශවල වැඩි බලපෑමක්‌ තිබේ. ඒවා අතර පන්ති සමාජයක්‌, ලේඛන කලාවක්‌. කලා නිර්මාණවල බිහිවීමක්‌, විශේෂ ප්‍රාගුණ්‍යතාවයක්‌ සහිත ශිල්පී පරපුරුවල බිහි වීමක්‌, දුරකතර වෙළෙ¹ම වැනි කරුණු කෙරෙහි නැඹුරු බවක්‌ තිබිය යුතුය. අනුරාධපුරයේ ජනාවාසයේ ක්‍රි. පූ. 600 ට පසු පස්‌ තට්‌ටුවල මෙවැනි ලක්‍ෂණ සහිත පුරාවිද්‍යා සාධක දැකගත හැකි බැවින් නිශ්චිත වශයෙන් ම බුදුන් ලොව පහළ

විජයට පෙර

වන සමය වන විට අනුරාධපුරය නගරයක්‌ ලෙස හැඩ ගැසී තිබුණු බව ඉතාමත් ම පැහැදිලි වේ. මහාවංශ කතුවරයා විසින් විස්‌තර කරනු ලබන ආකාරයට පණ්‌ඩුකාභය අනුරාධපුර නගරය සැකසීම පිළිබඳ විස්‌තරය වඩාත්ම සාධාරණීය නොවන බව පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය රචනා කිරීමේදී මෙවැනි තත්ත්වයක්‌ නිර්මාණය කරන්නට ඇත්තේ වඩා කේන්ද්‍රික කරුණ වශයෙන් බෞද්ධාගම සහ රජය අතර දැඩි සහසම්බන්ධතාවය පෙන්වීමේ අරමුණින් විය යුතුය. ලංකාවේ ශිෂ්ටාචාරය නාගරික මට්‌ටම දක්‌වා දියුණු වූයේ අනුරාධපුරයේ පමණක්‌ නොවේ. දකුණේ මාගම ප්‍රදේශයේ ද නාගරික මට්‌ටම ක්‍රි. පූ. 350 - 500 ත් අතර ආරම්භ ව තිබූ බව ආචාර්ය රාඡ් සෝමදේව විසින් එම ප්‍රදේශයේ සිදුකරනු ලැබූ පර්යේෂණවල දී හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ජර්මන් කාවා ආයතනය එම ප්‍රදේශයේ සිදුකරනු ලැබූ කැණීම්වල දී තහවුරු කොට තිබේ. ඔවුහු පෙන්වා දෙන ආකාරයට ක්‍රි. පූ. 900 දී එනම් අදින් වසර 2900 කට පෙර මාගම ග්‍රාමීය ජනාවාස ආරම්භ වී ඒවා ක්‍රමානුකූලව පෝෂණයට පත්ව ක්‍රි. පූ. 500 න් පසු නාගරික මට්‌ටම දක්‌වා පැමිණ ඇති බව පැහැදිලි කොට තිබේ.

පූර්ව ඓතිහාසික සමයේ දී ශ්‍රී ලංකා ජන සමාජයේ සිදු වූ තවත් වැගත් කටයුත්තක්‌ වන්නේ ශ්‍රී ලංකාවේ ස්‌වභාවික පරිසරයේ දැකගත හැකි ස්‌වභාවික සම්පත් පරිහරණ ආරම්භ කිරීමයි. ගල් යුගයේ මිනිසුන් ද දඩයම සහ අභිචාර ක්‍රමයන් සඳහා කහඳ, තිරුවානා, නිල් මැටි, පිඟන් මැටි, තලාතු මිනිරන් මෙන්ම ගුරුගල් වැනි ඛනිජ වර්ග භාවිත කළද ඔවුන්ට මහා පරිමාණ ලෙස ඒවා අත්පත් කර ගැනීමේ තාක්‍ෂණයක්‌ හෝ දැනුමත් නොතිබුණේය. නමුත් යකඩ යුගය තුළ දී ලෝහ තාක්‍ෂණයේ දියුණුව සමඟ මිනිසුන් විසින් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල තිබූ ඛනිජ වර්ග සොයාගෙන පරිහරණය කොට තිබේ.

විශේෂයෙන් ම අදින් 2700 ක්‌ පමණ කාලය වනවිට රටේ පැවති සම්පත් පමණක්‌ නොව විදේශීය සම්පත් පරිහරණය සම්බන්ධව ද මෙරට මිනිසුන් දැන සිටි බව ලැබී ඇති පුරාවිද්‍යා දත්ත මගින් පැහැදිලි වේ. ක්‍රි. පූ. 700 ට අයත් දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ දැකගත හැකි පූර්ව ඓතිහාසික යුගයට අයත් ගල් සොහොන් තුළ සිදුකරනු ලැබූ කැණීම්වල දී දේශීය වශයෙන් හා විදේශීය වශයෙන් වැදගත් ඛනිජ වර්ග ගණනාවක්‌ සොයාගෙන තිබේ. ඒවා අතර දේශීයව සම්භවය ලබන ඇමතෙස්‌ත, තලාතු මිනිරන් හා ක්‌වාට්‌ස්‌ වාර්ග ද, ඉන්දියාවේ සම්භවය ලබන කානීලියන් නැමති අර්ධ මාණික්‍යමය ඛනිජ පාෂාණය හමු වී තිබේ. මේ අනුව ඔවුන්ගේ සම්පත් පරිහරණය කිරීම සම්බන්ධව දැනුම එයින් විසඳවන අතර ක්‍රි. පු. 800 වන විට මේ යුගයේ මිනිසුන් නැගෙනහිර පළාතේ සේරුනුවර පිහිටි ස්‌වභාවික ලෝපස්‌ නිධියේ පැවති ලෝපස්‌ පිළිබඳ ව දැනසිටි බව සුදර්ශන් සෙනෙවිරත්න විසින් පෙන්වා දී ඇත. ඔහු විසින් සිදුකරනු ලැබූ අධ්‍යයනයන්ට අනුව සේරුනුවර ලෝපස්‌ නිධියේ ලෝහ ක්‍රි. පූ. 800 න් පසු අනුරාධපුරය හා ලංකාවේ වෙනත් යකඩ යුගයේ ජනාවාසවල භාවිත කොට තිබේ. අනුරාධපුරයේ යකඩ යුගයේ සංස්‌කෘතියට අයත් පස්‌ තට්‌ටුවලින් හමුවන ලෝහ බොර සම්බන්ධව ඔහු විසින් සිදු කරනු ලැබූ සූක්‍ෂම විද්‍යා විශ්ලේෂණයන්ට අනුව පැහැදිලි වී ඇත්තේ එම ලෝහ බොරහි සංයුතිය සමාන වන්නේ සේරුනුවර ලෝපස්‌ නිධියේ ලෝහ පස්‌වලට බවයි. විශේෂයෙන්ම ස්‌වභාවික සම්පත් පරිහරණයේ දී ඔවුන් විසින් ශරීර අලංකරණය සහ අභිචාර කටයුතු සඳහා ඒවා භාවිතා කොට ඇති බව ඛනිජ පාෂාණවලින් සහ ලෝහවලින් නිර්මාණය කරන ලද නිර්මාණවලින් පැහැදිලිවේ.

යකඩ යුගයේ මුල් වකවානුවේ දී මෙම ජනතාව සිය වාසභූමි පිහිටුවා ගනු ලබන්නේ පහත් වියළි තැනිතලා ප්‍රදේශවලයි. විශේෂයෙන්ම කෘෂිකර්මාන්තයට හිතකර රතුදුඹුරු පස්‌ මෙම වියළි තැනිතලා ප්‍රදේශවල දැකගත හැකි වීමත්. වර්ෂය පුරා වර්ෂාව නොලැබීම නිසා එඩේර කටයුතු පවත්වා ගැනීමත්, වාර්ෂිකව ම සිදුකළ හැකි බෝග වගාව සඳහා අහස්‌ ජලය ගබඩා කොට තැබීමට අවශ්‍ය භූමි වියළි තැනිතලා ප්‍රදේශවල තිබීම හා මෙම වියළි ප්‍රදේශවල 60% ප්‍රතිශතයෙන් ලෝහ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය හෙමටයිට්‌ හා ලිමොනයිට්‌ යන ඛනිජ ද්‍රව්‍ය ද ඉන්ධන වශයෙන් දැව පාවිච්චි කිරීමට හැකියාව මගින් මෙම මිනිසුන්ගේ එදිනෙදා දෛනික කටයුතු පහසු කරවීම වියළි තැනිතලාවල ස්‌ථානගත වීමට බලපා ඇත. ක්‍රි. ව. පූ. 1000 - 800 ත් අතර කාලයේ කුඩා කුඩා ගම් වශයෙන් ජනාවාස පිහිටුවා ගත් මේ ප්‍රජාව ක්‍රි. පූ. 700 පමණ වනවිට වියළි තැනිතලා ප්‍රදේශවලින් පිට වී කඳුකර කලාප දක්‌වා ව්‍යාප්ත වීම පෙන්වා දිය හැක. මේ සඳහා උදාහරණ වශයෙන් ඉබ්බන්කටුව, ආනකටාව, රොටවැව, කන්දලම, සීගිරිය, ගලේවෙල යන ස්‌ථානවල ජනාවාස පිහිටුවා ගැනීමෙන් පැහැදිලිවේ. මොවුන් විසින් ඉතා සශ්‍රික භූමි පසුකොට ගිරි දුර්ග සහ වන දුර්ගවලින් ගහණ ප්‍රදේශ වෙත සම්ප්‍රාප්ත වනුයේ කෘෂි කාර්මික කටයුතු හෝ එඩේර කටයුතු සඳහා නොව ඛනිජ වර්ග සහ කුළුබඩු ඇතුළු දැ ලබා ගැනීම පිණිස බව ඉතා පැහැදිලි වී ඇත. මෙසේ කඳුකරයේ පහත් බෑවුම් ප්‍රදේශවලට ළඟා වූ මිනිසුන් විසින් එම ප්‍රදේශවල පැවැති තලාතු මිනිරන්, විවිධ මැණික්‌ වර්ග, ලෝහ ද්‍රව්‍ය ඇතුළු ඛණිජ මෙන් ම කුළු බඩු වර්ග ද ඔවුන්ගේ සහෝදර ජනාවාස දක්‌වා බෙදා හැර ඇති බව සුදර්ශන් සෙනෙවිරත්න පෙන්වා දෙයි. ඔහු පෙන්වා දෙන ආකාරයට ක්‍රි. පූ. 600 ට පසු කාල නිර්ණය වූ අනුරාධපුර ඇතුළුපුර ජනාවාසයේ පස්‌ තට්‌ටුවල ඇමතෙස්‌ත, තිරුවානා, තලාතු මිනිරන්, රබහ වැනි ඛනිජ ද්‍රව්‍යවල විවිධත්වය වැඩි වූ බවට සාධක දැකගත හැක.

මෙවැනි ක්‍රියාවලියක්‌ ජනාවාස අතර සිදුවීමේ දී යම්කිසි යාන්ත්‍රණයක්‌ ඒ සඳහා සැකසී තිබිය යුතු ය. ක්‍රි. පූ. 700 සියවස වනවිට ශ්‍රී ලංකා ජන සමාජයේ පන්ති සමාජයක්‌ නිර්මාණය වී තිබීම මෙවැනි හුවමාරු යාන්ත්‍රණයක්‌ ක්‍රියාත්මක කිරීමට මහඟු පිටුවහලක්‌ ලබා දී තිබේ. ලංකාවේ පැවැති එවැනි පන්ති සමාජයක්‌ පිළිබඳ ඉඟි පුරාවිද්‍යා කැණීම් මගින් හමු වූ ද්‍රව්‍ය වලින් ද පැහැදිලි වී තිබේ. දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ හෙක්‌ටයාර් 10 ක පමණ භූමියක විහිදෙන ගල් සොහොන් අතර එහි මැද දැකගත හැකි සුවිශාල වළලෑමක්‌ තුළ මෙවැනි ලක්‍ෂණ දැකගත හැක. මෙම සොහොනේ අභ්‍යන්තරය තුළ තිබී හමු වූ මිනිසකු විසින් පැළඳි රන් සිරස්‌ පටිය මගින් සහ එම සොහොනේ තිබී හමුවූ අති විශාල ප්‍රමාණයක්‌ අර්ධ මාණික්‍යමය කානීලියන් පබළු මගින් එම සොහොන ප්‍රභූවරයෙකුට අයත් බව තහවුරු කොට තිබේ. එය තවත් තහවුරු වන කරුණක්‌ වූයේ සොහොනේ මතුපිට පියන් ගලේ දැකගත හැකි සුවිශේෂ මෙගලිතික සංකේතය. වේ. ඒ අනුව අදින් වසර 2700 ක්‌ පමණ වනවිට පන්ති සමාජයක්‌ ආරම්භ වී භාණ්‌ඩ හුවමාරුව මෙන්ම මෙරටට පැවති විවිධ සම්පත් අත්පත් කර ගැනීම හා ඒවා පරිහරණය කිරීම සිදුකළ බව තහවරු වේ. එසේම පන්ති සමාජයක්‌ තුළ සුවිශේෂ නිර්මාණ වශයෙන් ලෝහ, මැටි මෙවලම්, පබළු ඇතුළු කර්මාන්තයක්‌ සිදුකිරීම සඳහා ඒ ඒ විෂය සම්බන්ධව විශේෂ ප්‍රාගුණ්‍යතාවයක්‌ සහිත පිරිස්‌ බිහි ව සිටි බවට පැහැදිලිවේ.

මෙම යුගයේ තවත් සුවිශේෂ ලක්‍ෂණයක්‌ වන්නේ සුසාන චාරිත්‍ර මෙරටට හඳුන්වා දීමයි. දැනට වාර්තා කොට ඇති ආකාරයට 40 කට වඩා වැඩි ඉතා විශාල සොහොන් සංකීර්ණ මෙරට පුරාම ව්‍යාප්තව තිබේ. එයින් අති බහුතරයක්‌ සොහොන් වන්නේ ශීලා පුවරු උපයෝගී කොටගෙන නිර්මාණය කර ඇති ශිලා මංජුසා සුසාන වේ. ගල් පුවරු 4 ක්‌ එකිනෙක සම්බන්ධ වන ආකාරයට පෙට්‌ටියක්‌ හැඩයට තබා එම ගල් පෙට්‌ටිය ඇතුළත විශාල මැටි බරණි සහ කුඩා පූජා මුට්‌ටි තැන්පත් කර තිබීම දැකගත හැක. මහාකුම්බය තුළ දැකගත හැකිවන්නේ මස්‌දියවන තෙක්‌ වෙනත් ස්‌ථානයක වළදමා තිබූ මිනිසෙකුගේ ඇටකටු කොටස්‌ නැවත ගෙන එම විශාල මුට්‌ටිය තුළ තැන්පත් කිරීමයි. එසේම එම මිනිසා පරිහරණයකරන ලද ආභරණ , ආයුධ ඇතුළු අනෙකුත් දැ එම සොහොනේ පූජා මුට්‌ටි තුළ තැන්පත් කොට විශාල ගල් පතුරකින් වසා දමා තිබේ. මේවා ගල් සොහොන් වශයෙන් අර්ථ දක්‌වන අතර මෙවැනි ලක්‍ෂණ සහිත සොහොන් ද මේවාට වඩා වෙනස්‌ ලක්‍ෂණ සහිත සොහොන් ද ශ්‍රී ලංකාව පුරා මෙන්ම දකුණු ඉන්දියාව පුරාත් දක්‌නට ලැබීමෙන් පැහැදිලි වන්නේ සමාන සංස්‌කෘතික ලක්‍ෂණ සහිත පිරිස්‌ මේ දෙරටෙහි ජීවත් වූ බවයි. ඒ අනුව දියුණු ශිෂ්ටාචාරයක්‌ සහිත මානව කොටසක්‌ ශ්‍රී ලංකාව තුළ ජීවත් වූ බව මෙයින් පැහැදිලි වෙයි.

