2012/02/12

අපේ වගකීම

කිසිදු පුරාවිද්‍යාත්මක හෝ ඓතිහාසික සාධකයක් මගින් මිහිඳු හිමි හෝ උන්වහන්සේ පසුපසින් ඉන්දියාවෙන් ආ පිරිස උඩරට, පහතරට, සපරගමු නැටුම් ශෛලීන් නටන්නට දැන සිටියේයැයි නොකියවේ. ඒවායේ උපත් කතා මොන හේතුවකින් ඉන්දියාවට ඈඳන්නට ගියත් ගලපන්නට ගියත් ඒවායේ උපත මේ සිරිලකේය. රවුළන්ගේ කදිම යුද ඇඳුම් කට්ටලයේ ලෝහ අලංකාර වෙනුවට පබලූ යොදා අද පහතරට රයිගම නැට්ටුවෝ තෙල්මේ නටති. නටන නැට්ටුවාද තමන් අංශක විසිතුනහමාරක් ඇලවී නිරූපණය කරන්නේ එදා රවුළන් කියාදුන් පරිදි පෘථිවිය සූර්යයා වටේ යාම යැයි දන්නේ නැත. මේ නැට්ටුවන්ද සෞන්දර්යය විශ්වවිද්‍යාලයේ උගත්තේනම් ඔවුන්ටද තිස්ස කාරියවසම් මහතාගේ පොත් පරිශිලනය කිරීමට සිදුවේ. එතැනින් එහාට කිවයුතු නැත.


වෙදකම ඉගෙනුම වෛද්‍ය ශිෂ්‍යයාගේ කාර්යයභාරයකි. රසායන විද්‍යාව ඉගෙනුම රසායන විද්‍යා සිසුවාගේ වැඩකි. එහෙත් ඉතිහාසය ගැන කිව යුත්තේ එය නොවේ. මේ රටේ ඉතිහාසය ඉගැනීමේ අයිතිය මෙරට සිටින සෑම පුරවැසියෙකුගේම අයිතිවාසිකමකි. ඉතිහාසයේ යුග බෙදා එහි එක් එක් යුගයට හෝ අයිතිවාසිකම් කීමට කාටවත් නොහැකිය. සැබෑ ඉතිහාසයට විරුද්ධ යමක් සිදුවේනම් එයට විරුද්ධව හඬ නැගීමට මෙරට සියල්ලන්ට අයිතියක් ඇත. එනමුදු එය එසේ නොවන්නට පාලකයන් වග බලා ගත්තේ ඉතිහාසය විෂයමාලාවෙන් ඉවත් කිරීමෙනි. ඉවත්කල ඉතිහාසය යලි එක්කිරීමේදී සිදුවියයුතුව තිබුණේ එය නිවැරදිව එකතු කිරීමය. අපේ ඉතිහාසයේ යුග ගණනක් මෑතකදී ඉතා පැහැදිලි දෙයක් දැකිය හැකිය. ඒ රටේ ව්‍යසන දුරලන්නට ලංකාවේ මහාජාතිය උපරිමයෙන් කැපවුවත් අවසන් ප‍්‍රතිඵල බුක්ති විඳීමේදී මහජාතිය අතැර දැමීමයි. එදා කලාවැව තනන්නට යකුන්ගේ තාක්ෂණය ලබාගත් මහරජාණෝ අවසානයේ යකුන්ට කලාවැවෙන් වතුර ලබාගැනීමද තහනම් කළහ. අදටත් එවැනි අකටයුතු ප‍්‍රමුඛ වී ඇති බව පෙනේ. අඩුම තරමින් ඊට එදිරිව හඬ නොනැගීමෙන්ද සිවුහෙළ ස්වදේශිකයන්ගේ දුක්බර යුගයක් ලෙසින් මෙකල ඉතිහාසයට එකතුවේ.

මේ වනවිට පාඩම්පොතට යලිත් එකතු කරන ලද්දේ විජය අපේ පළමු රජු සහ මීමුත්තා බවය. එය පුරාවිද්‍යාත්මකව හෝ ඓතිහාසිකව ඔප්පු කල නොහැකි දෙයකි.

මොලේ කලඳක් ඇති ඕනෑම අයෙකු විමසිල්ලෙන් බලන්නේ නම් විජයාගමනය වැදගත් සිදුවීමක් නොවන බව පැහැදිලි වේ. අන් අයගේ වුවමනාවන් පිරිමසන්නට ලියැවුණු මහාවිහාරික වංශකතාව වූ මහාවංශයම කියන පරිද්දෙන් විජයගේ ළමයින් පුලින්දයන්ය. එසේ වී නම් අප කාගේ කවුද?
කාගේ කවුරු වුවත් විජයගේ නොවන බව අඩුම තරමින් පැහැදිලි නොවන්නේද? එසේනම් එය පාඩම් පොතින් මකා දැමියයුතු නොවේද?

www.ravanabrothers.com

No comments:

Post a Comment