2012/02/13

ගෝකන්න විහාරයේ නටබුන් මත වර්තමානයේ කෝණේස්වරම් කෝවිල ගොඩ නැගී ඇත

ත්‍රිකුණාමලය පුරානයේ හදුන්වා ඇත්තේ ගෝකන්න තොට නමිනි.
ලෝකයේ ඇති ස්වභාවික වරායන් අතරින් ප්‍රධාන පෙලේ වරායක් වන ත්‍රිකුණාමල වරාය ඈත අතීතයේ සිටම විදේශීය වෙළද කටයුතු මධ්‍යස්ථානයක් විය. වර්තමානය වන විට එම තත්වය වෙනස්ව ස්වභාවික වරාය පරිසරයේ වටිනාකම හමුදා සහ කර්මාන්ත මය කාර්යන් සදහා යොදා ගෙන ඇති බවක් සිතෙයි. වරාය හෙක්ටයාර් 2000 ක පමණ ප්‍රමාණයක් පුරා පැතිරෙයි.
ත්‍රිකුණාමලය නගරයේ තවත් සුන්දර දසුනක් වන්නේ නිදෑල්ලේ හැසිරෙන මුව රංචු කිහිපයයි. මෙම මුව රංචු පාතුගීසි සමයේ ෆෙඩ්රික් බලකොටුවේ ඇති කල මුව පරපුරෙන් පැවත එන්නේ යයි පැවසේ.නමුත්
ඉතිහාසය දක්වන්නේ රාවනා රජුගේ කාලයේ අවධානයට ලක්වු පුරවරයක තොරතුරු හා බැදුන වෘත්තාන්තයන්ය. වර්තමානයේ කෝණේස්වරම් කෝවිල පිහිටි ස්ථානයයේ රාවනා රජු විසින් ඉදිකරන ලද සූර්ය දේවාලයක් තිබු බවද කියවේ. පසුව එය ගෝකන්න විහාරය වූ බවත් සමහරැ කියති. මෙම විහාරය පෘතුගීසින්ගේ රාජ්‍ය සමයේ ගිණි තබා විනාශ කර ඇත.
අටවන සියවසේදී පස්වන අග්බෝ දි රජු විසින් මෙම විහාරයේ කරන ලද පඨනාගරයේ පාදම පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෑතකදි මතු කරගෙන ඇත. මේ සමග බුද්ධ පතිමා සහ පුරා වස්තු රාශියක්ද මතු කර ගත් බව සදහන්ය. මේ සියල්ල ප්‍රභාකරන්ගේ ඉතිහාසය වැලලිමේ ව්‍යාපෘතිය යටතේ කොන්ක්‍රීට් ආස්තරයකින් වැසී ගිය බවද පැවසේ.
ගෝකන්න විහාරයේ නටබුන් මත වර්තමානයේ කෝණේස්වරම් කෝවිල ගොඩ නැගී ඇතැයි පැවසේ.
ක්‍රි.ව 1753 දී සියම් රටෙන් අපට උපසම්පදාව රැගෙන ආ උපාලි මහතෙරුන් වහන්සේ ඇතුළු භික්‍ෂුන් වහන්සේලා “ඔස්කා බෙල්” නැවෙන් ලංකාවට ගොඩ බැස්සේ ත්‍රිකුණාමලයෙනි. උන්වහන්සේලා පිළිගැණීමට කන්ද උඩරටින් රාජ්‍ය නිළධාරීන් පැමිනෙන තෙක් ත්‍රිකුණාමලයේ දින කිහිපයක් රැදී සිටි බවද පැවසේ.මේ බව සිහි කිරීමට රෝපනය කල බෝ පැල හතරක් අදත් සිහිවටනයක්ව අතු පතර විහිදවමින් ඇති බවකි.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට යන්තනෙකුට ෆෙඩ්රික් බලකොටුව ,කෝනේස්වරම් කෝවිල, කන්නියා උණු වතුර ළිං, ‍සේරුවිල මංගල විහාරය (කි.මි 45 කන්තලේ හරහා) පරවි දූපත, තිරියාය ගිරි හඩු සෑය,වෙල්ගම විහාරය, නිලාවේලි,මුහුදු මහ විහාරය,මගුල් මහ විහාරය, කුඩුම්බියගල ආරණ්‍යය, සහ කුමණ කුරුළු අභය භූමිය සංචාරක ස්ථාන වන අතර කඩුල්ල තවමත් විධිමත් සංචාරයක් සදහා යොමු වීමට වාසනාව ලබා නැත.

No comments:

Post a Comment