ශ්‍රී ලංකාවේ ජල කළමනාකරණ කටයුතු සම්බන්ධ මූලික සාධක අපට හමුවන්නේ ද යකඩ යුගයේ සංස්‌කෘතිය තුළිනි.අනුරාධපුරයේ අභය වැව, තිසා වැව, යාන්ඔය නිම්නයේ පැරණි වැව, ඉබ්බන්කටුව ඉදමොරළුව වැව මේ යුගයේ මිනිසුන් විසින් නිර්මාණය කරනු ලැබූ ඒවාය. අභය වැව හා තිසා වැව පසු කාලීන ව විශාල වූ වැව් ලෙස සැලකෙන අතර වැව ගම පදනම් වූ මෙම ශිෂ්ටාචාරය ක්‍රි. පූ. 3 වන සියවසෙන් පසු වැව, දාගැබ, ගම පදනම් වූ ශිෂ්ඨාචාරයකට පරිවර්තනය වූ බව පැහැදිලි වේ. ඉහතින් පෙන්වා දුන් කරුණු අනුව අප රටේ ශිෂ්ටාචාරයේ හා සංස්‌කෘතියේ වඩා තීරණාත්මක හැඩ ගැසීම ආරම්භ වන්නේ අදින් වසර 3000 කට පෙර බව පැහැදිලි වන අතර වංසකතාව විස්‌තර කරන ආකාරයට අදින් වසර 2600 කට පෙර නොවන බව මේ රටේ පුරාවිද්‍යාඥයන් විසින් විද්‍යාත්මක කාල නිගමන මඟින් මේ වනවිටතහවුරු කොට තිබේ. ඒ අනුව එම කාල පරාසය පුරාවිද්‍යාඥයන් පූර්ව ඓතිහාසික යුගය හෝ යකඩ යුගය වශයෙන් විග්‍රහයකට ලක්‌කොට ඇත.

ඩී. තුසිත මැන්දිස්‌
(උපුටා ගැනීම-http://www.divaina.com/2011/08/10/badada01.html)

මහාවංශයටම සීමා නොවී එයද තොරතුරු ලද හැකි එක් මූලාශ්‍රයක් පමණක් බව සලකා ඉදිරියට







ගාමිණී අභය මහරජතුමා


කාවන්තිස්ස රජුට දාව විහාර මහා දේවියට උපන් ගැමුණු කුමරු ගාමිණි අභය නම් විය. සිය පියාගේ වචනය වත් නොතකන හේ, රුහුණේ මාගමින් පලා ගොස් සේනා සංවිධානය කොට එවකට 44 වසරක් පුරා අනුරපුරය අගනුවර කොටගෙන රාජ්‍ය කල එළාර නම් සොළී රජු පරදවා නැවතත් සිංහලය එක්සේසත් කරයි. බුදු දහම වෙනුවෙන් අගනා මෙහෙයක් ඉටු කරයි. එසේ වුවත් දුටුගැමුණු කුමරු නිවසින් පිටවන්නේ සිය පියාට කාන්තා ඇඳුම් යවා ඔහුට අපහාස කරමිනි. සටන් කරන කාලයේද සිය සොයුරු සද්ධාතිස්සයන් සමඟ ආරවුල් ඇතිකර ගනී. එමෙන්ම ගැමුණු විසින් පරාජය කරන ලද එළාරත් යුක්තිගරුකය. ඔහු යුක්තිය ඉටු කරනුවස් සීනුවක් එල්ලා තැබූවෙකි. මේ මහාවංශ කතෘ තුමා පරිච්ඡේද 24ක් පුරාවට ගුණ වයන දුටුගැමුණු චරිතයේ සාරාංශයයි.
ඉතිහාසය ගවේෂණයේදී අප හැමවිටම වෙනස්ම මඟක් ගතිමු. මහාවංශයටම සීමා නොවී එයද තොරතුරු ලද හැකි එක් මූලාශ්‍රයක් පමණක් බව සලකා ඉදිරියට ගියෙමු. මේ එම ගමනේදී අපට හමුවුණු ගැමුණු අබා හෙවත් දුටු ගැමුණු රජුගේ කතාන්දරයයි. සැබැවින්ම ඔහු කවුද? යක්ෂ ගෝත්‍රික හෙළයෙක්ද? ආර්‍ය වංශිකයෙක්ද? හුදෙක් සිංහලයෙක්ද යන්න තීරණය කිරීම පාඨක ඔබට භාර කරමු.


දුටුගැමුණු රජු අයත් වන පරපුර ගැන සැලකිලිමත්ව විමසා බැලීම වටී. විහාරමහා දේවිය අයත්වන පරපුර පැවත එන්නේ පනිත රජුගෙනි. ගෞතම බුදුන් වහන්සේ ලක්දිවට වැඩම කරන කාලයේදී ඔහු අනුරාධපුරයේ පාලකයා විය. සුමන රජු කඳුරට පාලනය කලේය. එම පරපුරෙන් පැවතෙන මහතිස (කැළණිතිස්ස) රජු කැළණිය වාසය කොට විසීම හා විහාර මහාදේවිය (අබිසවෙර) නැවක පාකර හැරීම යන පුවත සලකා බලන කල ඔවුන් නාවික කටයුතු වල යෙදුන බව පැහැදිලිය. එමෙන්ම බෝවත්තෙගල සහ කොටාදැවු හෙළ යන ස්ථාන වල ඇති විහාර දේවියගේ සෙල්ලිපි වල නැව් සංකේත දක්නට ලැබේ. ආර්‍යයන් මෙහි එන්නට පෙර විසූ සිව් මහා ගෝත්‍ර වලින් නාවික කටයුතු වල යෙදුනේ නාග ගෝත්‍රිකයන්ය. විහාරමහා දේවිය නාග ගෝත්‍රික බව නිගමනය කල හැකි අතර ඊට රුකුල් දෙන ශිලා ලේඛන මේ වනවිට හමුවී ඇත.

දෙවනපෑතිස් සොයුරු මහානාගද නාග ගෝත්‍රිකයෙක් බව ඇතැමෙක් කියයි. එනමුදු සුමනට සමකාලීන විය හැකි මහානාග ඒ හේතුවෙන්ම බුදුන් වහන්සේටද සමකාළීන හෝ ඊට ආසන්න විය යුතුය. එසේනම් ඔහු දෙවනපෑතිස් සොයුරු විය හැකිද? ගෞතම බුදුන් ලක්දිවට වැඩම කරන කල ලක්දිව ප්‍රාදේශිය පාලකවරු 13 දෙනෙක් විය. කැළණිය – මහතිස (කැළණිතිස්ස) පනිත රජුගෙන් පැවතෙන්නාසේම, මාගම කාවන්තිස්සද එම ප්‍රාදේශිය පාලකයන්ගෙන් පැවතෙන්නන් විය හැක. . විජයාගමනයට පසුව දුටුගැමුණු සමය වනතෙක් මහාවංශයෙන්ද ලක්දිව රුහුණ ගැන වැඩි විස්තරයක් සැල නොවීම තුලින් මේ පිළිබඳ පැහැදිලි නිගමනයකට පැමිණීම අසීරු වී ඇත.

වසර ගණනාවක් පුරාවට සොළී පාලනය යටතේ වූ අනුරාධපුරය ඉන් මුදවා ගැනීමේ මෙහෙයුම අරඹන්නේ සැබැවින්ම කාවන්තිස්ස රජුයි. ඒ වනවිට තරමක් විරසකව සිටි සිව් මහා ගෝත්‍ර එක අරමුණක් කරා ඒකරාශී කරන්නට ගත් වෑයමේ ප්‍රථම පියවර ලෙස නාග ගෝත්‍රික විහාරමහ දේවිය විවාහ කරගත්තා විය හැක. එමෙන්ම කාවන්තිස්ස රජුගේ නැගණිය සෝමාදේවිය විවාහ වන්නේද යක්ෂ ගෝත්‍රික ගිරි අභය සමඟයි. මීලඟට ඔහු කලේ සේනා සංවිධානයයි. වේළු සුමන, සුරනිමල ආදී යෝධයන් රැස්වුණේ ගැමුණු කුමරු වෙත නොව කාවන්තිස්ස රජු වෙතයි. ගැමුණු කුමරු එළාරට විරුද්ධව සටනට සැරසෙන කල ඔහු කොත්මලයට පලාගිය බව වංශකතා කරුවා කියයි. එහෙත් එකල කොත්මලය යක් විමානයකි. යක්ශ ගෝත්‍රිකයන් විසූ කොත්මලයටම ගැමුණු කුමරු ගියේ ඇයි? කාවන්තිස්ස රජුම කුමරු එහි යැව්වා විය නොහැකිද? අනාගතයේ එළැඹෙන යුද්ධයට යක්ශ ගෝත්‍රිකයන්ගේද සහය ලබාගැනීම මෙහි ප්‍රධාන අරමුණ වන්නට ඇත. දුටුගැමුණු කුමරු වයස අවුරුදු දහසයේ සිට විසි අට දක්වා වසර දොළහක් ගතකරන්නේ කොත්මලයෙයි (කොත්මලේ පුරාවෘත, කෙහෙල්ගමුවේ 42).

එළාර පරදවා ලක්දිව එක්සේසත් කරන ගැමුණු කුමරු මහාවංශයේ වීරයාය. හෙළයේ හැම බොදු දරුවෙකුගේම වීරයාය. එහෙත් ඔහුව වීරයෙක් කරන්නට ඔහු වටා යෝධ පවුරක්ව දිරිය සැපයූ අනෙකුත් චරිත ගැන අවශ්‍ය පමණට ඉතිහාසයේ සදහන් නොවීම කණගාටුවට කරුණකි. ගැමුණු රජුගේ බිසව වූයේ රන්මැණිකා නම් කොත්මලේ යක්ශ ගෝත්‍රික තරුණියකි. ගැමුණු රජුගේ පුත් සාලියද අශෝකමාලා නම් තරුණියකට පෙම්බැඳ ඔහුට රජකම පවා අහිමි වූ බව පැවසේ. එනමුදු අප එය දකින්නේ වෙනස් කෝණයකිනි. එනම්, දුටුගැමුණු රජුගෙන් පසු රාජ්‍ය පාලනයට සුදුසුම පුද්ගලයා සාලිය කුමරුට වඩා තිස්ස කුමරු වන්නට ඇත. වයසින් මෙන්ම රාජ්‍ය පාලනයේ අත්දැකීම් වලින්ද තිස්ස කුමරු පරිණත විය. ඒ හේතුවෙන් ගැමුණු රජුගෙන් අනතුරුව සද්ධාතිස්ස රජවිය. එම තේරීම වැරදි නැති බව ඔප්පු වන්නේ දුටුගැමුණු අභාවයත් සමඟම සොළීන් නැවතත් ලක්දිව ආක්‍රමණය කරන්නට ගොස් (නල මුක්කර ආක්‍රමණය) සද්ධා තිස්ස රජුගේ සේනාව අතින් අන්ත පරාජයකට පත්වීම නිසයි (මෙම කරුණු හා ආක්‍රමණ ප්‍රසිද්ධ ඉතිහාසයේ සඳහන් නොවීම කණගාටුවට කරුණකි). එමෙන්ම සාලිය කුමරු හා විවාපත් අශෝකමාලාද අසුර ගෝත්‍රයකට අයත් බවට තොරතුරු ජනවහරේ එයි. සාලිය කුමරු ලක්දිව විල්පත්තු ආශ්‍රිත ප්‍රදේශය පාලනය කල බව සදහන් වන අතර සාලිය කුමරුගේ මාලිගයේ නටඹුන් අදටත් විල්පත්තු වනෝද්‍යානයේදී දක්නට ලැබේ.

ගෞතම බුදුන්ට සමකාලීන සුමන රජුට, පරම්පරා 4කට පසුව ඉපදෙන ගාමිණී අහය කුමරු වංශකතාව අනුව මහින්දාගමනයටත් පරම්පරා කිහිපයක ඇවෑමෙන් ඉතිහාසයට එක් වේ. මෙයද ගැටළුවට තුඩු දෙන කරුණකි. ආචාර්‍ය් සූරිය ගුණසේකරයන් පවසන පරිදි සම්බුද්ධ පරිණිර්වාණය සිදුවන විට ගැමුණු කුමරු සිය ළමා කාලයේ පසු වූවා විය හැක. එමෙන්ම ගාමිණී අභය ගැන අපට සෙල්ලිපි හමුවන්නේ බුද්ධ වර්ශ 30-50 අතර කාලයේය. එහෙත් මහින්දාගමනයම බුද්ධ වර්ශ 236 දී සිදුවූ බව වංශකතාව කියයි. එසේනම් අප කතා නායකයා මහින්දාගමනයට පෙර ලක්දිව විසුවෙක්ද?

ගැමුණු කුමරු මහාවිහාරයට අගනා මෙහෙවරක් ඉටු කලද කුමරුට සංඝානුශාසනා අවශ්‍ය විටෙක රහතන් වහන්සේලා වඩින්නේ පුවඟු(යාපනය) දිවයිනෙන්ය (සටනින් මියගිය මිනිසුන් ගැන සිතා තැවෙන මහරජු සැනසීමට පුවඟු දිවයිනෙන් භික්ශුන් වහන්සේලා පැමිණීම). ඒ අතරම දුටුගැමුණූ සමය වනවිටත් ථූපාරාම දාගැබ, ශ්‍රී මහා බෝධිය මහමෙව්නාවේ තිබුණි, එනමුදු බුදු දහම වෙනුවෙන්ම කැපවුණු මහරජු එම ස්ථානවල පූජා පැවැත්වීමක් ගැන හෝ සදහන් නොවේ. මේ ගැන සැකයක් පළමුවෙන්ම ඇතිවන්නේ සොළොස්මස්ථාන වන්දනා ගථා නිසයි. මහියංගනං, නාගදීපං, කල්‍යාණං, පදලාංඡනං, දිවාගුහං ….. බැලූ බැල්මට ගාථාව ලියවෙන්නේ බුදුන් වහන්සේ වැඩි පිළිවෙළටයි. එහෙත් (සොණ්ණමාලී මහා චේතිං, ථූපාරාම, භයාගිරිං) ථූපාරාමය සඳහන් වන්නේ මිරිසවැටිය හා රුවන්මැලි සෑයට පසුවයි. (හෙළ යුගය, ගුණසේකර 122). මින් පෙනී යන්නේ ථූපාරාමය පසුකළෙක ගොඩනැඟුනු බව හා දුටුගැමුණු රජු මහින්දාගමනයට බොහෝ පෙර විසූ බව නොවේද? මහින්දාගමනයට පෙර ලක්දිව බුදු සසුන ප්‍රචලිතව තිබුණු බව ඇසීමෙන් අපි තවදුරටත් පුදුම නොවෙමු. මන්ද යත් බුදුන් වහන්සේගේ ලංකාගමනයන්හිදීම ධර්මය ශ්‍රවණය කර සසුන්ගතවූ සිව් හෙළ ගෝත්‍රිකයන් විසූ බවට තොරතුරු සඳහන් මූලාශ්‍ර මේ වනවිට හමුවී ඇති බැවිණි. එම තොරතුරු පසුවට ලියැවෙන ලිපි වලින් කතා කරමු.

රට එක්සත් කල ගැමුණු රජු, තමාට යුද්ධයට උපකාර කල කතරගම දෙවියන්ට බාරයක් වෙයි. ඒ අනුව ඌව පලාත කතරගම මහසෙන් (කතරගම දෙවි) රජු නමට පවරා, ඔහු නමින් වැඩහිටි කන්දේ දේවාලය තනයි. අනතුරුව මහා සෑය තනවන රජු එය රුවන්මැලි සෑය ලෙස නම් කරයි. එම නම හැදුන ආකාරය ගැන විවිධ කතාන්දර අප සතුව ඇත. එහෙත් බුදුන් වහන්සේ වැඩි එම භූමියේ මහා සෑය කරවන රජු එයට රත්නමාලි යන නම තබන්නේ එම භූමියේ සිටි රුක් දෙවඟනක් නිසාමද? කතරගම දෙවියන් ලෙසින් හැඳින්වෙන කතරගම මහසෙන් නිරිඳුන්ගේ බිසවත් රත්නවල්ලි, ස්වර්ණමාලි යන නම් වලින් හැඳින්වුණාය. එමෙන්ම මහාසෑය තනවන්නට පෙර එම භූමියේ රත්නමාලියගේ දේවාලයක් වූ බවට තොරතුරු ඇත. දුටුගැමුණු රජු, මහසෙන් බිසව රත්නමාලියගේ දෙවොල වෙනුවට මහා සෑය කරවා ඊට ඇගේ නම තැබුවා විය හැක. ඒ අනුව ස්වර්ණමාලි දෙවඟනගේ කතාව සියයට සීයක්ම වැරදිත් නැත. රුවන්මැලි සෑයේ කටයුතු අවසානයට පෙර රජු කාලක්‍රියා කරයි. ඒ ගැනද ජනවහරේ එන කථාන්දර කිහිපයකි. එම කථාන්දර සියල්ලම විමසා බලන කල රජුගේ මරණයට නාග ගෝත්‍රිකයන් මුල්වුන බව පැහැදිලිය. එයට හේතුව, රජු විසින් නාගයින් සතුවූ බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව මිරිසවැටියේ නිධන් කිරීමට ලබාගැනීම බව කියන අතර තවත් ජන කතාවක කියැවෙන්නේ රජු පසු කලෙක නාග කුමරියක පාවාගැනීම ගැන විරුද්ධ වන නාග ගෝත්‍රිකයන් රජු මරන්නට කිහිපවිටක්ම තැත් කල බවයි.

මේ සියළු කරුණු, දුටුගැමුණු රජු සැබැවින්ම කවුද යන්න සොයා බැලීමට අපව තව තවත් පොළඹවයි. ඔහු බුදුන්ට සමකාලීනව හෝ ඒ ආසන්නයේ විසූ සිව් හෙළයේ රජ කෙනෙක් බව සනාථ කරන කරුණු රැසකි. එහෙත් ඒ සියල්ලම තුලින් පැන නගින ගැටළුව වන්නේ මහාවංශයේ මෙතරම් පටලැවිල්ලක් ඇතිවූයේ කෙසේද යන්නයි.

මහාවංශයේ එන සොළී ජාතික එළාර ආක්‍රමණිකයෙකි. ආක්‍රමණිකයෙකුට කිසි දිනක රටක කිරුළ හිමි රජෙක් වන්නට හෝ ඊට සමාන වන්නට නොහැක. එනමුදු වංසකතා කරුවාට ඔහු යුක්තිය ඉටු කල සාධාරණ රජ කෙනෙකි. ඒ බව ගෙනහැර දක්වන්නට ඔහු යොදාගන්නේ එළදෙනක් විසින් සිනුවක් ගැසූ කතාවත්, එළාරගේම පුතු යුක්තිය වෙනුවෙන් ඝාතනය කිරීමත්ය.  එසේනම් එළාර යනු මහාවිහාරයේ මල් ආසනවල පූජා කරන ලද මල් විසිකර, විහාර භූමියේ කැත කරන්නට මිනිසුන් යෙදවූ ධාර්මික යුක්ති සහගත පාලකයාය. දුටු ගැමුණු වනාහී සිය පියාව විරුද්ධව නැඟී සිට, ඔහුට ගැහැණු ඇඳුම් යවා අපහාස කල දුට්ඨ ගාමිණී නම් වීරයාය. වීරත්වයක් ආරෝපණය කරන අතරම ගැමුණු කුමරුගේ දුෂ්ඨ බවත්, එළාර ගේ යුක්තිගරුක බවත් අප සිත් තුල තැන්පත් කරන්නට රචකයා සමත් වී ඇත. රටක ඉතිහසයක් ලිවිය යුත්තේ එම රටේ මුල සිටම පැවතෙන පදිංචිකරුවන්ය, එය ඔවුන්ගේ කතාවයි, ඔවුන්ගේ පරපුරයි, ඔවුන්ගේ ඉතිහාසයයි. එහෙත් මහාවංශය රචනා කල මහානාම හිමියන් කාලිංග වංශික පිටරැටියෙකි. එළාරද කාලිංඝයෙන් පැමිණි ආක්‍රමණිකයෙකි. එපමණක් නොව, ලක්වැසියන්ගේ අනුබුදු ලෙස සැලකෙන මිහිඳු මහ රහතන් වහන්සේද කාලිංඝ වංශිකයෙකි. ඒ අනුව දුටුගැමුණු චරිතය රචනයේදී වංසකතාකරුවා අතින් සිදුව ඇති පටලැවිල්ල අහඹුවක් ලෙස සැලකිය නොහැක.

මේ අල්ල පනල්ලේ එළාර යක්ශ ගෝත්‍රිකයෙක් බව ඇතැමෙක් පවසන්නේ මහවැළි ගඟ දිගට එළාරගේ බලකොටු 32ක් ගැමුණු රජු විසින් විනාශ කිරීම මුල් කරගෙනයි. බලකොටු 32ක් තනන්නට තරම් ජන බලයක් සුලු කාලයක් තුල ආක්‍රමණිකයෙකුට නොලැබීම හා මහවැලි ගඟ අසල ජනාවාස වීම හේතුවෙන් ඔවුන් යකුන් වියහැකි බවට නිගමනයන්ට පැමිණේ. අපේ නිගමනය නම් බලකොටු වල කටයුතු කල සොළීන් හෝ කුලී හේවායන් කෙසේ වෙතත් එළාර යකෙක් නොවන බවයි. එමෙන්ම බලකොටු යකුන්ට අයත් නොවන බවයි. යකුන්ගෙන් පැවතෙන්නන් එහි සේවය කිරීම එම වකවානුව අනුව විය හැක. පුරාණයේ පටන්ම ලොවක් මවිත කල වාරි තාක්ශණයක් හිමි හෙළය වැව් දියෙන් කුඹුරු කරද්දී ගංගා දිගට ජනාවාස තැනීමේ විශේෂ අවශ්‍යතාවක් නොවීය. එමෙන්ම එදා එළාර විසින් සිය ජනතාවට මහාවිහාරයේ කැත කරන්නට දුන් අණම පසුකළෙක බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව අවිහිංසාවාදී මහත්මා ගාන්ධි තුමා විසින් සිය අනුගාමිකයන්ට දීම තුළින් එය ඉන්දියානුවන්ටම ආවේණික දෙයකියි සිතමි. එබැවින් එළාර නම් සොළී ආක්‍රමණිකයා යක්ශ ගෝත්‍රයට ඈඳා ගැනීම නුසුදුසු බවක් හැඟේ.

මෙහිදී අප හුවා දක්වන්නට උත්සහ කරන්නේ වංශකතාවේ අඩුලුහුඬු කම් හරහා එය බොරුවක් බව නොව. හෙළ ඉතිහාසයේ ස්වර්ණමය යුගයන් විචිත්‍රවත්ව ලියැවුණ මහාවංශය තරම්, දීර්ඝ කාලීන ඉතිහාසයක් කැටිකරගත් කෘතියක් හිමි ලොව වෙනත් ජාතියක් ගැන මගේ මතකයට නොපැමිණේ. එය එතරම්ම අනර්ඝය. එහෙත් ඉතිහාසයේ එන අපට වැදගත් චරිත ගැන ගැඹුරින් හදාරන්න නම් වංශකතාවෙන් ඔබ්බට ගොස් විවිධ මූලාශ්‍ර හා ගැටෙන්නට සිදුවෙයි. එහිදී අපට දැනගන්නට ලැබෙන දෑ මෙතෙක් කල් අප දැරූ සියළු මත, අදහස් වෙනස් කරන්නට සමත් වෙනු ඇත. වියයුත්තේද එයම යැයි අපි විශ්වාස කරමු. අද අප විසින් කියනා ඉතිහාස කරුණු හෙට දිනයේ සිදුවන නව සොයාගැනීම් සමඟ සම්පූර්ණයෙන්ම වෙනස් වන්නට ඉඩ ඇත. මෙතෙක් දුරට එක්රැස් කරන ලද කරුණු ඔස්සේ අප අතින් ලියැවුණ ගැමුණු අබා හෙවත් දුටුගැමුණු චරිතය දෙස නැවත වරක් බලන කල පෙනී යන්නේ ඔහු රාක්ෂ (හෝ යක්ෂ), නාග සම්භවයකින් පැවතෙන පාලකයෙකු වන අතර අපි ඔහු ගැන දන්න දේට වඩා තවත් සොයා දැනගන්නට තිබෙන දෑ බොහෝ බවයි.





අපේ යුතුකම ලක්දිව සිංහල ස්ථාන නාම භාවිත කිරීමයි

අපේ යුතුකම ලක්දිව සිංහල ස්ථාන නාම භාවිත  කිරීමයි  

ලොවැ කොතැනක හෝ වෙසෙන කිසියම් මිනිස් ජාතියක් වෙතොත්, ඔවුන් නියත වශයෙන් ම  තවත්  
ජාතියකට වෙනස් වන්නේ ඔවුනොවුන් කථා කරන භාෂාවෙනි. ඉංගිරිසින්  ඉංගිරිසි ජාතිය
වන්නේ,  ඔවුන්ගේ මවු බස ඉංගිරිසි භාෂාව බැවිනි.



ජපනුන්  ජපනුන් වන්නේ ද චීනුන් චීනුන් වන්නේ ද, ජරමාණුවන් ජරමාණුවන් වන්නේද  දෙමළ  
ජාතිකයන් දෙමළ වන්නේ ද, සිංහලයන් සිංහල වන්නේ ද එලෙසමයි. සෑම  ජාතියක්ම සිය භාෂාවට  
මවු බස යැයි කියන්නේ ද එබැවිනි.

කවර හෝ ජාතියෙක වුව ඉස්මතු වී පෙනෙන, ප‍්‍රධාන ලක්ෂණය එම ජාතියට ආවේනික  භාෂාවය.  
මෙම කරුණේ දී වඩාත් කැපී පෙනෙන ලක්ෂණය කිසියම් වචනයක් විවිධ  ජාතිකයින්ගේ මුවින්  
විවිධ ආකාරයෙන් උච්චාරණය කරනු ලැබීමයි. ස්වකීය මවු  භාෂාවෙන් ජනිත උච්චාරණ ස්වරයෙන්  
බැහැර වීමට කාටත් නොහැක.

උදාහරණ ලෙස ඉංගිරිසි ජාතිකයකුට “කොළඹ” යැයි උච්චාරණය කළ නොහැක. එ නිසා  ඔවුන්  
කොළඹට කීයේ “කලම්බු” කියා ය. ශත වර්ෂ ගණනාවකට පසුව වුව ද ඔවුනට  කොළඹට කොළඹ යැයි
කිව  හැකිද? ගාල්ලට “ගෝල්” යැයි, කෑගල්ලට “කේගෝල්” යැයි ද,  තංගල්ලට “ටැංගෝල්” යැයි
ද  ඔවුහු අදත් කියති.

මවු බස

මෙම උච්චාරණ විපරිත භාවයේ ස්වභාවය තේරුම් ගැනීමට දෙමළ උච්චාරණය හැර වෙනත්  උදාහරණ  
කුමට ද? අප මවු බිමේ අනාදිමත් කාලයක් පුරා ජීවත්වන, දෙමළ බස කථා  කරන, ඕනෑම දෙමළ  
ජාතිකයකු විසින් වුවද පුද්ගල නාම, ග‍්‍රාම නාම, නගර නාම,  ස්ථාන නාම ඈ විවිධ වචන  
උච්චාරණය කරනුයේ තම මවු බසෙහි නියත බලපෑමෙන් බැහැර  කළ නොහැකි කැපී පෙනෙන දෙමළ  
භාෂාමය හුරුව රැගත් උච්චාරණ ස්වරයකිනි.

කදුරුගොඩ පුරාණ විහාරයේ වටදාගෙය සහිත පරිවාර දාගැබ්  කිහිපයක්  
දෙමළ ජාතිකයෝ කොළඹ යැයි කියාගත නොහැකි බැවින් කොළුම්පු යැයි නොකියත්ද?  මීගමුව  
යැයි කීමට අපොහොසත් බැවින් නිර්කොළුම්පු යැයි කියති. ගාල්ලට ගාෙලෙ  කියති. අම්පාරට  
අම්බාරෙයි කියති.

සිරිගෝණකන්දට (ගෝකන්න හෙවත් ති‍්‍රකුණාමලයට) කියන්නේ තිරුකෝණමෙලෙ කියා ය.  සෝමපුර  
(හෝ සාමපුර) යන්නට සාම්පූර් යැයි කියති. මඩකළපුවට කියන්නේ  මට්ටක්කලප්පු ය. කොටහේනට  
කොට්ටන්චේනෙයි යැයි කියන්නේ ද එපරිද්දෙනි. මේ  පිළිබඳව දිගු අටුවා - ටීකා අවශ්‍ය  
නොවේ.

ශ‍්‍රී ලංකාවේ කවර හෝ ප‍්‍රදේශයෙක ස්ථාන - නාම දෙමළ භාෂාමය උච්චාරණ  ස්වරූපයක්  ගෙන
ඇත්තේ මෙකී උච්චාරණ විලාශයේ වෙනස නිසා ය. සිංහලයින් දිගු  කලක් මෙය සැලැකුයේ  
උපේක්ෂාවෙනි.

අභාග්‍යය මෙකී උච්චාරණ දුෂ්කරතාව, අනියතින් උතුර සහ නැඟෙනහිර පළාත් දෙක සිය  දෙමළ  
නිජබිමැයි ලොවට හඬගා කීමට බෙදුම්වාදී ඊළාම් කාරයින්ට අනගි පසුබිමක්  සලසා දීමයි.

අඩ - සියවසකට පමණ පෙර මේ ලක්ෂණය වටහාගත් බෙදුම්වාදී කූට දේශපාලකයෝ මෙම  තත්ත්වය  
උපරිම ලෙස ප‍්‍රයෝජනයට ගෙන සිංහල ස්ථාන නාම සඳහා හිතා - මතාම දෙමළ  ආරෝපණයක්  
ලබාදුන්හ. සිංහලයාගේ නොසැලකිල්ල උතුරු හා නැඟෙනහිර දෙපළාතේ දෙමළ  - ඊලාම්
සංකල්පකයෙක  නිර්මාණය ආරම්භයට පසුබිම සැකසීය.

නිජබිම් සංකල්පය

දිවයිනේ උතුරු හා නැඟෙනහිර දෙ - පළාතේ ස්ථාන - නාම නියත දෙමළකරණයකට ලක්  වූයේ මෙම  
වක‍්‍ර දේශපාලන ව්‍යාපාරය මතය. වරින් වර, අපගේ දේශපෙ‍්‍ර්මී  විද්වතුන්, දේශීය මෙන්  
ම විදේශීය ඉතිහාසඥයන් හා පුරාවිද්‍යාඥයන් විසින්  මතු කරනු ලැබූ, අපේ ස්ථාන -  
නාමයන්ගේ නිවැරැදි උච්චාරණය හා ලිවීම කෙසේ විය  යුතුද යන්න ලොව පුරා වෙසෙන සියලු  
ශ‍්‍රී ලාංකිකයින් මෙන්ම, දේශපාලකයින්,  සහ රාජ්‍ය ආයතන වැනි ක්ෂේත‍්‍ර සාමාජිකයෝ  
හොඳින්ම දැන සිටියහ.

එතෙකුදු වුවත්, වසර ගණනාවක් ම මෙම කරුණ නොතකා හැර, එම දෙපළාතේ ස්ථාන - නාම  
නිවැරැදි ලෙස නොලියන - නොකියන බව ප‍්‍රකට කරුණෙකි. එ මතුද නොව, නාම ෂකෘති  නිවැරැදි  
කිරීමට පියවර නොගැනීම නිසා , ඒවා තහවුරු විය.

ඊනියා දෙමළ නිජබිම් සංකල්පය මල් පලගැන්වීම උදෙසා, මෙම දෙපළාතේ ඓතිහාසික  සිංහල  
ස්ථාන - නාම දෙමළකරණයට ලක්වී, එසේ විකෘති කළ අයුරින්ම පැවැතීමට හා  භාවිතයට ඉඩ හැර  
තිබීම කනගාටුවට කරුණකි.

උතුරු හා නැඟෙනහිර පළාත් දෙක එක්කොට, දෙමළ - ත‍්‍රස්තයන් ලවා ඊනියා දෙමළ -  
නිජබිම් සංකල්පය ජයගෙන, දෙමළ ඊලාමයක් ඇටැවීමේ කුමන්ත‍්‍රණයට දෙමළ - ඊලාම්  කාරයින්  
විසින් මෙකී ස්ථාන - නාම විකෘතිය පාවිච්චි කරනු ලබන අයුරු දැකිය  හැකි ය.

පොදුවේ ඕනෑම දෙයක් සිදුවන්නට ඉඩ හැර, “ඔහේ ඕනෑ දෙයක් වුණා දෙන්” යැයි කරබාගෙන,  
ඉඳීමේ ප‍්‍රතිවිපාක දැන් විඳවන්නට සිදුවී තිබේ.

උතුරුකරයේ බෞද්ධ සිද්ධස්ථාන පසුගිය වසරේ අගෝස්තු මාසයේ නැඟෙනහිර පෙදෙස්හි කැලෑ
අරක්ගෙන  සිටි එල්.ටී.ටී.ඊ  ත‍්‍රස්තවාදීහු ගෝකන්න (සිරිගෝණකන්ද හෙවත්  
ති‍්‍රකුණාමලය ඊපඪදජධථචතඥඥ)  දිස්ති‍්‍රක්කයේ ගන්තලාවෙන් (කන්තලේ) ඔබ්බෙහි,  සෝමපුර
ප‍්‍රදේශයේ ජනතාවට පානීය හා  ගොවිතැන් සඳහා ජලය සැපැයූ මාවිල් -  ඔයේ සොරොවු අවහිර
කළහ.

දෙමළ ජනතාවගේ ඊනියා “ගැලැවුම්කාරයින්” යැයි කියාගන්නා මෙකී දෙමළ  ත‍්‍රස්තයෝ,  
සිංහල සහ මුස්ලිම් ජනයා මතු නොව, දහස් ගණන් වූ තම දෙමළ  ජාතිකයින් ද, මෙනයින් දැඩි  
පීඩනයට ගොදුරු කළහ.

වහා කි‍්‍රයාත්මක වූ, දේශයේ මුර - දේවතාවන් බඳු ආරක්ෂක හමුදා විසින් දරුණු සටන්  
වැද, දෙමළ ත‍්‍රස්තයන් පළවා හරින ලදහ.

අනතුරුව කොටින් ගේ පීඩනයට පත් එම පෙදෙස් වැසි දහස් සංඛ්‍යාත දෙමළ, සිංහල,  
මුස්ලිම් ඈ සකල ජනතාවගේ පැන් පවස නිවමින්, අගෝස්තු 9 වැනිදා රාති‍්‍ර 8.00 ට  අපේ  
වීරෝදාර සෙබළ බලඇණි විසින් මාවිල් - ඔයේ සොරොවු අරින ලදී. දෙමළ  ත‍්‍රස්තයින්ගේ  
නපුරු දසාව උදා වූයේ එතැන් සිටය.

සිංහල ස්ථාන - නාම

අපේ පෞරාණික ස්ථාන - නාම භාවිතයේ වැදගත්කම යළිත් දැඩි ලෙස ඉස්මතු වූයේ මේ  
අවස්ථාවේදීය. කාලයාගේ් ඇවෑමෙන් අපේ ම නොසැලැකිලිමත් කමෙන්, කෙමෙන් ඇල් -  මැරුණු  
සිංහල - නාම භාවිතය මූලික වූ, උතුරු හා නැඟෙනහිර සිංහල අනන්‍යතාවයේ  වත්මන් බලපෑම,  
විද්‍යුත් - පණිවුඩ හුවමාරු පද්ධති මගින් ලොව පුරා වෙසෙන  දෑ - හිතැතියන්ගේ පුළුල්  
සාකච්ඡාවට බඳුන් විය.

අපේ ඉපැරණි සිංහලයා හා උගත් විද්වතුන් කලක් තිස්සේ සාමූහිකවත්, පෞද්ගලිකවත්  මෙම  
විෂය අරභයා කරන ලද පර්යේෂණ, ඓතිහාසික කරුණු සොයා, සසඳ්‍ර, විමංශනයට  භාජනය කිරීම්,  
පැරණි ලේඛන සිතියම් භාෂාමය සමාන කම් හා පරස්පරතාද, උච්චාරණ  ප‍්‍රභේදයන් ද, මෙනයින්  
පළ වී ඇති පොත්පත් පැරණි මිණුම්කරු - සටහන් පොත්  ආදිය ද ඇසුරු කොට සැකැසුණු අගනා  
අන්තර්ජාල තැන්නක් හෙවත් වෙබ් අඩවියක්  දැනටමත් නිර්මාණයවී හමාරය.

වෙබ් - අඩවිය

වත්මනේ දෙමළකරණය වී ඇති සිංහල ස්ථාන - නාම, ඒවායේ ඓතිහාසික හා  පුරාවිද්‍යාත්මක  
පසුබිම, එකී නාමයන් දෙමළ ආරෙන් මෑත යුගයේ බිඳී අවුත් ඇති  ආකාරය හා ඒවායේ ඉපැරණි  
ස්ථානගත සංයුතිය මෙන් ම ජනප‍්‍රවාදආශ‍්‍රිත පසුබිම  ද, අදාළ සිතියම් ද දැක්වෙන මෙකී  
වෙබ් - අඩවිය, දෙමළට තත්සම සිංහලට යෙදෙන  ග‍්‍රාම - නාම සටහන් ද සහිතව සැකැසී ඇත්තේ  
ඉංගිරිසි භාෂාවෙනි.

මෙකී වෙබ් අඩවියට පිවිසෙන මඟ මෙසේය. 

http://dh-web.org/place.names/index.html

ඉහත දක්වා ඇති වෙබ් අඩවිය හා අදාළ ස්ථාන - නාම ගවේෂණ කටයුතු, එකල විද්‍යොදය  
සරසවියේ උප කුලපති වශයෙන් කටයුතු කළ ආචාර්ය චන්ද්‍ර ධර්මවර්ධන මහතාගේ  
පුරෝගාමිත්වයන් යුත් කණ්ඩායමක් විසින් සිදුකරෙනු ලබයි.

සිංහල ස්ථාන - නාම භාවිතය වැදගත් වනුයේ ඊනියා දෙමළ නිජබිම් සංකල්පය හා ඉන්  ජනිත  
වී තිබෙන අප කුඩා දිවයින කොටස් කර, ඊලාම් - බෙදුම්වාදය ජය ගැනීමේ  දෙමළ ප‍්‍රයත්න  
පරාජයකොට, රටේ ඒකීය භාවය සුරැකීම උදෙසා අත්‍යවශ්‍ය  මූලාධාරයක් වීම උදෙසාම පමණක්  
නොවේ. සිංහල - බෞද්ධ උරුමය තවදුරටත් වනසා  දැමීමේ වක‍්‍ර දෙමළ ප‍්‍රයත්නය අකී‍්‍රය  
කිරීමේ ප‍්‍රබල අංගයක් වශයෙනි.

සිරිලක පුරා සිංහල ස්ථාන නාම අදාළ සියලුම පාර්ශ්ව සියලු කල්හි භාවිතා කළ  යුතු ය.  
උතුර සහ නැඟෙනහිර දෙමළ - නිජබිමක් නොවන බැව් ඉන් සනාථවේ. ලොව පුරා  වසන දෙමළ  
ජාතිකයන් විසින් ජාත්‍යන්තර ප‍්‍රජාව තවදුරටත් රවටනු ලබන්නේ  මෙලෙසිනි.

දෙමළ ජාතිකයන් ලෝ පුරා ප‍්‍රචාරය කර හැර, සිය පරපුරට ද උගන්වා ඇති ව්‍යාජ  ලක්  
උරුමය පිළිබඳ ඉතිහාසයට මූලාධාරය හා සාධකය වී ඇත්තේ ද සිංහල ස්ථාන -  නාම දෙමළකරණයම  
බැව් සපුරා අවබෝධ කළ යුතු කාලය දැන් පැමිණ තිබේ.

දකුණු ඉන්දියානු සතුරු ආක‍්‍රමණිකයින් විසින් වරින්වර කරන ලද මහත් විනාශයන්  කෙසේ  
වතු ද, වසර දෙදහස් තුන්සියයකට ද අධික කාල පරිච්ඡේදයක සිට දිවයින  බැබැළවූ දහස්  
සංඛ්‍යාත බෞද්ධ සිද්ධස්ථාන, උතුරේ ද, නැඟෙනහිර පළාතේ ද එකසේ  පැවතුණි.

වරින් වර සිදුවූ චෝල, පාණ්ඩ්‍ය යනුවෙන් ඉතිහාසයේ හඳුන්වනු ලබන ලද දකුණු  ඉන්දීය  
දෙමළ ආක‍්‍රමණිකයින් විසින් විනාශ කර දමන ලද දහස් ගණන් බෞද්ධ  පූජණීය ස්ථානයන්ගේ  
නෂ්ඨාවශේෂ තවමත් දක්නට ඇත.

පුරාවිද්‍යාත්මක හා ;එතිහාසික වටිනාකමින් යුක්ත සිංහල - බෞද්ධ උරුමයට ඉඳුරා  දෙස්  
දෙන්නා වූ ද, මෙම ඉපැරණි බොදු සිද්ධස්ථාන හා නටබුන් දෙමළ ත‍්‍රස්ත  ක‍්‍රමයෙන්
විනාශ  කරති. ඒ මත කෝවිල් ද ඉදිකරති. සිංහලයාගේ උරුමය මකා  දැමීමේ වැඩ පිළිවෙළක
වත්මන් දෙමළ  - ත‍්‍රස්තයින් නිරතව සිටිති.

නාගදීපය එදා යාපා පටුනද? 

යාපාපටුන - නොහොත් නාගදීපය හා තවත් කුඩා පරිමාණයේ දූපත් රැසකින් වට වූ  වත්මන්  
යාපන අර්ධද්වීපය ආදීකාලීන ලක්දිව අතිශයින් වැදගත්, බෞද්ධ  මධ්‍යස්ථානයක් වූවා  
නිසැකය. එදා යාපාපටුන ද, අනුරාධපුරය වැනි පූජණීය  මධ්‍යස්ථානයක් වූ බවට පුරාවිද්‍යා  
සාධක එමටය.

කිතුවසින් 523 වසරකට පෙර බුදුන් වහන්සේ ලක්දිවට තෙවරක් වැඩම කළහ. දෙවැනි  ලංකා  
ගමනය සිදුවූයේ නාගදීපයට බැව් සඳහන්වේ. කුඩාබණ්ඩා (චූලෝදර) සහ ලොකු  බණ්ඩා (මහෝදර)
යන  නාග - ගෝති‍්‍රක රජකුමරුන් දෙදෙනාගේ සටන් පිවිසුම්  තත්ත්වයක් සමහන් කරනුවස්  
බුදුන්වහන්සේ මෙහි වැඩම කළ බැව් ප‍්‍රකටය.

බුදුන්වහන්සේ වැඩම කරන්නට ඇත්තේ, අද දෙමළ ජාතිකයන් විසින් “නයිනතිවු” නමින්  
හඳුන්වනු ලබන කුඩා නාගදීප – දූපතට නොව, එකී නාග ගෝති‍්‍රක රජදහනට බැව්  සැලකීම වඩා  
ප‍්‍රඥා ගෝචරය.

 එකල එම දූපත ජන ශූන්‍ය දිවයිනක් වන්නට ඇති බැවින්, උන්වහන්සේ එම දූපතට  
දිවා-විහරණය සඳහා හෝ වඩින්නට ඇතැයි සිතිය හැක.

කෙසේ වුවද ඉන් සියවස් ගණනක ඇවෑමෙන් පසු ලක්දිව බුදුසසුන පිහිටුවීමෙන් පසුව,  
සිරිමා බෝ ශාඛාවක් සහ අනතුරුව ශ‍්‍රී දළදා වහන්සේ ද දඹකොළපටුණින්  ලක්දිවට වැඩම  
කරවීමෙන් අනතුරුව ද කලින් කල ඒ පරිසරයේ සිය දහස් ගණන් බෞද්ධ  සිද්ධස්ථාන ඉදි වූ  
බැව්, ප‍්‍රදේශය පුරා ඇති අති විශාල නටබුන්  ප‍්‍රමාණයෙන් පෙනී යායුතුය. එමෙන්ම  
යාපනය වටා ඇති කුඩා දූපත්වලද ඉපැරැණි  බෞද්ධ නෂ්ඨාවශේෂ සොයාගෙන ඇත.

මේවායේ ඉපැරැණි සිංහල ස්ථාන නාම දෙමළකරණයට ලක්කොට දෙමළ ඊලාමයක් නිර්මාණය  කිරීමේ  
ප‍්‍රවණතාවක් ගොඩනඟා, එය ත‍්‍රස්ත කි‍්‍රයා මඟින් ජයගැනීමට වලිකන  මෙවන් යුගයක, රටේ  
ස්වාධිපත්‍යයටද, සිංහලයාගේ බෞද්ධ සංස්කෘතික පරිසරයට ඇති  හිමිකම් මුලිනුපුටා දැමීම  
උදෙසාද කෙරෙන දෙමළ ජාතිවාදීන්ගෙන් මවුබිමත්,  බුද්ධ ශාසනයත් මුදාගැනීමේ උදාර මෙහෙවර  
පැහැර නොහැරිය යුතු කාර්යභාරයකි.  සිංහල ස්ථාන නාම යළි තහවුරු කළ හැක්කේ නිරතුරු  
භාවිතයෙන්ම පමණි.

පුරාවිද්‍යා - කැණීම් 

යාපාපටුනේ වැදගත් තත්ත්වය පසුකාලවලදී නාගදීපයට පමණක් සීමාවන තැනට, කටයුතු   සැලසුණේ
කලින් – කල සිදුවූ හින්දු - දෙමළ ආක‍්‍රමණ නිසා බැව් නිසැකය.  යාපාපටුන පුරා  
පැවැති බෞද්ධ සිද්ධස්ථානයන්ගේ සිය දහස් ගණන් නෂ්ඨාවශේෂ ඇති  බැවින්, යාපනය පුරා  
කැණීම් ඇරැඹීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගත  යුතුය.

බි‍්‍රතාන්‍ය සමය ආරම්භයේදී ඔවුන් විසින් සිදුකරන ලද පුරාවිද්‍යා කැණීම් සහ  මෑත  
භාගයේ චාර්ල්ස් ගොඩකුඹුරේ යුගයේ කැණීම් හැරුණුවිට, පසුකාලීනව මේ  පිළිබඳ උනන්දුවක්  
නොදැක්වීමේ අනිසි පලවිපාක දැන් භªක්තිවිඳිමු.

කාලිංග-මාඝ චෝල ආක‍්‍රමණික ව්‍යසනයෙන් උතුරු මැද සහ උතුරුකරයේ දහස් ගණන්  විහාර –  
දාගැබ්වලට සිදුකළ විනාශ ඉතිරිව තිබූ සෙසු බෞද්ධ නටබුන් බොහොමයක්  කොටි-ත‍්‍රස්තයන්  
විසින් දැනටමත් විනාශකොට ඇත. ඇතැම් නටබුන් මත කෝවිල්  ගොඩනඟා ඇත.

අපේ ජාතික හා ආගමික උරුමයන් පිළිබඳ යටගියාවේ මෑත ගවේෂණය ලෙස සැලකිය හැක්කේ  
පුරාවිද්‍යා චක‍්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්ථවිරයන් වහන්සේගේ  ගවේෂණ බැව්ද  
මෙහිලා සිහිපත් කළ යුතුය.

තමන් වහන්සේගේ පුරාවිද්‍යාත්මක සොයාගැනීම් ද පාදකකොට, උන්වහන්සේ විසින්  පළකරන ලද  
“පාචීණ පස්ස උත්තර පස්ස” (2003) නමැති පොත, අපේ සිංහල - බෞද්ධ  උරුමය පිළිබඳ වැදගත්  
සිහිවටනයකි.

ශ‍්‍රී දන්ත ධාතූූන් වහන්සේ මෙරටට වැඩම කරවූ දන්ත කුමරු සහ හේමමාලා කුමරිය  ගමන්  
ගත් බැව් සඳහන් දඹකොළපටුන (වත්මන් කන්කසන්තුරය) සිට යාපන නගරය දක්වා  වූ මඟ දෙපස  
බොදු පූජනීය ස්ථානවලින් ගහණවූ බැව් ප‍්‍රකටය. දඹකොළපටුන නැව්  තොට සිට, චූලපුර,  
ගෝතමළුවත්ත, චන්දන, කදුරුගොඩ, සංඝාරාම, උඩුවිල, පරණ  නාගවිහාරය වැනි ඉපැරැණි  
ග‍්‍රාම ඉන් සමහරෙකි.

ඇතැම්විට, ඊට පෙර කලෙක සංඝමිත්තා මහ තෙරණිය විසින් සිරිමා බෝ දක්ෂිණ ශාඛාව  වැඩම  
කරවන ලද්දේ ද එමඟින් මැ විය යුතු බවටද අනුමාන කරනු ලැබේ.

යාපනයේ බොදු - ස්ථාන සිතියම 

ඉහතින් සඳහන් කරන ලද වෙබ් අඩවියට පිවිසි විගස, එහි සිංහල ස්ථාන නාම  ලැයිස්තුවට  
ඉහළින් දක්වා ඇති කෙටි හැඳින්වීම් අනුව, එක් එක් අකුරු ජාල-  පිටු විවෘත කරත්ම
උතුරු  හා නැඟෙනහිර පළාත් පුරා පවත්නා හා පැවැති  අප‍්‍රමාණ බෞද්ධ සිද්ධස්ථාන
හඳුනාගත  හැකිය.

 හඳුනාගැනීමේ පහසුව සඳහා එහි සඳහන් කර ඇති යාපනයේ බෞද්ධ ස්ථාන යනුවෙන් දක්වා ඇති  
සිතියමේ, උතුරුකරයේ බෞද්ධ ස්ථාන පෙන්වා තිබේ.

යාපාපටුනේ බෞද්ධ නෂ්ඨාවශේෂ අතුරෙන් කදුරුගොඩ විහාරයේ තවමත් ඉතිරිව ඇති  නටබුන්වූ  
දාගැබ් සංඛ්‍යාව හැටකි. පිරිනිවන් පෑ රහතන් වහන්සේලාගේ භෂ්මාවශේෂ  හෝ ශාරීරික ධාතු  
ඒවායේ තැන්පත් වන්නට ඇතැයි ජනප‍්‍රවාදයේ පවතී.

”කදුරුගොඩ” “කන්තරෝඩෙයි” යනුවෙන් ව්‍යවහාරයට ලක්වී ඇතත්, මෙම ඓතිහාසික  
සිද්ධස්ථානයේ නටබුන් දෙමළ ත‍්‍රස්තයන්ට විනාශකොටගත නොහී, තවමත් විරාජමානව  පැවැතීම  
විස්මයජනකය.

දෙමළ ඊළාම් වාදය

මෙහි ඉහතින් සඳහන් වෙබ් පිටුවට පිවිසෙන්නැයිද එහි දැක්වෙන සිංහල ස්ථාන  නාමයන්  
සියලු තන්හිදී භාවිතා කරන මෙන්ද සියලු දේශපෙ‍්‍ර්මීන්ගෙන් ඉල්ලා  සිටිනු ලැබේ.

දෙමළකරණයට ලක්වී ඇති දිවයිනේ ස්ථාන නාම හඳුනාගෙන අදාළ සිංහල නාම භාවිතය නොපමාව  
දියත් කළ යුතුය. එසේ කිරීම ජාතිවාදය නොවේ.

මෙහි මුලින් දක්වන ලද පරිදි දෙමළ ජනතාවට සිය දෙමළ භාෂාමය ස්වරයෙන් උච්චාරණය  කළ  
හැකි පරිද්දෙන්ම ඉදිරියටද ඒ ඒ ස්ථාන නාම ශබ්දකිරීමට හෝ ලිවීමට හෝ  මෙයින් බාධාවක්  
සිදුවන්නේ නැති බවද සැලැකිය යුතුය.

සිංහලයා වනාහී, ඈත අතීතයේ සිටම සෙසු ජාතීන්ගේ සංස්කෘතිය, බස, ජීවන රටා, ඇදැහිලි  හා
වත්පිළිවෙත් සමතන්හිලා ගරුකළ බව මුළු ලොවම දනී.

ශ‍්‍රී ලංකාවේ හැරුණුවිට රටේ ජනගහනයෙන් සියයට 9ක් පමණ වූ සුළුතරයකට, එහි  බහුතර  
සියයට හැත්තෑපහක පමණ වූ පුරවැසියන්ට හිමි සියලුම අයිතීන් හා  වරප‍්‍රසාද, වචනයේ  
පරිසමාප්තාර්ථයෙන්මැ සමව පිරිනමා ඇති වෙනත් කවර දැයක්  හෝ රටක් නොමැති බව සඳහන් කළ  
යුතුය.

ආනන්ද විජේසිංහ
කැනඩාව (උපුටා ගැනීමකි-http://mask-ip.info/index.php?q=aHR0cHM6Ly9ncm91cHMuZ29vZ2xlLmNvbS9ncm91cC9zaW5oYWxhY2FzdGluZy9tc2cvOGY5ZjFjMTkzZDYwMDUyYz9kbW9kZT1wcmludA%3D%3D&hl=3e9)

මහින්දාගමනයට පෙර හෙළදිව බුදුදහම

මහින්දාගමනයට පෙර හෙළදිව බුදුදහම

මහින්දාගමනයට පෙර ලක්දිව පැවති බෞද්ධ අවබෝධය පිළිබඳ කරන විමර්ශනයකදී භද්දකච්චායනා කුමරියගේ පැමිණීමද අතිශය වැදගත්වේ. ඇය දෙතිසක් ස්ත්‍රීන් සමග මෙහි පැමිණ ඇත. භද්දකච්චායනා කුමරිය බුදුරජුන්ගේ ඥාති සහෝදරයකු වූ පණ්ඩු නම් ශාක්‍ය වංශික රජුගේ දියණිය වූ බැව් ඓතිහාසික සාධක තුළින් ගම්‍ය වේ.ඇය බුදුරජුන්ගේ සමීප ඥාතිවරියක වූවා නම් ඇය බුදුදහම නොදැන සිටියා යැයි කිසිසේත් සිතිය නොහැක.

අතීතයේදී, ලක්දිව සිවුහෙළය ලෙස හඳුන්වා ඇති අතර යක්ෂ, රාක්ෂ, නාග,දේව යන කොට්ඨාසයන් මෙහි වාසය කොට ඇත. බුදුරජුන් තෙවරක් ලක්දිවට වැඩි බව වංශ කථා මගින් ද සනාථ වේ. පළමු වරට මහියංගණයට වැඩම කොට යක්ෂ ගෝත්‍රිකයින්ගේ ආරවුලක් සංසිඳවා ධර්ම දේශනා කරන ලදී. මහාවංසයේ පළමු වන පරිච්ඡේදයේ 32 ගාථාවේ සඳහන් පරිදි “නොයෙක් කෙළ ගණන් සත්ත්වයන් සෝවාන් ඵලාදියෙන් ධර්මාවබෝධය වූයේය. සංඛ්‍යාපථාතීත සත්ත්වයෝ තිසරණ පන්සිල්හි පිහිටියෝය “ යනුවෙන් දැක්වේ.

මේ අනුව විශාල යක්ෂ ගෝත්‍රිකයින් පිරිසක් ධර්මාවබෝධය ලැබූ බැව් මින් පසක් වේ. එසේම බුද්ධ පරිනිර්වාණයෙන් පසු සැරියුත් මහ රහතන් වහන්සේගේ ශිෂ්‍යයකු වූ සරභූ තෙරණුවෝ බුදුරදුන්ගේ අකුධාතුව රැගෙන ලංකාවට වැඩම කළ බවත් උන් වහන්සේම එම ධාතුව මහියංගණ චෛත්‍යයේ තැන්පත් කළ බවත් මහාවංසයේ සඳහන් වේ.

බුදුරජුන් දෙවන වර වැඩියේ නාග ගෝත්‍රිකයින් අතර සිදුවීමට ගිය විශාල යුද්ධයක් නැවැත්වීමටය. මහා :1:63 ගාථාවට අනුව දෙවනි ලංකාගමනයේ ප්‍රතිඵලයක් ලෙස දිය වැසි වූද ගොඩවැසි වූද අසූ කෙළක් නාග ගෝත්‍රිකයෝ තුන්සරණයෙහි ද සීලයෙහි ද පිහිටා ඇත. උන්වහන්සේ තෙවන වර 500 භික්ෂූන්ද සමග වෙසක් පොහෝ දිනයක කැලණියට වැඩම කළහ. මණිඅක්ඛික නා රජු නාගදීපයේ දී එම ආරාධනාව කරන ලද බව වංශකථා සඳහන් කරයි. 500 ක් භික්ෂූන් සමග වැඩි පුවත මහාවංසයේ 01 පරි:73 ගාථාවෙන් ද සනාථ වේ. 84 ගාථාවේ මෙසේ ද සඳහන්වේ. “ලංකාවේ දේව නාග සමූහාදීන්ගේ වැඩ ද දක්වමින් මේ යහපත් දිවයිනට තුන්වරක් වැඩි සේක. ඒ කාරණ කොට ගෙන මේ ද්වීපය ධර්මය නමැති පහනෙන් බැබල්මි ඇත්තාවූ ....” කැලණියට භික්ෂූන් 500 සමඟ වැඩි අවස්ථාවේද විශාල ගණනක් ජනයා ධර්මාවබෝධය ලබන්නට ඇත. එසේම එම භික්ෂූන්ට ආවතේව කිරීමට ද විශාල ජනකායක් රැස්වන්නට ඇත. මේ අනුව ද විශාල පිරිසක් බොදුනුවන් වූ බැව් මහාවංසය දීප වංසය වංසත්‍ථප්පකාසීනිය වැනි ඓතිහාසික ග්‍රන්ථ විමසීමෙන් ද පැහැදිලිවේ.alt



තපස්සු භල්ලුක යන දෙදෙනා බුදුරජාණන් වහන්සේගෙන් ලබාගත් කේශධාතු නිධන්කර තිරියායේ චෛත්‍යයක් කළ බව ඓතිහාසික සාධක තුළින් අනාවරණය වේ. පෙර ආත්මයක ලේ නෑයෙකුව සිටි දේවතාවකු විසින් ඔවුන් දෙපොල බුදුරජුන් කරා යොමු කරන ලද බැව් මහාවග්ගයේත්, නිදාන කථාවේත් සඳහන්ය. මෙම වෙළෙඳුන් දෙපොළ උතුරු ඉන්දියාවේ උක්කල රටෙන් ආ බවත් කේශධාතු නිදන් කිරීම සඳහා ඔවුන් තැන වු ස්ථූපය ඔවුන්ගේම ස්වදේශයෙහි වූ බවත් මහාවග්ගය, නිදාන කථාව හා ලලිත විස්තරය යන ග්‍රන්ථ තුළ අන්තර්ගතය. එසේම තපස්සු භල්ලුක වෙළෙඳුන් දෙදෙනා ලංකාවේ දාගැබක් කළ බව දහතුන් වැනි සියවසේ රචිත පූජාවලියේ ස්ථිර කොටම සඳහන් කර ඇත. එම තොරතුරු නිදාන කථාවේ තොරතුරුත් අතර සාම්‍යක් දක්නට පුළුවන. එසේම එහි දාගැබ තැනූ බව කියන ස්ථානයේ නාමයත් තිරියායේ සෙල්ලිපියේ නාමයත් සමාන වේ. ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා එම සෙල්ලිපිය පරිවර්තනය කොට ඇති අතර ශිලා ලේඛන සංග්‍රහයේ IV වෙළුවේ එය අන්තර්ගතය. එහි අවසානයේ මෙසේ දැක්වේ. “ ත්‍රපුස්සක සහ වල්ලික (යන) වෙළෙඳ ගණයක් විසින් පිහිටුවන ලද ගිරිකණ්ඩ චෛත්‍ය ....”(පි.87) ගිරිකණ්ඩි හා ගිරිගඬු යන නම් දෙකම එකක්ම බැව් පෙනේ. එනම් II පරාක්‍රමබාහු රජු විසුද්ධිමග්ගයට ලියන ලද සන්නයේ පාලි කෘතියේ එන ගිරිකණ්ඩ මහ විහාර යන්නට ගිරි කඩු වෙහෙර යන තේරුම දී ඇති හෙයින් එය සනාථ වේ. සෙනරත් පරණවිතාන මහතාගේ මතය වනුයේ ද මෙම සෙල්ලිපිය ලියනලද වකවානුවේ තිරියායේ පැරණි ස්ථූපයක් හා තපස්සු භල්ලුක දෙදෙනාත් සම්බන්ධ කළ ප්‍රාදේශීය ජනප්‍රවාදයක් තිබුණු බවත්, බුදුරජාණන් වහන්සේ විසින් මේ වෙළෙඳුන්ට දෙන ලදැයි කියන කේශධාතුත් එම ස්තූපයේ නිදන් වී තිබුණේය යන විශ්වාසයක් තිබුණූ බවත් ස්ථිර කොට කිව හැකි යන්නය. (ශිලා ලේඛන සංග්‍රහය පි.85) මේ අනුව බුදුරජුන් බුද්ධත්වයට පත්වූ කාලවකවානුවේ දීම ලක්දිව තුළ චෛත්‍යයක් හා ඒ ආශි‍්‍රත වටපිටාවක් නිර්මාණය වීම අතිශය වැදගත් වේ.

එසේම මහාවංසයට අනුව විජය ඇතුළු පිරිස ලංකාවට පැමිණෙන්නේ ද බුදුරජුන් පිරිනිවන් පෑ දිනයේ මය. එම කාලවකවානුව වන විට බුදුදහම භාරතයේ නොයෙක් ප්‍රදේශ කරා විහිදී ගිය බැව් ශාසන ඉතිහාසය සාක්ෂි දරයි. එසේම විජය සමග පැමිණෙන සත්සියයක් පිරිස අතර බුදුදහම ගැන දැන සිටි පිරිස් ද ඇතැම්විට සිටින්නට පුළුවන. එසේම ඔවුන් ගොඩබිමට පැමිණි විට පරිබ්‍රාජක වේශය ගත්තෙකු පිරිත් නූල් හා පිරිත් වතුර දුන් බැව් මහා :7 පරි:8 ගාථාවේ සඳහන්ය. මේ පිළිබඳව තවදුරටත් විද්වත් අවධානය යොමුවිය යුත්තේය.

මහින්දාගමනයට පෙර ලක්දිව පැවති බෞද්ධ අවබෝධය පිළිබඳ කරන විමර්ශනයකදී භද්දකච්චායනා කුමරියගේ පැමිණීමද අතිශය වැදගත්වේ. ඇය දෙතිසක් ස්ත්‍රීන් සමග මෙහි පැමිණ ඇත. භද්දකච්චායනා කුමරිය බුදුරජුන්ගේ ඥාති සහෝදරයකු වූ පණ්ඩු නම් ශාක්‍ය වංශික රජුගේ දියණිය වූ බැව් ඓතිහාසික සාධක තුළින් ගම්‍ය වේ.ඇය බුදුරජුන්ගේ සමීප ඥාතිවරියක වූවා නම් ඇය බුදුදහම නොදැන සිටියා යැයි කිසිසේත් සිතිය නොහැක. එසේම මේ වන විටත් බුද්ධ පරිනිර්වාණය වී ගත වී ඇත්තේ සුළුකාල පරාසයකි.(මහාවංසයේ 8 පරි:23 - 24 ගාථා)

මේ අනුව භද්දකච්චායනා කුමරිය ඇතුළුපිරිස උපතිස්ස ග්‍රාමය තෙක් පැමිණෙන්නේ පැවිදි (පබ්බජිතාකාරා) ආකාරයටය. බෞද්ධ භික්ෂූන් ඇතුළු බ්‍රහ්මණ නොවන ඕනෑම තාපස කොට්ඨාසකට පබ්බරජිත යනුවෙන් ව්‍යවහාර කළ හැකි හෙයින් මින් කියවෙන්නේ කිනම් පැවිදි කොට්ඨාසයක්ද යන්න එකවර නිශ්චය කිරීම අපහසුය. නමුත් එදා භාරතයේ ප්‍රකට වු කාන්තා පැවිදි පිරිසක් වුයේ බුදුසසුන් තුළ බැව් සිහිපත් කළ යුතුය. එසේම බුදුරජුන්ගේ ඥාති සම්බන්ධයක් ඇති පිරිසක් අන්‍ය පූජක වේශයකින් පැමිණියේ යැයි සිතීමට ද අපහසුය. සියලු කරුණු මැනවින් අධ්‍යයනය කරන විට භද්දකච්චායනා හා පිරිස ලක්දිවට පැමිණ ඇත්තේ භික්ෂූණී වේශයකින් බැව් මනාව පැහැදිලිය. උපතිස්ස ගම දක්වා යාමට එය ඔවුන්ට විශේෂ ආරක්ෂාවක් වු බවද මහාවංසය තුළින්ම සනාථ වේ. එසේ ආරක්ෂාව ලැබෙනුයේ එකල ජනතාවට එම භික්ෂුණී ස්වරූපය ඔවුන්ට හුරුපුරුදු ඔවුන් ගරුකරන ස්වරූපයක් වීම නිසා විය නොහැක්කේද?

මහාවංසයේ10 පරිච්ඡේදයේ 96 - 103 ගාථා පරිශීලනය තුළින් භාරතයේ එදා පැවති නොයෙක් ආගම් හා ඇදහිලි පණ්ඩුකාභය රාජ්‍ය කාලය ලක්දිව පැවති බැව් විද්‍යමාන වේ. ජෛන, ආජීවක, නිඝණ්ඨ, පරිබ්‍රාජක, තාපස යන කොටස් මෙහි විසූ බවත් යක්ෂ, නාග, වෘක්ෂ, වන්දනාවන් පැවති බවත් එහි සඳහන්වේ. එසේම බ්‍රහ්මණයින් සඳහා යාගහෝම පවත්වන සොත්ථි ශාලාද ශීව ලිංග පූජා පවත්වන සිවිකා ශාලාද එකල පැවති බැව් ගම්‍ය වේ. මේ හැරුණු විට තවත් විවිධ ඇදහිලි පන්සිය ගණනක් පැවති බැව් මහාචාර්ය මැන්දිස් රෝහණදීර මහතා ශ්‍රී ලංකාවේ ඉතිහාසය නම් ග්‍රන්ථයට ලිපියක් සපයමින් පෙන්වා දෙයි. නමුත් බොහෝ විද්වතුන්ගේ මතය වනුයේ මහාවංසයේ සඳහන් පරිදි මෙකල බුදුදහම හැර භාරතයේ තිබූ බොහෝ ආගම් හා ඇදහිලි ක්‍රම මෙහි ස්ථාපිතව පැවති බවය. නමුත් විචක්ෂණශීලිව විමසන විට මහා: පරි: 98 ගාථාවේ.

“ නා නා පාසණ්ඩකා ඛෙම වසිංසු සමණා බහු “

ලෙස සඳහන්ව ඇත. මෙහි “සමණා බහු” යන්නෙන් බොහෝ ශ්‍රමණ යන අර්ථය ගෙනදේ. එනම් පණ්ඩුකාභය රජ දවස අනුරපුරයේ බොහෝ ශ්‍රමණයින් (භික්‍ෂූන්) සිටි බව මෙයින් සිතීමට පුළුවන. නමුත් ඇතැම් විචාරකයින් මෙම සමණාබහු යන්න භික්ෂූන් නොව පරිබ්‍රාජක ලෙස වරදවා වටහා ගෙන ඇත. පරිබ්‍රාජකයින් පිළිබඳ එනමින්ම එහි 101 ගාථාවේ සඳහන් වේ. මේ අනුව දෙතැනක පරිබ්‍රාජකයින් පිළිබ¼ඳව සඳහන් වුවා යන්න සිතීමට ද අපහසුය. එසේම බුද්ධ කාලයේදී භික්ෂූන් හදුන්වා ඇත්තේ සමණ (ශ්‍රමන) ශාක්‍ය පුත්‍ර යන නාමයෙනි. එසේම මහා :14 පරි:9 ගාථාවේ සඳහන් පරිදි මිහිඳු හිමි සමණාමයං මහාරාජ ධම්මරාජස්ස සාවකා ලෙස සඳහන් කරයි. මේ අනුවද පණ්ඩුකාභය රජ දවස අනුරපුරයේ බොහෝ ශ්‍රමණයින් (භික්ෂූන්) සිටි බැව් පිළිගැනීමට පුළුවන.

දිව්‍යාවදානය නමැති ඓතිහාසික සංස්කෘත මූලාශ්‍ර ග්‍රන්ථය තුළින්ද බුදුරජුන්ට සමකාලීනව ලංකාවේ බුදුදහම පිළිබඳව තිබූ අවබෝධය පිළිබඳව විමසීමට හැකිවෙයි. දිව්‍යාවදානයේ එන පූර්ණාවදානය - 2 න් කියවෙනුයේ රත්නද්වීපයේ (ලංකාවේ) චන්දන වනයේ සඳුන් දැව වලින් ගඳ කිළියක් කරවා බුදුන් පිදූ පූර්ණ තෙරුන් පිළිබඳවය.



දිව්‍යාවදානයේ සඳහන් සංඝරක්ෂිතාවදානය (23.24) අධ්‍යයනය කිරීමෙන් බුදුරජුන් දවස රත්නද්වීපයේ නාග ළමයින්ට බුදුදහම ඉගැන්වූ සංඝරක්ෂිත හිමියන් පිළිබඳව හෙළිවේ. බුදුන් දවස විසූ සංඝරක්ෂිත හිමියන් මුහුදු ගමනක යෙදී සිටියදී ලක්දිව ආසන්නයේදි එම නැව නාග ගෝත්‍රිකයින්ගේ භාරයට ගන්නා ලදී. ඔවුන්ට අවශ්‍ය වනුයේ සංඝරක්ෂිත හිමියන්ය. එහි මෙසේ සඳහන් වේ.

“රත්නද්වීපය ආසන්නයේදි ඔවුන්ගේ නැව නාග ගෝත්‍රිකයන් විසින් වට කරන ලදී. සංඝරක්ෂිත අපට දියව්, සංඝරක්ෂිත අපට දියව් යනුවෙන් කෑගසන්නට පටන් ගත්හ. (පි.270 ) ”

මෙම ඓතිහාසික සාධක පුළුල්ව විමසා බලන විට ලංකාවේ බෞද්ධ අධ්‍යාපන ක්‍රමවේදයේ ආරම්භයද බුදුරජුන්ට සමකාලීනවම සිදුව ඇති බැව් මනාව පැහැදිලිය.

අශෝක අධිරාජ්‍යයා තම විජිතයේත් අසල රාජ්‍යයන්හිත් දැහැමි සමාජයක් අපේක්ෂා කොට ධර්ම මහාමාත්‍රවරුන් ලක්දිවට ද පැමිණි බැව් අශෝක ශිලාලේඛන තුළින් විද්‍යාමාන වේ. මේ ධර්ම මහා මාත්‍රවරුන් ඉදිරිපත් කරන ලද්දේ බුදුසමයේ එන මංගල සූත්‍රය, සිගාලෝවාද සූත්‍රය වැනි සූත්‍රධර්මවල කොටස් බැව් තවදුරටත් අධ්‍යනය කිරීමෙන් හෙළිවේ. මෙය ප්‍රාග් මහින්දාගමන යුගයේ සිදුවූවකි.

ප්‍රාග් මහින්දාගමන යුගයේ ලක්දිව බුදුසමය පිළිබඳව හඳුනාගෙන සිටි බවට ජාත්‍යන්තර වශයෙන්ද පිළිගන්නා ප්‍රධානතම ඓතිහාසික මූලාශ්‍රය වෙත අවසාන වශයෙන් අපි යොමු වන්නෙමු. එය වනාහි මහායාන ප්‍රධානතම සූත්‍රධර්මයක් වන ලංකාවතාර සූත්‍රයයි. සංස්කෘත සූත්‍රයක් වන ලංකාවතාර සූත්‍රය පරිවර්තනය කරන ලද්දේ මහාචාර්ය ගුණපාල ධර්මසිරි මහතාය. එතුමා එහි හැඳින්වීම තුළ මෙසේ සදහන් කරයි.” ලංකාවතාර සූත්‍රය ලාංකීය සිංහලයන් වන අපට විශේෂ වැදගත් කමක් උසුලන බැව් සඳහන් කළ යුතු කරුණකි. මේ සූත්‍රය ශ්‍රී ලංකාවේ ශ්‍රීපාද කඳු මුදුනෙහි දී රාවණා රජුට දේශනා කරන ලද්දකි.රාවණා යනු එක් කාලයක සිටි එක් අයෙකු පමණක් නොවන බවත් ඒ නමින් පරපුරක් තිබුණු බවත් සඳහන්ව ඇති කරුණකි. බරණැස බ්‍රහ්මදත්ත රජුමෙනි. “එසේම එතුමා බුදුරජුන් විශේෂයෙන්ම සිංහලයට දුන්, ත්‍යාග කළ සූත්‍ර ධර්මය ලෙස ලංකාවතාර සූත්‍රය හඳුන්වනු ලබයි. ඉහත සාධක තුළින් ප්‍රාග් මහින්දාගමන අවධියේ ලක්දිව වාසීන් තුළ බුදුසමය පිළිබඳ යම් අවබෝධයක් පැවති බැව් මනාව විද්‍යමාන වේ. නමුත් මූලාශ්‍රකරුවන් එම කරුණ මතුකොට නොදක්වන්නට වෑයම් කරන ලද්දේ මහින්දාගමනය උත්කර්ෂයෙන් ගෙනහැර පෑමට මූලාශ්‍රකරුවන් තුළ පැවති අභිලාෂය නිසා විය හැකිය.


ශාස්ත්‍රපති චසිත බුලත්සිංහල
උපුටා ගැනීම:බුදුසරණ පුවත්පත

හෙළ පරපුර වරද්දගත්තු තැන…



2010 සැප්තැම්බර් 

හෙළ යුගයේදි හැබෑවටම සිදුවුණේ කුමක්ද? රාවන රජු හැබෑවටම ලංකාව පාලනය කලේද? පාලනය කලා නම් ඒ රාවන යුගයේ ලංකාපුරය, වත්මන් ශ්‍රී ලංකාවද? යන ගැටළු වලට පැහැදිලි පිළිතුරක් දෙන්නට බොහෝ දෙනා අසමත්ය. පසුගිය දිනවල පුවත්පත් වල පිටු ගණන් වෙන්වුණේ මෙම ගැටළු වලට පිළිතුරු සපයන්නටයි. ඉතාමත් ආන්දෝලනාත්මක ප්‍රකාශ ඉදිරිපත් කරමින් ඇතැම් විද්වතුන්, කථිකාචාර්‍යවරුන් මෙන්ම ඉතිහාස ගවේෂකයින් රාවන යුගය ගැන බොහෝ කරුණු සාකච්ඡා කරන අයුරු අප දුටුවෙමු. කවුරු කවුරුත් තම තමන්ගේ පාණ්ඩිත්‍යය ලොවට කියා පෑවත් ප්‍රශ්නය තවමත් එතැනමයි. සිරිලක උපන් සිංහල දරුවන්ට රාවන නාමය තවමත් ආගන්තුකයි. ලක්දිව දෙමළ නිජබිමක් ලෙස සින්න කරගන්නට වලිකන පිරිසට රාවන රජු මෑතකදී හමුවුණු ඉල්ලමයි.
කවුරු කොහොම කීවත් අපේ අනන්‍යතාවය නිරාවරණය කරගත යුත්තේ අපිමයි. එහෙත් සිංහල ජාතියේ ඉතිහාසය, පැවැත්ම හා අනන්‍යතාවය හැමදාමත් සිංහලයාට කියා දුන්නේ පරදේසක්කාරයන් වීම විශේෂයි. වර්තමානයේ මෙම තත්වය බිඳගෙන ලක්දිව ඉතිහාසය සොයා වසර 2500කින් ඔබ්බට යන්නට වෙර දරන පිරිසක්  බිහි වෙමින් පවතී. ඔවුන්ගේ වෑයම සතුටට කරුණක් වුවත් ඇතැමෙකුගේ ක්‍රියා කලාපය අනුමත කල නොහැක. මෙම ලිපියේ සිරස්තලය “හෙළ පරපුර වරද්දගත්තු තැන” ලෙස සටහන් කලත් අපට වැරදුන තැන් එකකට වඩා  මෙම ලිපියෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙමු.
පෙර සඳහන් කල පරිදි සිංහලේ ඉතිහාසය අපට කියාදෙන්නට හැමවිටම පාහේ පිටරැටියෙක් පැමිණ ඇත. ආසන්නම උදාහරණය ලෙස ඉන්දියාවේ කාලිංග දේශයෙන් පැමිණි මහානාම තෙරුන් රචනා කල මහාවංශය ගෙනහැර දැක්විය හැක. පාසල් යන සමයේ සමාජ අධ්‍යයනය හා ඉතිහාසය වශයෙන් අප ඉගෙනගනු ලැබුවේද කොඩ්‍රින්ටන් නම් බ්‍රිතාන්‍ය ජාතිකයා විසින් සම්පාදනය කල ලක් ඉතිහාසයයි. මීට අමතරව මාරි හිගින්ස් මියුසියස් මැතිනියද ලක් ඉතිහාසය පිළිබඳ පොත පත ලිවූ විජාතික කාන්තාවකි. වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති රටක මිනිසුන්ට කොහෙන්හෝ පාත් වෙච්ච කෙනෙක්  ඉතිහාසය ලියා තැබීම විහිළුවකි. එමෙන්ම එසේ පිටින් ආ අය ලියන ඉතිහාසය හිස් මුදුනින් පිළිගැනීම  හා එතනින් එහාට ඇත්ත නැත්ත නොවිමසීම ඛේදවාචකයකි.  මේ හෙළ පරපුර වරද්ද ගත්ත භයානකම තැනයි. කොහෙවත් හිටපු අය ලංකාවෙ ඉතිහාසෙ ලංකාවෙ පයගහපු මිනිස්සුන්ට වඩා හොඳින් දන්නෙ කොහොමද? මේ ප්‍රශ්නය තමන්ගෙන්ම අසා බලන්න. දුටුගැමුණු, පැරකුම්බා, මහසෙන්, විජයබාහු වැනි රජවරුන්ද, සෝමාවතී, විහාරමහා දේවි, ලීලාවතී වැනි රැජිණන්ද වෙනුවට අපේ සමාජ අධ්‍යයනය පොතේ පිටු අරක් ගත්තේ අපේ රට ආක්‍රමණය කල බ්‍රිතාන්‍යයේ ඩොනමෝර්, කෝල්බෲක්, මැනිං වැනි විජාතිකයන් සහ ඔවුන්ගේ ආණ්ඩු ක්‍රමයි. 1818 දී  හා 1848 දී කැප්පෙටිපොළ, වීර පුරන් අප්පු වැනි වීරයන් විසින් දියත් කල නිදහස් අරගල බ්‍රිතාන්‍ය පාලකයන්ට කැරලි විය. ඔවුන් ලක් ඉතිහාසය තුල ලක්බිම නිදහස් කරගන්නට වෙහෙස වූවන් කැරලි කරුවන් ලෙසත්, නිදහස් අරගල කැරලි ලෙසත් අපට ඉගැන්නුවේය. මේවා ඉගෙනගෙන පාසලෙන් එළියට එන දරුවන් තුල රට, ජාතිය පිළිබඳ හැඟීමක්, ආලයක් උපදීද? අපි අද අත් දකින්නේද එහිම විපාක නොවේද?

ඉතිහාසය පිළිබඳ ආචාර්‍ය උපාධි හිමි විද්වතුන්ගෙන් සහ ඉතිහාසය කතා කරනා අනෙකුත් විද්වතුන්ගෙන් ලක්දිව ඉතිහාසයට හරි හමන් සේවයක් වෙයිද?  තමන් දරන මතයම හරියැයි සිතා කටයුතු කරන ඔවුන් බොහෝදෙනා ඊට ප්‍රතිවිරුද්ධ අදහස්ධාරීන් ගේ මත කිසිදු තැකීමකට ලක් නොකරන අතර,  සියළු දෙනාම එක්ව අදහස් විමසා බලා ඉතිහාස ගැටළු පිළිබඳව එකඟතාවයකට එන්නට සූදානමක්ද නැත. බොහොමයක් දෙනා විජයගෙන් පැවතෙන සිංහල පරපුරක් ගැන විශ්වාස කරයි. මහාබලි, අගස්ථ්‍ය, රාවන වැනි රජවරු තුලින් මිත්‍යා චරිත වලට වඩා වැඩි යමක් ඔවුන් නොදකී. මේ අතර වර්තමානයේ බිහිවෙන ඇතැම් ඉතිහාස ගවේශකයන් රාවන ආදී රජවරුන් ලක්දිව විසූ බව පුන පුනා කියයි. විද්වතුන් යැයි කියාගන්නා පිරිස මෙම ගවේෂකයන්ගෙන් රාවන ඉතිහාසය ඔප්පු කරන්නට සාධක ඉල්ලයි. ඉන්පසු දෙපිරිසම නිහඬයි. වසර 2500කට එහා ඉතිහාසයක් ලක්දිව නොතිබුණා නොවෙයි.  වංශකතා පොත විජයගෙන් ඇරඹුණ පලියට ලක් ඉතිහාසයේ ආරම්භය විජයාගමනයට සීමා කරන්නේ කෙලෙසද? එය සිංහල ජාතියට කරන අසාධාරණයක් නොවේද?  මේ ඉතිහාසය සොයා යාමට බහුතරයක් විද්වතුන් මැලි වන්නේ ඇයි? ඊට උනන්දුවක් දක්වන වත්මන් පරපුරට අත නොදෙන්නේ ඇයි?   වැළලුණ ඉතිහාසය යලි ගොඩගැනීම අපට අහිතකර නොවුණත් මෙතෙක් කල් කෙප්ප දෙසා බාපු කාගෙත් සැබෑ ස්වරූපය එමගින් එලිවෙන බව ඉතිහාසය හංගන්නට වෙර දරන අය අපටත් වඩා හොඳට දනී. එබැවින් යටගියාව එසේම තිබෙන්නට හැරීම ඔවුනට හිතකරය. ඒ අතර බහුතරයක් දෙනා ඉන්දියාවට ගැතිව, විජයට දරුවන් නැතත් ඔහුගෙන්ම සිංහලයා පැවතෙන බව කියන්නට ප්‍රිය කරයි. මෙවැනි පුද්ගලයන් හට පවසන්නට අප සතුව ඇත්තේ එක දෙයයි. එනම් රාවන නමින් රජ කෙනෙක් ලක්දිව විසුවත් නැතත්, විභීෂණට නෑකම් කියන අය අදටත් ඉන්නවා කියලා අපට ඔප්පු කරන්නට ඉඩ තියන්න එපා කියලයි. උපන් බිමට ගුණමකු කම් කරන කෙනෙකු කොතරම් උගතෙක්, ප්‍රාඥයෙක් වුවද රට දැයට ආදරය කරන සිංහලයා ඉදිරියේ ඔහු නිවටයෙකුම පමණි.
වර්තමානයේ ප්‍රාග් ඓතිහාසික යුගය ගැන උනන්දුවක් දක්වන පිරිස්ද බොහොමයකි. විසිතුරු වෙබ් අඩවි, බ්ලොග්  දිනෙන් දින අන්තර්ජාලයට එක්වේ. මේවායේ හරබර ලිපි, වටිනා කරුණු මෙන්ම අතරින් පතර ඉතිහාසය ගැන පදනම් විරහිත බොලඳ කතාද නොඅඩුව දක්නට ලැබේ. මෙවන් වෙබ් අඩවි සහ  පුවත්පත්වල පලවූ ලිපි රැසක් පරිශීලණය කිරීමෙන් අනතුරුව පැහැදිලිව වටහාගත් එක කරුණක් නම් කරන වැඩේ හරියට කරන්නේ බොහොම ටික දෙනෙකු බවයි. වෙනත් කිසිවෙකුගේ අදහසක්, වෙන කෙනෙක් ලියූ ලිපියක් හෝ ඉතිහාස කරුණක් හරිද වැරදිද වත් විමසා නොබලා උස්සාගෙන ඇවිත් තම තමන්ගේ වෙබ් අඩවි, බ්ලොග් වල පල කරගෙන ඉතිහාසය ගැන කතා කරන පිරිසක්ද මෙම ගවේශණය තුලදී අපට හමුවිය. එක අතකට පැරණි මහාචාර්ය වරු කියපු දේ එලෙසම අදහමින් ඉතිහාසය කතා කරන ආචාර්ය මහාචාර්ය වරු ඉන්න රටක ඒ ගැන අපි එතරම් පුදුම විය යුතු නැත. වාද කරන්නට මාතෘකාවක් නැතිවට, කරන්නට වෙන වැඩක් නැතිවට හෝ  ලකුණු දමාගන්නට ඉතිහාසය හොයනවානම් වහාම එය නවත්වන ලෙස ඉල්ලීමක් කරන්නට කැමැත්තෙමු. ප්‍රසිද්ධිය, ලාභ ප්‍රයෝජන තකා ඉතිහාසය සෙවීම අප හෙලා දකින අතර ඉතිහාසය සෙවීමේ රැල්ලට හසුවී එහෙන් මෙහෙන් එකතු කරගත් කරුණු පටලාගෙන ඉතිහාසය කතා කල නොහැක. විශේෂයෙන්ම වසර දස දහස් ගණනක් පැරණි ලංකා ඉතිහාසයත් එක්ක එහෙම කෝළම් කිරීම විටෙක භයානකය.  අපේ හෙළ පරපුර වරද්ද ගත්තේ එලෙසයි.
හෙළ දෙරණේ දූ පුතුන් වෙලත් අපි හරියකට ඉතිහාසයක් නොදනිමු.  ඉතිහාසවේදීන් අපට රස කර කර පවසන්නේ විජයගෙන් පැවතෙන පරපුරක් ගැනයි. රාවන නාමය ඇසූ පමණින්ම ඔවුන් බොහෝදෙනා ප්‍රලය වේ. කකුසඳ, කෝනාගම වැනි ගෞතම බුදුන්ට පෙර ලොව පහල වූ බුදු වරුන් ලක්දිවට වැඩිය බව පැවසෙන සෙල්ලිපි, සිතුවම් ආදිය ඇතැමෙක් සොයාගෙන ඇතත් ඒවාට නිසි අවධානයක්, අනුග්‍රහයක් ලබාදී ඉපැරණි ඉතිහාසය යලි මතු කරගන්නට කිසිවෙකු ඉදිරිපත් නොවෙයි.  ඉදිරිපත් වෙන කෙනෙක් සිටියොත් ඊටද අකුල් හෙලයි. කාලාන්තරයක් තිස්සෙ පොත්වල තිබුණ දේ ගිරව් වගේ කට පාඩම් කරලා වීරයො වගේ ඉතිහාසය ගැන කතා කලා මිස, යක්ෂ, නාග, රාක්ෂාදී ගෝත්‍ර සහ රාවන වැනි රජවරුන් ද්වේෂ සහගතව ප්‍රතික්ෂේප කලා මිස, පරදේසක්කාරයන් අන්දපු පලියට ඇඳගෙන සිංහල ඉතිහාසයේ වැදගත්ම පරිච්ඡේද මිත්‍යා කතා යැයි කීවා මිස අපේ සැබෑ මුතුන් මිත්තන්ගේ වග සොයා ගියේ කීයෙන් කී දෙනාද?
එක් පුද්ගලයෙකු විසින් ඉදිරිපත් කල ඉතිහාස කරුණු මතම එල්බ ගෙන ඔහු සියයට සීයක් නිවැරදි යැයි සිතමින් ඔහුගේ කෝණයෙන් අපත් ඉතිහාසය දෙස බලනු පසෙක ලා පැරණි පොත පත, ජනශ්‍රැතිය, සිංහල බස් වහර, කවි පද ආදිය පරිශීලණය කරමින්, සැවොම එකතු වී ඉතිහාසයේ නොගැලපෙන තැන් නිරවුල් කර ගනිමින්, නැවතත් සිංහලේ ඉතිහාසය සිංහලයා විසින් ලියන දිනයක් වෙත හෙළ පරපුරට ලඟාවිය නොහැකිද? හැකිනම් ඒ වෙනුවෙන් කැප වන්නට අවංකවම අප සූදානම් විය යුතුය. ඒ කැප කිරීම කරන්නට ඔබ සූදානම්ද? සූදානම් නම් පමණක් අපි ඉතිහාසය ගැන කතා කරමු. ලක්දිව බුදු සසුනේ පැවැත්ම, සිංහල රටේ සංස්කෘතිය, ඉතිහාසය හා උරුමයන් වෙනුවෙන් කැපවුණ දුටුගැමුණු බලකාය සමඟ උඩුගම් බලා යන්නට සූදානම් හෙළ පරපුරට අපත් සමඟ එක් වෙන්නට මෙසේ ආරාධනා කරමු.

(උපුටාගැනීමකි--http://webcache.googleusercontent.com/search?q=cache:4DYJshU98TMJ:dutugemunu.wordpress.com/tag/%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92/+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B7%80%E0%B6%82%E0%B7%81%E0%B6%BA+%E0%B6%BB%E0%B6%A0%E0%B7%92%E0%B6%AD+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92&cd=9&hl=en&ct=clnk&gl=lk&source=www.google.lk)


අප පැවැතෙන්නේ විජයගෙන් නොවේ – මහාචාර්ය මැන්දිස් රෝහණධීර

මහාචාර්ය මැන්දිස් රෝහණධීර අපේ කාලයේ ඉතිහාස වීරයෙකි. සාහිත්‍ය, ඉතිහාසය යන විෂයයන්හි දස්කම් දක්වන මහාචාර්ය රෝහණධීර ඉකුත් දා රජරට විශ්වවිද්‍යාලයයෙන් ‘සාහිත්‍යසූරි’ උපාධිය ද ලද්දේ ය.
ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ ඉතිහාස අංශයේ හිටපු මහාචාර්යවරයා වන ඔහු සාහිත්‍යය හා ඉතිහාසය විෂයයෙහි ග‍්‍රන්ථ රාශියක් සම්පාදනය කළ කෙනෙකි. අපේ ඉතිහාසයට අයිතිකාරයෙක් නැත. එනිසා ම විවිධ විද්වත්හු ඉතිහාස ප‍්‍රශ්නවලදි විවිධ මතිමතාන්තර දරති.
සම්මත සිංහලයක් මෙන් ම සම්මත ඉතිහාසයක් ද ලියැවී නැති මොහොතක අපේ ඉතිහාසයේ ජනපි‍්‍රය ප‍්‍රශ්න සමූහයකට එතුමා නොබියව පිළිතුරු දෙයි. මේ ගැටලු අරබයා ඕනෑ ම විද්වතකු සමඟ සංවාදයට විවෘත වන බව ද ඔහු කියයි.
දුටුගැමුණු මහරජුගේ මාගම්පුර සිට විජිතපුර ගිය ජය මඟ පිළිබඳ ඉතිහාස ගැටලුවක් තියෙනවා. ඔබතුමන් ඇතුළු පුරා විද්‍යා චක‍්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් පවසන්නේ රජු මාගම්පුරයේ සිට තිස්සට පැමිණ ගල්ගේ කටුගහගල්ගේ මේවා පසුකැර මහියංගණයට පැමිණ එතැන් පටන් මහවැලි ගංතීරේ ඊසාන දෙසට කිට්ටුව දෙමළ බළකොටු සුනුවිසුනු කරමින් අනුරාධපුරයට පැමිණි බවයි. එහෙත් මහාචාර්ය සිරිමල් රණවැල්ල කියන්නේ කලාඔය ආශි‍්‍රත ප‍්‍රදේශයෙන් අවුකන හරහා අනුරාධපුර ගිය බවයි. කොත්මලේ කුමරා ජීවත්වූ බවත් පුරාණ රෝහණය රාජධානියට එපෙදෙස අයත්ව තිබු බවත් ඔහු තමන්ගේ මතය සාක්ෂාත් කරන්නට යොදා ගන්නවා. මේ මත දෙකෙන් වඩා නිවැරැදි කුමක් ද?
මහාචාර්ය සිරිමල් රණවැල්ලගේ මතය වැරැදියි. පුරාණ රෝහණ රාජධානියට එපෙදෙස යටත් නෑ. කුමරා ප‍්‍රතිඥා දුන්නේ තිස්සමහාරාමය ඉදිරිපිටයි. එතුමා ජනප‍්‍රවාදගත කරුණු ආශ‍්‍රයෙන් කොත්මලේ ජීවත්වූ කාලය ගැන සිතා ඒ පෙදෙසින් අනුරාධපුරයට ගිය බව සිතනවා ඇති.
එහෙත් අපේ මුලාශ‍්‍ර ග‍්‍රන්ථවල ඒ බව සඳහන් වී නෑ. ‘දීපවංසය’, ‘මහාවංසය’, ‘පූජාවලිය’ මේ කොයි තැනෙකවත් ඒ මතය තහවුරු වන්නේ නෑ. තහවුරු කැර ඇත්තේ මාගම්පුර සිට ගිය බවයි.
වළගම්බා මහරජුගේ බිරිය සෝමා දේවිය නමින් හැඳින්වෙනවා. එසේ ම කාවන්තිස්ස රජුගේ සොයුරියත් සෝමා දේවියයි. එතුමිය සෝමාවතී චෛත්‍යය නිර්මාණය කළා යැයි කියැවෙනවා. මේ දෙදෙනාම එක්කෙනෙක් ද?
දුටුගැමුණු කුමාර කාලයේ ‘ගිරි රට’ (මුල්ගිරිගල පෙදෙස) තම නැන්දා වූ සෝමා දේවියගේ මාලිගයේ සිටිද්දී එතුමියගේ සැමියා (අභය) සමඟ සංවාදයකට පැටලුණා. ඒ වාදයේදී රුහුණේ වඩාත් වැදගත් රජ පරපුර කවුරුන්දැයි මේ දෙදෙනාම තර්ක කළා.
ගැමුණු කියා සිටියේ වඩා වැදගත් මාගම් රජ පරපුර බවයි. එයින් සිත් බිඳුණු අභය ගිරිවාය හෙවත් ගිරිරට අත්හැර සේරුවිල සේරු නුවරට ගියා. සෝමා දේවිය නමින් ඒ පුරය පසුව සෝමපුර වුණා. අද ‘සාම්පූර්’ නමින් හඳුන්වන්නේ ඒ නුවරයි.
ඒ සෝමා දේවිය තමයි පසුව සෝමා දේවි චෛත්‍යය හදන්නේ. එහෙත් වළගම්බා රජුගේ දේවිය එයා නොවේ. එතුමිය චෝලයන් රජු මරන්නට ලුහුබැඳ එතැයි එතුමා නැඟ ගත් කරත්තයේ බර අඩුකරන්නට කරත්තයෙන් බැස ගත් වීර කාන්තාවයි. එතුමිය එසේ බිමට බැස්සා වූ ස්ථානය අභයගිරියට මෙහා ‘ලංකාරාමය’ නමින් අද හඳුන්වනවා.
එයට සෝමාරාමය කියලත් කියනවා. මේ දෙදෙනා පැහැදිලිවම දෙන්නෙක්. ඉතිහාස කාල පරාසයන් අනුව ඒක පෙනෙනවා.
මහාවංසය පරිපූර්ණ වාර්තාවක් ද? එහි කියැවෙන අන්දමට විජය මෙහි පැමිණෙන්නේ බුදුන් ගේ පරිනිර්වාණය දවසේදීමයි. මේක ඇත්තක් ද?
මේක ලියන මහානාම හාමුදුරුවෝ මහාවිහාරික හාමුදුරු නමක්. ඒ පරම්පරාව ඇතිවන්නේ මිහිඳු මහ රහතන් වහන්සේගෙන්. බුදුන්ගේ සද්ධර්මය කිසිදු ඇදක්, කැතක් කුණක් නැතිව පිළිගත් පරම්පරාවක්. අරිට්ඨ අගරතිස්ස කියන්නේ මිහිඳු හිමියන්ගේ ගෝළයා.
දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ගේ බෑනා. එයා මහණ කරලා එයාට උගැන්නුවා බුදු හාමුදුරුවන් ජීවමානව ඉන්නා කාලෙ ඉඳන් පුරාණෙ හිටපු රජවරු නායකයො අශෝක රජතුමා ඉඳන් සියලු දෙනා ද සද්ධර්මය විෂයයෙහි කළ වැඩ හා ඉතිහාසය. එතැන ඉඳන් සද්ධර්මය හා පුරාණ කතිකාව දේවානම්පියතිස්ස ගේ පියා කවුද එයාගෙ පුතා කවුද කියලා කටපාඩමින් ගෙනියන්න අණ කළා. ඒත් හාමුදුරුවන්ගේ මතක ශක්තිය නැතිවුණා.
සමහර හාමුදුරුවරු අපවත් වුණා. සමහර හාමුදුරුවරු පිටරට ගියා. වළගම්බා රජ වුණාට පස්සේ සියලු හාමුදුරුවරු එක්කාසු කරලා සංගායනාවක් කළා. එක් එක් සඟ පරපුරට අයිති කොටස් මෙහිදී සංගායනා වුණා. උදාහරණ වශයෙන් මඤ්ජිම නිකායේ අහවල් කොටස අහවල් පරපුරට, සුත‍්‍ර පිටකය අහවල් කොටස අහවල් සඟ පරපුරට ආදි වශයෙන් ඉතිරිව තිබු ධර්මය හා පුරාණ කතාවන් මෙතැනදී එක්තැන් කළා. ඒක පදනම් කරගෙන තමයි මහානාම හාමුදුරුවො මහාවංසය ලීවේ.
මහාවංස අටුවාව හෙළ බසින් ලියැවුණේ. මේ අටුවාවෙන් අඩු තැන් වැඩි තැන් පුනරුක්ති තියෙනවා. එවැනි දෝෂ නැති කරගෙන කටවචනයෙන් ආ දෙයක් එකතු කරගෙන තමයි උන්වහන්සේ ඒක ලීවේ.
මේ ලියැවිල්ල ලියැවුණේ ධාතුසේන රජ සමයේ. ධාතුසේන කුමරා දුටුගැමුණු කුමරකු කරන අධිෂ්ඨානයෙන් ලියැවූ බව කියනවා. එහි පරිච්ඡේද ගණනාවක් දුටුගැමුණු මහරජුට වෙන්වූයේ එනිසා යැයි කියනවා.
නෑ. එහෙම නොවේ. ඒ කාලෙ සෝළින් පස් දෙනෙක් දාඨිය, පීඨිය, පිලයමාර ආදි වශයෙන් වසර 27 ක් අනුරාධපුරයේ රජකම් කළා. ථුපාරාමය ආදි පූජ්‍ය ස්ථානවලට අලාභහානි කළා. මහා විහාරික භික්ෂුන් වහන්සේ කම්පා වුණා.
එනිසා තමයි මහානාම හාමුදුරුවෝ ධාතුසේන රජ කරන්නට උත්සාහ කරන්නේ. ධාතුසේනට දෙන්න පුළුවන් හොඳම ආදර්ශය තමයි ගැමුණු රජතුමා. එතුමාගේ ශ්‍රේෂ්ඨාත්වයත් සලකලා එසේ ලියැවුණේ.
අද ‘අබා’ චිත‍්‍රපටයෙන් ජැක්සන් ජනාධිපති මහින්ද රාජපක්ෂට ‘කඩේ යනවා’ කියනවා. එහෙම නම් මහානාම හාමුදුරුවොත් ධාතුසේනට කඩේ ගිහින් තියෙනවා. මේ අනුව තමයි ධාතුසේන රුහුණට ගිහින් සේනා රැස් කරගෙන ඇවිත් අභිනව ආක‍්‍රමණිකයා දක්වා ගහලා එළෙව්වෙ.
සිංහල වංසය ඇරැඹෙන්නේ විජය ගෙන් ද?
කි‍්‍රස්තු වර්ෂයෙන් 7 වැනි අවුරුද්දේ මේ රටේ හිටපු භාතිය රජ්ජුරුවන්ගෙ දූත පිරිසක් ගිහින් තියෙනවා රෝමයට. ගී‍්‍රක ලේඛනවල ඒක තියෙනවා. එතකොට අහලා තියෙනවා නුඹලාගේ රටට කියන නම කුමක් ද කියලා. ඒ අය කියා තිබෙන්නේ අපේ රටට කියන්නෙ ‘සිහලදිව‘ කියා කියලයි. මේ විජයගෙ පැමිණීමට පෙර කි‍්‍රස්තුන් වහන්සේගේ උප්පත්තියෙන් 7 වැනි වසරේ.
සිහළ කියන එක තමයි ‘හෙළ’ වෙන්නෙ. විජය මේ රටේ දේශපාලන බලය අල්ලන්නෙ කුවෙණිගෙ උදව්වෙන්. එයත් එක්ක ආපු ඇමැතිවරු මල්වතුඔය ආශි‍්‍රතවත් වයඹ දිග ලංකාවෙන් තැනින් තැන කුඩා රාජ්‍ය පිහිටුවා ගත්තා.
විජය ගෙන් නොවේ අප පවතින්නෙ. ඊළඟට ශාක්‍ය වංශයට අයත් භද්දකච්චායනාගෙ සහෝදරයන් එක්ව ආපු කණ්ඩායමක් ලංකාවට ආවා. විජයට පෙර මේ රටේ සිහළ පිරිස හිටියා.
දිසාලා හා ජීවහත්ත යන කුවේණියගෙ දරුවන්ගෙන් ලංකාවේ වැදි පරපුර ඇතිවෙනවා කියන මතයට ඔබ එකඟ ද?
මහාවංසය කියන්නෙ එහෙමයි. ‘පුලින්දයො’ කියලයි හඳුන්වා තිබෙන්නෙ. මිනිස්සු ඒක අරගෙන තිබෙන්නෙ වැද්දො කියලා.
‘මහාවංසය’ දක්වන ආකාරයට අබා ගෙ පියා දීඝගාමිණි. එතකොට චිත්තරාජ කවුරුන් ද? පේ‍්‍රම කුමාර එපිටවල, කුමාරතුංග මුනිදාස ආදීන් දීපවංස තොරතුරු අරන් චිත්තරාජ අබාගෙ පියා කියනවා.
ඕක දීර්ඝ වශයෙන් කතිකා කළ යුත්තක්. කෙටියෙන් තේරුම් කළොත් දීඝගාමිණි කියන්නෙ පඬුවස්දෙවිගෙ හා භද්දකච්චායනාගේ බෑණා කෙනෙක්. චිත‍්‍ර හා කාලවේල දීඝගාමිණිගේ සේවක හෙළයො දෙන්නෙක්. චිත‍්‍රා හිටි එක්ටැම්ගෙයට දීඝගාමිණි කර්කටක යන්ත‍්‍රයෙන් ඒ කියන්නෙ මකුළු ගමනින් හරහට ගියා කියල තියෙන්නෙ.
මහාවංසයේ තොරතුරු එනවා. ඒත් පඬුවස්දෙවිගෙ යහන්ගැබ ළඟින් තමයි චිත‍්‍රාගෙ එක්ටැම්ගෙට ඇතුළු වන්ට තිබුණේ. ඉතිහාසගත තොරතුරු අනුව උන්මාද චිත‍්‍රා ගැබ් ගත්තා. ඒත් ගැබ් ගත්තේ චිත්තරාජගෙන් ද දීඝගාමිණිගෙන් ද කියලා පැහැදිලි නෑ. ඒත් පසුකාලීන කි‍්‍රයාදාමය විමසා බලනකොට දීඝගාමිණි පියා නොවන බව පැහැදිලි වෙනවා.
ඒකට සාධාරණ හේතු තිබෙනව ද?
දීඝගාමිණි සම්පූර්ණයෙන් පඹයෙක්. ඔහු තම මස්සිනාවරු තම දරුවා මරන්න ගම් පීරනකොට මුකුත් ම කරන්නෙ නෑ. මහාවංසයේ ඊට පස්සෙ දීඝගාමිණිට මොකද වුණේ කියලාවත් නෑ. චිත්තරාජ හා කාලවේල නම් රාජ උදහසින් මරා දැම්මා. චිත්තරාජ තම පරුමුක නම් යාළුවා ලවා දරුවා යක්ෂ ගම්මානයකට පිටමං කළා.
ගුම්බුකභූතා කියන්නෙ පඳුරී කියන එකයි. පඳුරු අතර ගැහැනිය ගුම්බුකභූතායි. ඇයත් යක්ෂ නායිකාවක්. ඇය ලවා තමයි චිත්තරාජ කුමරා යක්ෂ නායක පරුමුකයා වෙත එවන්නේ. අන්තිමේදී පණ්ඩුකාභය රජ වුණාට පස්සෙ දේවාල පවා හදලා සලකන්නෙ චිත්තරාජට හා කාලවේලටයි. ඒ තම යක්ෂ සම්භවය නිසයි. දීඝගාමිණිට සැලකු බවක් නෑ.
කාවන්තිස්ස, ගෝඨාභය, චුල්ලන්ථන වගෙ නම් කිසියම් හාස්‍යයක් මවා දෙන නාම වශයෙන් සැලැකෙන්නේ. ඒ රජවරු ජීවත් වු කාලයේදි මෙනමින් ඔවුන් හැඳින්වීද?
නැහැ. එම රජවරුනට සාමාන්‍ය ජනතාව එදිනෙදා ව්‍යවහාරයේදි තමයි මෙසේ කීවෙ. එම නිසාම ඔවුනගේ සැබෑ නම් ඉතිහාසයෙන් මැකී ගිහින්. කාවන්තිස්ස කියන්නේ කාකවර්ණයෙන් යුතු තිස්ස කියන එකයි. ගෝඨාභය කියන්නෙ මිටි අභය කියන එකයි.
චුල්ලන්ථන කියන්නෙ මහත තන (පයෝධර) ඇති එකා කියන එකයි. වංකනාසිකතිස්ස කියන්නෙ එක් නැහැයක් ඇති තිස්ස කියලයි.
මහාවංසයේ වීරයා වෙන්නෙ දුටුගැමුණු. චූලවංසයේ වීරයා කියන්නෙ මහා පරාක‍්‍රමබාහු. ඒත් මහා විජයබාහු රජතුමා ගැන එතරම් වංශ කතාවේ වර්ණනා කැර නෑ. එතුමා නැත්නම් සිංහලය ඉතිරි වෙන්නෙ නැතැයි නීල කණ්ඨ ශාස්තී‍්‍ර කියනවා. සමහර විට එක් එක් කාව්‍යයේ එක ම වීරයෙක් සිටී කියන ඉන්දියානු විචාරක මතය අනුව විජයබාහු රජුට විශාල තැනක් හිමි නොවීද?
ඒක එහෙම වෙන්න පුළුවන්. ඒත් මහාවංශයේ දෙවැනි කොටස ආරම්භයේ විජයබාහු මහ රජු ගැන කියැවෙනවා. ඒත් දුටුගැමුණු රජුට වගේ පරිච්ඡේද ගණනාවක් නොවේ. ඉතාම ස්වල්ප වශයෙන්.
පරාක‍්‍රම බාහු ගේ සීයා වන මහා විජයබාහුගේ ශ්‍රේෂ්ඨත්වය කියන්නේ පනාකඩුව තඹ සන්නසෙන් හා අඹගමු ශිලා ලිපියෙන්. 11 වැනි සියවසේ 1017 විතර ලංකාවේ වෙළෙඳ්‍රම හා එහි ආධිපත්‍යය හා රටේ සම්පත් සියල්ල ඉන්දියාවේ රාජරාජ හා 1 වැනි රාජේන්ද්‍ර යන චෝල අධිපතීන්ට යටත්වයි තිබුණෙ.
බුරුමය, සිංගප්පූරුව, සුමාත‍්‍රා, ජාවා හා ශී‍්‍ර ලංකාවත් මේකට බිලිවෙලා තිබුණා. ලංකාවේ රජ පවුල විතරක් නොවේ මේ සිංහල රටේ ස්වාධීනත්වය එදා බේරා ගත්තේ මහා විජයබාහු රජ්ජුරුවො. එතුමාගේ ශ්‍රේෂ්ඨත්වය කිසිම රජකුට ලඝු කරන්න බෑ. එතුමා හඳුන්වන්නේ ශි‍්‍ර ලාංකේය රාජාවලියේ තරළමිණ ලෙසයි.
එතුමා නැත්නම් එදා සිංහලය වඳවී යනවාද?
සිංහල පරම්පරාව කෙසේ වෙතත් සිංහල රජ පවුල නම් විනාශ වෙලාම යනවා. ඒත් සිංහල පරම්පරාව විනාශ වී යනවාය කියන්නේ නීල කණ්ඨ ශාස්තී‍්‍ර.

උපුටා ගැනීම-http://mahawansa.wordpress.com/page/8/